අනේ හපොයි අපේ බුදු දහමට වෙච්චි දෙයක්

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    අනේ හපොයි අපේ බුදු දහමට වෙච්චි දෙයක්

    සියම් නිකායික භික්ෂූන් වහන්සේලා තීර්ථක ධර්මයක් පිළිපදින් බැව් කියන්නට වීම මම බෞද්ධයෙකු වශයෙන් ලැජ්ජාසහගත වෙමි. කුලපුත්‍රයා මහණ කල යුතු බැව් උන්වහන්සේලා කියති.

    * ජාති කුල පුත්‍රයා
    * ආචාර කුල පුත්‍රයා යනුවෙන් දෙවෑරුම් වෙයි.

    නජච්ඡා වසලෝ හෝති - නජච්ඡා හෝති බ්‍රහ්මණෝ
    කම්මනා වසලේ හෝති - කම්මනා හෝති බ්‍රහ්මණෝ

    අනේ මේ බුදුන්ගේ ගාථා පාඨය පුස් කන්න දීලා බලගෙන ඉන්න නාමික බෞද්ධයා යන්නේ මොන අපායටද?

    ස්‍යාමනිකායික භික්ෂූහු මේ කුල භේදය පවත්වන අන්දම සිනාවට කරුණකි. උන්වහන්සේලා ගොයිගම නොවූනන් පැවදි උපසන් නොකරති.

    නමුත් පහත් යැයි සිතන ඒ මිනිසුන්ගෙන් කෑම, බීම්, ඉඳුම් හිටුම් ආදී සංග්‍රහ ලබන්නටත්, ඔහුන් ගොඩ නගන ලද පන්සල් වල සැපසේ වෙසෙන්නටත්, ඔහුන්ගෙන් නොයෙක් දේ ලබන්නටත් කිසිත් ලැජ්ජාවක් නැතුව සතුටු වෙති.

    ලෝකයේ උගත්, ශීලාචාර, උසස්, මිනිස්සු මේ නිකායේ කුලභේදය අසා අප සිටින පහත් තත්වය ගැන අනුකම්පා කරති.

    අනේ අපේ බුදු සසුනට දෙයියන්ගේ පිහිටයි කියල බලාගෙන ඉන්න මේ අන්ධ මිනිසුන් බෞද්ධ ලේබලය ගලවා සිටින්නේනම් යහපති. මන්ද එවැන්නවුන් බුදු සසුනේ සිට තමානුන් අනුනුත් අපාගත කරති.