අපරාධ සොයා යන පරීක්ෂණ

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අපරාධ සොයා යන පරීක්ෂණ

    thief.jpg


    අපරාධ සොයා යන පරීක්ෂණ

    පරිගණකය යනු බහුකාර්ය උපකරණයකි. කාර්යභාරය විටින් විට විවිධත්වයක් ගනී. අවශ්‍ය සෑම කටයුත්තකදී ම පරිගණකය පිහිටවන්නේ නොසිතූ අයුරකිනි.ඒ අනුව අද අපි අවධානය යොමු කරන්නේ අපරාධ විමර්ශනය කෙරෙහි පරිගණක යොමුවන ආකාරය පිළිබඳයි.ඇමරිකා එක්සත් ජනපදයේ සිදුවූ අපරාධ පරීක්ෂණ කටයුතුවලදී භාවිත කෙරෙන, සාම්ප‍්‍රදායක ක‍්‍රම මඟින් විසැඳීමට අපහසු වූ අභිරහස් අපරාධ කිහිපයක් පරිගණක ක‍්‍රම ඇසුරෙන් විසඳා ගෙන ඇත. ඇසින් දුටු සාක්ෂ්‍ය ඉතා ම අඩු අවස්ථාවන් හි දී අපරාධ විසැඳීමට භාවිත කරනු ලබන්නේ ඇඟිලි සලකුණු වැනි භෞතික සාධක යි. භෞතික සාධක ද ඉතා අඩු අවස්ථාවල දී විසඳීම අති දුෂ්කර වේ.පළමු සිද්ධිය හුදෙකලාව විසූ මැදිවියේ කාන්තාවකගේ අභිරහස් මිනීමැරුමකි. අපැහැදිලි ඇඟිලි සලකුණු කීපයක් හැරුණු විට අපරාධකරු පිළිබඳ වෙනත් කිසිදු හෝඩුවාවක් නොතිබුණි.

    එකල පරිගණක තාක්ෂණය ඉතා ප‍්‍රාථමික අවධියක පැවැති බැවින් අපරාධය සිදුවූ ස්ථානයෙන් ඇඟිලි සලකුණ, අපරාධකරුවන්ගෙන් කලින් ලබාගත් ඇඟලි සළකුණු හා සැසැඳීම ද දුෂ්කර කාර්යයක් විය. මේ අපැහැදිලි ඇඟිලි සලකුණු සැසඳීම කිසිසේත් ම කළ නොහැකි වූ බැවින්, අපරාධකරු සෙවීම අතහැර දමන ලදී. පසුව එම අපරාධය නොවිසඳුනු එකක් ලෙස වර්ග කෙරිණි. පසුකලෙක පරිගණක තාක්ෂණය දියුණු වී, ඇඟිලි සලකුණු පරිගණක ආශ‍්‍රිතව සැසඳිම ඉතා පහසු කාර්යයක් වූ විට, එවකට සිටි පොලිස් ස්ථානාධිපතිවරයා මෙම අපරාධකරු සෙවීම නැවත සලකා බලන ලදී. ඒ වනවිට අපරාධකරුවන් රාශියකගේ ඇඟිලි සලකුණු පරිගණක ගත කැර තිබිණි.

    සැසැඳීමේ කි‍්‍රයාවලියෙහිදී අපරාධය සිදුවූ ස්ථානයෙන් ලබාගත්, ඒ වනවිටත් ආරක්ෂාකාරීව තැන්පත් කැර තිබූ අපැහැදිලි වුවද,එම ඇඟිලි සලකුණ පුදුමාකාර ලෙස එක්තරා අපරාධකරුවකුගේ ඇඟිලි සලකුණු සමඟ සැසැඳීණි. වැඩිදුරටත් කරුණු සොයා බැලීමේදී පෙනී ගියේ එම අපරාධකරු ඒ වනවිට වෙනත් අපරාධයකට සිරගතවී සිටි බවයි. ප‍්‍රශ්න කිරීමේදී ඔහු එම මිනීමැරුම පිළිබඳ පාපෝච්ඡාරණයක් කෙළේය. අධිකරණ කි‍්‍රයාමාර්ග මඟින් ඔහුට නිසි දඬුවම් පැමිණ විණි.
    දෙවැනි සිද්ධිය වාර්තාවන්නේ මරා පුළුස්සා දමන ලද තරුණ කාන්තා මළ සිරුරක් පිළිබඳයි. එම සිරුර අඳුනාගත නොහැකි තරමට ම විකෘති වී තිබූ එකකි. එහෙත් ඉතිරිවී තිබූ ඇයගේ දත් කීපයක්, දන්ත වෛද්‍යවරයෙකු ළඟ තිබූ ඔහු විසින් ප‍්‍රතිකාර කරන ලද කාන්තාවකගේ දත්වල එක්ස්-කිරණ ඡායාව සමඟ සැසැඳිනි.

    කාන්තාවගේ අනන්‍යතාව සොයාගත් නමුත් අපරාධකරු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති විය. ඇය පිළිබඳ තොරතුරු මාධ්‍ය මඟින් ප‍්‍රසිද්ධ කිරීමෙන් පසු එක්තරා බැංකුවකින් තොරතුරක් ලැබිණි. එම තොරතුරු වූයේ, මරා දමන ලද කාන්තාවගේ බැංකු ගිණුමෙන් මුදල් ආපසු ගැනීමට, ඇයගේ කාඩ් පතද රැගෙන මිනීමැරුමට පසුදිනක වෙනත් කාන්තාවක් පැමිණි බවයි. එම කාන්තාවගේ අනන්‍යතාව පිළිබඳ සැක සිතී බැංකු නිලධාරිනිය ප‍්‍රශ්න කළ විට, ඇය හෙමින් සීරුවේ පලාගිය බව කියැවිණි. මෙහිදී ගනුදෙනුකරුවන් වීඩියෝ ගතකෙරෙන ස්වයංකී‍්‍රය කැමරාවෙන් ගත් වීඩියෝ පටය නැරැඹීමේදී එම කාන්තාවගේ ස්වරූපය දැනගත හැකි විය.එම කාන්තාව හඳුනා ගැනිණි. ඇය කටඋත්තරයක් දීමට ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වූවාය. ඇය කියා සිටියේ නාඳුනන පුද්ගලයකු ඇයට කතාකොට, එම කාඩ්පත දී, බැංකුවෙන් මුදල් ලබා දුනහොත් ඇයට ද කොටසක් දෙන බව කිව් නිසා ඒ කි‍්‍රයාව සඳහා තමා ඉදිරිපත් වූ බවයි.

    බැංකු නිලධාරිනියගෙන් මේ අවස්ථාවේදී ඉතා වැදගත් තොරතුරක් හෙළි විය. එනම්, එම කාන්තාව කවුන්ටරයේ රැඳී සිටි කාලය තුළදී වරින් වර නොනවත්වා ම පිටත බලමින් සිටි බවත්, ඇය සමඟ පැමිණි කවුරු හෝ පිටත රැඳී සිටීමට ඉඩ තිබූ බවත්ය. මෙම කාන්තාව කී දේ සත්‍ය බවත්, ඇයව මෙහෙයවූ තැනැත්තා ඇය මුදල් රැගෙන එනතුරු පිටත රැඳී බලා සිටිය බවත් තහවුරු විය. ඔහු අපරාධකරු බවට ප‍්‍රබල සැකයක් මතුවිය. එහෙත් ඔහු අඳුනා ගැනීමට කිසිදු හෝඩුවාවක් නොමැති විය. ඉහත සඳහන් කළ වීඩියෝ කැමරාව බැංකුවෙන් පිටත දර්ශන ද රූපගත කිරීමට හැකිවන පරිදි සවිකර තිබූ නමුත්, පිටතින් පැමිණි ඉරු එළිය වීදුරුව මත පතිත වීමෙන් සැදුන සුදු පැහැති පටලය නිසා බැංකුවෙන් පිටත තිබූ කිසිවක් වීඩියෝ පටයෙහි සටහන්වී නොතිබුණි. අපරාධ පරීක්ෂකයෝ පරිගණක තාක්ෂණය වෙතට යොමු වූහ.

    අනුරූප සැකසීමේ තාක්ෂණයෙන් වීදුරු ආවරණය මත ඇති පටලය ඉවත් කළ හැකිදැයි පරිගණක තාක්ෂණ විශේෂඥයන්ගෙන් විමසිනි.තාක්ෂණයේ පිහිටෙන් එම පටලය ඉවත් කළ විට වීදුරුව හරහා විනිවිද දැකිය හැකිවිය. සැකකරුගේ ස්වභාවය අඳුනාගත හැකි තරමට පැහැදිලිව සටහන් වී තිබුණි. මරා දමන ලද කාන්තාව, මිනීමැරුම සිදුවූ දින ගැවසුන රාතී‍්‍ර සමාජ ශාලාවක සේවකයන්ට, එම වීඩියෝ පටයේ සටහන්ව තිබුණු සැකකරුගේ රූපය පෙන්වූ විට, ඒ පිළිබඳ තොරතුරු හෙළි දරව්විණි. අනතුරුව සැකකරු නිශ්චිතව හඳුනාගෙන, අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී සියලු තොරතුරු එළිවිණි. මෙම අපරාධ විසැඳීමට ඉවහල් වූ එකම සහ වැදගත් ම සාක්ෂ්‍ය වන සැකකරුගේ ඡායාව ලබාගත හැකිවූයේ දියුණු පරිගණක තාක්ෂණය මඟිනි.
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    පරිගණකය යනු බහුකාර්ය උපකරණයකි.කාර්යභාරය විටින් විට විවිධත්වයක් ගනී. අවශ්‍ය සෑම කටයුත්තකදී ම පරිගණකය පිහිටවන්නේ නොසිතූ අයුරකිනි.ඒ අනුව අද අපි අවධානය යොමු කරන්නේ අපරාධ විමර්ශනය කෙරෙහි පරිගණක යොමුවන ආකාරය පිළිබඳයි.ඇමරිකා එක්සත් ජනපදයේ සිදුවූ අපරාධ පරීක්ෂණ කටයුතුවලදී භාවිත කෙරෙන, සාම්ප‍්‍රදායක ක‍්‍රම මඟින් විසැඳීමට අපහසු වූ අභිරහස් අපරාධ කිහිපයක් පරිගණක ක‍්‍රම ඇසුරෙන් විසඳා ගෙන ඇත. ඇසින් දුටු සාක්ෂ්‍ය ඉතා ම අඩු අවස්ථාවන් හි දී අපරාධ විසැඳීමට භාවිත කරනු ලබන්නේ ඇඟිලි සලකුණු වැනි භෞතික සාධක යි.

    භෞතික සාධක ද ඉතා අඩු අවස්ථාවල දී විසඳීම අති දුෂ්කර වේ.පළමු සිද්ධිය හුදෙකලාව විසූ මැදිවියේ කාන්තාවකගේ අභිරහස් මිනීමැරුමකි. අපැහැදිලි ඇඟිලි සලකුණු කීපයක් හැරුණු විට අපරාධකරු පිළිබඳ වෙනත් කිසිදු හෝඩුවාවක් නොතිබුණි. එකල පරිගණක තාක්ෂණය ඉතා ප‍්‍රාථමික අවධියක පැවැති බැවින් අපරාධය සිදුවූ ස්ථානයෙන් ඇඟිලි සලකුණ, අපරාධකරුවන්ගෙන් කලින් ලබාගත් ඇඟලි සළකුණු හා සැසැඳීම ද දුෂ්කර කාර්යයක් විය. මේ අපැහැදිලි ඇඟිලි සලකුණු සැසඳීම කිසිසේත් ම කළ නොහැකි වූ බැවින්, අපරාධකරු සෙවීම අතහැර දමන ලදී. පසුව එම අපරාධය නොවිසඳුනු එකක් ලෙස වර්ග කෙරිණි. පසුකලෙක පරිගණක තාක්ෂණය දියුණු වී, ඇඟිලි සලකුණු පරිගණක ආශ‍්‍රිතව සැසඳිම ඉතා පහසු කාර්යයක් වූ විට, එවකට සිටි පොලිස් ස්ථානාධිපතිවරයා මෙම අපරාධකරු සෙවීම නැවත සලකා බලන ලදී.

    ඒ වනවිට අපරාධකරුවන් රාශියකගේ ඇඟිලි සලකුණු පරිගණක ගත කැර තිබිණි. සැසැඳීමේ කි‍්‍රයාවලියෙහිදී අපරාධය සිදුවූ ස්ථානයෙන් ලබාගත්, ඒ වනවිටත් ආරක්ෂාකාරීව තැන්පත් කැර තිබූ අපැහැදිලි වුවද,එම ඇඟිලි සලකුණ පුදුමාකාර ලෙස එක්තරා අපරාධකරුවකුගේ ඇඟිලි සලකුණු සමඟ සැසැඳීණි. වැඩිදුරටත් කරුණු සොයා බැලීමේදී පෙනී ගියේ එම අපරාධකරු ඒ වනවිට වෙනත් අපරාධයකට සිරගතවී සිටි බවයි. ප‍්‍රශ්න කිරීමේදී ඔහු එම මිනීමැරුම පිළිබඳ පාපෝච්ඡාරණයක් කෙළේය. අධිකරණ කි‍්‍රයාමාර්ග මඟින් ඔහුට නිසි දඬුවම් පැමිණ විණි.දෙවැනි සිද්ධිය වාර්තාවන්නේ මරා පුළුස්සා දමන ලද තරුණ කාන්තා මළ සිරුරක් පිළිබඳයි. එම සිරුර අඳුනාගත නොහැකි තරමට ම විකෘති වී තිබූ එකකි. එහෙත් ඉතිරිවී තිබූ ඇයගේ දත් කීපයක්, දන්ත වෛද්‍යවරයෙකු ළඟ තිබූ ඔහු විසින් ප‍්‍රතිකාර කරන ලද කාන්තාවකගේ දත්වල එක්ස්-කිරණ ඡායාව සමඟ සැසැඳිනි.

    කාන්තාවගේ අනන්‍යතාව සොයාගත් නමුත් අපරාධකරු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති විය. ඇය පිළිබඳ තොරතුරු මාධ්‍ය මඟින් ප‍්‍රසිද්ධ කිරීමෙන් පසු එක්තරා බැංකුවකින් තොරතුරක් ලැබිණි. එම තොරතුරු වූයේ, මරා දමන ලද කාන්තාවගේ බැංකු ගිණුමෙන් මුදල් ආපසු ගැනීමට, ඇයගේ කාඩ් පතද රැගෙන මිනීමැරුමට පසුදිනක වෙනත් කාන්තාවක් පැමිණි බවයි. එම කාන්තාවගේ අනන්‍යතාව පිළිබඳ සැක සිතී බැංකු නිලධාරිනිය ප‍්‍රශ්න කළ විට, ඇය හෙමින් සීරුවේ පලාගිය බව කියැවිණි. මෙහිදී ගනුදෙනුකරුවන් වීඩියෝ ගතකෙරෙන ස්වයංකී‍්‍රය කැමරාවෙන් ගත් වීඩියෝ පටය නැරැඹීමේදී එම කාන්තාවගේ ස්වරූපය දැනගත හැකි විය.

    එම කාන්තාව හඳුනා ගැනිණි. ඇය කටඋත්තරයක් දීමට ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වූවාය. ඇය කියා සිටියේ නාඳුනන පුද්ගලයකු ඇයට කතාකොට, එම කාඩ්පත දී, බැංකුවෙන් මුදල් ලබා දුනහොත් ඇයට ද කොටසක් දෙන බව කිව් නිසා ඒ කි‍්‍රයාව සඳහා තමා ඉදිරිපත් වූ බවයි.බැංකු නිලධාරිනියගෙන් මේ අවස්ථාවේදී ඉතා වැදගත් තොරතුරක් හෙළි විය. එනම්, එම කාන්තාව කවුන්ටරයේ රැඳී සිටි කාලය තුළදී වරින් වර නොනවත්වා ම පිටත බලමින් සිටි බවත්, ඇය සමඟ පැමිණි කවුරු හෝ පිටත රැඳී සිටීමට ඉඩ තිබූ බවත්ය. මෙම කාන්තාව කී දේ සත්‍ය බවත්, ඇයව මෙහෙයවූ තැනැත්තා ඇය මුදල් රැගෙන එනතුරු පිටත රැඳී බලා සිටිය බවත් තහවුරු විය. ඔහු අපරාධකරු බවට ප‍්‍රබල සැකයක් මතුවිය. එහෙත් ඔහු අඳුනා ගැනීමට කිසිදු හෝඩුවාවක් නොමැති විය. ඉහත සඳහන් කළ වීඩියෝ කැමරාව බැංකුවෙන් පිටත දර්ශන ද රූපගත කිරීමට හැකිවන පරිදි සවිකර තිබූ නමුත්, පිටතින් පැමිණි ඉරු එළිය වීදුරුව මත පතිත වීමෙන් සැදුන සුදු පැහැති පටලය නිසා බැංකුවෙන් පිටත තිබූ කිසිවක් වීඩියෝ පටයෙහි සටහන්වී නොතිබුණි. අපරාධ පරීක්ෂකයෝ පරිගණක තාක්ෂණය වෙතට යොමු වූහ.

    අනුරූප සැකසීමේ තාක්ෂණයෙන් වීදුරු ආවරණය මත ඇති පටලය ඉවත් කළ හැකිදැයි පරිගණක තාක්ෂණ විශේෂඥයන්ගෙන් විමසිනි. තාක්ෂණයේ පිහිටෙන් එම පටලය ඉවත් කළ විට වීදුරුව හරහා විනිවිද දැකිය හැකිවිය. සැකකරුගේ ස්වභාවය අඳුනාගත හැකි තරමට පැහැදිලිව සටහන් වී තිබුණි. මරා දමන ලද කාන්තාව, මිනීමැරුම සිදුවූ දින ගැවසුන රාතී‍්‍ර සමාජ ශාලාවක සේවකයන්ට, එම වීඩියෝ පටයේ සටහන්ව තිබුණු සැකකරුගේ රූපය පෙන්වූ විට, ඒ පිළිබඳ තොරතුරු හෙළි දරව්විණි. අනතුරුව සැකකරු නිශ්චිතව හඳුනාගෙන, අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී සියලු තොරතුරු එළිවිණි. මෙම අපරාධ විසැඳීමට ඉවහල් වූ එකම සහ වැදගත් ම සාක්ෂ්‍ය වන සැකකරුගේ ඡායාව ලබාගත හැකිවූයේ දියුණු පරිගණක තාක්ෂණය මඟිනි.