අනුරාදපුර හෙළ බෞද්දයො ලමයි ගිනි තියන්වා

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    සමස්ත අනුරාධපුරයම කම්පනයට පත් කරමින් ගලෙන්බිඳුණුවැව, නුවරගම් කොළනිය ප්‍රදේශයෙන් ඊයේ අලුයම අසන්නට ලැබුණේ මිනිස් හදවත් කීිරි ගැසී යන තරම් වූ අතිශය ශෝචනීය පුවතකි. පවුල් ආරවුලක් දුරදිග යෑමේ අවසන් ප්‍රතිඵලය ලෙස මුළු මහත් පවුලක්ම විනාශ වී ගියේ දුටුවන්ගේ නෙතට කඳුළක් එක් කරමිනි.

    දරුවන්ගේ සුරක්ෂිතභාවය උදෙසා කැපවිය යුතු පියෙකු අතින්ම තම ලෙයින් උපන් දරුවන් සහ ආදරණීය බිරිඳ ගිනි දැල් මැද අවසන් ගමන් යෑම දෛවයේ සරදමක්ද යන්න සිතා ගැනීමට පවා අපහසුය. මෙම මහා අපරාධය සිදුවන්නේ ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් පඬිකාරමඩුව ප්‍රදේශයේ පිහිටි නිවසකදීය. වඩු කර්මාන්තයේ නිරත සාමන් අනුරුද්ධ ප්‍රදීප්ප්‍රිය නම් 43 හැවිරිදි පුද්ගලයා විසින් තම බිරිඳ, දරුවන් සහ නැන්දම්මා නිදා සිටි කාමරයට පෙට්‍රල් වැනි ගිනි ගන්නා සුළු දියරයක් දමා ගිනි තැබීමෙන් මෙම අපරාධය සිදුකර තිබුණේ ඊයේ අලුයම 2.00 ට පමණය....

    https://www.gossiplankanews.com/202...r-kills-family-on-daughters-birthday.html?m=1