සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි. මේ
    සෑම සංස්කාර ධර්මයක්ම හේතූන්ගෙන්
    හටගෙන හේතු නිරුද්ධ වීමෙන් බිඳී යනවා.
    එනම් හේතූන් අනිත්‍ය නිසා මේ ලෝක
    ධාතුවම නිරන්තරයෙන්ම වෙනස් වෙනවා.
    රූපය කර්මය, චිත්තය,ඍතු,අහාර ප්‍රත්‍යන්ගෙන් හටගෙන ක්ෂණයක්
    ක්ෂණයක් පසාම හටගෙන නිරුද්ධ වෙලා යනවා. නාම ධර්මතාවයන් රූපයට පෙරම හටගෙන නිරුද්ධ වෙලා යනවා.🌿🌾🌼🩷

    රූපය අහාර ප්‍රත්‍ය කොටයි පවතින්නේ.
    හේතූන් අනිත්‍ය බැවින් නිරන්තරයෙන්ම
    රූපය පෝෂණය කළ යුතුයි. කර්මය, චිත්තය ඍතු අනුව නිරන්තරයෙන්ම රූපය වෙනස් වෙනවා. හේතු සංයෝගයට අනුකූල වන
    පරිදි ක්ෂණයක් ක්ෂණයක් පාසා හටගෙන නිරුද්ධ වන නාම රූප පරම්පරාවක
    පැවැත්ම මිස පංචස්කන්ධය තුළ මම කියා
    කෙනෙක් පැනවිය නොහැකි ය.🌿🌾🌼🩷

    මේ ලෝක ධාතුව තුළ රූප සංස්කාර විසි
    අටක් සහ නාම සංස්කාර පනස් දෙකක්
    පවතිනවා. ලෝක ධාතුවේ රූප පරමාර්ථ
    ධර්ම තනි,තනිව හට නොගන්නා අතර
    ශක්තීන් සහ ක්‍රියාවන්ගෙන් සමන්විත රූප කලාප හෙවත් රූප පුංජ වශයෙන්
    පවතිනවා.අෂ්ට කලාප, නවක කලාප වශයෙන් රූප සංස්කාර පුංජ හයක් පවතිනවා.නාම සංස්කාර ධර්මයෝ තනි
    තනිව හට නොගන්නා අතර ශක්තීන් සහ ක්‍රියාවන්ගෙන් සමන්විත නාම කලාප
    හෙවත් චිත්තෝත්පාද (චිත්ත චෛතසික පුංජ ) අසූ නවයක් වශයෙන් පවතිනවා.
    එනම් රූප සංස්කාර පුංජ හයක් සහ
    නාම සංස්කාර පුංජ අසූ නවයක් වශයෙන්
    පව්තිනවා.🌿🌾🌼🩷

    එනම් ලෝක ධාතුවම රූප සංස්කාර විසි
    අටක් සහ නාම සංස්කාර පනස් තුනක්
    (සිතක් සමග) වන බැවින් සංස්කාර අසූ එකකි. එබැවින් මුළු ලෝක ධාතුවම
    සංස්කාර ධර්මයන් අසූ එකක් අනුව ක්‍රියාත්මක වෙනවා. මේ ලෝකයම අනිත්‍ය, දුක්ඛ,අනාත්ම යන ත්‍රිලක්ෂණයන්ගෙන්
    යුක්ත බැවින් සියලු සංස්කාර ධර්මයෝ ක්ෂණයක් ක්ෂණයක් පසාම හටගෙන
    නිරුද්ධ වෙනවා.මේලෝකය අනාත්ම ධර්මතාවයත් යන්න ප්‍රඥාවෙන් අවබෝධ කර ගත යුතුයි.🌿🌾🌼🩷

    මේ මුළු විශ්වයම හේතුඵල නැමැති ධර්ම න්‍යායක් අනුව ක්‍රියාත්මක වෙන අතර මේ
    සිද්ධාන්තයට පටහැනිව ක්‍රියාත්මක
    කිසිවක් මේ ලෝකය තුළ නැත. සියලු
    සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව සංඛත
    බව පටිච්ච සමුප්පන බව නිරන්තරයෙන්ම
    අවබෝධ කර ගත යුතුයි.🌿🌾🌼🩷

    ඒ භාග්‍යවත් අරිහත්වූ මාගේ තථාගත
    සම්මා සම්බුදු රජාණන් වහන්සේට නිරන්තරයෙන්ම නමස්කාර වේවා.
    මම ඔබ වහන්සේව සරණ යමි.🌿🌾❤️🩷🌼

    🌿🌾🌼 සාධු.! සාධු..!! සාධු...!!! 🌿🌾🌼
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,419
    12,999
    113
    🌎
    ඔයා ඔය කියන නිවන අනිත්යයි. අනිත්යයි කියන වචනෙත් අනිත්යයි.
    අනිත්‍යතාවය කියන concept එකත් අනිත්‍යද???????
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අනිත්‍යතාවය කියන concept එකත් අනිත්‍යද???????

    ඔව්. අනිත්යයි කියන්නේ concept එකක් නෙමෙයි ඇත්තටම. හැබැයි අනිත්යතාව මෙන්න මේකයි.. කියලා කියන concepts ඔක්කොම අනිත්යයි.

    සංස්කාර ධර්මයක් ද කියලා නෙවෙයි ඇහුවේ .

    ඔව් ඔව් අනිත්යයි. සංස්කාර ධර්මත් අනිත්යයි. සංස්කාර ධර්ම නොවෙන ඒවත් අනිත්යයි. නිවන ත් අනිත්යයි. ඉතින්?
    ------ Post added on Jul 11, 2025 at 4:48 PM
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,419
    12,999
    113
    🌎
    ඔව්. අනිත්යයි කියන්නේ concept එකක් නෙමෙයි ඇත්තටම. හැබැයි අනිත්යතාව මෙන්න මේකයි.. කියලා කියන concepts ඔක්කොම අනිත්යයි.
    (y)
    [/ISPOILER]
     
    • Haha
    Reactions: Candid-B

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    උබේ මේ උත්තරෙත් අනිත්‍ය ද ?

    ඔව්. ඒකතමයි බන් කියන්නේ මෙච්චර මේලා. අනිත්යතාව මේ ටයිප් කරන වචන දිහා බලලා, ඒක තේරූම් අරන් දතින්න බැහැ. වචන වලින් කියන්නත් බැහැ. ඒක තමයි වචන වලින් ගයිඩ් කර ගන්න පුලුවන් තරම ගයිඩ් කරලා විමසලා බලපන් කියන්නේ.

    මේ වචන දකිද්දිම උබ නිත්ය බව ක් දැනගන්නවා. (තේරුම්ගන්නවා වචන අර්ථය) ඊට පස්සේ "අනිත්යතාව කියන්නේ මේක.." කියලා දෘස්ටිගත වෙනවා. වචන දකින තැන නිත්ය බව ක් නැත්තම් තේරුම් සකස් කර ගන්න ක්‍රියාවලිය තමයි විමසන්න ඕනේ.. ඒ කියන්නේ පෙර නොවු නිත්ය බවක් අරමුන සමග මොහොත තුල පටිච්ච වෙන විදිහ. (දැනගන්නවා)
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,955
    167,761
    113
    එකමත් එක රටක
    ඔව්. ඒකතමයි බන් කියන්නේ මෙච්චර මේලා. අනිත්යතාව මේ ටයිප් කරන වචන දිහා බලලා, ඒක තේරූම් අරන් දතින්න බැහැ. වචන වලින් කියන්නත් බැහැ. ඒක තමයි වචන වලින් ගයිඩ් කර ගන්න පුලුවන් තරම ගයිඩ් කරලා විමසලා බලපන් කියන්නේ.

    මේ වචන දකිද්දිම උබ නිත්ය බව ක් දැනගන්නවා. (තේරුම්ගන්නවා වචන අර්ථය) ඊට පස්සේ "අනිත්යතාව කියන්නේ මේක.." කියලා දෘස්ටිගත වෙනවා. වචන දකින තැන නිත්ය බව ක් නැත්තම් තේරුම් සකස් කර ගන්න ක්‍රියාවලිය තමයි විමසන්න ඕනේ.. ඒ කියන්නේ පෙර නොවු නිත්ය බවක් අරමුන සමග මොහොත තුල පටිච්ච වෙන විදිහ (දැනගන්නවා)
    හෑල්ල අනිත්‍ය නිසා කියෙව්වේ නෑ . 🥱
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,938
    1
    6,810
    113
    නිවන අනිත්‍ය ද ?
    හේතූන් නිසා හටගන්න දේ ( සංඛත ධර්මයෝ ) ත්‍රිලක්ෂණයට ( අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ) යට්‍යි ....

    චිත්ත, චෛතසික ( නාම ) සහ රූප -> අනිත්‍යයි
    නිර්වාණය සත්‍යයි, සුන්දරයි, නිත්‍යයි, සුඛයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,955
    167,761
    113
    එකමත් එක රටක
    හේතූන් නිසා හටගන්න දේ ( සංඛත ධර්මයෝ ) ත්‍රිලක්ෂණයට ( අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ) යට්‍යි ....

    චිත්ත, චෛතසික ( නාම ) සහ රූප -> අනිත්‍යයි
    නිර්වාණය සත්‍යයි, සුන්දරයි, නිත්‍යයි, සුඛයි.
    නිවන ලැබෙන්නේ හේතු නිසා නෙවෙයි ද ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,374
    1
    61,977
    113
    Mother Earth
    ඕකත් අනිත්යයි.
    අවකාශයට කලින් මොනාද බන් එතන තිබිල තියෙන්නෙ? 🤷🏻‍♂️ මොනා හරි දෙයක් තිබ්බ නම් ඒක තියෙන්න වෙන්නෙත් අවකාශයක් තුල නේද 🤔