අපද්‍රව්‍ය බහාළුම් තොගය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, බාසල් සම්මුතියේ සඳහන් නියමයනුත්, 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතත් උල්ලංඝනය කරමින් 2017 ත් 2019ත් අතර කාලය තුල එංගලන්තයේ සිට මෙරටට ආනයනය කළ සායනික අපද්‍රව්‍ය බහාළුම් තොගය අද දින නැවතත් එංගලන්තයටම ප්‍රති අපනයනය කිරීමට කටයුතු කරමින් අවසාන බහාළුම් 45 ද ඊයේ නැව් ගත කෙරිණි.
    2019 මැයි මාසයේදී සොයාගත් මෙම සායනික අපද්‍රව්‍ය බහාළුම් 241න් 130 ක් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සහ බහාලුම් 111 ක් කොළඹ වරායේ චීන මෙහෙයුම් පර්යන්තයේ තැන්පත් කර ඇති බව රේගු දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය විසින් අනාවරණය කර ගන්නා ලදී.
    කෙසේ හෝ මෙවැනි දහදුරා ව්‍යාපාරයක් කිරීමට ලක් මවකගෙන් කිරි බී වැඩුණු ලංකා පුත්‍රයෙකුට නම් නොහැක. නමුත් කනගාටුවට කාරණාව නම් මෙම ව්‍යාපාරය සිදුකොට ඇත්තේ එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු විසිනි. තමා උපන් රටට වෙනත් රටක රෝහල් වලින් ඉවත දමන අපද්‍රව්‍ය පටවා එවිය හැකි ව්‍යාපාරයක් ආරම්භ කළ යුතු යැයි සිතීමට තරම් අධම මිනිසුන් මේ ලොව තුල දැකීමට සිදු වීමත් අප කළ පාපයකි.
    රටේ සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍යයට දැඩි තර්ජනයක් හා විශාල පරිසර හානියක් ඇති කරමින් එසේම, සායන අපද්‍රව්‍ය වල ඇති රෝග කාරක හෝ ආනයනික අපද්‍රව්‍යවල ඇති වෙනත් අපද්‍රව්‍ය හේතුවෙන් ජනතාව සෞඛ්‍ය අවදානම් කිහිපයකට නිරාවරණය කරමින් නීතියේ සියුම් තැන් වලින් රිංගා බල්ලෝ මරා හෝ මුදල් උපයන ජාවාරම්කාර කූඨ ව්‍යාපාරයක් මෙසේ අප රට තුළ දියත් වෙමින් තුබුණු ඉතාම දීන යුගයක් එවකට තිබුණු බවට මෙය හොඳම නිදසුනකි.
    ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වත්මන් රජයට මෙසේ වසර කිහිපයක් තිස්සේ උරුලෑවන් විසින් විනාශ කොට තිබූ රටක් පිරිසිදු කිරීමට සිදු වී ඇත
    මෙවැනි සායනික අපද්‍රව්‍ය ආනයනය කිරීම නීත්‍යානුකූල නොවන ලෙස සිදු කර ඇති බවත්, විශේෂයෙන්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව එවැනි අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකාවට පහසුකම් නොමැති බවටත් පරිසරවේදීහු හඬ නැගූහ.
    මෙම අපද්‍රව්‍ය කන්ටේනර් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සම්බන්ධයෙන් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නමද හේලීස් සමාගමේ නමටද චෝදනා එල්ල විය. නමුත් හේලීස් සමාගම මෙයට සම්බන්ධ වී ඇත්තේ භාණ්ඩ ආනයනය කළ පාර්ශවය වෙනුවෙන් සැපයුම් සේවා සලසන්නා (logistics service provider) ලෙස පමණි. හේලීස් සමාගම සිය අංගනය ලබා දීමට පමණක් කටයුතු කර ඇත.
    කෙසේ හෝ, මෙම අපද්‍රව්‍ය රැගත් කන්ටේනර් තොගය යළිත් එක්සත් රාජධානිය වෙත පිටත් කර හරින තුරු හඬ නැගූ පරිසරවේදීන් මෙන්ම මධ්‍යම පරිසර අධිකාරියේ, රේගුවේ, ආයෝජනා මණ්ඩලයේ නිලධාරීන් හා මාධ්‍යවේදීන් ඇතුළු නොයෙක් පරිසර ක්‍රියාකාරින්ටද වර්තමාන රජයටද අපගේ උත්තමාචාරය හිමිවිය යුතුය.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ''ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වත්මන් රජයට මෙසේ 'වසර කිහිපයක් තිස්සේ' උරුලෑවන් විසින් විනාශ කොට තිබූ රටක් පිරිසිදු කිරීමට සිදු වී ඇත.''

    'වසර කිහිපයක්'
    කියද්දි මහින්ද මාත්තෙයගෙ කාලය අයිති නැහැ හරිය... :angry:
    යහපාලන කාලය විතරයි අදාළ‍.. හරිය... ;) :lol::lol:

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ''ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වත්මන් රජයට මෙසේ 'වසර කිහිපයක් තිස්සේ' උරුලෑවන් විසින් විනාශ කොට තිබූ රටක් පිරිසිදු කිරීමට සිදු වී ඇත.''

    'වසර කිහිපයක්'
    කියද්දි මහින්ද මාත්තෙයගෙ කාලය අයිති නැහැ හරිය... :angry:
    යහපාලන කාලය විතරයි අදාළ‍.. හරිය... ;) :lol::lol:


    :rofl:

    ධම්මික පෙරේරත් උරුලෑවෙක්. සල්ලි තියෙන උරුලෑවෙක් උනාම බයියන්ට ගඳ නෑ. 🤭
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    අනේ බන් කොහෙද මේක තිබ්බේ.....

    කතාව කෙටියෙන්, සල්ලි කාරයෙක් + Politician තවත් සල්ලි හොයන්න වෙන එකෙක්ගේ නම දාලා කරපු බිස්නස් එකක්. 😂
     
    • Like
    Reactions: shenat and ElaBaba

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    අනේ බන් කොහෙද මේක තිබ්බේ.....

    කතාව කෙටියෙන්, සල්ලි කාරයෙක් + Politician තවත් සල්ලි හොයන්න වෙන එකෙක්ගේ නම දාලා කරපු බිස්නස් එකක්. 😂
    මාට්ටු වෙච්ච නිසා රට පටවල ගෙන්නපු එකාව බේරුව. ඔන්න වැඩ කෙරෙන හැටි.

    එංගලන්තයේ වාසය කරන සිරි ලාංකිකයෙක් කිව්වම වැඩේ ගොඩ. නමක් ගමක් නෑ. ඇනෝනිමස්ලි එවල තියෙන්නෙ. කවුරුවත් උගේ ජාතකේ අහන්නෙ නෑ. ලංකාව දාල රට ගිය උන්ට පලු යන්න බැනලා ලංකාවෙ ඉඳන් "රට ගොඩ දාන්න ට්‍රයි කරන" ධම්මික පෙරේරා වන්දනා කරනවා. ඔය ගොබ්බ හැත්තට ඔහොම වෙලා මදි. 😂 😂 😂
     
    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    එංගලන්තයේ වාසය කරන සිරි ලාංකිකයෙක් කිව්වම වැඩේ ගොඩ. නමක් ගමක් නෑ. ඇනෝනිමස්ලි එවල තියෙන්නෙ. කවුරුවත් උගේ ජාතකේ අහන්නෙ නෑ. ලංකාව දාල රට ගිය උන්ට පලු යන්න බැනලා ලංකාවෙ ඉඳන් "රට ගොඩ දාන්න ට්‍රයි කරන" ධම්මික පෙරේරා වන්දනා කරනවා. ඔය ගොබ්බ හැත්තට ඔහොම වෙලා මදි. 😂 😂 😂
    කුණු ටික රට පටවල යාලුවව බේරපු ගෝටාබය විරුව උනා අන්තිමට
     
    • Haha
    Reactions: shenat

    Similar threads