අනුරාධපුර රාජධානියේ අවසානය

අනුරාධපුර රාජධානියේ අවසානය

අනුරාධපුර රාජධානිය ලංකා ඉතිහාසයේ වසර 1500 ක් තිස්සේ විටින් විට ආක්රිමණ වලට මුහුණ දෙමින් පැවතුණත් වසර 993 දි දකුණු ඉන්දියාවේ චෝල ආක්රසමණයට ලක්ව මුළුමණින්ම පාහේ විනාශ විය. මහ විජයබාහු රජු වසර 1070 දි චෝළයන් ලක් බිමෙන් එළවා දමා පොළොන්නරු රාජධානිය ආරම්භ කරනතෙක්ම අනුරාධපුරය පැවතියේ චෝළයන් යටතේ යි. මෙලෙස චෝළයන් ට අනුරාධපුරය ආක්ර මණය කිරිමට හැකි විමටත් එය යටත් කරගැනිමටත් හේතු වු අනුරාධපුර රාජධානියේ අවසාන කාලයේ දේශපාලන පසුබිම සළකා බලමු.

an-banner1.jpg
 
1. අනුරාධපුර රාජධානියේ අවසාන ප්රැබල රජතුමා වූයේ සිව් වන මිහිඳු රජතුමායි ( 956-972). වසර 16ක් රාජ්යේ කොට එතුමා අභාවයට පත්විය. ඒ සමඟම රටේ එක්සත් භාවයක් සම්පුර්ණයෙන්ම පාහේ බිඳ වැටුණු අතර අනුරාධපුර රාජධානියේ පරිහානියද ඒ සමඟම ඇරඹිණ.

2. සිව් වන මිහිඳු රජුට පසු රජ වුයේ එතුමා ගේ ජ්යේ.ෂ්ඨ පුත්ර්යා වන සේන කුමරුයි. එතුමා 5 වන සේන ලෙස රජ විය ( 972-982) රජ වන විට ඔහුට වයස අවුරුදු 12කි. එවකට සේනා සේනාධිපති වුයේ සිව් වන මිහිඳු රජුගේ කාලයේ පටන් සේනාධිපති වු සේන නැමැත්තායි. සේන රජුත් සේන නම් සෙනෙවියාට සේනාධිපති තනතුරේ තවදුරටත් තබා ගෙන ඇත.
 
3.නමුත් සේන සේනාධිපති කැරැල්ලක් මැඩ පැවැත්විමට රටේ තවත් ප්රුදේශයකට ගිය අවස්ථාවේ දි සේන රජු විසින් ඔහුව ඉවත් කර වෙනත් කෙනෙකු සේනාධිපති තනතුරට පත් කළේය. මේ නිසා සේනාධිපති හා සේන රජු අතර ගැටුමක් ඇති විය. මෙය උග්රන විම නිසා සේන රජුට අගනුවර වෙන අනුරාධපුරය පවා අත්හැර දමා යාමට සිදුවිය. සේන රජු ආරක්ෂාව පතා රුහුණට ගියේය.

4.එවිට සේන නම් සෙනෙවියා විසින් රජතුමා නැති අවස්ථාවේ අනුරාධපුරයේ බලව සියතට ගෙන එහි තමාට හිතවත් දෙමළ කුලි සේනාවකට පවරා දුණි. එම සේන සෙනවියා පසුව පොළොන්නරුවට ගොස් වාසය කළේය.
 
5.ඒ වන විට අනුරාධපුර අරාජික විය. සේන රජු හා සේනාපතිවරයාගේ ද්රිවිඩ අගම්පඩි සේනාව අතර සටනක් ද ඇති වුයේය. එයින් සේන රජුට ජය ගත නොහැකි වු නිසා සේන සෙනෙවියා සමඟ සමගි සමාදාන වි නැවතත් පස් වන සේන විසින් සිය සේනාධිපතියා ලෙස සේන සෙනවියා පත් කරගත්තේය.

6.ඒ අතර තුර සේන සෙනෙවියා ගේ කුලි හමුදා විසින් අනුරාධපුරය කොල්ල කැහ

7.සේන සෙනවියා ගේ දියණියක් ද සේන රජුගේ බිසවක් බවට පත් කිරිමෙන් පසු පස් වන සේන රජු නැවතත් අනුරාධපුරයේ රජ බවට පත් විය. පස් වන සේන රජු මෙසේ දුෂ්කරතා මැද දස අවුරුද්දක් රජ කම් කර අභාවයට පත් විය. පසුව රජ බවට පත් වුයේ ඔහුගේ සොහොයුරු උදය කුමාරයායි....
 
8.උදය කුමාරයා පස් වන මිහිඳු ලෙස රජකමට පත් විය.

9.මේ වන විට දකුණු ඉන්දියාවේ චෝළ රාජ්ය යක් ශක්තිමත් ලෙස වැඩි එන්නට විය. රාජ රාජ යන චෝල රජු යටතේ ඔවුන් විසින් දකුණු ඉන්දියාවේ පාලන බලය පාණ්ඩ්යකයන් මැඩලමින් සියතට ගනිමින් සිටියහ.


map-sangam-1.jpg


4186-251452-vlcsnap-2010-10-26-01h09m53s13.png
 
10.මහාවංශයට අනුව පස් වන මිහිඳු යන මෘදු ගතිගුණ සහිත වු රජ කෙනෙකි..ඒ නිසාම ඔහුට එවකට පවැති තත්ත්වය පාලනය කරගත නොහැකි විය. එවකට මුලින් කි සේන නැමැති සෙනෙවියා විසින් විවිධ ජාතින් ඉන්දියාවේ සිට ලංකාවට ගෙනවිත් අනුරාධපුරයම ඔවුන්ගෙන් පිරවිය. ඒ නිසා අනුරාධපුර වැසියන් විවිධ කරදර වලට මුහුණ පාන්නට විය.

11.මෘදු ගතිගුණ ඇති මිහිඳු රජුට ජනපද වැස්සෝ අයබදු නොදුන්හ. ඒ නිසා රාජ්යන භාණ්ඩාගාරය හිස් විය. ඒ නිසා රජ වි අවුරුදු දහයක් ගත වන විට අනුරාධපුරයේ සිට තමාට සේවය කළ කේරළ සේනාවට වැටුප් ගෙවිමට නොහැකි විය. එසේ වැටුප් නොලැබු කේරළයෝ තමාට වැටුප් දෙන්න යයි අරගල කරමින් රජ වාසල ආයුධ අතැතිව වට කොට ගෙන සිටියහ. මෙලෙස තනි වු රජු රජ වාසල වට කරගත් කේරළ හමුදාව්න රවටා තම රාජකිය ආභරණ ගෙන උමගින් පැන රුහුණ බලා පලා ගියේය.
 
12.එහිදි සිදු පබ්බත නම් ගමේ කඳවුරු බැඳ සිටියේය. එහි දිවි ගෙවද්දි සිය දේවියගෙන් කාශ්යලප යන පුතෙක් ලැබිණි. පසුව කපුගල් නම් ගමේ නුවරක් හදාගෙන කාලයක්ම රජකම් කළේය. මේ වන විට අනුරාධපුරය පැවතියේ අරාජික තත්ත්වයකි...තැන තැන ද්රාවිඩ කුලි හමුදාත් සිංහල හමුදාත් පාලනය කරමින් තිබුණි.

13.ඒ කාලයේදිම පිටරට සිට අශ්ව වෙළෙන්දෙක් ලංකාවට පැමිණ අනුරාධපුරයේ පැවති ව්යා්කුල තත්ත්වය දැනගෙන චෝළ රජුට දැන්විය. අවස්ථාවෙන් ප්රුයෝජන ගත් චෝල රජු විශාල බල සෙනඟක් ලංකාවට එවිය. එතැන් සිට යුද්ධ කරමින් මිනිසුන් මරමින් රුහුණ දෙසට චෝළ සේනා ගියේය.
 
14.එවිට මිහිඳු රජු දේවියත් සිය රාජකිය ආභරණත් රැගෙන වනගත වු අතර චෝලයින් විසින් තමන් රජු හා සමඟිව සිටිමට කැමති යයි මිහිඳු රජුට පණිවිඩ යැවිය. එයට රැවටුණු මිහිඳු රජු චොළයින් හා සමඟි වන්නට ආව නමුත් මිහිඳු රජුව අල්ලා ගෙන චෝළ දේශයට සිරකරුවෙක් ලෙස යැවිය. (1017)

15.මෙම චොළ සේනාව පොළොන්නරුවේ කඳවුරු බැඳ ලංකාවේ මුල් කොටස පාලනය කරන්නට විය.


2000px-Rajendra_map_new.svg.png
 
  • Like
Reactions: djnick