අපායෙයි දිව්‍යලෝකෙයි දොරටු - සෙන් බොදු කත#
අපායෙයි දිව්‍යලෝකෙයි දොරටු - සෙන් බොදු කතා
නොබුෂිගෙ නමැති සොල්දාදුවෙක් හයිකුන් හිමියන් වෙත පැමිණ මෙසේ ඇසීය.
''ස්වාමිනී අපායයි දිව්‍යලෝකයයි කියල දෙකක් ඇත්තටම තියෙනවද''
හයිකුන් තමා කවරෙක්දැයි ඔහුගෙන් විචාළේය.
''මම සමුරායි කෙනෙක්'' යි හේ පිළිතුරු දුන්නේය.
''ඔබ සොල්දාදුවෙක්!'' යි හයිකුන් පුදුමය පළකළේය. ''මොන මෝඩ ප්රභූවරයෙක් ද තමුසෙ වගේ සොල්දාදුවෙකු පත් කරගන්නේ? තමුසෙගෙ මූණ හරියට හිඟන්නෙකුගෙ මූණ වගෙයි.''
මේ වචන ඇසූ සැණින් නොබුෂිගෙ බෙහෙවින් කෝපයට පත්වී කඩුව කොපුවෙන් එළියට ඇදගත්තේය. එහෙත් හයිකුන් නොනවත්වාම කතා කරගෙන ගියේය.
''හා...... එහෙනම් තමුසෙට කඩුවකුත් තියෙනවා. තමුසෙගෙ කඩුව මගෙ බෙල්ල කපන්න තරම් මුවාත් නැතුව ඇති''
නොබුෂිගෙ ගේ කඩුව මුළුමනින්ම එළියට ඇදෙත්ම,
''ඔන්න…. ඔන්න ඔය ඇරෙන්නෙ අපායේ දොර'' යි හයිකුන් පැවසීය.
මේ වචන පිටවෙනවාත් සමගම යථා තත්වය අවබෝධ කොට ගත් සමුරායි වරයා කඩුව නැවතත් කොපුවේ දමාගෙන නමස්කාර කළේය. එවිට,
''ඔය ඇරෙන්නෙ දිව්‍යලෝකයේ දොර'' යි හයිකුන්ගේ මුවින් නිකුත් විය.
උපුටා ගැනීම
http://prawadha.blogspot.com/

Last edited: