අනුර සිංහනාද කරයි. ජිංපිං පැන දුවයි. චීනය ලංකාවේ යටත් විජිතයක් වන ලකුණු.

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    එන්පීපී ආණ්ඩුව ෆේල් ද?

    කෙටි හා සරලම පිළිතුර ඔව්..

    කුණු හරුප මදකට සාක්කුවේ දමාගෙන කියවා බලන්න..

    බොහෝ දෙනා බලාපොරොත්තු වූ පරිදි එන්පීපී ආණ්ඩුව ෆේල් වන්නේ ආර්ථික අර්බුදයකට යෑමෙන් නොවේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තම උපරිම බර ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යෑම කෙරෙහි තබා ඇති බව පෙනෙන්නට තිබේ.

    සහල්/පොල්/ලුණු වැනි වළක්වාගත නොහැකි මට්ටමේ අර්බුද ඇති වුවද සාපේක්ෂව ආර්ථිකය තවමත් නරක තැනකට ගොස් නැත. කෙසේ නමුත් බදු ආදායම වැඩි කරගැනීමට මත්පැන් සහ දුම්වැටි බදු ඉහළ දැමීම පුරවැසියන්ට මේ ආණ්ඩුවෙන් කළ පළමු කොකා පෙන්වීම යැයි කිව හැකිය.

    ආණ්ඩුව ෆේල්වන පළමු තැන සන්නිවේදනයේ අවුලය.

    ආසන්නම උදාහරණය Clean Sri Lanka වැඩසටහන පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය ය. ආණ්ඩුවේ වගකිව යුත්තන් දහ දෙනෙකුගෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානතම ව්‍යාපෘතිය ගැන ඇසූවොත් ලැබෙන්නේ උත්තර දහයකි. ආණ්ඩුවේ අභ්‍යන්තර සන්නිවේදනය එසේනම් රටට ආණ්ඩුව වෙතින් ලැබෙන පණිවිඩවල තත්ත්වය ගැන වචන නාස්ති කළ යුතු නැත.

    දෙවැන්න ආණ්ඩුව නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ මැති ඇමතිවරු පවා දේශපාලනිකව ලං කරගත යුත්තේ කවුද දුරින් තබාගත යුත්තේ කවුද යන්න පවා තේරුම් නොගෙන රූකඩ මෙන් නැටවීමයි. පසුගිය දිනක විජිත හේරත් ඇමැතිවරයා, රාජපක්ෂ කාටලයේ සුරතලකුගේ ව්‍යාපාරයක උත්සවයකට සහභාගි වද්දි අධිකරණ අමාත්‍යවරයා කුප්‍රකට වැලිකඩ සමුල ඝාතනයේ අපකීර්තිමත් නිලධාරයකු වෙත සිහිවටන ඵලක පිරිණමන්නේය. ඒ අතර නව ආණ්ඩුවේ දේශපාලන පත්වීම් ලද පෙර ආණ්ඩුවලද පිනුම් ගැසූ අයවලුන් පරණ පුරුදු ‘ගේම්’ ගහන හැටි ආණ්ඩුව නොදන්නා බවක් පෙනෙනන්ට තිබේ.

    ඒ සමගම සමූපාකාර ඡන්දවලින් ආණ්ඩුව පසු බසින්නේ ‘සොහොන් ලකුණු’ පෙන්වමින් බව තවමත් ආණ්ඩුව තේරුම් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.

    නිලධාරිවාදය තමා අවුල වැනි විහිළු දිගින් දිගටම සැපයීමෙන් ගැලරිය චූන් කළ හැකි වුවද ඉතිහාසෙය් බලවත්ම ආණ්ඩුව ලෙස ඒවා නිදහසට කාරණා පමණක් බව හොඳින් මතක තබාගත යුතු වන්නේය.

    බලය ඇති විට මොළය නැතිවන බව ප්‍රකට කියමනකි. ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ අතෙළාස්සක් හැරෙන්නට බහුතරයකගේ හැසිරීම එය සනාථ කරමින් සිටින්නේය.

    තුනෙන් දෙකකටත් එහා බලයක් ජනතාව ඔබට පිරිනමන්නේ මේ විගඩම් නැරඹීමට නොවන බවත් අශ්වයා ඉස්තාලයෙන් පැන යන්නට ආසන්න බවත් තේරුම් නොගත්තොත් සොරි කීම හැර කියන්නට කිසිවක් ඉතිරි වන්නේ නැත.

    බලය යනු තාවකාලික යමක් බවත් වඩාත් අසීරු කාරණාව එය අත්පත් කරගැනීම නොව රඳවා ගැනීම සහ එය නිසිලෙස කළමණාකරණය කරගැනීම බවත් මතක තබාගන්න.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    හොරු ටික බෙරා ගන්න තමා NPP එකේ කොන්ත්‍රාත් එක රෙදි නෑතිව උන් එක කරනවා 🤣🤣
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    අන්තිමට ජේවීපී කාරයෝ ගෙදර යන්නේ නාමල් ගොනා වීරයෙක් කරලා
    අනිවා.
    මේ යන විදියට වෙන්නේ ඒක...