අනේ අපේ ලොකු සීයා හොයා දෙන්න
රාගම "ලොකු සීයා" සොයා මර්වින් මෙහෙයුමක
2011 ඔක්තෝබර් 29 වෙනි සෙනසුරාදා, 09:14 Sri Lanka Mirror Editor
Srilankamirror - නාඳුනන සන්නද්ධ කණ්ඩායමක් විසින් අබිරහස් අන්දමින් පැහැරගෙන යනු ලැබූ රාගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන මොහොමඩ් සාලි නියාස් හෙවත් "ලොකු සීයා" සොයා ඇමති මර්වින් සිල්වා මහතා විශේෂ මෙහෙයුමක් අරඹා තිබේ.
මේ අනුව "ලොකු සීයා" අතුරුදන් වූ පෙරේදා (27 ) සැන්ඳෑවේ සිට ඇමතිවරයා පොලිසියේ ඉහළම නිලධාරීන් කිහිප දෙනකුටම දුරකථනයෙන් කතා කර "ලොකු සීයා" පිළිබඳ තොරතුරු විමසා ඇතැයි ද වාර්තා වේ.
පෙරේදා (27 වැනිදා) සවස 6.25 ට පමණ මහබාගේ කෙරවලපිටිය වැලිපාර ප්‍රදේශයේදී පැහැර ගැනීමට ලක්වූ ලොකු සීයා පිළිබඳ කිසිදු තොරතුරක් ඊයේ (28 වැනිදා) වනතුරුත් ලැබී නොතිබිණි.
මෙම පැහැරගෙන යැම පිළිබඳව පෑලියගොඩ අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් 6 ක් පුළුල් විමර්ශනයක් අරඹා ඇතත් මෙතෙක් කිසිදු තොරතුරක් නැති බව අදාළ පොලිස් නිලධාරීන් දේශපාලනඥයාට දැනුම් දී ඇත.
අවිගත් මැර පිරිසක් විසින් මෙම පැහැර ගැනීම සිදු කර තිබුණු අතර අතුරුදන්ව සිටින "ලොකු සීයා" නමැත්තා කලක සිටම මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයකු බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම පැහැර ගැනීම සිදුවී ඇතැයි යන්න පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් සැකකරයි.
පැහැර ගන්නා අවස්ථාවේ ලොකු සීයා රුපියල් කෝටි තුනහමාරකට අධික වටිනාකමෙන් යුත් රන් ආභරණ පැළඳ සිටි බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ. ලොකු සීයා පැළඳ සිටි ආභරණ අතර පවුම් 30 ක අත් පළඳනාවක්, පවුම් 30 ක මාලයක්, විශාල මුදු 6 ක් සහ තවත් මාල කීපයක් ඇතුළු පවුම් 70 ක බරින් යුත් රන් ආභරණ තිබී ඇත.
සෙත් ශාන්ති, හූනියම් කැපීම් ඇතුළු නොයෙකුත් අදෘෂ්‍යමාන බලවේග කරමින් ඉමහත් ප්‍රසිද්ධියක් ලබා සිටි "ලොකු සීයා" රාගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක් පවත්වාගෙන ගියේය.
මොහොමඩ් සාලි නියාස් මහතාගේ පුත්‍රයා ද මෙම දේවාලයේ කටයුතු කළ අතර ඔහු "පොඩි සීයා" ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි බව පොලිසිය පවසයි.
පෙරේදා සවස 5.45 ට පමණ ලොකු සීයා රාගම පිහිටි දේවාලයේ කටයුතු නිම කර සිය ජීප් රථයෙන් මහබාගේ කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි නිවස වෙත යමින් සිටියේය.
කෙරවලපිටිය වැලිහේන ප්‍රදේශයේදී සන්නද්ධ පිරිස රැගත් වෑන් රථය මාර්ගය අහුරා නතර කර තිබේ. අපද්‍රව්‍ය ඉවත් කරන බවුසරයක් ද යොදාගෙන මාර්ගය අහුරා ඇති සන්නද්ධ පිරිස ලොකු සීයා පැමිණි ජීප් රථය නතර කර ඇත.
පසුව එහි සිටි සන්නද්ධ පුද්ගලයන් ලොකු සීයාගේ කමිසයේ කොලරයෙන් අල්ලා ඇදගෙන ගොස් වෑන් රථයට දමාගෙන තිබේ. එහි සිටි සන්නද්ධ පුද්ගලයන් කීපදෙනකු ලොකු සීයා පැමිණි ජීප් රථය ද පරීක්ෂා කර එහි තිබූ පාර්සලයක් ද සොයාගෙන එය ද රැගෙන ගොස් ඇත.
මෙම පැහැරගැනීම සඳහා සන්නද්ධ තරුණයන් අට දෙනකු පැමිණ සිටි බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. ඔවුන් සියලු දෙනා ටී 56 සහ පිස්තෝලවලින් සන්නද්ධව සිටි බව පොලිසිය පවසයි.
පැහැරගැනීම සිදුවන අවස්ථාවේ ලොකු සීයා පමණක් ජීප් රථයේ සිට ඇත. මොහු දිනපතාම පාහේ දේවාලයේ සිට නිවස බලා එන්නේ මෙම මාර්ගයෙන් බවද හෙළිවී ඇත.
මේ පිළිබඳව හොඳින් අධ්‍යයනය කළ සංවිධානාත්මක පිරිසක් විසින් මෙම පැහැර ගැනීම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
සැකකටයුතු ජංගම දුරකථන අංක කීපයක් ඔස්සේ විශේෂ පොලිස් කණ්ඩායම් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යයි.
විවිධ අදෘෂ්‍යමාන බලවේග කරමින් ලොකු සීයා බොහෝ පිරිසක් අතර ප්‍රසිද්ධියට පත්ව සිටියේය. විවිධ දේශපාලනඥයන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් ලොකු සීයාගෙන් විවිධ උපකාර, සෙත්ශාන්ති ලබාගැනීමට පුරුද්දක් ලෙස පැමිණ ඇත.
බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතාගේ උපදෙස් මත පෑලියගොඩ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති උපුල් සමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.