අපිව අනුකරණය කරන්න

obama2

Member
Apr 18, 2012
424
30
0
අපිව අනුකරණය කරන්න

අපිව අනුකරණය කරන්න

Posted on 06 June 2012.
Rating: 0.0/7 (0 votes cast)


ජන අරගල ව්‍යපාරයේ පුබුදු ජයගොඩ සහෝදරයා විසින් මේ වන විටත් තම දේශපාලන ව්‍යපාරය මුහුණ පා සිටින කරදර හිරිහැර සම්බන්ධයෙන් දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙහිදී ඔහු චෝදනා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විසින් තම පක්ෂයේ සාමාජිකයන්ට දිගින් දිගටම පහර දීම සහ හිරිහැර කිරීම කරණු ලබන බවයි. තම සංවිධානය සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක් වන බවත් පවසන මේ සහෝදරයා තමන් විසින් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පවා පැමීණිලි කර තිබියදී ඒ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් රජය විසින් නොගන්නේ රජය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර රහස් ගිවිසුමක් ඇති නිසා බවත් පවසයි.
අප මුලින්ම කිව යුත්තේ ජන අරගල ව්‍යපාරයේ සාමාජිකයන්ට පහර දීම සහ හිරිහැර කිරීම අප කිසිවිටකත් අනුමත නොකරන බවයි. පුබුදු මෙහිදී මතු කරන්නේ ජෙ.ආර් ජයවර්ධන කියූ ආකාරයට තමන්ගේ ආරක්ෂාව තමන්ටම සලස්වා ගන්නට මේ වන විටත් ඔවුනට සිදුව තිබෙන බවයි.

නමුත් සත්‍ය වශයෙන්ම පුබුදු සහෝදරයා ජෙ.ආර් ජයවර්ධන මහතාගේ ප්‍රකාශය අවබෝධ කර ගෙන තිබෙන්නේ පටු සීමාවක් තුල බව අවධාරණය කරන්නට කැමැත්තෙමු. ජෙ.ආර් ජයවර්ධණ විසිනි මෙම ප්‍රකාශය කරණු ලබන්නේ ආර්ථිකයට අදාලව මිසක දේශපාලනයට හෝ පෞද්ගලික ජිවිතයට අදාල කරගෙන නොවේ. මේ නිසා කවුරු හෝ කාට, හෝ පහර දෙන විට, හෝ පහර කන විට, එයට තමන් විසින් තමන්ගේ ආරක්ෂාව සලසා ගත යුතු බවට වූ ප්‍රකාශය භාවිතා කළ හැක්කේ දේශපාලනය සම්බන්ධයෙන් පටු ආකාරයෙන් සංජානනය කරණු ලබන තැනැත්තන්ට පමණි. මේ සම්බන්ධයෙන් වඩා නිවරදි අවබෝධයක් ලබා ගන්නට නම් ජෙ.ආර් ජයවර්ධන චරිතාපදනය සිහ බුද්ධියෙන් කියවන්න යැයි අප පුබුදු සහෝදරයාට කියන්නට කැමැත්තෙමු.

අනෙක් අතට ජනතා විමුක්ති පෙරමුණ විසින් තමන්ට පහර දෙන බවට පුබුදු පැමිණිලි කරණ පොලීසිය යනු මහින්ද රාජපක්ෂ රජය විසින් මොහෙයවන පොලීසියයි. රාජ්‍ය මර්ධන උපරිණයක් වන පොලීසියෙන් සාධාරණයක් පැතීම විප්ලවාදී දේශපාලනය සමග සමපාත වන්නේ කෙසේද යන්න අපට පැහැදිලි නැත. වරෙක අප සංවිධානයේ ඇතිවූ අභ්‍යන්තර අර්බුදයක් නිසා හටගත් ප්‍රශ්ණයක් අපට නිරාකරණය කර ගන්නට සිදු වූයේ කොළඔ කොටුව දුමිරිය ස්ථානය අසලදීය. එවිට අප විසින් අනුගමනය කලේ විප්ලවාදී ක්‍රීයාමාර්ගයන් මිස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රීයාමාර්ගයන් නොවේ. මේ අවස්ථාවේ මෙහි සිටි මාධ්‍යවෙීදි ශාන්ත විජෙසූරිය අපට පැවසුවේ ‛‛ යකෝ වමේ උන් ගහගත්තම පොලිසියට යන්නේ නෑ…’’ විප්ලවාදී මාධ්‍යවෙිදී ශාන්ත සහෝදරයාගේ කියමන පිලිගත් අප පොලීසියට නොගිය අතර අපට ද්‍රෝහී වූ පාර්ශවය විප්ලවය හා විප්ලවවාදී භාවිතය අමතක කර දමා පොලීසියට ගියේය. මේ නිසා අපේ සහෝදරයන් කිහිප දෙනෙකුට කොටුව පොලීසියේ පොලිස් ඇප ලබා දී මුදා ගන්නා තුරු ඉන්නට සිදුවිය. ඒ ආකාරයෙන් ඒ ජවනිකාව අහවර වුවද අද අදක්වාම අපට අපහාස, උපහාස කිරීම් පමණක් නොව පහර දීම් පවා සිදු කරණු ලබන තත්ත්වයක් තුල අපි ඒවා ඉවසන්නට පුරුදු වූයේ ලෙනින්වාදීන් වශයෙනි. ලෙනින් පවසන්නේ තමන්ගේ සතුරකු තුන් හතර වතාවක් පහර දෙනතුරු ඉවසන්න ඉන්පසු ඉවසීම පැත්තකට දමා පෙරලා පහර දෙන්න නැත්නම් පහර දීම හා ගුටි කෑමේ කෙලවරක් දකින්නට ලැබෙන්නේ නැත. අපව කාලයක පටන් අනුකරණය කරණ පුබුදු සහෝදරයා මේ දේශපාලන යථාර්ථය තුලදීත් අපව අණුකරණය කරණු ඇති බව අපි විස්වාස කරන්නෙමු. අපිට කියන්නට ඇත්තේ ‛‛හැමදාම ගුටි කන්න එපා පෙරලා පහර දෙන්න. විප්ලවාදීන් පොලීසි යන්නේ නැත’’ යනුවෙනි.

මීට කාලයකට පෙර මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති කරවීමේ සටනේ පුබුදු ජයගොඩ සහෝදරයා නිරූපණය කළ භූමිකාව සුලු පටු නොවීය. ඔහු එදා පැවසූවේ මේ රට රුදුරු කොටි ත්‍රස්තවාදයෙන් මුදා ගන්නට නම් මහින්ද රාජපක්ෂ නම් ජනතාවාදී නායකයා මේ රටේ ජනාධිපති වීම අතිශයින්ම වැදගත් වන බවයි. ඒ අනුව මිහින්ද රාජපකෂ මේ රටේ ජනාධිපති වූ අතර අවසාන කොටි සාමාජිකයාද ඝාතනය කරණ තුරු යුද්ධය නතර නොකරන්න යැයි මුරගාමීන් සිංහ කොඩි පොරවාගෙන පෙලපාලී ගියේ මේ පුබුදුලාගේ දරුවන්ය. කෙසේ නමුත් අවසානයේ ඔවුන් සිය ජාතිවාදී මතයෙන් බැහැරව ජාතිවාදී විරෝධිමතය වෙනුවෙන් පෙනී සිටින්නට සිය පක්ෂය හැර දා පැමිණියහ. අපි ඒ සම්බන්ධයෙන් ඔවුනට ගෞරවය දක්වන්නට මැලි නොවන්නෙමු.
නමුත් මෙහිදි අපගේ හාස්‍යයට ලක්වන කරුණ වන්නේ දැන් යළිත් පුබුදුලා මහින්ද රාජපක්ෂ රජයෙන් තමන්ගේ ආරක්ෂාව ලබා දෙන්න යැයි ඉල්ලා සිටීමය. පෙරදී මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපති බවට පත්කර මේ රට සුඛිත මුදිත කරන්නට හැකි යැයි පුබුදුලා සිතූ සිතිවිල්ල විහිලුවක් නම් මේ රජයෙන් ආරක්ෂාව බලා පොරොත්තු වීම අපට හදුන්වන්නට සිදු වන්නේ අන්ත විහිල්වක් වශයෙනි.

මෙහිදී පුබුදු ජයගොඩට තවත් යමක් අපට කියන්නට අවශ්‍යය. එනම් ඔබගේ ගුරුවරයා සහ ජන අරගල ව්‍යපාරයේ න්‍යායාචාර්යවරයා වන සුමිත් චාමින්ද නැතිනම් හැලපයා මහත්තයා ඔබට වටිනා දේශපාලන පාඩමක් එක්කෝ උගන්වා නැත නැතිනම් වැරදියට උගන්වා ඇත. මේ වන විටත් අප දිගින් දිගටම පෙන්වා දුන් පරිදි මහා අනෙකා නැතිනම් සංකේතීය අනෙකාගේ භූමිකාව අතුරුදන්ව ඇති බැවින් තවදුරටත් ඔබේ දුක් ගැනවිල්ල අසන්නට කොනෙකු නැති බවයි. මෙතෙක් කල් මහා අනෙකා යනු ඇත්තටම පවතින දෙයක් යැයි ඔබලා විස්වාස කලා නම් එය එසේ ඇත්තටම දෘෂ්‍යමානයේ පවතන සංකල්පයක් නොවන බව දැන්වත් වටහා ගැනීම අතිශයින්ම වැදගත්ය. මහා අනිකා බිද වැටුනු සමාජයක තවදුරටත් ඔබලාට කරන්නට ඉතිරිව ඇත්තේ ක්‍රියා මාර්ග දෙකක් පමණි.
දිගින් දිගටම ජනතා විමුක්ති පෙරමුන විසින් ඔබලාට පහර දෙන විට මෙන්න අපිට ගහනවා කියා පැමිණිලි කිරීම හා නැවත නැවතත් පහර දෙන විට නැවත නැවතත් පැමිණිලි කිරීම ය. එසේ නැති නම් ඉවසුවා ඇති යයි කල්පනා කරමින් තමන්ට ගහන උන්ට අතපය දිගහැර සැලකීමය. විප්ලවාදී දේශපාලනයේ දී ඔබලාගේ පරමාදර්ශී දේශපාලන භූමිකාව( එය කෙතරම් බැරෑරුම් ද යත් ජන අරගල ව්‍යපාරය සිය පක්ෂ නම් කරන්නේත් අපේ පක්ෂයේ නම වන පෙරටුගාමී පක්ෂය යන නමිනි) රඟ දක්වන අපව තව දුරටත් අණුකරණය කරන්න යැයි අපි ඔබෙන් ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. අප විසින් මේ දක්වා අනුගමනය කර ඇත්තේ සහ ඉදිරියේදිී අනුගමනය කරන්නට අපේකෂා කරන්නේ ඉහත ක්‍රීයාමාර්ග දෙකෙන් දෙවන ක්‍රියාමාර්ගයයි. මේ නිසා පුබුදු ජයගොඩ සහෝදරයාටත් අපගේ සෘජු උපදෙස අනුව ඒ ආකාරයෙන් කටයුතු කරන්නට පුලුවන. නැතිනම් හැලපයා මහත්තයාගේ ගුරු උපදෙස් අනුව වැඩ කරන්නට ද පුලුවන. පහතින් දැක්වේ ලංකා විවිස් හී පල වූ පුබුදු ජයගොඩ සහෝදරයාගේ කතාවයි.
දිගින් දිගටම එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ නොපැවැත්වීම මගින් ආණ්ඩුව කියන්නේ තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතු බවදැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රශ්න කරයි.
අද එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසුවේ මෙම පහරදීම් සිදු කරන්නේ ආණ්ඩුවේ අනුදැනුම මත ජනතා විමුක්ති පෙරමුණ විසින් බවයි. කුණුවීමේ දේශපාලනයට එරෙහි විය යුතු ජවිපෙ එහි උදාහරණයක් බවට පත්ව ඇතැයිද ඔහු පැවැසීය.
පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
‘‘පසුගිය මාස හයක හතක කාලය තිස්සේ අපේ සාමාජිකයින්ට දිගින් දිගටම ප‍්‍රහාර එල්ල වුණා. මරණ තර්ජන එල්ල වුණා. ඒ පහරදීම්වලට සම්බන්ධ වූ අයගේ නම් සහිතව අපි පොලිසිවලට පැමිණිලි ඉදිරිපත් කළා. නමුත් ඒ කිසිවක් ගැන මේ වන තුරුත් පරීක්ෂණ සිදු කර නැහැ.
මේ පහරදීම් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව පැහැදිලියි. මොකද පහරදීම්වලට පැමිණි සියලූ දෙනා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්. ඒ වගේම ඔවුන් පැමිණි වාහන ජනතා විමුක්ති පෙරමුණට අයත් වාහන. ඒ පිළිබඳව සවිස්තරාත්මකව පැමිණිලි කර තිබියදීත් පොලිසිය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ මේ ප‍්‍රහාර ආණ්ඩුවේ එකඟතාව මත සිදුවන ඒවාය කියන පැහැදිලි අදහස අපට තිබෙනවා. පසුගිය දෙසැම්බර් 9වැනිදා ලලිත් සහ කුගන්, ඒ වගේම ඊට පසුව කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගෙන යාමට ආණ්ඩුව සම්බන්ධයි.
පොලිසිය පරීක්ෂණ නොකරමින්, ආරක්ෂාව තහවුරු නොකරමින් මේ කියන්නේ අපේ ආරක්ෂාව අපම සලසා ගත යුතු බව නම් ඒක කරන්න අපට පුළුවන්. නමුත් අපි ඉතාම සාමකාමීව, ප‍්‍රජාතන්ත‍්‍රවාදීව දේශපාලනය කරන දේශපාලන ව්‍යාපාරයක්. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා නව ලිබරල්වාදයේ පළමු ඉනිම ක‍්‍රියාත්මක කරමින් ප‍්‍රසිද්ධියේම කිව්වා, තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න කියලා. නව ලිබරල්වාදයේ දෙවැනි ඉනිම ක‍්‍රියාත්මක කරන මහින්ද රාජපක්ෂ ඒක ප‍්‍රසිද්ධියේ නොකිව්වාට, පොලිසියේ ක‍්‍රියාකාරීත්වයෙන් පෙනෙන්නේ එයයි.
ඊයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර සහෝදරයා පොලිස්පතිවරයා හමු වුණා. ඒ වෙලාවේ මේ පහරදීම් සම්බන්ධයෙන් පොලිසිය ක‍්‍රියාත්මක නොවුණේ ඇයි කියා විමසුවාම ඊට දෙන්න පොලිස්පතිවරයා ළඟ පිළිතුරක් තිබුණේ නැහැ. ඔහු කිව්වේ ඉදිරියේදී පොලිසිය මැදිහත් වෙනවා කියලා. අපට පොලිසිය සම්බන්ධයෙන් විශ්වාසයක් නැහැ. පොලිසිය දේශපාලනීකරණය වෙලා තිබෙන්නේ. එහි උසස්වීම්, මාරුවීම් තීරණය කරන්නේ දේශපාලනඥයින්. ආණ්ඩුවේ දේශපාලන වුවමනාව තමයි පොලිසිය ක‍්‍රියාත්මක කරන්නේ.
මර්වින් සිල්වා ඇමතිවරයා මාධ්‍යවේදීන්ට මරණ තර්ජන එල්ල කළාම, ඔහු රටේ පවතින නීතිය හමුවට කැඳවිය යුතුයි. නමුත් ඔහු ගෙන ගියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවක් හමුවට. ඔහු නිදහස් කර තිබෙනවා. මීට පෙර රජයේ සේවකයෙක් ගස් බැන්දාම ඔහු අධිකරණයට ඉදිරිපත් කළේ නැහැ, ඒත් ගෙන ගියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවක් හමුවට. එතැනදී කිව්වේ ඒ රජයේ නිලධාරියා තමන්ගේ කැමැත්තෙන්, තමන් විසින්ම ගහේ බැඳගත්තා කියලා. මේ තමයි අද නීතිය පත්වෙලා තිබෙන තත්වය. දුමින්ද සිල්වා ගත්තොත්, මිනීමැරුමකට චෝදනා තිබෙන ඔහු රටින් පිටවීම නතර කරන්න කිසිවකුට බැරි වුණා. මිනී මැරුම් චෝදනා තිබෙන කිසිවකුටත් රටින් පිට වෙන්න දෙන්නේ නැහැ. අද නීතිපතිවරයා ඉතාම නිර්ලජ්ජිත ලෙස රාජපක්ෂ රෙජීමයේ මතය වෙනුවෙන් පෙනී ඉන්නවා.
ගෙවී ගිය කාලයේ ලෝක වෙළඳපොළේ තෙල් මිල තුන් පාරක් පහළ බැස්සා. නමුත් ආණ්ඩුව මෙහේ තෙල් මිල අඩු කළේ නැහැ. තෙල් මිල වැඩි කරද්දී කිව්වේ ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වෙන නිසා වැඩි කරන්න වෙනවා කියලා. නමුත් අපි ඒ වෙලාවෙත් කිව්වා, මේක ලෝක වෙළඳපොළේ ප‍්‍රශ්නයක් නොවෙයි, අධික ලෙස බදු අය කිරීම නිසායි තෙල් මිල වැඩි කරන්නේ කියලා.
මේ ක‍්‍රමයට, මේ ආණ්ඩුවට යහපත් ජීවන තත්වයක් දෙන්න බෑ. කොටින්ම ජනතාවට ජීවිතය දෙන්න මේ ක‍්‍රමය බැහැ. එවැනි ආණ්ඩුවක් තවදුරටත් පවතින්නේ විපක්ෂයේ තිබෙන මේ මුග්ධ ක‍්‍රියාකාරීත්වය නිසා. අද අධිරාජ්‍යවාදය ලෝක පරිමාණයෙන් පවතින්නේත් වමේ ව්‍යාපාරයේ තිබෙන කට්ටිවාදය නිසා. ලංකාවේ තත්වයත් ඒක. ලංකාවේ ඉතාම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තත්වයක් තිබෙන්නේ. ඒක වෙනස් කරන්න කට්ටිවාදීව, මුග්ධ ලෙස කරන්න බැහැ.
ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීත්වයට එරෙහිව සටන් කරනවා කියන අය ළඟත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැහැ. ඒ නිසා ඔවුන්ගේ නායකත්වය ජනතාව පිළිගන්නේ නැහැ. අද ජනතාව ජවිපෙන් අහන්නේ තමන් එක්ක එකට වැඩ කළ අයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙන්න බැරි ඔබ කොහොමද රාජපක්ෂ රෙජීමයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීත්වයට එරෙහිව සටන් කරන්නේ, ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා දෙන්නේ කියලා. අද එක්සත් ජාතික පක්ෂයේත් තත්වය ඒකමයි.
අපේ රටේ දේශපාලන සංස්කෘතිය ඝාතන සංස්කෘතියක් බවට පත් වෙලා තිබෙන්නේ. ඒක වෙනස් කළ යුතුයි. ගරා වැටුණු, කුණු වුණු දේශපාලනය වෙනස් විය යුතුයි. ඊට විරුද්ධව අරගල කරන අය කුණුවීමේ ලක්ෂණ පෙන්නුම් නොකළ යුතුයි. නමුත් මේ කුණුවීමේ දේශපාලනයට එරෙහිව අරගල කළ යුතු ජවිපෙ අද කුණුවීමේ උදාහරණයක් බවට පත් වෙලා.
මතවාදයට මතවාදයෙන් මිස ශාරීරික පීඩාවලින් පිළිතුරු දීමේ දේශපාලන සංස්කෘතිය උචිත එකක් නොවෙයි. එය වෙනස් කරන්න මූලාරම්භයක් තබමු කියා අපි සියලූ දෙනාට ආරාධනා කරනවා.’’
මෙම මාධ්‍ය හමුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ජමින්ද සිරිවර්ධන මහතාද සහභාගි විය.


ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය
 

Similar threads