අප්පච්චීගෙ ණය| Payable to Appachchi

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
පියෙකුගේ අති උදාර බලාපොරොත්තු..කීයෙන් කී දෙනාටද ඉටු කරන්න ලැබෙන්නේ හා වරප්‍රසාද ලැබිල තියෙන්නේ..

ඒ ගොල්ලන්ගේ ඇස් පියවෙන්නේ ඔය ඉටු කරගන්න හිතේ දඟලපු අනේකවිධ බලාපොරොත්තුත් එක්ක...

කොච්චර දුරට ඒ බලාපොරොත්තු පටවගෙන බලාගෙන හිටපු කෙනාට අපිට පෙරලා මිනිසුන් වශයෙන් සාධාරණය ඉටු කරන්න පුලුවන් වෙලා තියෙනවද??? අපිට අපි ගැන ආත්මඅනුකම්පාවක් මතුවන්නේ අන්න ඔවැනි දයිවය අපටම කුරිරු වුන බොහෝ අව්ස්ථාවලදීයි...

මල්ලියා අගනා සාර්ථක පද පබැඳුමක්.....කථා කල යුතුම හා සිහියට නගා ගෙන පරක්කු වී හෝ නිම කල යුතු පියපුතු බැඳිමක් යුතුකමක් හා අධිෂ්ඨානයක්.....

මල්ලිට ජය.....

බොහොම ස්තුතියි අයියා....
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
අැත්තටම චතුර තාත්ත කෙනෙක්ගෙ අාදරය මහ පුදුමයි. අපිට නොපෙනෙන්නට සැමදාම අපි දිහා බලා ගෙන අපෙම යහපත පතමින් ඉන්නව. ඔබට මදකට හේ ඔහුව සනසන්න ලැබීම ලොකු දෙයක්. මගෙ ජීවිතයෙදි උනත් ගොඩක් දේවල් මම ඉගෙන ගත්තෙ මගෙ අාදර තාත්තා ගෙන්. නිර්මානයක රස විදින්න ෙහාද පොතක් තේර ගන්න ජීවිතය උපෙක්ෂාවෙන් විදගන්න නිරහංකාරව ඉන්න හැම දෙයම දැනගත්ෙත ඔහුගෙන්. ඔයාගෙ පුංචි පැටියටත් මෙහි සදහන් දේවල් කියල දුන්නම කවදාහේ ඔබ දිනුවා වෙයි. නිර්මානය පසුබිම හැමදෙම ලස්සනයි. හොදට රස වින්ද. මගෙ හිතත් මගෙ තාත්ත ලගට අරන් ගියා. ඔබ ෙග් පවුලෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි.

ගොඩාක් ස්තුතියි චන්දි අදහස් එකතු කළාට....
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ඇත්තටම සහෝ තාත්තට කවද ණය ගෙවල ඉවර කරන්න පුළුවන් වේවිද..
හරිම අපුරු නිර්මානයක්

අම්මලා තාත්තලා ට තියෙන ණය නම් ගෙවන්න වෙන්නේ මේ සමාජයට වැඩදායී දූ පුතුන් පිරිසක් බිහි කරන එක කියලයි මට නම් හිතෙන්නේ සහෝ...

ස්තුතියි අදහසට....
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ඇත්තමයි සහෝදරයා, මේක නම් හරිම වටිනවා. තාත්තා කෙනෙකුගේ ආදරය.
අම්මාත් අපිට ගොඩාක් ආදරෙයි තමා.අම්මා අපට ආදරය දෙනවා. ඒත් තාත්තාට ඒක කරන්න හැමතිස්සෙම බෑ.පවුලේ බර කරට අරන් තාත්තා දුක් විදිනවා දරුවන්ට සැප දෙන්න. ඇත්තටම පිය සෙනෙහසට නම් කවි ගී ලියවෙනවා මදි. එවන් කාලයක මේ කවි පෙල හරිම වටිනවා.

Thanks bro...
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
සාර්ථක නිර්මානයක් සහෝදරයා..
මගේ තාත්ත අද මගෙ ළග නැතිවුනත්, ඇත්තටම මගේ චූටියට තාත්තෙක් වෙලා මම ඒ ණය ගෙවනව!!
ජය!!


ඔබේ පැතුම් එලෙසම ඉටු වේවා සහෝ...

ස්තුතියි ඔබටත්......
 

nwnbs

Member
කවදා නම් ගෙවන්නද... කොහොම නම් ගෙවන්නද... ඒ ගුණ කඳ කොහොම විස්තර කරන්නද...
සාර්ථක සංවේදී නිර්මාණයක්... සුබ පතනව ඔබට යාළුවා...
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
කවදා නම් ගෙවන්නද... කොහොම නම් ගෙවන්නද... ඒ ගුණ කඳ කොහොම විස්තර කරන්නද...
සාර්ථක සංවේදී නිර්මාණයක්... සුබ පතනව ඔබට යාළුවා...

ගොඩාක් ස්තුතියි මිත්‍රයා......