අපිට ඕනේ මොඩල් එක - සිංගප්පුරු මොඩලයද?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    අපිට ඕනේ මොඩල් එක - සිංගප්පුරු මොඩලයද?

    අපිට ඕනේ මොඩල් එක - සිංගප්පුරු මොඩලයද?


    අපි පස්වරු 2ට පමණ ගෙදරින් පිටත් වන අතර කිලෝමීටර 300 කට වඩා දුරගෙවා පස්වරු 6ට පමණ ජෝහොර් බාරු වෙත ලඟා වෙමු. එහි හෝටලයක රාත්‍රිය ගතකරන අප පසුදා උදෑසනින් අවදි වී ගමන ආරම්භ කර වුඩ්ලන්ඩ් පාලම හරහා සිංගප්පුරුවට වන්නෙමු.

    අපි මැලේසියාවේ ගතකල වසර දහයක කාලය තුල මම පස්වරක් සිංගප්පුරුවට ගොස් ඇත්තෙමි. මේවන විට මම හරියටම ලෝකයේ ඇති රටවල් 50 කට පා තබා ඇත. ඉන් මා යාමට අකමැතිම රට සිංගප්පුරුවයි. ප්‍රථම වර මා එහි ගියේ එහි සුන්දරත්වය නැරඹීමට කීවොත් සත්‍යයකි. අනෙක් සෑම වරකම ගියේ අත්‍යවශ්‍ය වූ කාරණාවකට පමණකි.

    සිංගප්පුරුව ලොව ඇති පිරිසිඳුම රටකි. එහි අගය කිරීමට බොහෝ දේ ඇත. අහස සිඹින ගොඩනැගිළි, විනෝද උයන්, තරු ගණනාවක හෝටල්, ඉතා ක්‍රමවත් මාර්ග පද්ධති, ඕනෑම ක්‍රියාවලියක ඇති ක්‍රමවත්භාවය ආදී ධනාත්මක කරුණු රැසකින් හෙබි මේ නුවර මා යාමට අකමැතිම ස්ථානයක් වන්නේ කෙසේදැයි ඔබ විමතියෙන් අසනු ඇත.

    සිංගප්පුරුව පුරාම මා දකින්නේ හැඟීම් දැනීම් නැති රොබෝවරුන් පිරිසකි. ඔවුන් තුල කලාත්මක චින්තනයක්, ස්වභාවධර්මය පිළිබඳව සුන්දර හැඟීමක් හෝ අඩුම තරමේ හාස්‍ය රසය විඳගැනීමේ හැකියාවක් හෝ මා දකින්නේ නැත. බස් රථයකට හෝ දුම්රියකට ගොඩ වන ඔබට තම ජංගම දුරකතනයේ හෝ ටැබ් එකේ දෙනෙත් ඔබා නොගත් පුද්ගලයෙකු දැකිය හැකි නම් එය පුදුමයකි.

    තෝකියෝවේ හෝ හොංකොන් නුවරදීද ඔබ මීට සමාන මිනිසුන් දකිනු ඇත. එහෙත් ඔවුන් ඉතා ආචාරශීලි වන අතර ඔවුන්ගෙන් කලාත්මක වින්දනය සම්පුර්ණයෙන් ගිලිහි ගිය බවක් නොපෙනේ. වරක් උමං දුම්රිය පොළකදී අතපසු වීමකින් වයස 16 ක පමණ දැරිවියකගේ ජංගම දුරකතනයේ මගේ අත යාන්තමින් වැදුණු අතර ඇය ඉතා උස් හඬින් මට බැන වැදුනාය. එවන විට වසර 8 ක් පමණ මැලේසියාවේ ලයාන්විත මිනිසුන් සමග දිවි ගෙවා තිබු මම ඇය දෙස තුෂ්නිම්භූතව බලා සිටියෙමි.

    1965 ට පෙර මැලේසියාව සහ සිංගප්පුරුව එකම රටකි. එහි වාසය කලේ එකම ජන කොට්ඨාශයකි (මැලේ, චීන, ඉන්දියන් මිශ්‍ර). වසර 50කදී ආර්ථික වශයෙන් මැලේසියාවට වඩා බොහෝ දුර ගමනක් සිංගප්පුරුව ගියේය. දරුණු නීති රීති යටතේ සිංගප්පුරුව විශාල ආර්ථික ප්‍රගතියක් අත්පත් කරගත්තේය. එහි දුෂණය බිංදුවක් ලෙස බොහෝ දෙනා දකිති. සිංගප්පුරු ජාතිකයන් බොහෝ දෙනෙකු අතර ආගම, ජාතිය, වර්ගය වැනි සංකල්ප පිළිබඳව හැඟීමක් නැත. මේ නිසා මෙම බෙදීම් මත පදනම් වූ ගැටුම් එහි නැත.

    මේ සියළුම යහඵල වෙනුවෙන් අඩසියවසක් තුල සිංගප්පුරුව විශාල ගෙවීමක් කර ඇත. එනම් රටේ සංවර්ධනය භුක්ති විඳීමට මිනිසුන් වෙනුවට යන්ත්‍ර බිහි කිරීමයි. ඔබට වුඩ්ලන්ඩ් පාලමෙන් මෙපිට මැලේසියාවට පා තබන විට මේ වෙනස සැබවින්ම දැනෙනු ඇත.

    මම හැමදාම කියන කළු සහ සුදු ලෝකය වෙතට මම නැවතත් ඔබව රැගෙන යමි. කළු කළු වන්නේද සුදු සුදු වන්නේද දකින්නාගේ විඥාණය මතය. මා සිංගප්පුරු ජාතිකයන් කිහිප දෙනෙකු සමගම ඔවුන්ගේ ජීවන රටාව පිළිබඳව කතා කර ඇත්තෙමි. ඔවුන් සියළු දෙනාම එම ජීවිතය පිළිබඳව තෘප්තිමත්ය. ඔවුන් සැම දෙනෙකුගේම සතියේ රටාව එක හා සමානය. ගමන, රැකියාව, රෙදි සේදීම, ආහාර පිසගැනීම සහ අනුභව කිරීමට අමතරව ඔවුන් කරන්නේ සිකුරාදා සවස පබ් එකකට ගොස් බියර් වීදුරුවක් බීමත්, රුපවාහිනිය නැරඹීමත්ය.

    මිතුරු හෝ නෑදෑ ඇසුර, අසල්වැසියා සමග සතුටු සමිච්චිය, ආගමික හෝ සංස්කෘතික කටයුතුවල යෙදීම, විනෝද ගමන් යාම, චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත හෝ නැටුම් දර්ශන නැරඹීම ආදී ක්‍රියා ඔවුන්ගේ කාල සටහනේ නැත.

    දුප්පත් සමාජ පන්තිවල බොහෝ දෙනාට මේ සිංගප්පුරු ජාතිකයා නොකරන දේවල් කිරීමට ශක්තියක් නැත. එහෙත් ආර්ථික ශක්තිය තිබියදීද එයින් ඈත්වීම ඛේදයක් ලෙස මම දකිමි. සමහර ආගමික සමාජ තුලද මේ තත්වය ඇත. එබඳු තමා විසින් තමාගේ මනසට විලංගු දමාගත් ප්‍රජාවන් පිළිබඳව මම මෙහිදී කතා නොකරමි.

    සිංගප්පුරු ජාතිකයෙක් උපතේ සිට මරණය දක්වා ඔහුගේ ජීවිතය ක්‍රමලේඛනය (programmed) කර ඇති බව මට හැඟෙයි. මිනිස් ජීවිතයක් යනු මෙම රජයේ ක්‍රමලේඛන රාමුවෙන් ඔබ්බට ගිය භුතාර්ථයක් විය යුතුයැයි මම සිතමි. මෙම ක්‍රමලේඛනය සහ සමහර ආගමික සහ සංස්කෘතික රාමු තුල බලහත්කාරයෙන් යොදන මානසික විලංගුවක් අතර ලොකු වෙනසක් මට නොපෙනේ. විලංගු ලාගත් සිංගප්පුරු ජාතිකයා මෙන්ම ආගමික අනුගමිකයාද තම විලංගුව සැපයක් බව සිතයි. මට සිංගප්පුරුව පෙනෙන්නේ, ලෝකයේ ඇති සුවපහසුම සිපිරි ගෙය ලෙසයි. මෙය සමහර විට මගේ චින්තන දෝෂයක් විය හැක.

    ලී ක්වාන් යූ බාරගත් සිංගප්පුරුව පිලිබඳ ඉතිහාසය දන්නා ඕනෑම අයෙක් ඔහුගේ ක්‍රියා මාර්ගය පසසනු ඇත. මමද එතැන සිටිමි.

    පැය 24ක් තුල මැලේසියාව විසින් පසු පසට පයින් ගසා සිංගප්පුරුව තම ෆෙඩරේෂනයෙන් (Malaysian Federation) එලවා දැමුයේ එහි වෙසෙන මිලියන දෙකක ජනතාව පිළිබඳව කිසිඳු තැකීමක් නොකරය. ජලය නැති, වගා බිම් අඩු, කිසිඳු ආදායම් මාර්ගයක් පිළිබඳව හෝඩුවාවක් නැති බිම් කඩක මේ පියා දරුවන් මිලියන දෙකක් සමග තනිවිය. ඔහුට තිබුණේ තේරීම් දෙකකි. එකක් සිය දරුවන් සමග මිය යාමයි. නැතිනම් ඉතා කර්කෂක රළු පථයක දිවි පරදුවට තබා ජාතිය ඉදිරියට ගෙන යාමයි. ඔහු දෙවෙනි මාර්ගය තෝරාගත්තේය.

    ඒ ගමන සඳහා ඔහු තම දරුවන් යන්ත්‍ර බවට හැරවීය. යන්ත්‍රවලට රිදවිය නොහැක. මාර්ගයෙන් පිට පනින යන්ත්‍ර ඔහු අක්‍රිය කර කොටස්වලට ගලවා දැමිය. ඒ ගැන අනෙක් යන්ත්‍ර කිසිඳු හඬක් නොනැගීය. ඒ ඒවා යන්ත්‍ර නිසාය. වසර 40 ක පමණ දිගු ගමනකින් පසු ලී ක්වාන් යූ නික්ම ගියේ ඔහුගේ පොරොන්දු දේශය යථාර්තයක් වූ බව මැනවින් පසක් කරගනිමිනි. එහෙත් එහි සිටින දරුවන් යන්ත්‍ර බව ඔහු අවබෝධ කරගත්තාදැයි මම නොදනිමි.

    මේ කතාව මට කීමට සිත් වුයේ ලංකාවට අවශ්‍ය රාජ්‍ය පාලන මොඩලය හෙවත් ආකෘතිය පිළිබඳව යම් කතිකාවතක් ඇතිවී ඇති නිසයි.

    ලංකාවට අවශ්‍ය සිංගප්පුරු මොඩලයද? මගේ පෞද්ගලික අදහස නම් අනිවාර්යයෙන්ම එය නොවන බවයි.

    1965 දී ලී ක්වාන් යූ බාරගත් සිංගප්පුරුවත්, අද පවතින ලංකාවත් සංසන්දනය කිරීම ඔබට බාරය.

    කෙසේ නමුත් අපේ මොඩලයකට සිංගප්පුරුවෙන් ගත හැකි දේ බොහෝ ඇත.


    source https://chandimagomes.blogspot.com/2019/07/blog-post_17.html?fbclid=IwAR1TwyJwitG4pnUl4ui1OHDujDQ3oRlWcY-84LFAFQ_doLPPuPP4WeYkpww

    සිංගප්පුරුව කියන්නේ ලස්සනට හදපු හිරගෙයක්
    මමත් කාලයක්ම ඔය හිර ගෙදර ලගපු නිසා දන්නවා මිනිස්සු අනිත් යට උදව් කරන්නේ හරිම අඩුවෙන්. ටික කාලයක් ඉන්නකොට මුළු රටම දැක්කට පස්සේ එපාම වෙනවා මොකද කොහෙන් ගියත් පෙන්නේ එකම ටික නිසා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපෝ සිගප්පූරුව කොහොමත් හරි යන්නෙ නැ එහෙ ඉන්න පල් හොරු..නැත්තන් රටකින් රටකට ඇවිල්ල පොන්නය එක්ක එකතුවෙලා අපේ මහ බැකුවට කෙලීද... හරි යන්නෙම නැ ඒක හින්ද.. :yes::yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    සිංගපුරුව මහා ලොකු දියුණු රටක් කියලහිතන් ඉන්න අයට මගේ මෙව්වා එක. මම මේක කියල ඔය උගත් බුද්ධිමත් කියන උන් එක්ක වාද කළා උන් මට හිනා උනා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    අපෝ සිගප්පූරුව කොහොමත් හරි යන්නෙ නැ එහෙ ඉන්න පල් හොරු..නැත්තන් රටකින් රටකට ඇවිල්ල පොන්නය එක්ක එකතුවෙලා අපේ මහ බැකුවට කෙලීද... හරි යන්නෙම නැ ඒක හින්ද.. :yes::yes::yes::yes:


    හරි සෝක් රට. ඒ රටේ පුරවැසියෙක් වෙන රටක ගේමක් දුන්නා හැබැයි ඒ හරි සෝක් රටේ ආණ්ඩුව ඒ හොරාව අල්ලලා දෙන්නේ නෑ. :lol::yes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    Apita one Rochel....Ko me Rochel

    අර මහින්දගේ ගු කන ඒක නේද
    තව ටිකකින් එයි
    ඇවිත් හැමදාම දන කමෙන්ට් එක ෆොන්ට් කලර් වෙනස් කරලා දායි
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    සිංගපුරුව මහා ලොකු දියුණු රටක් කියලහිතන් ඉන්න අයට මගේ මෙව්වා එක. මම මේක කියල ඔය උගත් බුද්ධිමත් කියන උන් එක්ක වාද කළා උන් මට හිනා උනා

    දියුණු රටක් මචන් කොන්ක්‍රීට් වලින්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    අපෝ සිගප්පූරුව කොහොමත් හරි යන්නෙ නැ එහෙ ඉන්න පල් හොරු..නැත්තන් රටකින් රටකට ඇවිල්ල පොන්නය එක්ක එකතුවෙලා අපේ මහ බැකුවට කෙලීද... හරි යන්නෙම නැ ඒක හින්ද.. :yes::yes::yes::yes:

    කොහෙද බන් උබ ගිහින් හිට්යේ
    ගෝටයිම්බර ගොයියව බලන්න සින්ගපුරුවේ වත් ගියද ?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    සිංග වගේ දුෂණ නැත්තටම නැති කරන්න පුළුවන් නම් එක තමයි ගන්න තියෙන එකම මොඩලය මට හිතන් විදිහට, නැත්තම් ඉතින් අපිට වෙන්නේ ඇෆ්ගනිස්ථානයටත් වඩා අන්ත විදිහට ජිවත් වෙන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    අපෝ සිගප්පූරුව කොහොමත් හරි යන්නෙ නැ එහෙ ඉන්න පල් හොරු..නැත්තන් රටකින් රටකට ඇවිල්ල පොන්නය එක්ක එකතුවෙලා අපේ මහ බැකුවට කෙලීද... හරි යන්නෙම නැ ඒක හින්ද.. :yes::yes::yes::yes:


    උදේ පාන්දර පොන්න කතා නොකිය හිටපන් . ගිරුවාපත්තුවේන් ආපු ගස් ගිහන්නෝ ටික එතකොට අපේ සල්ලි වලින් අම්මට අප්පට සොහොන් හදල දුන්නම හරිද , නංගිගේ මහත්තය එක්ක මිග් ඩිල් දැම්මම හරිද . නිකන් පුක කහනවට කහින්න එපා එරෝසන්. උබ සර්ව සම්පුණ වෙයන් ඉස්සලා අනිත් උන්ට බනින්න
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අම්මප යකෝ...මහ බැංකුව මහා දවල් කඩපු උන්ට බැන්නම පුකේ ඉත්තෑවෝ යන පුක් කොල්ලෝ වැහි වැහලනේ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    අම්මප යකෝ...මහ බැංකුව මහා දවල් කඩපු උන්ට බැන්නම පුකේ ඉත්තෑවෝ යන පුක් කොල්ලෝ වැහි වැහලනේ

    මොකක්ද බන් උබ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උදේ පාන්දර පොන්න කතා නොකිය හිටපන් . ගිරුවාපත්තුවේන් ආපු ගස් ගිහන්නෝ ටික එතකොට අපේ සල්ලි වලින් අම්මට අප්පට සොහොන් හදල දුන්නම හරිද , නංගිගේ මහත්තය එක්ක මිග් ඩිල් දැම්මම හරිද . නිකන් පුක කහනවට කහින්න එපා එරෝසන්. උබ සර්ව සම්පුණ වෙයන් ඉස්සලා අනිත් උන්ට බනින්න

    ඉතින් බන් උබලගෙ පාන්ඩුවට පුලුවන්නෙ හොරු ටික අල්ලන්ඩ..පොන්නය කීවෙත් හොරු අල්ලනව කියල නේද..ඇත්තට කෝ බන් උබලගෙ පොන්නය අල්ලනව කියපු හොරු???????? :shocked::shocked: ඇත්තටම උබලගෙ පොන්නය අල්ලපු එකම එක හොරෙක්වත් නැද්ද බන්..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉස්සෙල්ලා මහ බැංකුවෙන් කොල්ලකාපු සල්ලි ආපහු දීපන්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    ඉතින් බන් උබලගෙ පාන්ඩුවට පුලුවන්නෙ හොරු ටික අල්ලන්ඩ..පොන්නය කීවෙත් හොරු අල්ලනව කියල නේද..ඇත්තට කෝ බන් උබලගෙ පොන්නය අල්ලනව කියපු හොරු???????? :shocked::shocked: ඇත්තටම උබලගෙ පොන්නය අල්ලපු එකම එක හොරෙක්වත් නැද්ද බන්..

    එරෝසන් උබ අද roehcl ගේ එකවුන්ට් එකෙන් ලොග් උනේ නැද්ද ?