අද උදේ අපි පිල්ලෑවේ පන්සල් ගිහින් එනකොට අහම්බෙන් වගේ දැක්කා චූටි කුරුලු පැටව් ටිකක් කූඩුවක හිරකරලා තියනවා....ඇත්තම කිව්වොත් ඒ කූඩුවෙ හිටියේ හිරවෙලා අහිංසක වී කුරුල්ලො 7දෙනෙක්........
උන්ටිකට ඒක ඇතුලෙ පියාඹන්න තියා තටුවක්වත් එහාමෙහා කරගන්න ඉඩක් තිබුණෙ නැහැ.....
![]()
අම්මවත් ඇදගෙන මං ඒ කඩෙන් ගිහින් ඇහුවමයි දැනගත්තේ විකුනන්න ඉන්න කුරුල්ලො බව....කඩේ මුදලාලි නම් කිව්වෙ නිදහස් කරන කුරුල්ලො කියලා....අනේ මංදා...
පවු අසිංසක සත්තුන්ගෙ නිදහසත් මුදලට යටවෙච්ච කාලයක්නෙ මේක....
මට හිතුනා කුරුල්ලො ඔක්කොම ටික නිදහස් කරන්න ඇතිනම් කියලා...ඒත් ඒ වෙලාවෙ ඒ තරම් මුදලක් මගේ අතේ නොතිබුනු නිසා මං තීරණය කලා කුරුලු ජෝඩුවක් (වී කුරුල්ලයි කිරිල්ලි....)නිදහස් කරන්න....
.
කුරුල්ලෙක්ව මිල කරලා තිබුණෙ රු.300/-මුදලකට..ඒත් ඒ අසිංසකයින්ගෙ නිදහස උන්ට නම් මිලකල නොහැකි දෙයක්....
ඒක අපිට වුනත් එහෙමයි නේද යාලුවනේ.... ඉතිං රු.600/- මුදලක් දීලා කුරුලු ජෝඩුව අතට ගත්තා.....
මගේ අතට දැනුනා උන්ගෙ හෘද ස්පන්දන වේගය...මට මහා දුකක් දැනුනා.....
බොහොම අමාරුවෙන් පින්තූර දෙකක් ගත්තා මතක හිටින්න..![]()
මොකද කූඩුවෙන් එලියට ගත්ත හැටියෙ පියාඹලා යන්නෙ කොයිමෙහොතෙද කියන තදියමෙන් තමයි මේ දෙන්නා හිටියෙ...
අපිත් ඉතිං ඒකට බාධා කලේ නැහැ.....
හරිම වේගෙන් වෙල්යායේ ඈතට පියාඹලා ගිය කුරුලු ජෝඩුව දිහා බලා උන්නු, මගේ හිතට දැනුනු සතුට නම් මෙතෙකැයි කියන්න බැහැ.......
දුකේ දි සැපේදි එකට ඉන්න අපේ එළකිරි යාලුවන්ටත් බලන්න ..ඔන්න මම ෆොටෝ ටික මේ විදිහට ටිකක් ලස්සන කරලා බෙදාගන්න හිතුවා.....
ඔයාලගෙ අදහසුත්...මේ හා සමාන අත්දැකීම් වුනත් මෙතනදි බෙදාහදා ගන්න කියලා ආරාධනා කරනවා........
![]()
![]()
ගොඩක් හොද දෙයක් කරලා තියෙන්නේ අනිත් එකට ගොඩක් පිං සිද්ධ වෙනවා ඔයාට ඔතන ඔය කුරුල්ලෝ නිදහස් කලාට ආපහු ඔතනට ගෙනවා ඔය කුරුල්ලන්ට සැබැ නිදහසක් නෑ උන්ම ආයි වෙන කෙනෙක් ඇවිත් නිදහස් කරනවා ආපහු තව කෙනෙක් ඔය ව්‍යාපාරය සිද්ධවෙන්නේ ඔහොම ඔය විදිහට ඔය කුරුල්ලොත් පුරුදු වෙලා මෙ සමාජයෙ හැමදෙයක්ම මුදල් හොයන්න යොදාගන්න කාලකණ්නි වෙලා එක තමා ඔතන් තියෙන්නේ කොහොම හරි ඔයා සුලු මොහොතකට හරි උන්ට දුන්න නිදහස සැහෙන ලොකු පිනක් එකට ගොඩක් ඔයට පිං ස්තුතියි
....

හැබැයි ඕවා දැන් කාලේ කරන්නේ SHOW එකට .. ඒත් එහෙම හරි කමක් නෑ...මනුස්සයාට වගේම නිදහසක් ,සියලුම සත්ව වර්ගයාටම ලබා දෙනවනම්
අපි වගේම මේ වගේ සත්තුන්ටත් නිදහසේ පාඩුවේ ඉන්න ඉඩ හරින්නෝනා ...
සත්ව වෙළදාම කියන්නේ ..බුදු දහමට අනුව නොකළ යුතු වෙළදාමක්
අපේ රට බෞද්ධ රටක වෙලත් මේවගේ වෙලදාමන් කරන්න තාමත් ඉඩතියල තියෙන එක තමා පුදුමේ![]()

ප්‍රදර්ශනය කිරීමේ පරමාර්ථයෙන් මේ දේවල් කරන අයත් නැතුවම නෙමෙයි.....
ඒත් යාලු මම නම් මේ දේ කලේ මේ දේ දැක්ක මොහොතේ හිතට දැනිච්ච නිසා...අහිංසක සතුටකින්..එච්චරයි...
ඊකේ යාලුවො එක්ක බෙදා හදාගන්න හිතුවෙ කීප දෙනෙක් හරි මේ අහිංසක සතුන් වෙනුවෙන් හැකිවෙලාවක යමක් කරන්න පෙළඹෙයි කියන හැගීමෙන්.....
ඇත්ත මේච්චර බෞද්ධ ජනගහනයක් ඉන්න අපේ රටේ මෙවැනි දේ වෙනුවෙන් කිසිවක් කිසිවෙක් ඉටු නොකිරීම නම් පුදුමයටත් කණගාටුවටත් කාරණයක් තමයි......
ගොඩක් ස්තූතියි අදහස් වලට...![]()

බොහොම සතුටුයි,බොහොම හොඳ වැඩක් ඔයා කරලා තියෙන්නෙ යාළුවා,මම ඉතාමත් අගය කරනවා,ඔය පන්සල තියෙන්නෙ උඩුගම්පොල නෙද?

හැබැයි ඕවා දැන් කාලේ කරන්නේ SHOW එකට .. ඒත් එහෙම හරි කමක් නෑ...මනුස්සයාට වගේම නිදහසක් ,සියලුම සත්ව වර්ගයාටම ලබා දෙනවනම්
අපි වගේම මේ වගේ සත්තුන්ටත් නිදහසේ පාඩුවේ ඉන්න ඉඩ හරින්නෝනා ...
සත්ව වෙළදාම කියන්නේ ..බුදු දහමට අනුව නොකළ යුතු වෙළදාමක්
අපේ රට බෞද්ධ රටක වෙලත් මේවගේ වෙලදාමන් කරන්න තාමත් ඉඩතියල තියෙන එක තමා පුදුමේ![]()
Nice work![]()
ඔතන කාටවත් වැරද්ද පටවලා වැඩක් නෑ මචන් ඔතන මුදල් හා තත්වය කියන කලු කණ්නඩියක් මිනිස්සු දාගෙන එතන තමා ගැටලුව මචන් ඔය සමාජ ක්‍රමය වෙනස් කරන්න අපි විසින්මයි එකට අපි අතර විශාල වගකිමක් තියනව වෙනත් රටවල් වලින් එන ගොඩක් දෙවල් කිසිම කතාවක් නැතිව අපේ අය වැලදගන්නව ඔය දෙ වෙනස් කරන්න අපි අපේ විදිහකට හිතලා ඒ ක්‍රමය සමාජගත කරන්න ඔන එත් මෙතන් ලොකුම වගකිම තියන මාධ්‍ය එ වගකිමෙන් මිදිලා මුදල් මතම පදනම් වෙලා එකයි ඔතන තියෙන්නේ එ වගෙම අනිත් දෙය කවුරුත් කරනකන් බලන් හිටියොත් ඔය දේ කවදාවත් කරන්න වෙන්නේ නෑ එක නිසා එක අපි කරන්න ඔන

ඕක ඔය හරියෙ යන හොඳ ව්‍යාපාරයක් තමයි. ගොඩක් අය ඔතෙන්ට ඇවිත් කුරුල්ලො නිදහස් කරනව. මං හිතන්නෙ භාර හාර වලට අපල උපද්‍රව වලට තමයි ඕව කරන්න කියල තියෙන්නෙ. ඒත් ඉතිං මිනිස්සු ගැන පුදුම හිතෙනවා, තමනගේ අපලයක් දුරු කරගන්න නිදහසේ හිටපු කුරුල්ලෙක්ව අල්ලන් ඇවිත් ආයෙත් මුදලට නිදහස් කරනව. තව ටික දවසකින් ආයෙම අල්ලන් එනවා. සමහර විට නිදහස ලබපු එකෙක්ම ආයේ අහුවෙන්නත් බැරි නෑ. ජාවාරමක් ව්දියට යන ව්‍යාපාරයක් කිවොත් නිවැරදි
ඔය කියල තියෙන්නෙම නිදහස් කරන්න විකුණන කුරුල්ලො කියලනේ. ඒකෙන්ම තේරෙනවා බිස්නස් එක මොකද්ද කියල. සත්තුන්ට කතා කරන බැරි උනේ හොඳ වෙලාවට. නැත්නම් මේ මිනිස්සු කරන විකාර වලට හොඳට අහගන්න තිබ්බ
සත්තුන්ගෙ අසරණකම පෙන්නලා කප්පම් ගන්න වැඩක් මේක.
කරල තියෙන දේ නම් ඉතිං මොනව උනත් වටිනවා, අහිංසක සත්තුනේ
ඔතන කාටවත් වැරද්ද පටවලා වැඩක් නෑ මචන් ඔතන මුදල් හා තත්වය කියන කලු කණ්නඩියක් මිනිස්සු දාගෙන එතන තමා ගැටලුව මචන් ඔය සමාජ ක්‍රමය වෙනස් කරන්න අපි විසින්මයි එකට අපි අතර විශාල වගකිමක් තියනව වෙනත් රටවල් වලින් එන ගොඩක් දෙවල් කිසිම කතාවක් නැතිව අපේ අය වැලදගන්නව ඔය දෙ වෙනස් කරන්න අපි අපේ විදිහකට හිතලා ඒ ක්‍රමය සමාජගත කරන්න ඔන එත් මෙතන් ලොකුම වගකිම තියන මාධ්‍ය එ වගකිමෙන් මිදිලා මුදල් මතම පදනම් වෙලා එකයි ඔතන තියෙන්නේ එ වගෙම අනිත් දෙය කවුරුත් කරනකන් බලන් හිටියොත් ඔය දේ කවදාවත් කරන්න වෙන්නේ නෑ එක නිසා එක අපි කරන්න ඔන
Well said machan