අපායට නො/වැටෙන හැටි
මහනුවර
අස්ගිරි විජයසුන්දරාරාමයේ
ශාස්ත්‍රවේදී, පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
‘චත්තාරො ‘ මෙ භික්ඛවෙ පුග්ගලා
සනේතා සංවිජ්ජමානා
ලෝකස්මිං කතමෙ චත්තාරො’
තමො තම පරායනො , තමො ජෝති පරායනො
ජෝති තම පරායනො, ජෝති ජෝති පරායනො
“ශ්‍රද්ධා බුද්ධිසම්පන්න සුපින්වන්ති ,
සසර සැරිසරන අපමණ සත්වයන්ගේ යථා ස්වභාවය ප්රත්යක්ෂයෙන් දැන වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවත්නා සත්ව නානත්වය හේතු සාධක සහිතව පෙන්වා වදාළ සේක. පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට චින්තනයෙන් හා ක්‍රියාවෙන් වෙනස්වන නිසා පුද්ගලාන්තර අනන්‍යතාවය සලකුණුවන නිසාම සත්ව සන්තතියේ ප්‍රගතිය රඳා පවත්නේය. නාම රූප ධර්මයන්ගේ ප්‍රධාන ක්‍රියාකාරිත්වය ඒකාකාර වුවද එයින් සකස් වෙන ජීවලෝකය හා ද්රව්යලෝකය විවිධාකාරයෙන් සංකීර්ණ වන්නේය.
විවිධ අවස්ථාවල පුද්ගලානුරූපව බුදුරජාණන් වහන්සේ විසින් පුද්ගලයන්ගේ ස්වභාවය හඳුන්වාදී අවසානයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනාකොට සගමොක් මගට යොමු කිරීම දේශනා ක්‍රමය වේ.
තමො තමපරායනො හෙවත් අඳුරෙන් අඳුරට යන පුද්ගලයා තමො ජොතිපරායනො හෙවත් අඳුරෙන් එලියට යන පුද්ගලයා, ජොති තමපරායනො හෙවත් එළියෙන් අඳුරට යන පුද්ගලයා, ජොති ජොතිපරායනො එළියෙන් එළියට යන පුද්ගලයා වශයෙන් හතර දෙනෙක් මෙම සූත්‍ර දේශනාවෙන් හඳුන්වා දී ඇත.
පින්වත්නි, ඉතා කෙටියෙන් හඳුන්වා දී විස්තරාත්මකව එම පුද්ගලයන්ගේ ක්‍රියාකාරිත්වයත්, එම ක්‍රියාකාරිත්වයෙන් ලබන සාධනීය ප්‍රතිඵලයක් ගෙන හැර දක්වා මානව සමාජයේ පවත්නා පොදු ප්‍රවණතාවයත් සමාජ විද්‍යාත්මකව විවරණය කර ඇත්තේ යහපත් සමාජ ධර්මතා වර්ධනය කිරීම සඳහාය.
සෑම මිනිසාම තමාගේ පුද්ගල හැඟීමෙන් තවත් කෙනෙකුට සාම්‍ය නොවන නිසා “ නානත්තකායා නානත්ත සඤ්ඤා “ යනුවෙන් දක්වා ඇති නමුත් සමාජ ධර්මතා අනුව මිනිසුන් වර්ගීකරණය කොට මානව ධර්මයන් කෙසේ ප්රකාශනයට පත්වන්නේ දැයි බුදුදහමෙන් විග්රහකොට ඇත.
ලෝකය පවත්නාතාක් සත්වයාට සොබාදහමින් පරිත්‍යාග කොට ඇති අඳුර හා ආලෝකය ජීවාත්මක ශක්තිය පවත්වා ගැනීමට එකසේ මහෝපකාරි වේ. අඳුරක් නැත්නම් ආලෝකයක්ද නැත. ආලෝකයක් නැත්නම් සදා අන්ධකාරවීමක් සොබාදහමින් නිර්මාණය වී නොමැති අතර අඳුරත්, ආලෝකයත් සංකේතාත්මකව පරිහානියත් අභිවෘද්ධියත් දක්වා ඇත්තේ පරිසරයත් ජීවයත් එයින් පෝෂණය වන බැවිනි. මේනිසා බුදුරජාණන් වහන්සේ අඳුර පිරිහීමටත් ආලෝකය අභිවෘද්ධියටත් උපමාකොට එය පුද්ගල ක්‍රියාකාරිත්වයට ආරෝපනය කළ සේක.
“තමො තමපරායන හෙවත් අඳුරෙන් අඳුරට යන පුද්ගලයා “ පින්වත්නි” මෙලොව යමෙක් භෞතික වශයෙන් දුගී දුප්පත්ව ප්‍රාණඝාතාදී අකුසල් කරමින් ආගම දහම සදාචාරයට පිටුපා පවින් පවට පත්වේ නම් ඔහු තමො තම පරායන පුද්ගලයා නම් වන්නේය. එයින් එම පුද්ගලයා දෙලොවම පිරිහෙන්නේය.