යපනය ගුරුනගර් ප්රදේශයේදී කාන්තාවකට පහර දී ගිනිතැබීමක් හේතුවෙන් අදාල කාන්තාව (02) මිය ගොස් ඇති අතර එක් අයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.
යාපනය චාවකච්චේරි ප්රදේශයේ පදිංචි අදාල කන්තාව හා තවත් පුද්ගලයෙකු අතර වූ අනියම් සබඳතාවයක් හේතුවෙන් ඔවුන් දෙදෙනා ගුරුනගර් ප්රදේශයේ පිහිටි සුසාන භූමියක හමු වී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම සිදුවීම සිදුව ඇතැයි පොලීසිය සැක පල කර සිටියි.
එහිදී සැකකරු විසින් අදාල කන්තාවට අමනුෂික අන්දමින් පහරදී අනතුරුව ගිනිතබා ඇති අතර ඒහිදී ප්රදේශවාසීන් විසින් අදාල කාන්තාව බේරා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇතැයි පොලීසිය අනාවරනය කොට ගෙන ඇත.
කෙසේ වෙතත් බරපතල තත්වයේ සිටි අදාල කාන්තාව ප්රතිකාර ගිනිමින් සිටියදී මිය ගොස් ඇති අතර අදාල පහරදීම හා ගිනිතැබීම සමබන්ධයෙන් පරික්ෂණ ඇරඹූ යාපනය පොලීසිය විසින් යාපනය ප්රදේශයේ පදිංචි අයෙකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනය චාවකච්චේරි ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි තිදරු මවක් බවට අනාවරනය වී ඇති අතර යපනය පොලීසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.