අනුර මෝල් කාරයන් ඉදිරියේ දණ ගැහුවේ එපරිද්දෙනි.

netudara

Well-known member
  • Sep 17, 2012
    9,497
    6,253
    113
    ඊයෙ අනුර ජනාධිපති තුමා මෝල් කාරයන් හමුවිය. අනුර ජනාධිපති තුමා වැව් බැඳි රටේය. ගලේවෙලිං එහා රජරට එතුමා නාපු නැති වැවක් නැතිය. තඹුත්තේගම නම් කෘෂි රාජධානියේ මරමස්තානයේ හාල් මිල ගෙන කරනු ලබන මේ විග්ගහට අනුර ජනපති තුමා තරහා නොවනු ඇත.

    ජනාධිපතිවරණය පැවැත්වූයේ සැප්තැම්බර් 21 ය. ඊට හරියටම සතියකට කලිං සැප්තැම්බර් 14 තඹුත්තේගම නාඩු 199 ය. සම්බා 222 ය. කැකුළු 195 ය.

    මහා මැතිවරණය පැවැත්වූයේ නොවැම්බර් 14 ය. ඊට හරියටම සතියකට කලිං නොවැම්බර් 7 තඹුත්තේගම නාඩු 220ය. සම්බා 230 ය. කැකුළු 210 ය.

    ඊයේ අනුර මෝල් කාරයන් හමුවී සිංහ නාද ගර්ජනා කර , යටගිය දවස රජකම් කල ගෝතා රජ තෙමේ කලාක් වූ පරිද්දෙන්ම සහල් සඳහා පාලන මිලක් නියම කල සේක.

    අද සිට නාඩු 225 ය. සම්බා 235 ය. කීරි සම්බා 255 ය. කැකුළු 215 ය. අනුර ජනපති වන්නට පෙර තිබූ ප්‍රයිස් එකෙන් 1/8 අටෙන් එකක් වැඩි කර අද සිට හාල් ලැබිය යුතුය.

    අනුර මෝල් කාරයන් ඉදිරියේ දණ ගැහුවේ එපරිද්දෙනි. ගෝටාගේ නාටකය බ්‍රිගේඩියර්ලා නැතැත් මරදගහමුල තනියම ගිහිං තොග කඩේ මුදලාලි පුටුවේ වාඩි නොවී වෙන වටයකිං අනුර රඟමින් සිටී.

    469353764_10230878573922239_8461095125998154098_n.jpg

    469391755_10230878575562280_3079242771853983081_n.jpg

    469348130_10230878575962290_4992098831969127542_n.jpg

    469307487_10230878576082293_5089832872046890084_n.jpg