අපල නැකත් ඇස්වහ කටවහ ගැන බුදුන් වදාළේ මොන&#352

The_Stig

Member
Nov 24, 2014
187
20
0
අපල නැකත් ඇස්වහ කටවහ ගැන බුදුන් වදාළේ මොන&#352

අපල නැකත් ඇස්වහ කටවහ ගැන බුදුන් වදාළේ මොනවාද?
දෙදහස් තුන වසරේ දෙසැම්බර් මස දොළොස්වන දින රුසියාවේ දී අබිරහස් පසුබිමක් තුළ අපවත් වී වදාළ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් මෑත භාගය තුළ ශ්‍රී ලාංකීය ජන සමාජයේ අතිශය ගෞරවාදරයට පාත්‍ර වූ හිමිනමකි. එලෙස ප්‍රසාදයට පත්වීමට උන්වහන්සේ ඉදිරිපත් කරන ලද ධර්ම කරුණුවල කාලීන සහ ප්‍රායෝගික වැදගත්කමද බෙහෙවින් ඉවහල් වූ බව පැහැදිලිය. එලෙස උන්වහන්සේ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සමාජගත කරනු ලැබූ ධර්ම කරුණු පුවත්පත් මාධ්‍ය ඔස්සේ සන්නිවේදනය කිරීමෙහිලා පුරෝගාමීව කටයුතු කළ මාධ්‍යවේදිනිය ‘රැජිණ’ නියෝජ්‍ය කර්තෘ ඉන්දු පෙරේරාය. එවක ‘රැජිණ’ සහ ‘ලක්බිම ඉරිදා’සංග්‍රහය වෙනුවෙන් පූජ්‍ය සෝම හිමියන් සමග සාකච්ඡා බොහොමයක් පවත්වා ඇති අප මාධ්‍යවේදිනියට පූජ්‍ය සෝම හිමියන් වැඩ වෙසෙන කාලයේදීම උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ මුල් අවධිය අළලා ‘සෝම හාමුදුරුවෝ’ නම් චරිතාප්‍රදානයක් සම්පාදනය කිරීමටද හැකි විය. පූජ්‍ය සෝම හිමියන් වැඩ වෙසෙන කාලයේ කෘතියක් වශයෙන් ප්‍රකාශයට පත්වූ, උන්වහන්සේ පිළිබඳ එකම චරිතාපදානය එයයි.
මේ මින් කලකට ඉහත අප මාධ්‍යවේදිනිය පූජ්‍ය සෝම හිමියන් සමග කරන ලද සාකච්ඡා කිහිපයක් ඇසුරින් සැකසෙන ලිපි පෙළෙහි තෙවැන්නය.

ස්වාමීන් වහන්ස; ගුප්ත විශ්වාස කෙරෙහි සමාජයේ පෙර නොවූ නැඹුරුවක් අද දකින්නට පුළුවන්. මොකක්ද මේකට හේතුව ?
ගුප්ත කියන්නේ සඟවා තබන ලද දෙය කියන එක, ඒ කියන්නේ විවෘත භාවයක් නැති දෙය කියන එක, නමුත් අපේ සමාජයේ පවතින ගුප්ත විශ්වාසවලින් වැඩි කොටස මිථ්‍යාවන් බව කිව යුතුයි. බුදු දහමට අනුව ඒ මිථ්‍යාවන් අයත් වන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූල තුනෙන් මෝහ කියන අකුසල මූලයට. ඒ නිසා මිථ්‍යා විශ්වාස ලුහුබැඳීම දෙලොවටම අවැඩදායක බව කිව යුතුයි.

නමුත් ස්වාමීන් වහන්ස ආගමක් තුළත් යම් ගුප්ත බවක් තිබිය යුතුයි නේද?
නමුත් බුදු දහම තුළ එවැනි ගුප්ත දේවලට කිසිම අගැයුමක් ලැබෙන්නේ නැහැ. වැඩි යමක් ඕනේ නැහැ ධර්මයේ ගුණ සහිත “ස්වක්ඛාතෝ” කියන ගාථාවේ සිංහල තේරුම විමසා බලන්න. එතකොට ඔය ඇත්තන්ටම වැටහේවි බුදු දහම ගුප්ත දෙයක් නොවන බව.

ස්වාමීන් වහන්ස අපල කියන්නේ මොනවාද ?
වචනාර්ථයෙන් ගතහොත් අපල කියන්නේ අයහපත් ප්‍රතිඵල. සපල කියන්නේ යහපත් ප්‍රතිඵල.

මේ අපල සහ සපලවලට හේතුවන්නේ මොනවාද ?
සෑම විටම නොවුණත් මේ අපල සහ සපල ඇතිකර ගැනීමට බොහෝ විට උපකාර වන්නේ අප විසින් ඇති කර ගන්නා වූ කුසලාකුසල කර්මයන්.
‘කම්මං සච්ච්ෙ විභජති යදිදං හීන පනීතතාය’ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේත් මේ හේතුවෙන්. එනිසා මේ අපල යනුවෙන් හැඳින්වෙන අයහපත් ප්‍රතිඵල ලැබිමේදී තමන් තුළ කුසල ශක්තීන් පුබුදුවා ගැනීමෙන් ඒවා දුරුකර ගැනීමට හෝ යම් ප්‍රමාණයකට අවම කර ගැනීමට හැකියාව තිබෙනවා. නමුත් කර්මානුරූපව සිදුනොවන ලෝක ධර්මතාවයක් මත සිදුවන අයහපත් ප්‍රතිඵලවලදී ඒ පිළිබඳව නුවණින් සිහි කරමින් නොසැලී සිටීම බුදු දහමින් අගය කෙරෙනවා.

‘ඵුට්ටස්ස ලෝක ධම්මෙහි
චිත්තං යස්සන කම්පති
අසෝකං විරජං ඛිෙමං
ඒතං මංගල මුත්තමං’ යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කළේ එයයි.

ස්වාමීන් වහන්ස; නැකත් පිළිපැදීම සම්බන්ධයෙන් වර්තමාන සමාජයේ අති විශාල උනන්දුවක් පවතිනවා
නැකැත් පිළිබඳව අද සමාජයේ පවතින්නේ අති මහත් විශ්වාසයක්. එසේම නැකැත් බැලීම්වලට අමතරව රාහු කාලය බැලීම, රාහු කාලයට අනුව වැඩකටයුතු සකසා ගැනීම වැනි දේවල් අද සමාජයේ බෙහෙවින් පැතිරී යනවා.

ඒ සම්බන්ධ බෞද්ධ ඉගැන්වීම කුමක්ද ස්වාමීන් වහන්ස?

මිනිසාගේ ස්වාමිත්වය තහවුරු කෙරෙන බුදු දහමෙන් මිනිසුන් මෙවන් ගුප්ත විද්‍යාවන්හි සරණ යාම ඵල රහිත බව පෙන්වා දෙනවා.

නමුත් ස්වාමීන් වහන්ස බෞද්ධාගමික උත්සව වත්පිළිවෙත් ආදියේදීත් නැකත් අනුගමනය කෙරෙනවා නේද?
ඔව්, එහෙම සම්ප්‍රදායක් තියනවා නමුත් ‘නක්කත්තං පතිමා නෙත්තං අත්ථෝ බාලං උපජ් ජගා ත්ථෝ අත්ථස්ස නක්කත්තං කිං කරිස්සන්ති තාකා’ කියන ගාථා පාඨය ශ්‍රී මුඛ දේශනාවක්. එය ඇතුළත් වන්නේ බුද්දක නිකායට අයත් ජාතක පාලියේයි. එහි අරුත ‘බාලයා නැකත් සොයමින් කළ යුත්ත පමා කරයි. යෙදෙන කාරිය සඳහා සුදුසුම නැකත ඒ සඳහා යෝග්‍ය වෙලාවයි. (එහෙයින්) නැකත් තරුවලට කුමක්ද කළ හැක්කේ ?’ යන්නයි. ඒ අනුව අත්ථෝ අත්තස්ස නක්කත්තං යන පාලි පාඨයෙහි බෞද්ධයන්ගේ නැකත කුමක් විය යුතුද? යන්න පිළිබඳව මනා, වැටහීමක් ඇති කර ගන්න පුළුවන්.

දැනට සමාජයේ බොහෝ දෙනකු කරන අන්දමට නැකත් පිළිපැදීමේ කිසියම් දොසක් තිබේද?
සමාජ සම්මතය අනුව අද බොහෝ දෙනෙක් මේ නැකැත් පිළිබඳව තැකීමක් කරනවා. එහි කිසියම් ප්‍රබල දොසක් දැකිය නොහැකි වුවත් මෙම නැකැත්
පිළිපැදීමෙන් තමන්ගේ එදිනෙදා කටයුතුවලට බාධාවක් සිදුවේ නම් එය අතහැර දැමීම යෝග්‍ය බවයි ධර්මානුකූලව පැවැසිය හැක්කේ. විශේෂයෙන් රාහු කාලය බැලීම වැනි දේවල් හරස් කර ගැනීමෙන් අද සමාජයේ බෙහෝ දෙනෙක් තම එදිනෙදා කටයුතුවලට බාධා පමුණුවා ගන්නා බවත් පෙනෙනවා. එය නම් අනුවණකමක් බව කිව යුතුයි. විශේෂයෙන් බුද්ධ කාලයටත් වඩා පැරණි ශාස්ත්‍රයක් වශයෙන් සැලකෙන සම්භාව්‍ය නක්ෂත්‍රයෙහි රාහු කාලය ලග්න පලාපල වැනි දේ පිළිබඳව එතරම් තැකීමක් කෙරෙන්නේ නෑ. එක් එක් පුද්ගලයා කෙරෙහි වෙන් වෙන් වශයෙන් බලපාන ග්‍රහ දෘෂ්ටි
සම්බන්ධව කියැවෙන නක්ෂත්‍රයෙන් පැවසෙන්නේ සියල්ලන්ටම ‍පොදු අපල කාලයක් වැනි දෑ හුවා දැක්විය නොහැකි බවයි.

ස්වාමීන් වහන්ස බුදු දහමට අනුව ඇස්වහ කටවහ හෝවහ පිළිගත යුතුද?
ඇස්වහ කටවහ හෝවහ ආදියෙන් මිනිසුන්ට විශාල අයහපතක් සිදුවෙනවා. ඒත් අපි බලමු ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. සිත, කය, වචනය කියන්නේ අපේ පිරිසිදු බවට හෝ අපිරිසිදු බවට මුල්වන තුන් දොර කියන එක කවුරුත් දන්නවා. අපි මේ තුන් දොරින් අයහපත් දෙයක් කළොත් ඒක අපේ අයහපතටත් යහපත් දෙයක් කළොත් අපේ යහපතටත් හේතු වන අන්දම බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලි වශයෙන් විග්‍රහකොට තිබෙනවා.
ඒ කොහොමද ස්වාමීන් වහන්ස
ඇස කියන්නේ අපේ ඉන්ද්‍රියක් ඉතින් අපි ඒ ඇස ඊර්ෂ්‍යා පාර්ශ්ව අයහපත් ලෙසින් යොදා ගැනීමටයි ඇස්වහ කියන්නේ. ඒක අපේ කය අපිරිසිදු වීමක් වෙනවා. එහි අයහපත ඒකාන්ත වශයෙන්ම අපට අත්විඳින්නට සිදුවෙනවා. ඊළඟට අපි බලමු කටවහ ගැන. කටවහ කියන්නේ වචනයෙන් අපිරිසිදු වීම. ඉන් ලැබෙන අයහපත් ප්‍රතිඵලත් අපිට නිසැක වශයෙන්ම උදාවෙනවා. ඒ වගේමයි හෝවහ කියන දේත් හෝවහ කියන්නේ යමෙකුට අහිත පිණිස යමක් සිතීම. ඉතින් ඒ මගින් සිත අපිරිසිදු වන බවත් අමුතුවෙන් කිව යුතු නැහැ. ඔන්න ඕකයි බෞද්ධ ආකල්පයට අනුව ඇස්වහ කටවහ හෝවහ කියන්නේ. කාටත් වැටහෙන විදිහට කිව්වොත් සිතින් කයින් වචනයෙන් අපිරිසිදුවීම, ඒ අපිරිසිදු බව තුළින් එසේ අපිරිසිදු වුණු තැනැත්තාගේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් අසාර්ථක වන බව බුදුරජාණන් වහන්සේ ඉතා මැනැවින් විග්‍රහ කොට තිබෙනවා.

නමුත් අද අපේ සමාජය ඔය ඇස්වහ කටවහ හෝවහ ගැන පිළිඅරගෙන තිබෙන්නේ කණපිටට නේද?
ඔව්, ඒ කියන්නේ ඒවාට ලක්වන අයට යම් යම් අයහපතක් සිදුවන බවයි. නමුත් හොඳින් සිහියට නංවා ගන්න. තමන් විසින් ඇති කරගන්නා තුන් දොර කිළිටි කරගැනීම මගින් තමන්ගේම අයහපත සිදුවන බවක් මිස තම සිතෙහි, කයෙහි , වචනයෙහි ක්‍රියාකාරීත්වය මතින් ඇතිවන කිසියම් ගුප්ත බලයක් මතින් අනුන්ගේ සැප දුක විසඳෙන බවක් බුදුරජාණන් වහන්සේ නම් කිසි විටෙකත් ප්‍රකාශ කොට නැති බව.

ඉන්දු පෙරේරා