අනිත්‍ය සහ අනාත්මය.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,753
    11,266
    113
    Colombo
    අනිත්‍ය සහ අනාත්මය.

    බලන්න අවුරුදු 18 හිටිය කෙනාද 62 ඉන්නේ
    කියලා, නැහැ නේද.. වෙනස් වෙලා. එහෙනම්
    කොහොමද කියන්නෙ මේ මම කියලා. වෙනස්
    වෙවී යන, රූපයකටයි, නාමයකටයි මම කියලා
    හදුන්නවා ගන්නෙ.

    පුතේ හොදට තෙරුම්ගන්න කාම භවය තුල
    මම කියලා මුලින්ම තදින්ම ගන්නේම රූපයමයි.
    ඊට පසුවයි නාමය මම වෙන්නෙ.
    රූපය කෙරෙහිමයි තණ්හාව ඇතිවෙන්නෙ.
    රූපයමයි මම කියලා වැරදියට හදුන්වාගන්නෙ.
    රූපය කෙරෙහිමයි පලමුව සත්ත්ව පුද්ගල ආත්ම
    දෟෂ්ටිය ඇතිවෙන්නෙ. ඒ නිසා රූපය අනාත්මයි
    කියන බව නුවණින්ම දකින්න. රූපය මම කියන
    දෟෂ්ටිය කඩාගන්න පුළුවන් නම් නිවනින් භාගය
    -ක්ම සම්පූර්ණ කලා වෙනවා.ආයෙ රූපය අරබයා
    කිසිම කෙලේසයක් ඇතිවෙන්නෙ නැහැ.
    කාම භවයෙන් සම්පූර්ණයෙන්ම මිදෙනවා.
    ඉන් එහාට නාම ධර්මතා ටිකෙන් මිදෙන්න
    පහසුයි. එ නිසා මේ කය අනාත්මයි කියන බව
    දකින්න උත්සාහ කරන්න.

    අපි ධර්මයේ හැසිරෙනවා කියලා කරන්න ඕන,
    කරන්න තියෙන්නේ වෙන මුකුත්ම නෙමෙයි මේ
    කය අනාත්මයි කියන බව දකින්න වෑයම් කිරිමයි.
    එහෙම වුනොත් විතරමයි පුතේ මේ සසර ගමන
    නිමාකරගන්න පුළුවන් වෙන්නෙ.

    තෙරුවන් සරනයි 🌻
    #දහම්සක්මන

    https://m.facebook.com/story.php?st...l&id=100055762143194&sfnsn=wa&mibextid=6aamW6
    ------ Post added on Jan 12, 2024 at 2:32 PM