අනුරගේ පුතා විතරද? අන්තරේ කැඳවුම්කරුගේ ස&#3524

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    අනුරගේ පුතා විතරද? අන්තරේ කැඳවුම්කරුගේ ස&#3524

    අනුරගේ පුතා විතරද? අන්තරේ කැඳවුම්කරුගේ සහෝදරිය ඉගෙන ගත්තේ කොහෙද?


    ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ බිරිඳගේ කලින් විවාහයේ දරුවා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් SLIIT පෞද්ගලික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකු බව මේ දිනවල සමාජජාල මාධ්‍ය වල දැඩි සේ කතා බහට ලක්වනවා.

    පෞද්ගලික අධ්‍යාපනයට එරෙහිව ප්‍රභල විරෝධතාවයක් දක්වන ජවිපේ සහ අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය වැනි දේශපාලන කල්ලි කණ්ඩායම් වල ප්‍රධානීන්ගේ දරුවන් සහෝදර සහෝදරයින් සහ සමීපතම ඥාතීන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවේම සහ විදේශ රටවල පෞද්ගලික අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය ලබන බව මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.
    අප මේ හෙළිදරව් කරන්නේද එවන් එක් කරුණක් පිළිබඳවයි.

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර හැදින්වෙන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි සටනේ ප්‍රධාන නියමුවා ලෙසයි. කලින් කලට සයිටම් විරෝධී උද්ගෝෂණ වල ජායාරූප හරහා ඔහු දැවැන්ත චරිතයක් ලෙස හුවා දැක්වීමට අන්තරේ සාමාජික්යින් උත්සාහ කරනවා. එසේම ඔහුගේ නායකත්වයෙන් සිදුකල පෞද්ගලික විශ්ව විද්‍යාල විරෝධී සටන් වලින් අපේ රටට අහිමි වූ ධනය සහ මිනිස් පැය ගනන ඉතා විශාලයි.

    මෙසේ අරගල කරන ලහිරුගේ එක කුස උපන් සහෝදරිය වන තිලිණි වීරසේකර මහත්මිය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් SLIIT පෞද්ගලික විශ්ව විද්‍යාලයේ 2010 කණ්ඩායමේ ඉගෙනුම ලැබූ තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධියක් ලබාගෙන ඇති බව අපට වාර්තා වී තිබේ.
    ඇයගේ උපාධි ප්‍රධානෝත්සවයට පවා ලහිරු වීරසේකර සහභාගී වූ බවට ඔවුන්ට සමීප ආරංචිමාර්ග අප වෙත ප්‍රකාශ කලද එය තහවුරු වී නැත.
    ලහිරු වීරසේකරගේ සහෝදරිය පවා ඉගෙනගන්නා පෞද්ගලික විශ්ව විද්‍යාල තහනම් කරන ලෙසට ඉල්ලමින් ඒ අක්කාගේ මල්ලීම විශ්ව විද්‍යාල සිසුන් කුලප්පු කිරීම අක්කා සමඟ ඇති පෞද්ගලික ආරෝවක් පිරිමසා ගැනීමට දරණ උත්සාහයක්ද යන්න පිලිබඳවද සැක මතුවේ.

    සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිසුන් කුලප්පු කරන දේශපාලන ව්‍යාපාර වල පාහර ජඩ නායකයින් සිය දරුවන් සහ පවුල් වල සාමාජිකයින්ට යෙහෙන් වැජඹීමට අවශ්‍ය පරිසරය සකසා දී තිබේ.
    තව වසර පහකින් ළහිරුගේ තනතුරට තවත් එක් නරියෙකු පත්වනු ඇත. ලහිරු සහ පවුලේ අය උගත් ධනවත් සමාජයේ වැජඹෙමින් අර නරියා පෙරටු කරගත් හරක් රැළ කෑගසන අයුරු දෙස බලා සිනා සෙනු ඇත.



    source http://harigossip.com/2017/06/10/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F-%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF-%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A/
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    Comment

    අක්කා ස්ලිට් එකේ හිටියා යැයි කට්ටිය දැන් කුලප්පු වී ඇත. ඇකාගේ පමණක් නොව පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කරන සටනේ ඉන්න සරසවි සිසුන් තව බොහෝ දෙනෙකුගේ සහෝදර සහෝදරියෝ මේ පෞද්ගලික ආයතන වල දැනටත් ඉගෙන ගන්නා බව නොරහසකි. ඇත්තටම මේ අරගලය කිරීමට එයද හේතුවක්ම වේ. තමන්ට ලැබුන නිදහස් අධ්‍යාපන අයිතිය උසස් පෙළ සමත් තමාගේ සහෝදරියට සහෝදරයාට මිතුරාට මිතුරියට දුවට පුතාට මිළදී ගන්නට සිදු වී ඇත. ඒ සැබෑම අසාදාරණයකි. මෙතන ප්‍රශ්නයනම් ඇකා ප්‍රමුඛ ශිෂ්‍ය ව්‍යාපාරය සටන් කර ඉල්ලන්නේ කුමක්ද දැයි ගිරිය පුප්පන් කෑගහන ඔවුන්ට නොපෙනීමයි. පෞද්ගලික උපාධි ආයතන වසා දමන්න කියන්නේ ඔවුන්ව එලියට ඇද දමා ඒවා වසා දමන්න කියා නොවේ. අද අප ලබනා නිදහස් උසස් අධ්‍යාපනය ඔවුන්ටද ලබා දෙන රාජ්‍ය අධ්‍යාපන ප්‍රථිපත්තිය පුළුල් කරන ලෙසයි. ඇකාගේ අක්කට හැකි උනත් සල්ලි ගෙවලා ඉගෙන ගන්න බැරි එකා වෙනුවෙන් කරන අරගලයි මේ. සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබීම අයිතියක් කියන සටනයි මේ. හැකි එකා අදත් හෙටත් අධ්‍යාපනය සිදු උනොත් මිලදීගෙන උනත් ලබා ගනී, ඇකාගේ අක්කාද මමද ඔබද කියා වෙනසක් නැත. ලෝකයේ මිළ කල හැකි හොඳම දේ අධ්‍යාපනයයි. තමන්ට තමන්ගේ පවුලට මුදල් ගෙවා ඉගෙන ගැනීමට හැකියාව තියෙද්දී ඔහුම රටේ එතනට එන්න බැරි එකාට පාර තැනීමට අරගල කිරීම අගේ කල යුතු දෙයක් නොවේද?
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔය මිනිහා කරන්නේ connection හදාගන්න එක,තමන්ගේ value එක හදාගන්න එක එතකොට තමයි ngo,ආණ්ඩුව විපක්ෂය තානාපති කාර්යාල වලින් මුදල්,අනික තමන්ගේ අනාගතයට අත්තිකාරමක් දාගන්න පුළුවන්.ගොඩක් වේලාවට ඕක‍ෙ අයින් වුනාම ආණ්ඩුවේ ලොකු තනතුරක් හරි දේශපාලනයට හරි ngo එකක ලොකු පඩියක් ලබන ධනපති මනුස්සයෙක් තමයි.
     

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    ඔය මිනිහා කරන්නේ connection හදාගන්න එක,තමන්ගේ value එක හදාගන්න එක එතකොට තමයි ngo,ආණ්ඩුව විපක්ෂය තානාපති කාර්යාල වලින් මුදල්,අනික තමන්ගේ අනාගතයට අත්තිකාරමක් දාගන්න පුළුවන්.ගොඩක් වේලාවට ඕක‍ෙ අයින් වුනාම ආණ්ඩුවේ ලොකු තනතුරක් හරි දේශපාලනයට හරි ngo එකක ලොකු පඩියක් ලබන ධනපති මනුස්සයෙක් තමයි.

    Like Rajitha Senarathna 😁😁
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    ඔය මිනිහා කරන්නේ connection හදාගන්න එක,තමන්ගේ value එක හදාගන්න එක එතකොට තමයි ngo,ආණ්ඩුව විපක්ෂය තානාපති කාර්යාල වලින් මුදල්,අනික තමන්ගේ අනාගතයට අත්තිකාරමක් දාගන්න පුළුවන්.ගොඩක් වේලාවට ඕක‍ෙ අයින් වුනාම ආණ්ඩුවේ ලොකු තනතුරක් හරි දේශපාලනයට හරි ngo එකක ලොකු පඩියක් ලබන ධනපති මනුස්සයෙක් තමයි.
    :yes::yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් බන් ඕව නම් කුජිත වැඩ ස්ලිට් එක නවත්තන්න කියන ගමන් තමුන්ගේ කට්ටිය ස්ලිට් යන එකත්

    එට වඩා මිහින් ලංකා කියන්නේ මහින්දගේ මඩිය තරකරගන්න හදපු හොර ගුහාවක් කියල චෝදනා කරන ගමන් තමුන්ගේ පුතාට එකේ ජොබ් කරන්න දෙන එක.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    19059623_10211189925158166_4920984670161683979_n.jpg
     

    Similar threads