අනුර කොළඹින් මැතිවරණයට?????
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තමාට කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග කිරීමට අවශ්‍ය යැයි අනුර දිසානායක මන්ත‍්‍රීවරයා ජවිපෙට දැනුම් දී තිබේ. 2004 මහ මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු මෙවර කුරුණෑගලින් තරග කිරීමෙන් තමා පරාජයට පත්විය හැකි බවත් විමල් වීරවංශ වෙනුවට ප‍්‍රබල අපේක්‍ෂකයෙකු කොළඹට අවශ්‍ය බැවින් තමා කොළඹින් තරග කළ යුතු බවත් පවසා ඇති අතර ඔහුගේ ඉලක්කය වී තිබුණේ එජාපය හා එක්වී එක ලැයිස්තුවකින් කොළඹ දිස්ත‍්‍රික්කයට තරග කිරීමය. මේ සඳහා අනුරගේ සමීපතම මිතුරෙකු වන කෝ්ටේ එජාප ප‍්‍රබලයාගේ ද අනුබලය ද ලැබී තිබේ. එසේ වුවද මේ වන විට ජවිපෙ හා එජාප හවුල් මැතිවරණ තීන්දුව අර්බුදයකට යමින් තිබෙන බැවින් ජවිපෙන් තරග කිරීමට අනුර අදහස් කරගෙන සිටින අතර කෙසේ හෝ ඔහුගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය රැුක දීමට තමන් කටයුතු කරන බව ද කොට්ටේ එජාප ප‍්‍රබලයා අනුරට දැනුම් දී ඇතැයි වාර්තා වේ