අපරාධ සඟවන්න එළිපිට වැඩ

monson

Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    තම නිලධාරීවරයා වෙනුවෙන් CIDය පෙනී සිටියි – පොලිස්පතිට යැවූ ලිපිය මෙන්න

    November 20, 2018

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිෂාන්ත සිල්වා මහතා සම්බන්ධව අසත්‍ය, පදනම් විරහිත, අභූත චෝදනා ඉදිරිපත් කිරීමේ උත්සාහයක් පෙනෙන්නට ඇති බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී. ඩබ්ලිව්. ආර්. බී. සෙනෙවිරත්න මහතා විසින් පොලස්පති පූජිත ජයසුන්දර මහතා වෙත ලිපියක් යොමුකරමින් දන්වා තිබේ.

    පොලිස් පරීක්ෂක නිෂාන්ත සිල්වා මහතා ත්‍රස්ථවාදී කටයුතු හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ බවට කිසිඳු සාක්ෂියක් නොමැති බවත් ඔහු පොලිස් දෙපාර්තමේන්තුට කීර්තිය රැගෙන ආ නිලධාරියෙකු වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ලිපියේ සඳහන් කර ඇත.

    එසේම පොලිස්පතිවරයා විසින් පොලිස් පරීක්ෂක නිෂාන්ත සිල්වා මහතා සම්බන්ධව ඉදිරිපත්කර ඇති වාර්තාවේ සඳහන් කරුණු සම්පූර්ණ අසත්‍ය, පදනම් විරහිත හා ද්වේශ සහගත චේතනාවෙන් ඉදිරිපත් කර ඇති ඒවා බවද සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

    එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ පොලිස් පරීක්ෂක නිෂාන්ත සිල්වා මහතාගේ මැදිහත්වීමෙන් සිදුකළ පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ චූදිතයෙකුව සිටින අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නගේ ක්‍රියාකලාපය වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පණත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ඒ සම්බන්ධව කඩිනමින් ඉදිරි පියවර ගැනීමට කටයුතු කිරීමට නිර්දේශ කරන බවත්ය.

    එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් දැක් වේ.


    http://www.lankatruth.com/si/wp-content/uploads/2018/11/CID-Letter-2018.11.18-1.jpg
    http://www.lankatruth.com/si/wp-content/uploads/2018/11/CID-Letter-2018.11.18-2.jpg

    - http://www.lankatruth.com/si/තම-නිලධාරීවරයා-වෙනුවෙන්-cid/
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    "නේවි සම්පත්" නඩුවේ සාක්කිකරුව පැහැරගෙන යන්න හදලා : ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිට එරෙහිව පැමිණිල්ලක්

    දිනුක් හේවාවිතාරණ

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න සමග පැමිණි පිරිසක් තමන්ට නාවික හමුදා නිළධාරි නිවෙස්නයේ පිහිටි භෝජනාගාරයේදී තර්ජණය කළ බවට ලුතිනන් කමාන්ඩර් ලක්සිරි නම් නිලධාරියෙක් විසින් පැමිණිල්ලක් කර ඇති බව කොටුව පොලිසිය සදහන් කරයි.

    තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදහන් කළ බවට කියන නඩුවේ ප්‍රධාන සැකකරුවෙක් වන දැනට රිමාන්ඩ්භාරයේ සිටින "නේවි සම්පත්" හට නාවික හමුදා මුලස්ථානයේදී රැකවරණය දුන් බව කියන සිද්ධියට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නට එරෙහි නඩුවේ සාක්කි කරුවෙක් වන්නේ මෙම ලුතිනන් කමාන්ඩර් ලක්සිරිය.

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිවරයා සමග පැමිණි පිරිස ලුතිනන් කමාන්ඩර්වරයාව පැහැර ගෙන යාමට සුදානම් වූ බව කියන අවස්ථාවේ ඔහු එම ස්ථානයෙන් දිවගොස් බේරී ඇති බවද වාර්තා වනවා.

    ඊයේ (25) දහවල් 2 ට පමණ මෙම සිදුවීම සිදුවී ඇති බවයි එම නිළධාරියා කොටුව පොලිසියට සිදුකළ පැමිණිල්ලේ සටහන්ව ඇත්තේ.


    - http://nethnews.lk/article/60771

    up
    ------ Post added on Sep 7, 2023 at 12:39 AM
     

    Similar threads