අනුර_කුමාරගේ

TrueTalk

Active member
  • Jun 4, 2017
    392
    124
    43
    අනුර කුමාරගේ දෙවන මනාපය ගන්න එජාපය ගහපු ගේම එලියට – සිස්ටම් එක වෙනස් කරන්න ගිහින් ඇනගත්තා නේද?
    November 9, 2019

    75210282_2555975314678759_3600947533548879872_n-696x358.png


    එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සිදුකල රහස් කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස අනුර කුමාර දිසානායක මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ බව අප මුලදීම හෙළිදරව් කළෙමු. නමුත් අනුර කුමාර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් එය අසත්‍ය බවට හේතු දැක්විය.

    අනුර කුමාර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ දක්ෂ කථිකයින් තාත්වික රංගනයක යෙදෙමින් එජාපයට මෙන්ම පොදුජන පෙරමුණටද සිය විවේචන ඉතා ආකර්ශනීය අයුරින් ඉදිරිපත් කරමින් සිස්ටම් එක වෙනස් කරන්නට කියා 71 වසරක් ජරාජීර්ණ වූ මෙරට දේශපාලනය තුල වෙනසක් දකින්නට කැමති පක්ෂ වලට කඩේ නොයන චන්ද දායකයින් යම් ප්‍රමාණයක් තමන් වටා එකාතු කර ගැනීමට සමත්විය.


    75491774_10157465687591259_7700653590364291072_n.jpg



    නමුත් අප එදා කී කතාව සක්සුදක් දේ විද්‍යමාන කරමින් ජනාධිපතිවරණය එළිපත්තට පැමිණි අවසන් කාලසීමාව තුල ජනතා විමුක්ති පෙරමුණට ලබා දෙන මනාපයේ දෙවන මනාපය සජිත් ප්‍රේමදාස වෙත ලබාදෙන ලෙසට නිර්ලජ්ජිතව ප්‍රකාශ කරමින් සිටී. එයට සාක්ෂි සපයමින් ජනතා විමුක්ති පෙරමුණේ මාලිමාව දිනවීමට අවශ්‍ය සියලු ප්‍රචාරක වියදම් රවී කරුණානායක සහ අර්ජුන් අලෝසියස්ට අයත් ආයතන දෙකක් මඟින් සිදු කරන බවට විශ්වාසදායක සාක්ෂි හෙලිදරාව් වී ඇත. ඒවා ඉදිරියේදී ජනගත කිරිමටද අප සුදානම් බවද මතක් කර සිටිමු.

    සබැ ලෙසම සිස්ටම් එක වෙනස් කිරීමටනම් ඇති එකම විකල්පය එක්සත් ජාතික පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂයේම අතකොලුවක්ව ඔවුනට කඩේ යන රතු අලි පැටවුන් නොවන බවත් සිය හැකියාව ක්‍රියාවෙන්ම ඔප්පු කල ගෝඨාබය රාජපක්ෂ පමණක්ම වන බවත් අප මතක් කර සිටිමු.

    අපේ රටට යලිත් 2015දී මෙන් කට වාචාල නායකයකු හෝ ආඬි හත් දෙනාගේ කැද හැලියක් මෙන් ආණ්ඩුවක් අවශ්‍ය නැත අවශ්‍ය වන්නේ වැඩ කල හැකි කෙලින් තීන්දු තීරණ ගන්නා නායකයකු පමණි. එබැවින් නොවැම්බර් 16 එක එක කූට උපායන් වලට හසු නොවී අයාලේ ගිය රට යලි හරි පාරට ගත හැකි නායකත්වයකට රට භාර කරමු.
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    225ම එපා JVP එකට විතරයි රට හදන්න පුලුවන් කියන ජේවීපී, වෙන්න විකල්ප, ස්වාධීන ඇම්බැට්ටයො ටිකට හොඳ වැඩේ. මොන පාරෙන් ආවත් එකම තැනට සෙට්වෙන්නේ දෙගොල්ලෝ:lol::lol:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    225ම එපා JVP එකට විතරයි රට හදන්න පුලුවන් කියන ජේවීපී, වෙන්න විකල්ප, ස්වාධීන ඇම්බැට්ටයො ටිකට හොඳ වැඩේ. මොන පාරෙන් ආවත් එකම තැනට සෙට්වෙන්නේ දෙගොල්ලෝ:lol::lol:


    BUMP
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කට තිබ්බ පලියට පච අතාරින්න එපා ඔහොම
    අනුර ආපු එකේ ලොකුම අවාසිය පුතානෝට
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කට තිබ්බ පලියට පච අතාරින්න එපා ඔහොම
    අනුර ආපු එකේ ලොකුම අවාසිය පුතානෝට

    ithin eka nisa ne deweni manape පුතානෝට gahanna kiyanne :lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කට තිබ්බ පලියට පච අතාරින්න එපා ඔහොම
    අනුර ආපු එකේ ලොකුම අවාසිය පුතානෝට
    ජවිපෙ අය කෙලින්ම සජිත්ට චන්දෙ නොගහන එකෙන් වෙන පාඩුව ඕකෙන් වහන්න බෑ :yes: