අපිට_මොනවා_වෙලාද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අපිට_මොනවා_වෙලාද ?



    කිව්වට තරහ වෙන්න එපා පුතේ.




    ලංකාවේ රටකජු බටර් ග්රූම් 500 ක් රුපියල් එකදාස් පන්සීයකට කිට්ටුයි. මුලු රට පුරාම අව්ව. අමෙරිකාවේ ඩෝලර් 2.7. මේ මගුලේ මාස තුනයි රට කජු හිටවන්න පුලුවන්. සෝයා මාස තුනයි හිටවන්න පුලුවන්. පොලව අන්තිම නීරසයි. මෙලෝ අලයක් හරියන්නේ නෑ - පස පදම් කරන්නේ නැතුව, පසට මුකුත් නොදා - මොජ් රසායනික පෝර ආදිය නැතුව අල ගෙඩියක්වත් හිටවන්න බෑ. ඒකට ලංකාවේ. ඉවත දමන දලුව වුවද දලුලා යලි පැලවේ. එදා කුමාරගම මහත්තයා එහෙම කට කහනවාටම කිව්වේ නෑ. ඇමරිකාවේ ගොඩක් පැති වල මල් තියෙන්නේ මාස තුනයි නමුත් මී පැණි ඕනතරම්. ඩොලර් 6, 7 ක් දීලා මාසයකට මී පැණි ගත්තාම මී පැණියි රට කජු බටරුයි එක්ක පාං කාලා සතුටින් ඉන්න පුලුවන්නේ. ඇගටත් හොදයි. ලංකාවේ දකුණේ මල් වරන කාලෙට උතුරේ මල් පිපෙනවා. අඹ ගහක සීසන් දෙකක් පල දරණවා. අඹ ඇටයක් දැම්මොත් මොන පෝරද. ටික කාලයක් මෙහේ Rain Garden එකක වොලන්ටියර් කරනවා. අපේ රට මොනතරම් වාසනාවන්තද, නමුත් වගතුවක් නෑ.

    හිතට හොදටම දැනුන තැනක් තිබ්බා. දවසක් අපිත් එක්ක වැඩ කරන මුස්ලිම් යාලුවෙක් හොදටම අප්සෙට් වෙලා දුවන් එනවා. හොදටම හති වැටිලා - ඕස්ත්‍රේලියාවට පනින්න ගිහින් - වැඩේ කෙලවිලා. මිනිහා ඇවිත් කියනවා, මචං මගේ දරුවාට චීස් කෑල්ලක් අරන් දෙන්න විදියක් නැහැ. කිරි ටිකක් නෑ. අරාබියට පැනගත්තු එවුන් චීස් ටින් පුරෝලා පිංතූර දැක්කාම ඉන්න බෑ. ඉතිං ලංකාවේ හැම තැනම තනකොල. අවුරුද්දේ වැඩි හරියක් කොලපාටයි. ඉන්දියාවෙන් ආපු යාලුවෙක් කියනවා අපේ ගෙදර ඉදන් - මේ රාමායනනේ තියෙන්නේ ඇත්තනේ. මේකට ස්වර්ණලංකා කියලා වාල්මිකී කිව්වේ ඇයි කියලා දැනුයි තේරෙන්නේ කියලා. අවුරුදු 30 කට කලින් හැම තැනම දිය ඇලි වතුර පාරවල් - දැං නම් ගේ ඉස්සරහ වෙලත් හිදි හිදි යනවා. පිං ලිදේ වතුර ටික - මේවාගේ හිටපු මාලු, දියහවරිය, පාසි, මුගුනු ඇන්න කඩන්නේ වෙලෙන්. පුදුම රහක් ඒ මුගුණු ඇන්නටික - දැං ඒ මුගුණුඇන්න වර්ගය දකින්නත් නෑ.

    මේ සිතුවිලි එක්ක කැලිපෝනියා පැත්තට බහිනකොට මහ පෑවිල්ල. හැබැයි අඹවතු අඹ ගෙඩි පිරිලා. අලි ගැට පේර මහා වගාවල් - ගෙඩි බිබිලි දාලා - අපි දැකලා තියෙන මහා ලස්සන පිරුණු දිලිහෙන ගෙඩි වගේ නෙමෙයි. මේ අඹ අපේ රටේ කරත්ත කොළඹ අඹයක් රට අඹයක් බෙට්ටි අඹයක් විතර රහ නෑ. වර්ග කීපයයි. ලංකාවේ ඇති පදම් අඹ වර්ග. ඒවාගේ රස -කියන්න බෑ. සුවඳ?. නිකමට අපේ ගමේ කෑම වේල හිතමු - අපි එක බතක් එක මාලුවක් දවසම ගන්නවා හදන්න. අපි ඒක කාලා සතුටින් ඉන්නවද? - එක්කෝ ඕපදූපයක්, නැත්නම් අරෝවක්, පන්සලක් ගැන කතා කලත් - බෙදීමක්. ඇත්තටම සතුටින් ඉන්න තෘප්තිමත්ව ඉන්න පිරිස අල්පේච්චයක් වෙලා. ගොඩක් ගැමි ගෙවල්වල එදා දවසට කරලා තියෙන්නේ උයන් කාලා විතරයි. ඒකත් බාගෙට. මේ ගැමි අසිරියවත් - බෞද්ධ චින්තනයේ සරල ජීවිතයවත් හින්දා නෙමෙයි. නැත්නම් අධි පරිබෝජනයට අපි අකමැති හින්දා නෙමයෙි. මට හිතෙන්නේ අපි කම්මැලියි. සමහර විට මේ කම්මැලි කමට කුසීත ගතියට පෝෂණ සාධකත් හේතු වෙනවද දන්නේ නෑ. ජෝං සීනා ඇග හදලා තියෙන්නේ අලි ගැට පේර කාලලු. නමුත් අපි අලි ගැට පේර කන්නේ සීනි කිරි පිටි පලතුරු වලට වැඩිය දාලනේ. අපේ කොල්ලෙක්ගේ ඇග ඉන්දියන්කාරයෙක්ගේ ඇගෙන්වත් බාගයක් නෑ. ඉතිං මැච් පැරදුනාට බැනලා වැඩක් නෑ.

    ඇමෙරිකාවේ හරක් නාස් විදලා කඹ දාලා බැදලා දස වද දීලා නෑ. තැනක කනට කරාබුවක් ගහලා නමුත්ට හමට හං වඩු ගහලා නෑ. මරන් කෑවත් මනුස්ස කමකට ඉඩකුත් සිස්ටම් එක තුල තහවුරු කොරන් තියෙනවා. බලල්ලු ලේන්නු අල්ලන්නේ නෑ. ලේන්නු මිනිස්සුන්ව විශ්වාස කරලා චිප් කන්න අතට එනවා, ඒක හින්දා උන්ට චිප් මොන්ක්ස්ලා (chip monks) කියනවා - වාද්දුවේ හෝටලේ වගේ ඇග උඩින් ලේන්නු දුවනවා. සතාට සිව්පාවට ඒ පරිසරයේ මිනිස්සු විස්වාසයි. හාවෝ මිදුලේ ඕනතරම් හවස් වෙනකොට. ඔපිස් වල වතුර එකතු වෙන්න ඔක්කෝම එක තැනකට. එතනින් පොලවට බහිනවා. එතනට හවසට මුවෝ ගෝන්නු විතරක් නෙමෙයි බීවරයොත් එනවා. ඉතිං මේ බල්ටිමෝ නගරයට හැතැප්ම දෙකයි. කුරුණෑගලට හැතැප්ප 10ක් ඈතින් මුවෙක් නෙමෙයි තලගොයෙක් යන්නේ බයෙන්. මුන් සමහර එවුන් කැලෑ වල දඩයමුත් කරනවා හැබැයි (ලොකේ කොහෙත් හොද නරක තියෙනවානේ). නමුත් ගේ මිදුලට ගේමක් නැතුව මුවෝ ඇවිත් තියෙන දෙයක් කාල යනවා. ඒක දුලබ දසුනක් නෙමෙයි.

    අපි අහලා තියෙනවා සත්ති කුම්භ ජාතකය ගැන. මේවා බොරු කතා නෙමෙයි. නිකමට හිතන්නකෝ හොරු තක්කඩි ගාවට වැටුන ගිරවා ගැන. දැං අපි හිතමු නූතන සත්ති කුම්බ ජාතකය. ලංකාවේ බල්ලෙකුයි. ඇමෙරිකාවේ, යුරෝපයේ, ජපානයේ නැත්නම් සිංගප්පූරුවේ හැදුන බල්ලෙකුයි. අපේ ගෙවල්වල එවුන් පහරන්න දුවන්නේම අල්ලපු වත්තට. මෙහේ බල්ලෝ ගොඩක් එවුන් කක්කා කුස්සි යන්න දන්නවා. කවාදාවක් සීමා ලකුණු කරලා මුත්‍රා කරන්නේ නෑ තැන තැන. බල්ලෙක්ට බල්ලෙක් දැක්කට කඩා පනින්නේ කලාතුරකින්. කඩේකට ගියත් තැනකට ගියත් පිරිසිදුව තියලා පැත්තකට වෙලා ඉන්න ඉගෙනගෙන. සත්ව අවිහිංසාව අනං මනං කියයි - නමුත් පරම්පරා ගානක් මිනිස්සු දියුණු වෙද්දි බල්ලොත් Civilize (ශිෂ්ඨ) සම්පන්න වෙන්න පටන් ගන්නවා. බල්ලෝ බලු වෙන්නේ මිනිස්සු හින්දා කියලා ලෝකේ වටේ ඇවිදපුවාම දකින්න පුලුවන්. එදා බල්ලෝ හැදුවේ පුරුදු කලේ මිනිස්සු රතු ඉන්දියානු මිනිස්සු මරන් කන්න - සත්තු මරන් කන්න. නමුත් මිනිස්සු ආර්ථිකව දියුණු වෙනකොට හිතන්ට කාලය හම්බ වෙනකොට කුරිරු ගති අත අරිනවා. මිනිස් කම කියන්නේ මහා බලවත් දෙයක්. ඒක අපෙන් දින දින තුරන්වුනාට ලෝකෙන් තාම තුරන් වෙලා නැහැ - දියුණු මිනිස්සු මනුස්සකම් අගය වෙන සිස්ටම් හදන් තහවුරු කරන් ගොඩක් කල්.

    බුදු බණ නිතරම කියන අපේ රටේ මේවා දකින්න නැත්තේ ඇයි. පුතේ - අපි ලංකාවේ ඉද්දි දැක්කේ නෑ. නමුත් දැනටමත් අපේ රටට කෙලවෙලා ඉවරයි. එදා රොබට් නෝක්ස් කියපු හෙල දිවයි අද දකින හෙල දිවයි දැක්කාම නෝක්ස් මාමා දිව දෙකේ කතා කියලාද කියලා හිතෙනවා. මේ රට කෑවේ සුද්දො නෙමෙයි. අපේ රට කෑවේ සහ කන්නේ අපි සහ අපේ වැරදි ආකල්ප පරම්පරාව. දැංවත් වෙනස් වෙමු. නැත්නම් ආයේ ගොඩයන්න වෙන්නේ නෑ - ටිබෙට් රට වගේ kingdom of exile වෙන්න වෙයි හිත හොද සිංහල රටේ මිනිස්සුන්ට (සිංහල දෙමල මුස්ලිම් මැලේ බර්ගර් ක්‍රිස්තියානි බෞද්ධ) මොකද මුන්ගේ නායකයෝ හැමදාම හොරු මිනීමරුවෝ තක්කඩි. එකෙක් විනාස කරන් එකෙක් පොර වෙන්න හදන මිනිස්සු. කවද හරියය්ද පුතේ ඔය ආකල්ප වලට.

    අපේ රට ගොඩගන්න චින්තන විප්ලවයක් ඕනේ. ආකල්ප පරිවර්ථනයක් ඕනේ. එහෙම හිතං හිටං දන්න විදියට ෆේස් බුක් එකේ ලියනවා. අපි නයයි අපිට උගන්නපු කන්න දීපු සල්ලි නොදී බේත් කරපු අපේ රටේ මිනිස්සුන්ට. මැරෙන්න කලින් යහපත් රටක් දකින එක තමයි ප්‍රාර්ථනය - අපි හැමෝගෙම.

    FB - Charaka Danansooriya
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    me rata kawe sudda thama ban.
    awurudu 500k yatath wijithayak wa thibuna kiyanne sellam da ?
    dan apita sinhala sanskruthiyai batahira sanskruthiyai tapalila thiyenne.

    udeta kiribath kala hawasata ham baken kana jathiyak dan inne.
    udeta denima gahala hawasata sarama adinneth ekamai.

    american karayo udeta peanut butter kala hawasata pittu kanne nane. unge culture eka consistent. ape culture eka consitant na :lol:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    අපේ රට කෑවේ සහ කන්නේ අපි සහ අපේ වැරදි ආකල්ප පරම්පරාව :yes::yes::yes:

    සත්‍ය මේකයි. මේ සත්‍ය වේදනාකාරී මචන්.. මොකද අපේ මිනිස්සු මේ සත්‍ය පිලිගන්න කැමති නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,422
    113
    බලපං දැං මේ එළකිරිය. ඔය ඉන්නෙ කුප්ප වැඩ කර කර කට්ටියක්..

    අපේ රටේ ඉන්නෙ, කැපී පෙනෙන්ඩ දඟලන එවුනුයි, ඒවට ඊරිසියා කරන එවුනුයි කියන දෙකොට්ඨාසෙ තමා