ගෙදරට හරි ඔෆිස් එකට හරි දන්න අදුනන එකෙක් ආවොත් තේ බීලා යන්න, කාලා යන්න වගේ දිගින් දිගටම කියනවද උබලා. එකක් දෙපාරක් නෙමෙයි, එන එකා එපා කියද්දි බලෙන් වගේ කන්න කන්න කියලා වාත වෙන එක මම කියන්නේ.
මම නම් දෙපාරයි, උපරිම තුන් පාරයි බන් කියන්නේ. ඒත් සමහර උන් කවන්නම එනවා එල්ලි එල්ලි. හිතවත්කමට වෙන්න ඇති, නමුත් මම හිතන්නේ ඒක අනිත් කෙනාට කරදරයක් කියලා.
මම නම් කිසිම දෙයක් බල කරන්නේ නෑ කාටවත්,
අද කලින් වැඩ කරපු තැනට ගියා ඕන ඩොකියුමන්ට් වැඩකට, තේ බොන වෙලාවෙ එතන උන්ගෙන් මාර වදේ තේ බීලා යන්න කියලා. සංග්‍රහ කරන එක ගොඩක් වටිනවා. ඒත්
තුන්පාරක් කිව්ව එපා දැන්න බොන්න බෑ කියලා. මුන්ගෙ වදේ නිසා නෙස්කැෆේ එකක් බීලා ආවා.. ඇත්තටම ඒ වෙලාවේ කන බොන එක අපහසු නම්, අර කියන අය එක්ක තර්ක කරන එකත් කරදරයක්.
මම නම් දකින්නේ කෙනෙක් දෙයක් එපා කියන්නේ ඒක ඕන නැති නිසා නම් බල කරන එක වදයක්. මම නම් කවදාවත් එහෙම කරන්නේ නෑ..
කට්ටිය මොකද හිතන්නේ මේ ගැන..

නැත්නම් ඒ මිනිස්සුන්ගෙ හිතට හරි නැහැ නෙ!මගෙ හිතටත් හරි නැහැ!