අපට_මොන_පාස්කුද

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අපට_මොන_පාස්කුද

අපට මොන පාස්කුද ජේසු...!

Poor-People-And-Easter.jpg


ඈත පල්ලියෙ පාස්කුව දා - දෙවියන්ට තුති කියනු ඇසුණා
මෑත දොරකඩ අයෙක් දැවටී - නෝනා නෝනා කියනු ඇසුණා
"නැද්ද නෝනා බබාලාගේ - ගවුම් පොඩි හෙම අහක දමනා
අලුත් ගවුමක් දෙකක් ඉල්ලන - දියණියන් දෙදෙනෙකුම සිටිනා"

ඇයට දෙන්නට ගවුම් කොහිදැයි - මට බබාලා නොමැති බැවිනා
මා සතුව තිබු එකම සීයක් - ඇගේ අත ගෙන මිට මෙලෙව්වා
ඒ අතින් ඈ ඇගේ පපුවේ - දිගට හරහට කුරුසෙ ඇන්දා
ජේසු පිහිටයි කියාගෙන මට - තවත් ගෙයකට පිය එසෙව්වා

පල්ලියේ යාතිකා අවසන - තියෙන මිනිසුන් පාටි දැම්මා
වයින් නැති උන් පාන් නැති උන් - ජේසු නාමෙන් හිඟා කෑවා
මම මගේ ඉරිදාව හින්දා - ගෙදර මිදුලේ වල් ගැලෙව්වා
මිදුලෙ තුත්තිරි මගේ ගවුමේ - ඇලී ගැලෙමින් මුකුලු කෙරුවා

පාලුවට ගිය පල්ලි මුදුනත - රෑට රෑ වී තරුව දිලුණා
ඒ තරුව යට දෑත් විහිදා - පිළිමයක් වී ජේසු හිටියා
නගරෙ තැන් තැන් විදුලි බුබුලින් - අලංකාරව තිබෙනු දුටුවා
එදා ඉරිදා මගේ ඉරිදා - පුරුදු විදියට ඔහේ ගෙවුණා

Surekha Samarasena | සුරේඛා සමරසේන
 
  • Like
Reactions: nrjayasinghe