Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපරාධකරුවන්ගේ "භය"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපරාධකරුවන්ගේ "භය"

"බය" ගැන කියා 2020 දී ගෝටාබය නවත්තන්නට බැරිය...

2015 ජනාධිපතිවරනයෙන් පස්සේ රට කොහොමත් තිබ්බේ අයාලේ යන තැනකය. මහින්ද මහත්තයාටත් වඩා ඔහු වටා උන් වන්දිභට්ටයන්ගේ විකාරරූපී රංගනයන්ගෙන් හෙම්බත් වී සිටි මිනිස්සු යහපාලනය නම් විනීත බලාපොරොත්තුවක් ඉටු කරගන්නට ජන්දය දුන්නේ ඒ ගැන වගේ වගක් නැති ගොබිලන් පිරිසකටය. ඉබේ ඇඟට කඩන් වැටුණු බලයට මොනවා කරගන්නටදැයි අදටත් සිහි එලවා ගන්නට නොහැකිව දඟලන යහපාලනය නම් මේ මුග්ධ පාලනය දැන් සම කල හැක්කේ යන්ත්රයේ ආධාරයෙන් පණ නල රැක ගන්නා මරණාසන්න රෝගියෙකුටය. මැරිලා නැතැයි ලඟම නෑදෑයන් හට ඇති හිතේ සන්තෝසය හැරෙන්නට මේ ලෙඩාගෙන් රටට තබා උටවත් වැඩක් ඇති බවක් පෙනෙන්නට නැත. නිකම් මැෂින් කරකවන්නට යන වියදම විතරය. මේ තත්ත්වය තුල අද මොන කෙනෙක්වත් ඉතිරි පාලන කාලය තුල රටට කුමක් කල යුතුදැයි කතා කරන්නේද නැත. උග්රම යූඇන්පී කාරයෙක් වත් මේ ආණ්ඩුව රටට වැඩදායක ඉදිරිගාමී යමක් කරයි යැයි හිතන පාටක්ද නැත. මේ හන්දා කාගේද කතාව 2020 ගැනය. එයින්ද එක් අපේක්ෂකයෙක් ගැනය. ඒ ගෝටාය....

ගෝටාට කැමති විශාල පිරිසක් සිටිති. ඒ විශේෂයෙන්ම සිංහල බෞද්ධ ප්රජාව තුලය. මධ්යම පාන්තිකයන් අතරය. ඒ මන්දැයි අමුතුවෙන් අටවා ටීකා ටිප්පණී අවශ්ය නැත. තිස් වසරක යුද්ධය නිම කරන්නට ගෝටා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කලේය. ඒ අතරම අගනුවර කේන්ද්ර කරගත් සිංගප්පූරු පන්නයේ දියුණුවක හැඩතල අප රටට ඔහු හඳුන්වා දුන්නේය. මේ කරුණු සිංහලයා තුලද ලංකාවේ මධ්යම පාන්තික ජන මනස තුලද ගෝටා ගැන ගෞරවනීය සෙනෙහසක් ඉතිරි කල බව අවිවාදිතය. ඒ අතරම ලංකාවේ අත්යන්තයෙන්ම උදාසීන පසුගාමී රාජ්ය සේවය හොල්ලා වැඩ කරගන්නට ඔහුට හැකිවීම අපවැනි ආසියාතික රටක නායකයෙකු තුල මිනිස්සු බලාපොරොත්තු වන දැඩි බව ඔහු තුල ඇති බව මිනිසුන් අතර සපථ කලේය. මේ දැඩි යයි කියන පාලනය 2015 වන විට යම් ප්රශ්නකාරී බවක් ඇති කරමින් තිබු බව ඇත්තය. මිනිස්සු යහපාලනය තෝරාගන්නට එයද හේතුවක් වුනු බවත් ඇත්තය. ඉන් පසු යුගයේ දැඩි වේවා මෘදු වේවා මොනම වත් පාලනයක් නැති තත්ත්වයක් තුල රට අයාලේ ගිය හැටි දැක්ක ඉහත කී මිනිස්සුන්ම බොහෝ දෙනෙක් එවන් දැඩි පාලනයක් නැතිව මේ රට දුවන්නට බැරි යැයි පිලිගන්නා තත්ත්වයට පත්ව ඇත. අපේ රටේ දේශපාලනයේ වාස්තවික තත්ත්වයන් වෙනස් වන්නේ එවන් පුදුමාකාර විදිහටය.

හැබැයි සියල්ලෝම ගෝටාට කැමති නැත. සමහරෙක් ගෝටාට බයය. ආයෙත් සුදුවෑන් එනවා යැයි බයය. රතුපස්වල මතක් කරමින් බය වෙනවාය. මාධ්ය මර්දනය වේ යැයි බයය. මොන මොනවා හරි කියමින් බය වෙනවාය. මේ සියලු ආකාරයේ "බය" වලට 2015 දී යම් වලංගුතාවයක් තිබුනේ නම් මේ වන විට ඒවා බහුතර මිනිස්සු අතර අවලංගුය. එයට හේතුව ඔය හැම චෝදනාවක්ම අදටත් චෝදනා විතරක්ම වීමය. ඒවා අහලාම මිනිස්සුන්ට එපා වෙලාය. චෝදනා වලින් පමණක්ම ආණ්ඩු ගෙනියන්නට පුලුවන් නම් මේ ආණ්ඩුව මේ කපේ පෙරලනවා බොරුය. හැබැයි ඇත්ත ලෝකයේ එහෙම නැත. අනිත් කාරණාව ඔය චෝදනා කරන හැම දේශපාලන පක්ෂයේම කිල්ලෝට වලත් හුණු ඩිංග ඩිංග හරි තියෙනවාය. සාමාන්ය මිනිස්සු ජන්දයකදී හිතන්නේ එහෙමය. ඔවුන් හොඳ නරක කිරලා මැනලා බලනවාය. එහෙම නැතුව සර්ව නිර්දෝෂී මිනිස්සුන්ම හොයනවා නම් මේ රටේ ජන්ද ටික ඔක්කොම දාන්නට වෙන්නේ මහ මුහුදටය.

එහෙම බලාගෙන යන විට 2020 ගෝටා එන එක නවත්වන්නට බැරිය. එක එක ආකාරයේ "බය" ගැන කියා ගෝටාබය එන එක නවත්වන්නට බැරිය.

ඇත්තටම ගෝටාබය වැනි නායකයෙකුගෙන් මේ රටට වැඩක් කරගත හැකි යයි මම සිතන්නෙමි.. අප වැනි උදාසීන පසුගාමී චින්තන රටාවක් සහිත ආසියාතික රටවල් නිකම්ම නැගිටින්නේ නැත. ආර්ථික වශයෙන් ස්ථාවර තැනකට රට ගෙන යාමට නම් යම්කිසි ක්රමවේදයකට රට අවුරුදු දහයක්වත් ගෙනයන්නට ඕනෑය. ඒ කරන පාලකයා මිනිස්සු ඇහැරවා තබාගන්නට සමත් වන අයෙකු පමණක් නොව කරන හැම මගුලකටම විරුද්ධ වෙන සංස්කෘතියේ කොටස් කරුවන් පාලනය කර ගන්නටද පුලුවන් කෙනෙකු වෙන්නට ඕනෑය. මේවා බටහිර දියුණු රටවල චින්තනයන් හා පෑහෙන්නේ නැති වෙන්නට පුලුවන් වුනත් මේ අපේ රටය...අපේ මිනිස්සුය...අපේ රටත් මිනිස්සුත් දූෂිතය...බහුතරය රටට ආදරය ඇත්තෝ නොවෙති...ඇඟිල්ලෙන් ඇන කිව්වොත් මිසක් වැඩක් නොකරති...ඒ සංදර්භය තුල ගෝටා වැනි නායකයෙකු හැර වෙන අයෙකුට මේ රට ආර්ථික වශයෙන් හෝ විනය අතින් හදන්නට පුලුවන් යැයි පෙනෙන්නේ නැත

[QUOTE="tupac97, post: 23256065, member: 557235"] [b]අපරාධකරුවන්ගේ "භය"[/b] [SIZE="05"]"බය" ගැන කියා 2020 දී ගෝටාබය නවත්තන්නට බැරිය... 2015 ජනාධිපතිවරනයෙන් පස්සේ රට කොහොමත් තිබ්බේ අයාලේ යන තැනකය. මහින්ද මහත්තයාටත් වඩා ඔහු වටා උන් වන්දිභට්ටයන්ගේ විකාරරූපී රංගනයන්ගෙන් හෙම්බත් වී සිටි මිනිස්සු යහපාලනය නම් විනීත බලාපොරොත්තුවක් ඉටු කරගන්නට ජන්දය දුන්නේ ඒ ගැන වගේ වගක් නැති ගොබිලන් පිරිසකටය. ඉබේ ඇඟට කඩන් වැටුණු බලයට මොනවා කරගන්නටදැයි අදටත් සිහි එලවා ගන්නට නොහැකිව දඟලන යහපාලනය නම් මේ මුග්ධ පාලනය දැන් සම කල හැක්කේ යන්ත්රයේ ආධාරයෙන් පණ නල රැක ගන්නා මරණාසන්න රෝගියෙකුටය. මැරිලා නැතැයි ලඟම නෑදෑයන් හට ඇති හිතේ සන්තෝසය හැරෙන්නට මේ ලෙඩාගෙන් රටට තබා උටවත් වැඩක් ඇති බවක් පෙනෙන්නට නැත. නිකම් මැෂින් කරකවන්නට යන වියදම විතරය. මේ තත්ත්වය තුල අද මොන කෙනෙක්වත් ඉතිරි පාලන කාලය තුල රටට කුමක් කල යුතුදැයි කතා කරන්නේද නැත. උග්රම යූඇන්පී කාරයෙක් වත් මේ ආණ්ඩුව රටට වැඩදායක ඉදිරිගාමී යමක් කරයි යැයි හිතන පාටක්ද නැත. මේ හන්දා කාගේද කතාව 2020 ගැනය. එයින්ද එක් අපේක්ෂකයෙක් ගැනය. ඒ ගෝටාය.... ගෝටාට කැමති විශාල පිරිසක් සිටිති. ඒ විශේෂයෙන්ම සිංහල බෞද්ධ ප්රජාව තුලය. මධ්යම පාන්තිකයන් අතරය. ඒ මන්දැයි අමුතුවෙන් අටවා ටීකා ටිප්පණී අවශ්ය නැත. තිස් වසරක යුද්ධය නිම කරන්නට ගෝටා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කලේය. ඒ අතරම අගනුවර කේන්ද්ර කරගත් සිංගප්පූරු පන්නයේ දියුණුවක හැඩතල අප රටට ඔහු හඳුන්වා දුන්නේය. මේ කරුණු සිංහලයා තුලද ලංකාවේ මධ්යම පාන්තික ජන මනස තුලද ගෝටා ගැන ගෞරවනීය සෙනෙහසක් ඉතිරි කල බව අවිවාදිතය. ඒ අතරම ලංකාවේ අත්යන්තයෙන්ම උදාසීන පසුගාමී රාජ්ය සේවය හොල්ලා වැඩ කරගන්නට ඔහුට හැකිවීම අපවැනි ආසියාතික රටක නායකයෙකු තුල මිනිස්සු බලාපොරොත්තු වන දැඩි බව ඔහු තුල ඇති බව මිනිසුන් අතර සපථ කලේය. මේ දැඩි යයි කියන පාලනය 2015 වන විට යම් ප්රශ්නකාරී බවක් ඇති කරමින් තිබු බව ඇත්තය. මිනිස්සු යහපාලනය තෝරාගන්නට එයද හේතුවක් වුනු බවත් ඇත්තය. ඉන් පසු යුගයේ දැඩි වේවා මෘදු වේවා මොනම වත් පාලනයක් නැති තත්ත්වයක් තුල රට අයාලේ ගිය හැටි දැක්ක ඉහත කී මිනිස්සුන්ම බොහෝ දෙනෙක් එවන් දැඩි පාලනයක් නැතිව මේ රට දුවන්නට බැරි යැයි පිලිගන්නා තත්ත්වයට පත්ව ඇත. අපේ රටේ දේශපාලනයේ වාස්තවික තත්ත්වයන් වෙනස් වන්නේ එවන් පුදුමාකාර විදිහටය. හැබැයි සියල්ලෝම ගෝටාට කැමති නැත. සමහරෙක් ගෝටාට බයය. ආයෙත් සුදුවෑන් එනවා යැයි බයය. රතුපස්වල මතක් කරමින් බය වෙනවාය. මාධ්ය මර්දනය වේ යැයි බයය. මොන මොනවා හරි කියමින් බය වෙනවාය. මේ සියලු ආකාරයේ "බය" වලට 2015 දී යම් වලංගුතාවයක් තිබුනේ නම් මේ වන විට ඒවා බහුතර මිනිස්සු අතර අවලංගුය. එයට හේතුව ඔය හැම චෝදනාවක්ම අදටත් චෝදනා විතරක්ම වීමය. ඒවා අහලාම මිනිස්සුන්ට එපා වෙලාය. චෝදනා වලින් පමණක්ම ආණ්ඩු ගෙනියන්නට පුලුවන් නම් මේ ආණ්ඩුව මේ කපේ පෙරලනවා බොරුය. හැබැයි ඇත්ත ලෝකයේ එහෙම නැත. අනිත් කාරණාව ඔය චෝදනා කරන හැම දේශපාලන පක්ෂයේම කිල්ලෝට වලත් හුණු ඩිංග ඩිංග හරි තියෙනවාය. සාමාන්ය මිනිස්සු ජන්දයකදී හිතන්නේ එහෙමය. ඔවුන් හොඳ නරක කිරලා මැනලා බලනවාය. එහෙම නැතුව සර්ව නිර්දෝෂී මිනිස්සුන්ම හොයනවා නම් මේ රටේ ජන්ද ටික ඔක්කොම දාන්නට වෙන්නේ මහ මුහුදටය. එහෙම බලාගෙන යන විට 2020 ගෝටා එන එක නවත්වන්නට බැරිය. එක එක ආකාරයේ "බය" ගැන කියා ගෝටාබය එන එක නවත්වන්නට බැරිය. ඇත්තටම ගෝටාබය වැනි නායකයෙකුගෙන් මේ රටට වැඩක් කරගත හැකි යයි මම සිතන්නෙමි.. අප වැනි උදාසීන පසුගාමී චින්තන රටාවක් සහිත ආසියාතික රටවල් නිකම්ම නැගිටින්නේ නැත. ආර්ථික වශයෙන් ස්ථාවර තැනකට රට ගෙන යාමට නම් යම්කිසි ක්රමවේදයකට රට අවුරුදු දහයක්වත් ගෙනයන්නට ඕනෑය. ඒ කරන පාලකයා මිනිස්සු ඇහැරවා තබාගන්නට සමත් වන අයෙකු පමණක් නොව කරන හැම මගුලකටම විරුද්ධ වෙන සංස්කෘතියේ කොටස් කරුවන් පාලනය කර ගන්නටද පුලුවන් කෙනෙකු වෙන්නට ඕනෑය. මේවා බටහිර දියුණු රටවල චින්තනයන් හා පෑහෙන්නේ නැති වෙන්නට පුලුවන් වුනත් මේ අපේ රටය...අපේ මිනිස්සුය...අපේ රටත් මිනිස්සුත් දූෂිතය...බහුතරය රටට ආදරය ඇත්තෝ නොවෙති...ඇඟිල්ලෙන් ඇන කිව්වොත් මිසක් වැඩක් නොකරති...ඒ සංදර්භය තුල ගෝටා වැනි නායකයෙකු හැර වෙන අයෙකුට මේ රට ආර්ථික වශයෙන් හෝ විනය අතින් හදන්නට පුලුවන් යැයි පෙනෙන්නේ නැත[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom