අනුර කුමාර අත්අඩංගුවට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    මාතර සිට කතරගම දක්වා ඉදි වෙමින් පවතින ඉදිවෙමින් පවතින දුම්රිය මාර්ගයේ යකඩ බට සොරකම් කල පුද්ගලයෙකු මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    කැකනදුර හංදිය අසළ ඉදිවෙමින් පවතින ගුවන් පාලම සඳහා භාවිත කිරීමට තිබූ යකඩ බට 30ක් මෙලෙස සොරකම් කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

    අදාළ වැඩබිමේ පාලකවරයා විසින් මාතර පොලිස් ස්ථානයට සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී මොහුව අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු සොරාගන්නා ලද යකඩ බට ද සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

    මොහු කැකනදුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අනුර කුමාර නම් වූ 21 හැවිරිදි තරුණයෙකි. ඔහු දැඩි ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වී ඇති අයෙක් බව පොලිසිය සඳහන් කරයි. ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,277
    21,169
    113
    විමල් වීරවංශ ගේ ගම. ඌ දාපු නමක් ද දන්නේ නෑ. හොර ෂොට් එකක් හිටියා නම අනුර කුමාර කියලා දාපන් කියන්න ඇති. 🤣🤣🤣🤣
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,857
    113
    Mother Earth
    දැක්කනේ ජනාධිපතිත් මේ වගේ හොරෙක් නම් අනිත් උන් ගැන මොන කතාද 🤷‍♂️