මාතර සිට කතරගම දක්වා ඉදි වෙමින් පවතින ඉදිවෙමින් පවතින දුම්රිය මාර්ගයේ යකඩ බට සොරකම් කල පුද්ගලයෙකු මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කැකනදුර හංදිය අසළ ඉදිවෙමින් පවතින ගුවන් පාලම සඳහා භාවිත කිරීමට තිබූ යකඩ බට 30ක් මෙලෙස සොරකම් කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.
අදාළ වැඩබිමේ පාලකවරයා විසින් මාතර පොලිස් ස්ථානයට සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී මොහුව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සොරාගන්නා ලද යකඩ බට ද සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
මොහු කැකනදුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අනුර කුමාර නම් වූ 21 හැවිරිදි තරුණයෙකි. ඔහු දැඩි ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වී ඇති අයෙක් බව පොලිසිය සඳහන් කරයි. ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Last edited: