ඔන්න ඔතන තමා මචන් ඇත්ත ප්‍රශ්නේ. මුන් ටැක්ස් ගහන්නෙ ට්‍රැක් වෙන උන්ට විතරයි. payee වදින්නේ system එකකින් පඩි ගන්න උන්ගෙන්. උන්ට ඕක "සල්ලි අතට දෙන්න" කියන්න බෑනේ. ඉතින් කරබාගෙන ටැක්ස් ගෙවනවා. USD සීන් එකත් එහෙම තමා. සල්ලි ටික බැංකුවට එනකොට හංගන්න බෑ.
ඒත් ඔය ලොයර්ස්ලා, ටියුශන් කාරයෝ, ඩොකාල, ලොකු බිස්නස් කාරයෝ වගේ උන්ට සල්ලි හංගන්න පුලුවන්. වැඩිය ඕන නෑ ගෙවල් පැත්තේ ටියුශන්කාරයා ඉඩම් ගන්නවා හෝ ගාල, තව area එකක් තියෙනවා ඔක්කොම ඉඩම් ගෙවල් ලොයර්ස්ලගෙ. උන් ලොවෙත් track වෙන්නෙ නෑ. මුන්ට උන්ව අල්ලන්න ඕනකමක් නෑ.
මුන් ඔක්කොම කෙලින්නෙ අල්ලන්න පුලුවන් ඇත්තටම ගෙවන උන්ට විතරයි.