හැබැයි නවසීලන්තෙට
- ලෝකෙ අංක එකේ ක්‍රිකට් ටීම් එකක් ඉන්නවා.
- ලෝකෙ අංක එකේ රග්බි ටීම් එක ඉන්නවා
- ලෝකෙ අංක එකේ නෙට්බෝල් ටීම් එක ඉන්නවා.
- ඔලිම්පික් පදක්කම් 120 ක් තියනවා.
ඔස්ට්‍රේලියාවේ
- ලෝකෙ හොඳම ක්‍රිකට් ටීම් එකක් ඉන්නවා.
- ලෝකෙ හොඳම රග්බි ටීම් එකක් ඉන්නවා.
- FIFA world cup එක සෙල්ලම් කරන ෆුට්බෝල් ටීම් එකක් ඉන්නවා.
- ලෝකෙ හොඳම නෙට්බෝල් ටීම් එකක් ඉන්නවා.
- ඔලිම්පික් පදක්කම් 512 ක් දිනලා තියනවා.
මිලියන 21 ක් ජනගහනය ඉන්න ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ටීම් එකට හරියට 11 දෙනෙක් හොයාගන්න බැරිවෙලා තියනවා මේ වෙද්දි.
ඔලිම්පික් පදක්කම් දෙකයි තියෙන්නේ මේ වෙද්දි. දෙකම රිදී පදක්කම්. තව ලැජ්ජා නැතුව සමරනවා.
නෙට්බෝල් ටීම් එක යන්තන් හොඳට කරගෙන ඉන්නවා අසාමාන්‍ය උස ප්ලෙයර් කෙනෙක් ඉන්න හින්දා. එයා ගියපු ගමන් සංගක්කාර ගියපු ක්‍රිකට් ටීම් එකට උන වැඩේ වෙනවා.
ෆුට්බෝල් සෙල්ලම් කරන රටවල් 209 න් ලංකාව ඉන්නෙ 204 වෙනි තැන.
ලංකාවට අඩු ජනගහනයක් ඉන්න නවසීලන්තය, ලංකාවට සමාන ජනගහනයක් ඉන්න ඔස්ට්‍රේලියාව මෙච්චර ක්‍රීඩා වලින් උඩ ඉද්දි ලංකාවට මේ වගේ ඇචිව්මන්ට් වලට යන්න බැරි ලංකාවෙ උන් කිරෙන් බාල වෙලාද?
මේකට ලොකුම හේතුවක් තමයි ඒ රටවල තියන දියුණු පාසැල් ක්‍රීඩා ව්‍යුහය...
ඒ රටවල් වල හැම ඉස්කෝලෙකටම පහසුකම්, සම්පත් සමානව බෙදෙනවා. ටැලන්ට් එකක් තියන ලමයි අඳුරගන්නවා. ඒ කට්ටියට හොඳ පහසුකම්, දක්ෂ කෝච්ලා දීලා එයාලව ශාප් කරනවා.
ස්කූල් මාෆියාවක් ඒ රටවල නෑ. අම්ම්ටසිරි අපි තමයි ලොකු ඉස්කෝලෙ අපෙන් විතරයි නැශනල් ප්ලෙයර්ස්ලා එන්න ඕනේ කියලා හිතන කුහකකමින් පිරුණු ඉස්කෝල නෑ.
නගරේ තියන ලොකුම ඉස්කෝලෙ පහසුකම් ගමේ තියන පොඩිම ඉස්කෝලෙටත් තියනවා. ඩිවිශන් වලට බෙදලා නම්බර් වන් ඩිවිශන් වලට හොඳ සැලකිලි, පොඩි ඩිවිශන් වලට කුඩම්මගෙ සැලකිලි නෑ.
දක්ෂයෙක්නම් ප්‍රැක්ටිස් වලට, හොඳ කෝච්ලා ගන්න, සප්ලිමන්ට් වලට රජය උදව් කරනවා.
අම්මටයි තාත්තටයි සල්ලි තිබ්බා කියලා එයාලව ටීම් එකට තෝරගන්නෙ නෑ.
අරූව දාපන් මූව දාපන් කියලා කෝච්ලට බලපෑම් කරන්න ආදි ශිෂ්‍යයො ඒ රටවල නෑ.
සවුත්තු ග්‍රවුන්ඩ් වල, කැඩිච්ච ට්‍රැක් වල සෙල්ලම් කරන අය ඒ රටවල නෑ.
ඉතින් ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ. ඒක අහන්න ඕනෙ ලොකු පුටු වල ඉඳගෙන ඒවා ඒවා කරනවා වෙනුවට පිස්සු කෙලපු මහත්තුරුන්ගෙන් තමයි.
සටහන- #පුබුදු #සන්ඳීපගේ බිත්තියෙන්
