“අපව නවතන්න බෑ.. දොස් කියන අයත් එකතු කරගෙන ඉතිහාසයේ කිසි කලෙක නොවූ සංවර්ධනයකට රට ගෙනයනවා“ -නව වසරේ වැඩ අරඹමින් රනිල් කළ විශේෂ ප්‍රකාශය
2015 දී අලුත් ගමනක්, දියණුවක් ඇති කරන ගමනක් ආරම්භ කළේ සමස්ත රට වැසියන් උදෙසා බවත් ඒ ඇරැඹූ ගමන සම්බන්ධයෙන් සමහරුන් විවේචන ඉදිරිපත් කරාවි. දොස් කියාවි. ඒත් ඒ ගමන නැවැත්වීමට කිසිවෙකුටත් හැකියාවක් නැතැයිද, දොස් කියන, විවේචනය කරන සියලූ දෙනාම කාලයත් සමග ඒ ගමනට එකතු කර ගෙන ඉතිහාසයේ කිසි දිනෙක නොවූ සංවර්ධනයක් ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන්නේ යයි නව වසරේ වැඩ ආරම්භ කරමින් විශේෂ ප්‍රකාශයක් කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සති දෙකක එංගලන්ත නිවාඩුවක් ගත කර සිය රට පැමිණි අගමැතිවරයා 2016 නව වසරේ වැඩ අරඹමින් සුභ පැතීම සඳහා අද (04) අරලියගහ මන්දිරයට පැමිණි මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, හිතෛශීන් ඇතුලූ පිරිස අමතමින් කළ විශේෂ ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙසේය.
“සුභ නව වසරක් උදා වී තිබෙනවා. පසුගිය වසරේ ජනවාරි මාසයේ ජනතාව ලබා දුන් වරමක් අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා. ඒ අනුව අපේ රට අලූත් මාර්ගයක ගෙන යාමේ ගමන ඇරැඹුණා. යහපාලනය උදා වී වසරක් පිරීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි. වසරක මේ කාලය ඇතුළත දී රටට නිදහස ලබාදීමට අපට හැකියාව ලැබුණා.
විධායක බලතල අඩු කරන්නැයි පළමු වරට රටේ ජනාධිපතිවරයෙකු එකඟතාවය පළ කළා. එමෙන්ම මැතිවරණ කොමසාරිස්වරයාට සම්පූර්ණ බලතල ලබාදි නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන්නට අපට හැකි වුණා.
පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ පසු ප්‍රධාන පක්ෂ දෙක එක් වී ජාතික ආණ්ඩුවක් ඇති කළා. ඒ අනුව ජාත්‍යන්තරයෙන් අප රටට එල්ල වූ මානව හිමිකම් ප්‍රශ්න ජය ගැනිමටත් අපට හැකියාව ලැබුණා.
ජාත්‍යන්තරය සමඟ අත්වැල් බැඳගෙන මෙරට මානව හිමිකම් ආරක්ෂා කිරිමේ මුලික පියවර අප රජය විසින් ආරම්භ කර තිබෙනවා. උතුරේ ජනතාවගේ ඉඩම් නැවත ලබා දිමටත්, ඔවුන් යළි පදිංචි කරවිමටත්, සෙසු ප්‍රදේශවල ජනතාවගේ අයිතිවාසිකම් ලබාදිමටත් අප ක්‍රියා කරනවා.
මෙම වසරේදි අප තවත් අලූත් ගමනක් කරා පියවර තබනවා. අපේ සියලූම දේශපාලන වැඩකටයුතු ආරම්භ කළ පසු, අප ආර්ථික සහ සමාජීය දියුණුව ඇති කිරිම සඳහා වැඩසටහනක් ආරම්භ කිරිමට කටයුතු කරනවා. ජනතාවගේ ආදායම් වැඩි කිරිම, තරුණ තරුණියන්ට රැකියා ලබාදිම, අලූත් ආර්ථිකයක් රටට එකතු කිරිම, ශ්‍රී ලංකාව ලොව දියුණු රටක් බවට පත් කර දුප්පත්කම නැති කිරිම, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරිම, නීතිය හා සාමය තහවුරු කරන සමාජ ක්‍රමයක් ඇති කිරීම අපේ බලාපොරොත්තුවයි.
ඒ වැඩ කටයුත්ත ඉටු කිරිම සඳහා රටේ සියලූ දෙනාට අත්වැල් බැඳ ගන්නැයි අප ඉල්ලා සිටිනවා. යහපාලන රජයේ ඉදිරි ගමන සඳහා මේ රටේ ජනතාව එකාවන්ව අත්වැල් බැදගෙන සිටිනවා. ජාත්‍යන්තර ප්‍රජාව ද අපට සහයෝගය පළ කරනවා.
වසර තුනක කාලයක් ඇතුළත දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ මෙරට සමාජ සහ ආර්ථික දියුණුවක් ඇති කිරීමේ වැඩපිළිවෙළක් අප ඉදිරිපත් කරනවා. 2015 දී අප අලූත් ගමනක් ආරම්භ කළේ සමස්ත රට වැසියන් උදෙසායි. අද අප ඇරැඹූයේ ඔබේ නිවසේ ආර්ථිකයට බලපාන ගමනක්.... ඔබට දියුණුවක් ඇති කරන ගමනක්... අප ඇරැඹූ ගමන සම්බන්ධයෙන් සමහරුන් විවේචන ඉදිරිපත් කරාවි. දොස් කියාවි. ඒත් අපේ ගමන නැවැත්වීමට කිසිවෙකුටත් හැකියාවක් නැහැ.
යහපාලන ආණ්ඩුවේ ගමන පිළිබඳ දොස් කියන, විවේචනය කරන සියලූ දෙනාම කාලයත් සමග අපේ ගමනට එකතු කර ගෙන ඉතිහාසයේ කිසි දිනෙක නොවූ සංවර්ධනයක් ශ්‍රී ලංකාවට ලබාදීමට අප කටයුතු කරනවා.
බස්නාහිර පළාතේ සිට ත්‍රිකුණාමලයටත්, හම්බන්තොට සිට යාපනයටත් එම දියුණුව අත් කර දීම අපේ අපේක්ෂාවයි. එම දියුණුව ඇති කිරීම සඳහා මෙරට සියලූම ජනතාවට අප සමග අත්වැල් බැඳගන්නැයි ආරාධනා කරනවා. එමෙන්ම සියලූම සහෝදර රට වැසියන්ට නව වසර වෙනුවෙන් සුභ පතනවා. “

මුන්ගේ කොහොමත් බෙර සද්දේ විතරයි.පෙරහැර නම් එන පාටක් නෑ බං.දැනටමත් චන්දෙ දීපු ගොඩක් උන් කළකිරීමෙන් ඉන්නේ.අර කැපුවත් කොළ කට්ටිය ඇරෙන්න.