අනේ ඉතිං අපි දෙන්නට
හරි හරි බං අපි යන්නං....
උඹ බැඳලා ගෑනි ගෙනෙන්.
උඹෙ ගෑනියි මගෙ ගෑනියි
වලි දාගයි උඹට බයයි
බොට විතරද මටත් බයයි.
බාලිකාවෙ ඉන්න කාලෙ
උන් දෙන්නා විරසකයිලු
කවුද දන්නෙ ඔය මගුලක්
කොල්ලෙකුටද දන්නෙත් නෑ...
ආරංචියෙ හැටියට නම්
ක්ලාස් රූම් අරගලයක්...
යසෝදරා දේවියගේ
නැන්දම්මගෙ ඉස්කෝලේ...
වෙන දේවල් නැතුව වගේ.
උඹට මගුල් හොයන කාලෙ
ජජ් කොරන්න උනා මටත්...
මොකෝ පුතේ කියන්නෙ දැන්
ගැලපේවිද පොඩි එකාට...??
නැන්දම්මගෙ පොදු ප්රශ්ණෙට
දීපල්ලකො උත්තර දැන්
වරදක් නම් නෑ පේන්න
උගත් කමෙත් අඩුවක් නෑ
ඉස්කෝලෙත් අරකමනේ
අපේ එකා දැක්කා නම්
අදම අරං යමු කියාවි.
එදා එහෙම කිව්වත් ම්ං
දන්නවායැ මේ මගුලක්?

හැබැයි මචෝ මේ මගුලෙන්
කෙලවෙන්නේ බොටයි මටයි.
වෙනද වගේ නිවාඩුවට
ස්ලැබ් එක උඩ සෙට් වෙන්නට
ඇති නිදහස නැති උනාම
අනේ ඉතිං අපි දෙන්නට
මජ්ජ පමා දට්ඨානා


හරි හරි බං අපි යන්නං....
උඹ බැඳලා ගෑනි ගෙනෙන්.
උඹෙ ගෑනියි මගෙ ගෑනියි
වලි දාගයි උඹට බයයි
බොට විතරද මටත් බයයි.

බාලිකාවෙ ඉන්න කාලෙ
උන් දෙන්නා විරසකයිලු
කවුද දන්නෙ ඔය මගුලක්
කොල්ලෙකුටද දන්නෙත් නෑ...

ආරංචියෙ හැටියට නම්
ක්ලාස් රූම් අරගලයක්...
යසෝදරා දේවියගේ
නැන්දම්මගෙ ඉස්කෝලේ...
වෙන දේවල් නැතුව වගේ.

උඹට මගුල් හොයන කාලෙ
ජජ් කොරන්න උනා මටත්...

මොකෝ පුතේ කියන්නෙ දැන්
ගැලපේවිද පොඩි එකාට...??
නැන්දම්මගෙ පොදු ප්රශ්ණෙට
දීපල්ලකො උත්තර දැන්

වරදක් නම් නෑ පේන්න
උගත් කමෙත් අඩුවක් නෑ
ඉස්කෝලෙත් අරකමනේ
අපේ එකා දැක්කා නම්
අදම අරං යමු කියාවි.

එදා එහෙම කිව්වත් ම්ං
දන්නවායැ මේ මගුලක්?


හැබැයි මචෝ මේ මගුලෙන්
කෙලවෙන්නේ බොටයි මටයි.
වෙනද වගේ නිවාඩුවට
ස්ලැබ් එක උඩ සෙට් වෙන්නට
ඇති නිදහස නැති උනාම
අනේ ඉතිං අපි දෙන්නට
මජ්ජ පමා දට්ඨානා




