අපට විදෙස් ගිණුම් කිසිවක් අපට නෑ..

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    අපට විදෙස් ගිණුම් කිසිවක් අපට නෑ..

    තමන්ට හෝ තම සහෝදරයෙකුට අයත් කිසිදු විදේශ ගිණුමක් නොමැති බව හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ හිටපු ප්‍රභූවරයෙකුගේ පුත්‍රයෙකුට අයිති විදේශීය බැංකු ගිණුමක් අත්හිටුවීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට යන බවට පළ වී තිබූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්.

    ‘මගේවත් මගේ සහෝදරයන්ගේවත් මගේ දෙමාපියන්ගේවත් කිසිම ගිණුමක් පිටරට නැහැ. අපිට තියෙන වත්කම් මැතිවරණ කොමසාරිස්වරයාටත් පාර්ලිමේන්තුවටත් හෙළි කරලා තියෙන්නේ. මේක ද්වේශ සහගත ලෙස අපිට මඩ ගහන්න කරන දෙයක්.’ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසීය.

    නමුත් මේ පිළිබඳව අදහස් දක්වමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ හිටපු ප්‍රභූවරයෙකුගේ පුතෙකුට හිමි බැංකු ගිණුමක ඩොලර් බිලියනයකට අධික මුදලක් තිබෙන බවට ඩුබායි බැංකුවක ඉහල නිලධාරීන් මේ වන විට සනාථ කර ඇති බවයි.

    ‘ඒ වගේම මේ ප්‍රභූවරයාගේ තවත් පුතෙකුත් ක්‍රීඩා කරලා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මේ රටටම යාමට අවසර ඉල්ලා තිබුණා අපේ ජනාධිපති තුමාගෙන්. ඒ අවසරය ලබා දුන්නා ප්‍රභූවරයාම කතා කලාම. ඒ අනුව ගිහිල්ලා ඒ ගිණුම් තවත් රටකට මාරු කළැයි කියන කතාව තමයි තිබුණේ.’ ඇමතිවරයා පැවසීය.

    විදේශ රටවල බැංකු ගිණුම් ඇති බව පවසමින් තම පවුලට අපහාස කිරීම සඳහා සාවද්‍ය ප්‍රචාර ගෙන යන බවත් එවැන්නක් තිබේ නම් ඒ බව ඔප්පු කරන ලෙසත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අභියෝග කරයි.

    ‘මැතිවරණ කාලේ අපිට රත්තරන් අශ්වයෝ හිටියා, හෙලිකොප්ටර් තිබුණා, ලම්බෝගිනි වාහන තිබ්බා. ඒවා එකක් වත් ඔප්පු කර ගන්න බැරි උනා. රටේ අපරාධ රැල්ලක් යනවා. කාන්තාවන්, පොඩි ළමයි ඝාතනය වෙනවා. මේවා වසන් කර ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි රාජපක්ෂලා හොරු කියා කියා අපේ පස්සෙන් යන එක.’ හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයා පැවසීය.

    රජයට එල්ල කරන මෙම චෝදනාව රාජිත සේනාරත්න ඇමතිවරයා හමුවේ තැබූ විට ඔහු අභියෝග කර සිටියේ ඒ පිළිබඳව පරීක්ෂණ කරන ඇමරිකානු ආයතනයේ වාර්තා අනුව නීතිමය පියවර ගන්නා විට හැකි නම් ඒවා අසත්‍ය බවට ඔප්පු කර පෙන්න වන ලෙසයි.

    – BBC

    - copyright lankacnews
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol:
    උන්ගේ නම් වලට නම් නැහැ තමයි බන්
    මෙච්චර රට කාපු උන් උන්ගේම නම් වලින් account හදයිද බන්
    උන්ගේ සල්ලි තියෙන්නේ උබලා වගේ උන්ගේ බත්බැලයන්ගේ account වල :rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    :lol:
    උන්ගේ නම් වලට නම් නැහැ තමයි බන්
    මෙච්චර රට කාපු උන් උන්ගේම නම් වලින් account හදයිද බන්
    උන්ගේ සල්ලි තියෙන්නේ උබලා වගේ උන්ගේ බත්බැලයන්ගේ account වල :rofl:

    Keep on dreaming
    :lol::lol:

    We too are curious about these allegations
    We can cover part of maha banku winimaya wanchawa:lol::lol:
     

    Similar threads