දුවගේ උපන් දිනය දවසේ බේබදු පියාගෙන් ලැබුණ තෑග්ග..🔴😡🤮👎

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,351
    47,260
    113
    j0R2Sj5.jpeg

    සමස්ත අනුරාධපුරයම කම්පනයට පත් කරමින් ගලෙන්බිඳුණුවැව, නුවරගම් කොළනිය ප්‍රදේශයෙන් ඊයේ අලුයම අසන්නට ලැබුණේ මිනිස් හදවත් කීිරි ගැසී යන තරම් වූ අතිශය ශෝචනීය පුවතකි. පවුල් ආරවුලක් දුරදිග යෑමේ අවසන් ප්‍රතිඵලය ලෙස මුළු මහත් පවුලක්ම විනාශ වී ගියේ දුටුවන්ගේ නෙතට කඳුළක් එක් කරමිනි.

    දරුවන්ගේ සුරක්ෂිතභාවය උදෙසා කැපවිය යුතු පියෙකු අතින්ම තම ලෙයින් උපන් දරුවන් සහ ආදරණීය බිරිඳ ගිනි දැල් මැද අවසන් ගමන් යෑම දෛවයේ සරදමක්ද යන්න සිතා ගැනීමට පවා අපහසුය. මෙම මහා අපරාධය සිදුවන්නේ ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් පඬිකාරමඩුව ප්‍රදේශයේ පිහිටි නිවසකදීය. වඩු කර්මාන්තයේ නිරත සාමන් අනුරුද්ධ ප්‍රදීප්ප්‍රිය නම් 43 හැවිරිදි පුද්ගලයා විසින් තම බිරිඳ, දරුවන් සහ නැන්දම්මා නිදා සිටි කාමරයට පෙට්‍රල් වැනි ගිනි ගන්නා සුළු දියරයක් දමා ගිනි තැබීමෙන් මෙම අපරාධය සිදුකර තිබුණේ ඊයේ අලුයම 2.00 ට පමණය.

    මෙම සිදුවීම වඩාත් හදකම්පා කරවන සුළු සිදුවීමක් බවට පත්වන්නේ ඛේදවාචකයට ලක්වූ 13 හැවිරිදි දියණියගේ උපන්දිනය දා මෙම විපත සිදුවීම හේතුවෙනි. මියගිය 13 හැවිරිදි ඩිමල්කා ජයශානි දියණියගේ උපන්දිනය යෙදී තිබුණේ සිද්ධියට පෙර දිනයේ, එනම් ජනවාරි 05 වැනිදාටය. තම බාල දියණියගේ උපන්දිනය සැමරීම සඳහා බව පවසමින් කේක් සහ තෑගි බෝග ද රැගෙන සැකකාර පියා පඬිකාරමඩුව ප්‍රදේශයේ පිහිටි බිරිඳගේ මවගේ නිවසට පැමිණ තිබුණේ මහත් ආදරයක් පෙන්වමිනි. එලෙස පැමිණි ඔහු දරුවන් සහ බිරිඳ සමඟ එක්ව උපන්දිනය සමරා කේක් කපා සතුටු වී ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. කෙසේ වෙතත්, එම සතුට ක්ෂණයකින් අළු දූවිලි බවට පත්වන්නේ උපන්දින සාදය අවසානයේ පියාගේ සිතේ ක්‍රියාත්මක වූ ම්ලේච්ඡ සැලසුම හේතුවෙනි. තමන් ආපසු යන බව පවසා නිවසින් පිටව ගිය බව ඇඟවූ සැකකරු, ඇත්ත වශයෙන්ම එම ස්ථානයෙන් පිටව ගොස් නොතිබුණි. ඔහු තමන් පැමිණි ලොරි රථය නිවස ආසන්නයේම රඳවාගෙන නිවැසියන් නින්දට යන තුරු රැක සිට ඇති බව පොලිසිය සැක කරයි.

    මධ්‍යම රාත්‍රිය පසුවී නිවැසියන් තද නින්දේ පසුවන විට ක්‍රියාත්මක වූ සැකකරු, නිවස අසල නවත්වා තිබූ ලොරි රථයේ වහලයට නැග ඒ හරහා දෙමහල් නිවසේ උඩු මහලට ඇතුළු වී තිබේ. අනතුරුව බිරිඳ, දියණියන් දෙදෙනා සහ බිරිඳගේ මව නිදා සිටි කාමරය සොයා ගිය ඔහු, ඊට ගිනි ගන්නා සුළු දියරයක් දමා ගිනි තබා ඇත. ක්ෂණිකව ඇවිලී ගිය ගින්නෙන් මුළු කාමරයම ගිනි ජාලාවක් බවට පත්ව ඇති අතර, එහි සිටි පිරිසට ඉන් ගැලවී යෑමට කිසිදු අවස්ථාවක් ලැබී නැත. ගින්න හේතුවෙන් ඇති වූ බරපතළ පිලිස්සුම් තුවාල නිසා ගිනි තැබීම සිදුකළ සාමන් අනුරුද්ධ ප්‍රදීප්ප්‍රිය නැමැත්තාත්, උපන්දිනය සැමරූ 13 හැවිරිදි ඩිමල්කා ජයශානි දියණියත් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. බරපතළ තුවාල ලැබූ බිරිඳ වන 36 හැවිරිදි ප්‍රභාෂා සඳමාලි ජයරත්න මහත්මිය රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

    මෙම පවුල තුළ කලක පටන් පැවති පවුල් ආරවුල් මෙම විනාශයට මූලික හේතුව වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. වඩු කාර්මිකයෙකු ලෙස සේවය කළ සැකකරු නිතර බීමත්ව නිවසට පැමිණ බිරිඳ සමඟ ආරවුල් ඇති කර ගැනීමත්, ඇයට සහ දරුවන්ට පහර දීමත් පුරුද්දක් කරගෙන සිට ඇත. මෙම තත්ත්වය ඉවසා දරාගත නොහැකි වූ තැන බිරිඳ පොලිසියට පැමිණිලි කිහිපයක්ම සිදුකර ඇති අතර, අවස්ථා ගණනාවකදී පොලිසිය මැදිහත් වී දෙපාර්ශ්වය සමථයකට පත්කර නිවෙස් වෙත යවා තිබේ. කෙසේ වෙතත්, මීට මාස දෙකකට පමණ පෙර සැමියා විසින් සිදුකළ බරපතළ පහරදීමකින් අනතුරුව, බිරිඳ තම දරුවන් තිදෙනා ද රැගෙන ගලෙන්බිඳුණුවැව, කරවක්කුලම ප්‍රදේශයේ පිහිටි තම නිවසින් පිටවී පඬිකාරමඩුවේ පිහිටි ඇයගේ මවගේ නිවසට පැමිණ පදිංචි වී ඇත. බිරිඳ දරුවන් සමඟ වෙන්ව ජීවත් වීම පිළිබඳව කෝපයෙන් හා සැකයෙන් සිටි සැමියා මෙම අපරාධය සැලසුම් කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

    ගින්න හටගත් අවස්ථාවේදී නිවසේ සිටි 20 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා වන තරුෂ දිල්හාන් වෙනත් කාමරයක සිට ඇති අතර, ගින්න ඇවිලෙන බව දැනගත් වහාම ඔහු තම මව සහ සහෝදරියන් බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරා ඇත. ගිනි ජාලාව මැදට පැන තම පවුලේ සාමාජිකයන් බේරා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු ද බරපතළ ලෙස පිලිස්සුම් තුවාල ලබා ඇති බව වාර්තා වේ. 20 හැවිරිදි තරුෂ දිල්හාන්, 15 හැවිරිදි නිශා ඉදුලි දියණිය සහ බිරිඳගේ මව වන 66 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක වන පී. කමලාවතී මහත්මිය බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ. මොවුන් පළමුව හුරුලුවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත. අවාසනාවකට මෙන්, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳගේ මව ද පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.

    බීමත්කම සහ අනවබෝධය නිසා සුනුවිසුනු වී ගිය තවත් එක් පවුලක ඛේදවාචකය මෙලෙස සමාජය ඉදිරියේ දිග හැරෙන්නේ ඉතා වේදනාකාරී ලෙසය. පියා සහ පුතුන් දෙදෙනා කරවක්කුලම නිවසේත්, මව සහ දියණියන් දෙදෙනා මිත්තණියගේ නිවසේත් වෙන් වෙන්ව ජීවත් වුවද, දරුවන්ගේ උපන්දිනය වැනි විශේෂ අවස්ථාවකදී හෝ එකට එක්වී සතුටු වීමට ගත් උත්සාහය අවසානයේ මරණයේ දොරටුව විවර කර දී තිබේ. උපන්දිනය දා කේක් කපා සිනාමුසු මුහුණින් සිටි දියණියට ඊළඟ දිනයේ ඉර පායන විට දැවී ගිය සිරුරක් බවට පත්වීමට සිදුවීම දෛවයේ කෲරතම සිදුවීමකි. තෑගි බෝග රැගෙන පැමිණි පියාම අලුගෝසුවෙකු වී දරුවන් බිලිගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි තත්ත්වයකි.

    සිද්ධිය වූ ස්ථානයට පැමිණි අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ මහේස්ත්‍රාත්වරයා විසින් මූලික ස්ථානීය පරීක්ෂණ සිදුකරන ලදී. ගලෙන්බිඳුණුවැව පොලිසිය සහ හොරොව්පතාන සහකාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ. පවුල් ආරවුල් විසඳා ගැනීමට නිසි යාන්ත්‍රණයක් හෝ ඉවසීමක් නොමැති වීම තුළ මෙවැනි අහිංසක ජීවිත කෙතරම් ප්‍රමාණයක් සමාජයට අහිමි වන්නේද යන්න මෙම සිදුවීමෙන් නැවත වරක් පසක් කර දෙයි. ගින්නෙන් විනාශ වී ගිය නිවස දෙස බලන ඕනෑම අයෙකුට පෙනී යන්නේ ගඩොල් බිත්ති පමණක් නොව, එහි තිබූ මිනිස්කම සහ පිය සෙනෙහස ද අළු වී ගොස් ඇති බවයි. රෝහල් ගතව සිටින දරුවන්ගේ සහ මිත්තණියගේ ජීවිත බේරා ගැනීමට වෛද්‍යවරුන් දැඩි වෙහෙසක් දරමින් සිටින අතර, අනුරාධපුරය දෙසින් හමන සුළඟ පවා මෙම අවාසනාවන්ත පවුලේ ශෝකය මුසු කරගෙන හමන බවක් දැනේ. පියෙකුගේ ක්ෂණික කෝපය සහ වෛරය නිසා මල් වැනි දරුවන්ගේ අනාගතය අඳුරේ හෙළා දැමූ මෙම සිදුවීම මුළු රටටම පාඩමක් කියා දෙයි..

    uf1u9cC.jpeg

    mUSsrIF.jpeg
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,802
    1
    51,708
    113
    ප*යාගල
    sorry.com
    මෙම සිදුවීම මුළු රටටම පාඩමක් කියා දෙයි.
    මෙ වගෙ සිද්දි අනන්තවත් වෙලා තියෙනව. මිනිස්සු ඉගෙනගන්න පාඩම් නෑ බන්. ගෙවල් ලග මිනිහෙක් හිටියා හැමදාම බීල ඇවිත් ගෑනිට ගහනවා. ඒ ගෑනිට ගහන්නෙ වෙන මිනිස්සු එක්ක ගියා කියල. ඒ ගැනි එහෙම ගැනියෙක් නෙමෙයි ගෙදර ඉන්නෙ ලමයි එක්ක. අරු බීල ඇවිත් ' ඇත්ත කියපන් උබ වෙන මිනිස්සු එක්ක ගියා නේද ' කියල ගහන්වා.
    ගෑනි පිලිගන්නක්න්ම ගහනවා.පව් ඉතින් අර ගැනි ඉතින් ගුටි කාල ඇති වෙලා ඇති වෙලා බොරුවට පිලිගන්නවා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,351
    47,260
    113
    මෙ වගෙ සිද්දි අනන්තවත් වෙලා තියෙනව. මිනිස්සු ඉගෙනගන්න පාඩම් නෑ බන්. ගෙවල් ලග මිනිහෙක් හිටියා හැමදාම බීල ඇවිත් ගෑනිට ගහනවා. ඒ ගෑනිට ගහන්නෙ වෙන මිනිස්සු එක්ක ගියා කියල. ඒ ගැනි එහෙම ගැනියෙක් නෙමෙයි ගෙදර ඉන්නෙ ලමයි එක්ක. අරු බීල ඇවිත් ' ඇත්ත කියපන් උබ වෙන මිනිස්සු එක්ක ගියා නේද ' කියල ගහන්වා.
    ගෑනි පිලිගන්නක්න්ම ගහනවා.පව් ඉතින් අර ගැනි ඉතින් ගුටි කාල ඇති වෙලා ඇති වෙලා බොරුවට පිලිගන්නවා

    සමහර පිරිමි ඉන්නවා මානසික ලෙඩ්ඩු වගේ..උන් හිතන් ඉන්‍නේ කොහේ හරි ගෑණියෙක් වටේ ගියොත් උගේ ගෑණිත් වටේ යනවා කියලා..
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803
    113
    බීම තහනම් කරන්න ඕන

    ඒ වෙනුවට සිංහල ක්‍රමයට ගංජා ආදේශ කරන්න ඕන
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    බීම තහනම් කරන්න ඕන

    ඒ වෙනුවට සිංහල ක්‍රමයට ගංජා ආදේශ කරන්න ඕන
    Bona eken wenne hithe kunu amplify wena eka.oya hodata bila shape eke inna unuth inne.
     
    • Sad
    Reactions: Nidarshana_k

    planner123

    Well-known member
  • May 22, 2018
    8,876
    15,270
    113
    මෙ වගෙ සිද්දි අනන්තවත් වෙලා තියෙනව. මිනිස්සු ඉගෙනගන්න පාඩම් නෑ බන්. ගෙවල් ලග මිනිහෙක් හිටියා හැමදාම බීල ඇවිත් ගෑනිට ගහනවා. ඒ ගෑනිට ගහන්නෙ වෙන මිනිස්සු එක්ක ගියා කියල. ඒ ගැනි එහෙම ගැනියෙක් නෙමෙයි ගෙදර ඉන්නෙ ලමයි එක්ක. අරු බීල ඇවිත් ' ඇත්ත කියපන් උබ වෙන මිනිස්සු එක්ක ගියා නේද ' කියල ගහන්වා.
    ගෑනි පිලිගන්නක්න්ම ගහනවා.පව් ඉතින් අර ගැනි ඉතින් ගුටි කාල ඇති වෙලා ඇති වෙලා බොරුවට පිලිගන්නවා
    Uuta samaje podi hari piliganimak thiyenne gedara witharai. Ekai uu puk part daanne gedara unta.
    Samaje uuwa don't care nisa pissek wela.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,643
    113
    j0R2Sj5.jpeg

    සමස්ත අනුරාධපුරයම කම්පනයට පත් කරමින් ගලෙන්බිඳුණුවැව, නුවරගම් කොළනිය ප්‍රදේශයෙන් ඊයේ අලුයම අසන්නට ලැබුණේ මිනිස් හදවත් කීිරි ගැසී යන තරම් වූ අතිශය ශෝචනීය පුවතකි. පවුල් ආරවුලක් දුරදිග යෑමේ අවසන් ප්‍රතිඵලය ලෙස මුළු මහත් පවුලක්ම විනාශ වී ගියේ දුටුවන්ගේ නෙතට කඳුළක් එක් කරමිනි.

    දරුවන්ගේ සුරක්ෂිතභාවය උදෙසා කැපවිය යුතු පියෙකු අතින්ම තම ලෙයින් උපන් දරුවන් සහ ආදරණීය බිරිඳ ගිනි දැල් මැද අවසන් ගමන් යෑම දෛවයේ සරදමක්ද යන්න සිතා ගැනීමට පවා අපහසුය. මෙම මහා අපරාධය සිදුවන්නේ ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් පඬිකාරමඩුව ප්‍රදේශයේ පිහිටි නිවසකදීය. වඩු කර්මාන්තයේ නිරත සාමන් අනුරුද්ධ ප්‍රදීප්ප්‍රිය නම් 43 හැවිරිදි පුද්ගලයා විසින් තම බිරිඳ, දරුවන් සහ නැන්දම්මා නිදා සිටි කාමරයට පෙට්‍රල් වැනි ගිනි ගන්නා සුළු දියරයක් දමා ගිනි තැබීමෙන් මෙම අපරාධය සිදුකර තිබුණේ ඊයේ අලුයම 2.00 ට පමණය.

    මෙම සිදුවීම වඩාත් හදකම්පා කරවන සුළු සිදුවීමක් බවට පත්වන්නේ ඛේදවාචකයට ලක්වූ 13 හැවිරිදි දියණියගේ උපන්දිනය දා මෙම විපත සිදුවීම හේතුවෙනි. මියගිය 13 හැවිරිදි ඩිමල්කා ජයශානි දියණියගේ උපන්දිනය යෙදී තිබුණේ සිද්ධියට පෙර දිනයේ, එනම් ජනවාරි 05 වැනිදාටය. තම බාල දියණියගේ උපන්දිනය සැමරීම සඳහා බව පවසමින් කේක් සහ තෑගි බෝග ද රැගෙන සැකකාර පියා පඬිකාරමඩුව ප්‍රදේශයේ පිහිටි බිරිඳගේ මවගේ නිවසට පැමිණ තිබුණේ මහත් ආදරයක් පෙන්වමිනි. එලෙස පැමිණි ඔහු දරුවන් සහ බිරිඳ සමඟ එක්ව උපන්දිනය සමරා කේක් කපා සතුටු වී ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. කෙසේ වෙතත්, එම සතුට ක්ෂණයකින් අළු දූවිලි බවට පත්වන්නේ උපන්දින සාදය අවසානයේ පියාගේ සිතේ ක්‍රියාත්මක වූ ම්ලේච්ඡ සැලසුම හේතුවෙනි. තමන් ආපසු යන බව පවසා නිවසින් පිටව ගිය බව ඇඟවූ සැකකරු, ඇත්ත වශයෙන්ම එම ස්ථානයෙන් පිටව ගොස් නොතිබුණි. ඔහු තමන් පැමිණි ලොරි රථය නිවස ආසන්නයේම රඳවාගෙන නිවැසියන් නින්දට යන තුරු රැක සිට ඇති බව පොලිසිය සැක කරයි.

    මධ්‍යම රාත්‍රිය පසුවී නිවැසියන් තද නින්දේ පසුවන විට ක්‍රියාත්මක වූ සැකකරු, නිවස අසල නවත්වා තිබූ ලොරි රථයේ වහලයට නැග ඒ හරහා දෙමහල් නිවසේ උඩු මහලට ඇතුළු වී තිබේ. අනතුරුව බිරිඳ, දියණියන් දෙදෙනා සහ බිරිඳගේ මව නිදා සිටි කාමරය සොයා ගිය ඔහු, ඊට ගිනි ගන්නා සුළු දියරයක් දමා ගිනි තබා ඇත. ක්ෂණිකව ඇවිලී ගිය ගින්නෙන් මුළු කාමරයම ගිනි ජාලාවක් බවට පත්ව ඇති අතර, එහි සිටි පිරිසට ඉන් ගැලවී යෑමට කිසිදු අවස්ථාවක් ලැබී නැත. ගින්න හේතුවෙන් ඇති වූ බරපතළ පිලිස්සුම් තුවාල නිසා ගිනි තැබීම සිදුකළ සාමන් අනුරුද්ධ ප්‍රදීප්ප්‍රිය නැමැත්තාත්, උපන්දිනය සැමරූ 13 හැවිරිදි ඩිමල්කා ජයශානි දියණියත් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. බරපතළ තුවාල ලැබූ බිරිඳ වන 36 හැවිරිදි ප්‍රභාෂා සඳමාලි ජයරත්න මහත්මිය රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

    මෙම පවුල තුළ කලක පටන් පැවති පවුල් ආරවුල් මෙම විනාශයට මූලික හේතුව වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. වඩු කාර්මිකයෙකු ලෙස සේවය කළ සැකකරු නිතර බීමත්ව නිවසට පැමිණ බිරිඳ සමඟ ආරවුල් ඇති කර ගැනීමත්, ඇයට සහ දරුවන්ට පහර දීමත් පුරුද්දක් කරගෙන සිට ඇත. මෙම තත්ත්වය ඉවසා දරාගත නොහැකි වූ තැන බිරිඳ පොලිසියට පැමිණිලි කිහිපයක්ම සිදුකර ඇති අතර, අවස්ථා ගණනාවකදී පොලිසිය මැදිහත් වී දෙපාර්ශ්වය සමථයකට පත්කර නිවෙස් වෙත යවා තිබේ. කෙසේ වෙතත්, මීට මාස දෙකකට පමණ පෙර සැමියා විසින් සිදුකළ බරපතළ පහරදීමකින් අනතුරුව, බිරිඳ තම දරුවන් තිදෙනා ද රැගෙන ගලෙන්බිඳුණුවැව, කරවක්කුලම ප්‍රදේශයේ පිහිටි තම නිවසින් පිටවී පඬිකාරමඩුවේ පිහිටි ඇයගේ මවගේ නිවසට පැමිණ පදිංචි වී ඇත. බිරිඳ දරුවන් සමඟ වෙන්ව ජීවත් වීම පිළිබඳව කෝපයෙන් හා සැකයෙන් සිටි සැමියා මෙම අපරාධය සැලසුම් කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

    ගින්න හටගත් අවස්ථාවේදී නිවසේ සිටි 20 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා වන තරුෂ දිල්හාන් වෙනත් කාමරයක සිට ඇති අතර, ගින්න ඇවිලෙන බව දැනගත් වහාම ඔහු තම මව සහ සහෝදරියන් බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරා ඇත. ගිනි ජාලාව මැදට පැන තම පවුලේ සාමාජිකයන් බේරා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු ද බරපතළ ලෙස පිලිස්සුම් තුවාල ලබා ඇති බව වාර්තා වේ. 20 හැවිරිදි තරුෂ දිල්හාන්, 15 හැවිරිදි නිශා ඉදුලි දියණිය සහ බිරිඳගේ මව වන 66 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක වන පී. කමලාවතී මහත්මිය බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ. මොවුන් පළමුව හුරුලුවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත. අවාසනාවකට මෙන්, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳගේ මව ද පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.

    බීමත්කම සහ අනවබෝධය නිසා සුනුවිසුනු වී ගිය තවත් එක් පවුලක ඛේදවාචකය මෙලෙස සමාජය ඉදිරියේ දිග හැරෙන්නේ ඉතා වේදනාකාරී ලෙසය. පියා සහ පුතුන් දෙදෙනා කරවක්කුලම නිවසේත්, මව සහ දියණියන් දෙදෙනා මිත්තණියගේ නිවසේත් වෙන් වෙන්ව ජීවත් වුවද, දරුවන්ගේ උපන්දිනය වැනි විශේෂ අවස්ථාවකදී හෝ එකට එක්වී සතුටු වීමට ගත් උත්සාහය අවසානයේ මරණයේ දොරටුව විවර කර දී තිබේ. උපන්දිනය දා කේක් කපා සිනාමුසු මුහුණින් සිටි දියණියට ඊළඟ දිනයේ ඉර පායන විට දැවී ගිය සිරුරක් බවට පත්වීමට සිදුවීම දෛවයේ කෲරතම සිදුවීමකි. තෑගි බෝග රැගෙන පැමිණි පියාම අලුගෝසුවෙකු වී දරුවන් බිලිගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි තත්ත්වයකි.

    සිද්ධිය වූ ස්ථානයට පැමිණි අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ මහේස්ත්‍රාත්වරයා විසින් මූලික ස්ථානීය පරීක්ෂණ සිදුකරන ලදී. ගලෙන්බිඳුණුවැව පොලිසිය සහ හොරොව්පතාන සහකාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ. පවුල් ආරවුල් විසඳා ගැනීමට නිසි යාන්ත්‍රණයක් හෝ ඉවසීමක් නොමැති වීම තුළ මෙවැනි අහිංසක ජීවිත කෙතරම් ප්‍රමාණයක් සමාජයට අහිමි වන්නේද යන්න මෙම සිදුවීමෙන් නැවත වරක් පසක් කර දෙයි. ගින්නෙන් විනාශ වී ගිය නිවස දෙස බලන ඕනෑම අයෙකුට පෙනී යන්නේ ගඩොල් බිත්ති පමණක් නොව, එහි තිබූ මිනිස්කම සහ පිය සෙනෙහස ද අළු වී ගොස් ඇති බවයි. රෝහල් ගතව සිටින දරුවන්ගේ සහ මිත්තණියගේ ජීවිත බේරා ගැනීමට වෛද්‍යවරුන් දැඩි වෙහෙසක් දරමින් සිටින අතර, අනුරාධපුරය දෙසින් හමන සුළඟ පවා මෙම අවාසනාවන්ත පවුලේ ශෝකය මුසු කරගෙන හමන බවක් දැනේ. පියෙකුගේ ක්ෂණික කෝපය සහ වෛරය නිසා මල් වැනි දරුවන්ගේ අනාගතය අඳුරේ හෙළා දැමූ මෙම සිදුවීම මුළු රටටම පාඩමක් කියා දෙයි..

    uf1u9cC.jpeg

    mUSsrIF.jpeg
    මෙ වගෙ සිද්දි අනන්තවත් වෙලා තියෙනව. මිනිස්සු ඉගෙනගන්න පාඩම් නෑ බන්. ගෙවල් ලග මිනිහෙක් හිටියා හැමදාම බීල ඇවිත් ගෑනිට ගහනවා. ඒ ගෑනිට ගහන්නෙ වෙන මිනිස්සු එක්ක ගියා කියල. ඒ ගැනි එහෙම ගැනියෙක් නෙමෙයි ගෙදර ඉන්නෙ ලමයි එක්ක. අරු බීල ඇවිත් ' ඇත්ත කියපන් උබ වෙන මිනිස්සු එක්ක ගියා නේද ' කියල ගහන්වා.
    ගෑනි පිලිගන්නක්න්ම ගහනවා.පව් ඉතින් අර ගැනි ඉතින් ගුටි කාල ඇති වෙලා ඇති වෙලා බොරුවට පිලිගන්නවා
    නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී කලු ජරාවට නොමිලේ වඳ සැත්කම් කරලා දැම්මා නම් මෙහෙම නිව්ස් බලන්න වෙන්නේ නෑ :dull:
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,072
    4,720
    113
    Sri Lanka
    මෙම පවුල තුළ කලක පටන් පැවති පවුල් ආරවුල් මෙම විනාශයට මූලික හේතුව වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. වඩු කාර්මිකයෙකු ලෙස සේවය කළ සැකකරු නිතර බීමත්ව නිවසට පැමිණ බිරිඳ සමඟ ආරවුල් ඇති කර ගැනීමත්, ඇයට සහ දරුවන්ට පහර දීමත් පුරුද්දක් කරගෙන සිට ඇත. මෙම තත්ත්වය ඉවසා දරාගත නොහැකි වූ තැන බිරිඳ පොලිසියට පැමිණිලි කිහිපයක්ම සිදුකර ඇති අතර, අවස්ථා ගණනාවකදී පොලිසිය මැදිහත් වී දෙපාර්ශ්වය සමථයකට පත්කර නිවෙස් වෙත යවා තිබේ.
    ඩොමෙස්ටික් වයලන්ස් ඒවා පොලිසියෙන් විසදන්න ඔනි නෑ. නඩු දාන්න තියෙන්නෙ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,593
    14,665
    113
    35
    Spain
    කොහොමද බන් අහම දරුවෙක් නිදාගෙන ඉන්න දරුවෙක්ට ඔහොම දෙයක් කරන්න සාමාන්‍ය සිහියෙන් ඉන්න මනුස්සයෙක්ට පුලුවන්ද?
     
    • Sad
    Reactions: Error365!

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,369
    113
    මෙකයි, පකිස්තාන් ඔනර් කිලින් එකයි එක වගෙ. තම්බි හෙළ නිකම් එක වල්ලෙ පොල් වගෙ.