අපිට තනියෙන් ඡන්දයක් දින්න බෑ..........

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    අපිට තනියෙන් ඡන්දයක් දින්න බෑ..........
    ---------------------------------------------
    "කවුරුහරි කයනවානම් ජවිපෙ එකට විතරක් තනියෙන් ජනාධිපතිවරණයක් දිනන්න පුලුවන් කියලා , ජවිපෙට විතරක් තනි ආණ්ඩුවක් හදන්න පුලුවන් කියලා ඒ අයගේ ඔලුව පොඩ්ඩක් චෙක් කරලා බලන්න වෙනවා. ලංකාවේ දේශපාලනයේ හැටියට අපිට කවදාවත්ම බෑ තනි ජවිපෙ ආණ්ඩුවක් හදන්න. මැතිවරණයක් අපිට දිනන්න පුලුවන් වෙන්නේ පොදු සන්ධානයක් තුළ පොදු අපේක්ෂකයෙක්ව ඉදිරිපත් කරොත් විතරයි. අන්න ඒ දේ කරලා අපිට පුලුවන් බලය අල්ලන්න."
    (කේ.ඩී.ලාල්කාන්ත)
    අපේ ජවිපෙ සහෝදරයින් මොක්‍ද්ද හිතන්නේ ලාල් සහෝදරයා මේ කිව්ව දේ ගැන? නෑ මේ මන් ඇහුවේ 2024දි නියත ජනාධිපති අනුර සහෝදරයා තමයි කියාගෙන ස්වයං ආතල් ගන්න අපේ ජවිපෙ සහෝදරයින්ගෙන් කිසි කෙනෙක් ලාල් ගේ මේ කතාව ගැන එක වචනයක්වත් කියනවා මන් දැක්කේ නෑ ඒකයි. හැබැයි සහෝදරවරුණි ලාල්ගේ මේ කතාවෙන් ඔයාලට හිතන්න ගොඩාක් දේවල් තියෙනවා.
    ලාල්ගේ මේ කතාව ගැන ජවිපෙ සෙට් එක මොන විදියකට හිතුවත් අපිට ඒක අදාලම නෑ මොකද ඔවුන් වගේ ළිඳ ඇතුලේ ඉඳගෙන අහස දිහා බලලා මේක තමයි ලෝකය කියලා හිතනවා වගේ නෙමෙයි අපි හිතන්නේ. අපිට දේශපාලන කියවීමක් තියෙනවා , අපි දේශපාලනය ගැන සහ දේශපාලකයින් ගැන දකින විදියක් තියෙනවා. අන්න ඒ විදියට ලාල්ගේ කතාව දිහා බලද්දි අපිට පේනවා ලාල් රටට විශාල පණිවිඩයක් දෙනවා කියලා. ඒ වගේම අපි හිතනවා අනාගතයේදි පොදු අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙන්න ලාල්ට ලොකු උවමනාවක් තියෙනවා කියලා. හේතුව දේශපාලනය කරන කිසි කෙනෙක් කැමති නෑ හැමදාම එකම තැනක ඉන්න. දේශපාලනය කරන හැම කෙනෙක්ම බලන්නේ තමන්ට යන්න පුලුවන් ඉහළම තැනකට යන්නයි. උදාහරණයට ගන්නලාකෝ පච රණවක ගැන? මෑන් කොහොමද සිජිත්ව කපලා 2024දි ජනාධිපති අපේක්ෂකයා විදියට තමන්ව පත් කරගන්න ගහන ගේම? ඉතින් ජවිපෙ කියලත් අහසින් පාත් වෙච්ච අය නෙමෙයිනේ? ඔය පක්ෂයේ නායකයින්ටත් ආසාවල් තියෙනවා රටේ ඉහළම පුටුවේ වාඩි වෙන්න. ඇයි සෝමවංශ සහෝදරයාව කපලා අනුර සහෝදරයා පක්ෂයේ නායකත්වය තමන්ගේ අතට ගත්තේ නැතිද? අනුර සහෝදරයා පක්ෂය ඇතුලේ ගහන ගේම්වලට එරෙහිව ටිල්වින් සහෝදරයා එහෙම පෙරෙට්ටෝ එක්ක පක්ෂයෙන් එලියට යන්න ප්ලෑන් කරේ නැද්ද? අන්තිමට ටිලා සහෝදරයා තියන් හිටපු සුභා ගැන කියලා බ්ලැක්මේල් කරලයි අනුර සහෝදරයා ටිලාව පක්ෂයේ තියාගත්තේ. අන්න එදා ඉඳන් ටිලත් අනුරට කීකරුව වැඩ කරගෙන යන්නේ නැද්ද?
    ඔය බුකියේ ජවිපෙ පෝස්ට් ශෙයාර් කර කර තමන් පට්ට සමාජවාදියෙක් කියලා හිතාගෙන ඉන්න බුකි ජෙප්පන් එකෙක්වත් දන්නේ නෑ ඔය පක්ෂය ඇතුලේ නායකයින් එකාට එකා නෑ කියලා. ජවිපෙ පූර්ණකාලීන සාමාජිකයෙක්ට කිට්ටු වෙලා පොඩ්ඩක් අහලා බලන්නලා අනුරයි ලාලුයි අද ඊයේ නෙමෙයි දැනට අවුරුදු ගානකට කලින් ඉඳලම දෙන්නට දෙන්නා මූණවත් බලන්නේ නෑ. ඔය ස්ටේජ් එකට නැගලා දේශපාලන කතා කියෙව්වට පෞද්ගලිකවම දෙන්නට දෙන්නා තරහයි. මොකද තවමත් සමාජවාදි අදහස් කරේ තියාගෙන යන ලාල්ට අනුරගේ ලිබරල්වාදි අදහස් සෙට් වෙන්නේ නෑ වගේම අනුර කියන්නේ රනිල්ගේ පදේට නටන එකෙක්. මේ ප්‍රශ්නය පක්ෂය ඇතුලේ ඉන්න හැමෝම හොඳින්ම දන්නා ප්‍රසිද්ධ රහසක්.
    හරි අපිට වැඩක් නෑ ජවිපෙ පක්ෂය ඇතුලේ තියෙන ප්‍රශ්නයන් හැබැයි ලාල් සහ අනුර අතරේ ගේමක් තියෙනවා කියන එක මන් සඳහන් කරේ පොදු අපේක්ෂකයෙක් වීමේ බලාපොරොත්තුව ලාල්ට තියෙනවා කියන එක කට්ටයට තේරුම් කරලා දෙන්න ඕනි නිසයි.
    කට්ටියට මතකද ෆොන්සේකව පොදු අපේක්ෂකයෙක් විදියට ගෙනල්ලා මුලු රටේම ජවිපෙ නන්නත්තාර වෙලාම ගියේ? අන්තිම ෆොන්සේකත් දුන්නනේ අනුරගේ කණ රත් වෙන්නම? අන්න ඒකෙන් පස්සේ ලාල් දෙයක් කිව්වා "අපිට වැරදිච්ච තැන්වලින් එකක් තමයි පොදු අපේක්ෂකයෙකුගේ පස්සෙන් ගිය එක , මොකද ජනතාව අපෙන් බලාපොරොත්තු උනේ නෑ එජාපයට සම්බන්ධ වෙලා අපි වැඩ කරයි කියලා. හැබැයි මීට පස්සේ පොදු අපේක්ෂකයෙක් කියන වචනයට ජවිපෙන් ඉඩක් නෑ" කියලා. එදා ඔහොම කියපු ලාල් අද පොදු අපේක්ෂකයෙක් ගැන කියවන්න ගත්තා කියන්නේ මොකද්ද ඒකේ තේරුම? ඒ කියන්නේ පොදු අපේක්ෂකයෙක්ට කෙලින්ම සහය ලබා නොදි 2015දි වගේ හැංගි හොරා ගේමක් ගහලා පොදු අපේක්ෂකයෙක්ට සහය ලබා දෙනවා කියන එකද දන්නෙත් නෑ ලාල් ඔය කිව්වේ. එහෙම නැතිනම් තමන්ව පොදු අපේක්ෂකයෙක් කරොත් තමන්ට පුලුවන් සියලු පක්ෂවල් ඒකරාශි කරගෙන 2024දි බලය අතට ගන්න කියලා කිව්වද දන්නෙත් නෑ. හැබැයි ඔය කාරණාවල්වලින් මොකක් ගැන ලාල් කිව්වත් ලාල් පැහැදිලිවම දන්නවා අනුර කුමාරට ලොවෙත් ඡන්දයක් තියා නගර සභාවක්වත් දිනන්න බෑ කියලා.
    ජවිපෙ ගැන මොන මතවාද තිබුනත් ඇත්තම කතාව අනුරට වඩා සෑම පාක්ෂිකයෙන්ගෙන්ම ලාල්ට හොඳ පිලිගැනීමක් තියෙනවානේ? මොකද අනුරයා කියන්නේ ඩීල් කාරයෙක් , රනිල්ට කඩේ යන එකෙක් කියලා මුලු රටම දන්නවා. හැබැයි ලාල්ට ඔහොම ඡෝදනාවක් තියේද? ඉස්සර කන්නවත් නැතිව තමන්ගේ බිරිඳට ලැබෙන පඩියෙන් සහ යාළුවෝ නොමිලේ ගෙනත් දීපු දේවල් කාලා බීලා හිටියට මොකද ලාල් කියන්නේ දැන් ඉඩම් ව්‍යාපාරිකයෙක්. ලාල් ඉඩම් ව්‍යාපාරිකයෙක් උනේ රනිල්ගේ සල්ලිවලින් නෙමෙයිනේ? ලාල්ට පරම්පරාවෙන් ලැබිච්ච ඉඩම් විකුණලා තමයි ලාල් අද මේ තත්වයට ආවේ. අන්න ඒ නිසා මිනිහට ලොකු ඡෝදනා එහෙම නෑ. අනික ඔය අනුරව ගත්තත් මෑන් බොන්නේ විස්කි වගේ හොඳ බ්‍රෑන්ඩ් ඒ වගේම මෑන් බොන්නෙත් තමන්ගේ ඉහළ පන්තියට ගැලපෙන අයත් එක්ක විතරයි. හැබැයි ලාල් එහෙම නෑ. ලාල්ට බොන්න ඕන උනොත් කසියා හරි ගහනවා. ඒ වගේම කිසි කෙනෙක්ගේ තරාතිරමක් ගැන හොයන්නෑ ඕනෑම පේමන්ට් කාරයෙක් එක්ක උනත් ලාල් අඩියක් ගහලා ආතල් එකේ ඉන්නවා. ඇත්තටම මේ වගේ හැම කෙනෙක් එක්කම ආශ්‍රය කරන ලාල්ට පුලුවන් රටේ සියලුම ජනතාව එකට එකතු කරන්න. නමුත් ඕක අනුරට ලොවෙත් කරන්න බෑ. එහෙනම් අපිත් පිලිගන්නවා 2024දි පොදු අපේක්ෂකයෙක්ව ගේනවානම් එකම සුදුස්සා ලාල් කියලා.
    මොහමඩ් අක්රම්.
    ---------------------
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,383
    100,271
    113
    අපිට තනියෙන් ඡන්දයක් දින්න බෑ..........
    මොහමඩ් අක්රම්.

    ඔච්චරයි බ්‍රෝ කියෙව්වෙ සමරියක් දාපන්.
     
    • Haha
    Reactions: Smartm

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    එක දවසක් ගෙදර රණ්ඩුවක් වෙලා පොලිසියට කෝල් කරා උන් එන්න බලන්නම් කිව්වා එත් ආවේ නැහැ
    අද අපේ අම්මගේ ෆෝන් එක හොරකන් කරලා කඩුගන්නාව පොලිසියට ගිහින් කියන කොට උන් අහනවා හොරාගේ නම දන්නවද කියලා :mad: දන්නේ නැහැ කිව්වම උන් කියනවා පැමිණිල්ල ලියන්නේ කොහොමද කියලා පස්සේ කොහොමහරි ෆෝන් නැතිවුනාම පැමිණිලි ලියන කෙනා නෑ කියලා හෙට උදේ අටට එන්න කිව්වා මට ප්‍රශ්නේ තියෙන්නේ ෆෝන් නැතිඋනම පැමිණිලි ලියන කෙනා නැත්නම් එක සුද්ද සිංහලෙන් තේරුම් කරලා කියන්න එපයි මුන් එහෙම නෙමෙයි මුන් අරහෙට යන්න මෙහෙට එන්න කියලා අපිව රස්තියාදු කරා :mad::mad::mad:

    රට හදන්න කලින් උබේ පවුලේ ප්‍රශ්න ටික විසදන් වරෙන් පොම්නයෝ :lol:
     
    • Haha
    Reactions: NVt69

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මුක්කු ගහලා බලයට ආවොත් තක්කු මුක්කු වෙලා තමයි ඉන්න වෙන්නේ. ඒක නිසා තමුන්ට පුලුවන් පමණින් අනන්‍යතාවයක් ගොඩ නගාගන්න....