අපිට මෙහෙම ඉන්ග්ලිෂ් ටිචල හිටියේ නැ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,023
    35,963
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපිට මෙහෙම ඉන්ග්ලිෂ් ටිචල හිටියේ නැ

    සාමාන්‍ය පෙළ විභාගයට නීතිවිරෝධී ලෙස පිළිතුරු සපයමින් සිටි සිසුවෙක් හා ඊට අනුබල දුන් පාසල් ගුරුවරියක් බලංගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ(06) දින බලන්ගොඩ ජෛයිලානි මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි කොටුවල්පොළ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික අයදුම්කරුවෙකු දුරකතනය හරහා
    එස්එම්එස් මගින් උත්තර ලබාගනිමින් සිටියදී

    විභාග ශාලාව තුළදී හසුව ඇත. ඔහු සිය සපත්තු මේස් එක අස්සේ දුරකතනයක් දමාගෙන විත් ශාලාවේ මේසය මත කොළයකට වසා නොපෙනෙන්නට එය තබාගෙන තිබෙන අතර විභාගය පටන් ගෙන ටික වේලාවක සිට කොළය දිගහරිමින් එස්එම් එස් වලින් ලැබෙන උත්තර සටහන් කරගනිමින් සිට ඇත. ඊයේ පවත්වා ඇත්තේ සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි බස පළමු ප්‍රශ්න පත්‍රයයි.

    නිශ්ශබ්ද කර තිබූ දුරකථනයට පණිවිඩ ලැබෙන ආකාරය වැඩි දෙනෙකුට නොතේරුණ නමුත් ශාලාවේ සේවය කළ පරීක්ෂකවරයෙකුට මේ හොරය නිරීක්ෂණය කරන්නට හැකිව තිබේ.

    ඒ අනුව දුරකථනය සමග සිසුවා විභාග වංචාව සදහා අල්ලාගන්නට ශාලාධිපති කටයුතු කළේය. පසුව කළ සොයා බැලීමේදී එස්එම්එස් එවමින් සිට ඇත්තේ වෙනත් විභාග ශාලාවක සේවය කරමින් සිටින විභාග රාජකාරියේ යෙදෙන ගුරුවරියක බවත් අනාවරණය විය. සැකකාර ගුරුවරිය වෙනත්

    විභාග මධ්‍යස්ථානයට ප්‍රශ්න පත්‍රය ලැබු පසු බෙදා ඉන් ඉතිරි වූ ප්‍රශ්න පත්‍රයක් ළඟ තාබාගෙන මෙලෙස පිළිතුරු යවා ඇති බවද අනාවරණය විය.

    මෙම දෙදෙනාම විභාග පනත යටතේ බරපතල වරදක් සිදු කර ඇති බව ඔප්පු විය.සැකකාර ගුරුවරිය රාස්සගල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ඉංග්‍රිසි විෂය උගන්වන අයකු බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඇය මෙම සිසුවාට උපකාරක පන්ති කරමින් සිටි අයෙකු බවද වාර්තා විය.

    දෙදෙනාම අත්අඩංගුවට ගෙන බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
    බලංගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    අපේ ඉස්කෝලෙ ඒ කාලෙ හිටියා එකෙක් පින්සිබොල් කෙනෙක්ගෙයි ගුරුවරියෙකුගෙයි පුතෙක්. මට මතකඉ සාපෙ ලියද්දි අපිව බලන්න හිටපු ගුරියෙක් ඌට උදව් කලා. පේපර් බෙදන්න කලින් ගුරී ඌ ගාවට ගිහිල්ලා පේපර් එක පත්තරේ වගේ දිග ඇරන් කියෝනවා වගේ ඉන්නවා. ඌ වටේ උන් එක්ක උත්තර සාකච්ඡා කරනවා ඒකෙන් බලාගෙන.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අපිට මෙහෙ නිතර අහන්න නොලබුනට ඔය උතුරු නැගෙනහිර දෙමල ඉස්කෝල වල ඔය සිද්දිය සැහෙන්න තියනවා කියලා කියන්නේ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,963
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ ඉස්කෝලෙ ඒ කාලෙ හිටියා එකෙක් පින්සිබොල් කෙනෙක්ගෙයි ගුරුවරියෙකුගෙයි පුතෙක්. මට මතකඉ සාපෙ ලියද්දි අපිව බලන්න හිටපු ගුරියෙක් ඌට උදව් කලා. පේපර් බෙදන්න කලින් ගුරී ඌ ගාවට ගිහිල්ලා පේපර් එක පත්තරේ වගේ දිග ඇරන් කියෝනවා වගේ ඉන්නවා. ඌ වටේ උන් එක්ක උත්තර සාකච්ඡා කරනවා ඒකෙන් බලාගෙන.

    හෙන ගහනවා බන් ඉතින්...