kamburanna mkuth thiyenna epai bn, eka hinda ithihasaya aththa wenne na 100%k kawadawath
පලවෙනි උත්තරෙයි අන්තිම එකයි තව ටිකක් වෙනස් කරල දාන්න තිබ්බනං හොඳයි. ඒත් දැන් ඒක කරන්න බැහැනෙ.
kamburanna mkuth thiyenna epai bn, eka hinda ithihasaya aththa wenne na 100%k kawadawath
මුලින්ම කියන්න ඕන බං මේ එළකිරි එකේ සමහර වෙලාවට අට වසරේ එවුන් ඇවිල්ලා විද්වත් ලෙවල් එකටත් එහාම ලෙවල් එකේ හන්ද්රඩ් තවුසන් ටෝක්ස් දෙන නිසා සහ එහෙම කරලා මාට්ටු වෙලා තියන නිසා මුලින් මම මේ ත්රෙඅඩ් එක ඒ ගානට දාලයි සැලකුවේ, ප්‍රශ්නේ අහලා තියන හැටිත් එක්ක බලලා!
ප්‍රශ්නේ ලස්සනට ටිකක් විස්තර කරලා ඇහුවා නං මම bump කරන්නේ thread එක කියවන්න විතරයි
++++++++++++++++++++++
කෙටියෙන් උඹේ පොස්ට් එකට පිළිතුරක් දෙනවා නං,
මහාචාර්යවරු ගැන උඹ දරන අදහසට මම එකඟයි.
ලොකු සාක්ෂි අත්දැකීම් ඇතිව නං නෙවේ. හැබැයි නැතුවත් නෙවෙයි. මොකද මට ළඟ නෑදෑ වෙන ලොකුඅප්පච්චි කෙනෙක් කොළඹ විශ්ව විද්‍යාලයේ එක්තරා විෂයක මහාචාර්ය කෙනෙක්!
උඹ දරන අදහසට මම එකඟයි. මමත් හිතනවා එහෙමයි කියලා. මොකද නැත්තම් උන්ට පැවැත්මක් නැතුව ඇති!
අනිත් දේ,
බුද්ධ දේශනා අනුව ලෝක ඉතිහාසය අවුරුදු ට්‍රිලියන ගණන් එහා යන එකක් නිසා ඔයිට විරුද්ද තර්කයක් මට නෑ...
ඊළඟ දේ,
උන්ගෙන් වැඩක් නෑ.
උඹලා ට සාක්ෂි සහිතව යමක් පෙන්නලා පැහැදිලි කරන්න පුළුවන් නම්,
මේ වගේ මාධ්‍ය තියනවා නේ. ඒ දේවල් සුදුසු විදිහට ඉදිරිපත් කරලා සමාජ ගත කරපං.
අලුත් කරුණු වුනත් පරණ කරුණු වුනත්,
අගනුවර මහනුවර වෙලා, 1969 යේ නිදහස ලැබුනා කියලා හිතන් ඉන්න එවුන් අතරේ,
මේ දේවල් ගොඩක් උනන්දුවෙන් කියවලා බලන්න පිරිසක් රටේ තවමත් ඉන්නවා!![]()
![]()
https://www.youtube.com/watch?v=k4RnhvpJS3Qමුලින්ම කියන්න ඕන බං මේ එළකිරි එකේ සමහර වෙලාවට අට වසරේ එවුන් ඇවිල්ලා විද්වත් ලෙවල් එකටත් එහාම ලෙවල් එකේ හන්ද්රඩ් තවුසන් ටෝක්ස් දෙන නිසා සහ එහෙම කරලා මාට්ටු වෙලා තියන නිසා මුලින් මම මේ ත්රෙඅඩ් එක ඒ ගානට දාලයි සැලකුවේ, ප්‍රශ්නේ අහලා තියන හැටිත් එක්ක බලලා!
ප්‍රශ්නේ ලස්සනට ටිකක් විස්තර කරලා ඇහුවා නං මම bump කරන්නේ thread එක කියවන්න විතරයි
++++++++++++++++++++++
කෙටියෙන් උඹේ පොස්ට් එකට පිළිතුරක් දෙනවා නං,
මහාචාර්යවරු ගැන උඹ දරන අදහසට මම එකඟයි.
ලොකු සාක්ෂි අත්දැකීම් ඇතිව නං නෙවේ. හැබැයි නැතුවත් නෙවෙයි. මොකද මට ළඟ නෑදෑ වෙන ලොකුඅප්පච්චි කෙනෙක් කොළඹ විශ්ව විද්‍යාලයේ එක්තරා විෂයක මහාචාර්ය කෙනෙක්!
උඹ දරන අදහසට මම එකඟයි. මමත් හිතනවා එහෙමයි කියලා. මොකද නැත්තම් උන්ට පැවැත්මක් නැතුව ඇති!
අනිත් දේ,
බුද්ධ දේශනා අනුව ලෝක ඉතිහාසය අවුරුදු ට්‍රිලියන ගණන් එහා යන එකක් නිසා ඔයිට විරුද්ද තර්කයක් මට නෑ...
ඊළඟ දේ,
උන්ගෙන් වැඩක් නෑ.
උඹලා ට සාක්ෂි සහිතව යමක් පෙන්නලා පැහැදිලි කරන්න පුළුවන් නම්,
මේ වගේ මාධ්‍ය තියනවා නේ. ඒ දේවල් සුදුසු විදිහට ඉදිරිපත් කරලා සමාජ ගත කරපං.
අලුත් කරුණු වුනත් පරණ කරුණු වුනත්,
අගනුවර මහනුවර වෙලා, 1969 යේ නිදහස ලැබුනා කියලා හිතන් ඉන්න එවුන් අතරේ,
මේ දේවල් ගොඩක් උනන්දුවෙන් කියවලා බලන්න පිරිසක් රටේ තවමත් ඉන්නවා!![]()
![]()
හරියටම හරි. අපි මේ ඉතිහාසෙ ගැන ඉගෙන ගන්ඩ ඕනෙ පම්පෝරි ගහන්ඩ නෙවේ. අනික , එක එක රජවරු ගැන කතා අහන්ඩ විතරකුත් නෙවේ. අනික ඉතිහාසෙ හදාරනව කියන්නෙ, කතා ගොඩක්, අවුරුදු ගොඩක්, නම් ගොඩක් මතක තියාගන්න එක නෙවේ. අපි හරි විදියට ඉතිහාසෙ අධ්‍යයනය කරනව කියන්නෙ ඉතිහාසයෙ අපි සතුව තිබ්බ දැනුම, ආකල්ප, සිරිත් විරිත් සහ ඒවායෙ තේරුම්, තාක්ශනය, අපි රටක්, ජාතියක් විදියට මුහුන දුන් දේශපාලන අත්දකීම්, එක එක රටවල්, අතීතයේ අපි සමග තිබ්බ ගනුදෙනුවල ස්වරූපය සහ ඔවුන්ගෙ යටි අරමුනු මොනවද කියන එක.
අනේ බන් අපි ගොඩක් " බලපන් , ඇමරිකාව ඉන්න තැන. ඒත් අපි ඉන්න තැන මොකක්ද? " වගේ කතා කියල හූල්ලනව. ඒක නෙවේ, නවීන විදියට හිතනව කියන්නෙ. ඕඉකට කියන්නෙ හීනමානය කියල.
නිකමට ස'ච් කරල බලපන්, ඇමරිකා වල නිවසක් නැති ජනගහනය, ලමා හා කාන්තා දූෂන ප්‍රතිශතය (නිකමට කීවොත් ගැහනු ලමුන්ගෙන් 20% ක්), මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උනු ප්‍රතිශතය, ගෘහස්ත ප්රචන්ඩත්ව දත්ත, විරැකියා ප්‍රතිශතය වගේ දේවල්. ලෝකයෙ සතුටින්ම ඉන්න රට ස්විස්ටර්ලන්තය කියල කියනවනෙ, ඒ හින්ද සසඳල බලපන්, අපේ රටෙ සියදිවි නසාගන්න රේට් එකයි, ඔය දියුනුයි කියන රට්වල ඒ රේට් වලයි වෙනස කොච්චර පොඩියි ද කියල. ඔය ආශ්‍රිතව අදාල තවත් විස්තරත් හොයල බලපන්.
උඹ ඔය කියන වගේ දියුනුවක් අපිට ලබාගන්ඩ අමාරුවක් නෑ. ඒත් අපි මහන්සි වෙන්ඩ ඔඊනෙ ඒත් එක්කම පුද්ගල සතුට, තිරසාර සන්වර්දනය, ලමා කාන්තා අයිතිවාසිකම් වගේ දේවල් දියුනු කරගන්ඩ.ඒක තමයි ඔය දියුනුයි කියන ගොඩක් රටවලට බැරි වෙලා තියෙන්නෙ. නිකමට හොයල බලපන් දකුනු කොරියාව සියදිවි නසා ගැනීම් අතින් ඉන්න රෑන්ක් එක. ඔන්න ඔය වගේ සුරන්ගනා කතා වලට රැවටිල, ඇමරිකාව වගේ රටක් හදා ගන්ඩ තමයි අපේ රටේ සමහරක් අවුරුද්දකට කලින් වෙනසක් කරෙත්. ඒත් ඒව යටින් තියෙන ඇත්ත කවුරුත් හොයන් නෑ. අපි හරි විදියට ඉතිහාසෙ හොයන්ඩ ඕඉනෙ, ඔන්න ඔය කියන දියුනුව කොහොමද කියන අපි ඉතිහාසෙදි ලබාගත්තෙ කියන් එක හොයන්ඩ. විවිද කර්මාන්ත ඇති කර ගන්ඩ අපිට පුලුවන් උනේ බටහිරෙන්, ඒ හින්ද වත්මන් දියුනුව ඇති කරගන්ඩ අපි බටහිර දනුව ගන්ඩ ඕනෙ, අපි දියුනු වෙන්ඩ ඔඊනෙ එහෙමයි කියල සමහරු කියනව. ඒක වැරදි නෑ. ඒත් අපි ඒක කරන්නෙ ඉතිහාසෙ අමතක කර්ල. ඒත් උබ ඔය කියන දියුනු රටවලින් ඇවිත් අපි ඉස්සර යකඩ උනු කරපු තාක්ශනය මොකක්ද? අපි දේශගුන වෙනස් වීම් මැනේජ් කරගත්තේ, තිරසර විදියට පරිසර කලමනාකරනය, වාරිමාර්ග කලමනාකරනය කරගෙන ගියෙ කොහොමද කිඅල හොයාගෙන ගිහින්, ඒ රටවල ප්‍රතිපත්ති ව්ලට ඇතුල් කරනව, පශ්චාත් උපාදි වලට ඇතුලත් කරනව.
උන්ට ලබා ගන්ඩ බැරි ශාරීරික සුවය, මානසික සුවය ලබන්ඩ, පිලිකා, දියවැඩියා වගේ රෝඉග ව්ලට බෙහෙත් හොයාගෙන යනව මෙහෙන්. ඒ කරල ඒවගෙ අයිතියත් අපෙන් උදුර ගන්නව. ඒ අතරෙ අපේ උන් අපේ ඉතිහාසය කන්ඩද? අපේ ඉතිහාසික දැනුම කන්ඩද කියල හිතල බටහිර විද්‍යාව සරන යනව. ඉතින් මෙලෝ සම්මජ්ජාතියෙ දියුනුවක් ලබන්ඩ බෑ. මේක කියවල ගොඩක් උන් මට බනී. ඒත් ඇත්ත නම්, සුද්ද කියල දීපු, සුද්ද අපිට දීපු සබන් කෑල්ලෙ, ශැම්පු එකේ, පොලිතින්, ප්ලාස්ටික් එකේ ඉඳන්, ෆෝන් එකේ, බෙහෙත් කරලෙ ඉඳන්, මනුශ්‍ය ශරීරයට අහිතකරයි කියන එක. නිකමට හිතල බලපල්ල, වැඩ ඇරිල කාර් එකෙන් ගෙදර ඇවිත්, ගෙදර හයි ෆයි සෙට් අප් එකෙන්, මියුසික් අහල, ෆිල්ම් බලල නිදාගන්ඩ ගිය වෙලාවක හරි, හිත අනිත් ඔක්කොම දේවල් වලින් නිදහස් කරල, අපි ගන, අපේ ජීවිත් ගැන කල්පනා කර්ල බලද්දි ඔය කියන දේවල් වලින් අපිට ඇත්තටම සතුටක් ලැබෙන්නෙ මොනවගෙන්ද කියල.
කියන කරුනු බෝරින් වෙන්ඩ පුලුවන් හින්ද එක දෙයක් කියල නවතින්නම්. පහුගිය කාලෙ අපේ රටේ වෙනසක් කරන්ඩ ඇමරිකාව, යුරෝපය, ඉන්දියාව වගේ රටවල් සෑහෙන මහනි උනානෙ. එයින් නතර වෙන්නෙ නැතුව, දැන් තියෙන වෙනස මාරයි කියලත් ප්‍රකාශ නිකුත් කර්නවනෙ. ඉතින් ඒ වෙනස මාරද? මාර උනේ කාටද කියල කල්පනා කරනකොට ස්වාදීනව හිතන ඕඉනෙම මිනිහෙක්ට හිතෙනව මේ එක රටක්වත් අපිට ආදරේකට මේක නොකරපු බව. එහෙනම් ඒ ඒ අයගෙ රටවල් වල ජාතික අබිලාශයන් ඉටු කරගන්ඩ බව පැහැදිලියි. ඒ වගේම උඹලට මතකෙට එයි සදාකාලික කියමනක්. ඒ " මේ අද දින අපි දකින දේශපාලන, රජ්‍ය තාන්ත්රිඅක් ඩේවල්, අලුත් දේවල් නොව, ඉතිහාසෑඉ පුනර් ප්රකාශනයක් කියන එක.
අපි ඉතිහාසෙ ඉගෙන ගන්ඩ ඔඊනෙ අනිත් වැදගත්ම කාරනය ඒකයි. අපි, ජාතික වශයෙන්, ජ්‍යාතන්තර වශයෙන් ඉස්සර මුහුන දීපු ප්‍රශ්න මොනවද? ඒවට අපි ගත්ත ක්‍රියාමාර්ග හරිද? වැරඩ්ගිද? වැරදිනම් අපි හදාගන්ඩ ඔඊනෙ ප්‍රතිපත්ති මොනවද වගේ දේවල් දේශපාලන විද්‍යාවට සමගාමීව පාවිච්චි කරන්ඩ ඕඉනෙ. එහෙම නැතුව, සුද්ද කියල දීපු දේශපාලන විද්‍යාවෙන් ආචාර්ය කප් ගහල මේ රටට මුහුන දෙන්ඩ වෙන ප්‍රශ්න, මෙලෝ සම්මජ්ජාතියෙ විසඳන්ඩ බෑ.
ඔය ඔක්කොටම ඉතින් සුද්ද කියල දීපු විදියට නිකන් ඉතිහාස කතන්දර ටිකක් කියවල, ඒ ඔක්කොම අමතක කරල පී එච් ඩී එකෙන් ගත්ත දෙයින් විතරක් රට කරවල බෑ. එහෙම කරනකන් රට ඇත්තටම දියුනු කරන්ඩත් බෑ


රජ කාලෙ කිවුවෙ මහනුවර යුගයෙ නෙවෙයි.දළදා මාලිගාව ඇරෙන්න ඒ යුගේදි රටට වෙච්ච දෙයක් නෑ වගේ දන්න විදිහට නම්..මොකක්ද මන්දා හේතුවකට මම මහනුවර යුගේ රජවරු අල්ලන්නෙ නෑ බං

උඩරට රාජධානිය තිබුනේ නැත්තන් ලංකාව කතෝලික රටක් වෙලා ඉවරයි මේ වෙද්දි. ඔය කෑගහන සිංහල බෞද්ධ සංස්කෘතිය වලපල්ලට ගිහිල්ල සෑහෙන කල් එහෙනං 

rep++සොහොන;19398436 said:ලංකාවේ රෙනේසන්ස් එකක් ආවේ නැනේ බන් දැන් ඇතිකරපු දියුණුව සුද්දාගේ කාලේ ඇතිවුනේ ලංකාවේ කොටිපතින්ගෙන් බාගයක් විතර ඒ කාලේ අරක්කු රේන්ද කෙරුවාව පටන් අරන් දියුණු වුනේ
සුළු ශිෂ්ටාචාරය බිහිවුනත් ඒවා තිබුනේ පොඩ් කාලයයි /අනුරාදපුර යුගය .කෝට්ටේ යුගය
ඉතිහාසය කියවීමට වඩා අනාගතය ගැන වැඩි වැඩියෙන් උනන්දු වෙමු
උඩරට රාජධානිය තිබුනේ නැත්තන් ලංකාව කතෝලික රටක් වෙලා ඉවරයි මේ වෙද්දි. ඔය කෑගහන සිංහල බෞද්ධ සංස්කෘතිය වලපල්ලට ගිහිල්ල සෑහෙන කල් එහෙනං
![]()
patta ++"ක්‍රිස්තුපූර්ව යුගවලදිත් ලංකාවෙ සිංහළ බෞද්ධයන් අතර ධනවත්තු සහ දුගියෝ සිටියහ. තුන්පිටකයෝ සෙට්ඨි හෙවත් සිටු යනුවෙන් හඳුන්වන්නේද ධනවත් සිටුවරුන්ය.
බටහිර ජාතිකයන් ලංකාවට එනවිටත් ලංකාවේ ධනවත් සහ දිලිඳු දෙපාර්ශ්වය සිටියහ.
සුද්දෝ ලංකාවෙන් සියලූ සැප සම්පත්, තාක්ෂණය ආදි සියල්ල උදුරාගෙන අපව සමස්ත ජාතියක් ලෙසින් දිළිඳු බවට පත්කොට ආපසු ගියහ.
ඒ ගියේ නැවත අපට නැගිටින්නට නොදී සිංහළ අය අතරින් තෝරාගත් අසිංහළ හැදියාවක් ඇති අයට තාන්න මාන්න ලබාදීමෙන් පසුවය.
මෙසිරිලකේ එදා සිට ධනවතා ලෙසින් ලෝකයට ගියේ කලු සුද්දන්ගේ රූප කායයි. ඉතින් අපිත් ධනවත්කම යනු ඒ පරගැති ස්වරූපය බව කල්පනා කරමින් සිටිමු.
ඒ යන විට අපේ සිංහළයන් සිටියේ ගම්වල කටුමැටි ගෑ නිවෙස්වලය. යන්තම් හේනක් කපා කොටාගෙනය. ඒ අපව පොදුවේ දිළිඳු කළ නිසාමය.
ලෝකයට එදා සිට ගෙනගිය සිංහළ ප්‍රතිරූපය ඒ දිළිඳු බවයි. එය කෙබඳුදැයි කිවහොත් සිංහළයා කිවු සැණින් මතක් වන්නේ යන්තම් ඉණට රෙද්දක් හෝ අමුඩයක් ඇඳි කෙසග මිනිසෙකි. නිවසක් කිව්වහොත් යන්තම් අටවාගත් පැලකි.
මේ හිගන මානසික තත්ත්වය සිංහළයා තුළ දිනෙන් දින ගිහි පැවිදි බටහිර පන්නයේ වහල් උගතුන් විසින් වර්ධනය කරන ලදි.
අපේ බෞද්ධකමට ලැදි බහුතරයක් තරුණ පිරිසද අදටත් සිතන්නේ මොන සැප වින්දත් මැරෙනවා. ඒ නිසා ජීවිතයේ නීරස දුක්බර බව අවබෝධකොට ගෙන පුලූවන් තරම් ඍණාත්මකව සිටිය යුතු පවය.
අපේ සිංහළකමට ලැදි බහුතරයක් තරුණ පිරිසද අදටත් සිතන්නේ සිංහළයා පරිසර හිතකාමී බැවින් සිටිය යුත්තේ එලෙස කියාය. සිටියේ එලෙස පමණක්ම කියාය.
මේ වැරදි නිගමන නිසා අද අපේ සිංහළයෝ කරුමය තරම් දෙයක් නැතැයි සිතන්නාහ.
හොඳින් ආහාර පාන ගැනීම, හොඳ ඇඳුම් පැළඳුම් ඇඳීම, සුවපහසු ජීවිත ගතකිරීම ගැන බියක් ඇති කරගත්හ. ඒ ඉහළ ධනවත් යැයි සම්මත සමාජයට යාමට පවා බියවූහ.
සිංහළයෝ දිලින්දෝද? නැත. සිංහළයන් ලෝකයේ සියල්ල ජයගතයුතුව ඇත. මන්ද අතීතයේද එසේ භෞතිකවද ආධ්‍යාත්මිකවද ලබන ජය සිංහළ සමාජය තුළ සාමාන්‍ය දෙයක් වීම නිසාය.
රාවන රජතුමා දඬුමොනරයෙන් ගියේ පැල්කොටේක රජකම් කරමින් නොවේ. මාළිගාවක වාසය කරන අතරය. එසේ අහසින් පවා ගිය රවුලන් පරිසර හිතකාමියෙක් නොවේද?
සිංහළ සමාජයේ පැතිර ඇති බුදුදහම අද තිබෙන තැනින් නිවැරදි තැනට ගත නොහැක්කේද මේ මායාකාරී බහුබූත පුරවා අපේ ඉතිහාසය පසුකාලීන පිරිසක් විසින් විකෘති කර දැමීම නිසාය.
බුද්ධිමත් තරුණ පිරිස දැන් නැවත සිතන්නට පුරුදු විය යුතුය.
ජීවිතය සංකීර්ණ කර ගැනීම නුසුදුසු දෙයක් බව සැබෑය. එනමුදු ජීවිතය අවාසනාවන්ත හෝ කාලකණ්ණි කරගැනීමද නොකල යුතුය.
සියල්ල නැසෙන සුලූ බව හැබෑය. එහෙත් නැසෙනකම් ඒ ගැනම පමණක් සිතමින් සිටින්නට උගන්නන ධර්මයෙන්ද එවැනි ධර්මකථිකයන්ගෙන්ද පලක් නැත.
සියල්ල නැසෙන ලෝකයේ නැසෙමින් තිබෙන ධර්මය ආරක්ෂා කිරීමට, වියැකෙමින් තිබෙන ඉතිහාසය රැකගන්නට පමණක් නොව වඳවී යන ජාතිය රැකගන්නටද අප යමක් කළ යුතුය.
ධනවතා යනු ටයිකෝට් දාපු ලොකුම කාර් එකේ යන කෙනෙක් පමණක් නොවේ. ඔය සිහියට එන්නේද සුද්දෝ යද්දී අපට පෙන්නා ගිය කලූසුද්දාගේ ඉරියව්වයි.
සිංහළ තරුණ ඔබ ධනවතෙක් විය යුතුය. ඒ නයිට් ක්ලබ් යන්නට, ක්‍රිකට් මැච් බලන්නට ගොස් මූණ පාට කරං ඇගිලි දික්කරන් ඉන්නට නොවේ. ඔබ ධනවත් විය යුත්තේ ටයිකෝට් දාගෙන ඉංග්‍රීසි කතා කරන්නටද නොවේ.
ඔබ ධනවත් විය යුත්තේ සිංහළ ඔබ දිළින්දෙක් ලෙසින් මිය නොයා යුතු නිසාය. ඔබව දුප්පත් කරන්නට විදේශිකයන්ද, වැරදි අධ්‍යාපනයද, වැරදි ධර්මයද බොහෝ වෙහෙසෙනු ඇත. උන් නිසා මෙතෙක් පැරදුණු අප අලූගසා නැවත නැගී සිටිය යුතු නොවේද?"
ඔව් බං ඒ කතාව නම් ඇත්ත බං....මට කියන්නෙ එ කාලෙ රජවරු ගැන බං.... අපේ ආගම ආරක්ශා කරපු එක ඇත්ත ...එත් තමන්ගෙ ජනතාව ගැන හිතලා නෑ නේද බං mama kiyanne e ugaye ban eka eka wala kapagaththa eka ne kare nilamelai rajjuruwoi okkoma
)උඹ අන්තිමට කීව කතාව හරි. නිලමෙලා ටික එක එකාට වල කපාගත්තෙ නැතුව හරියට එකට හිටියනං සමහරවිට ලංකාව යටත් විජිතයක් නොවෙන්නත් ඉඩ තිබුන. අන්තිම කාලේ දෙමල රජවරු නැතුව සිංහල එකෙක් හිටියනං එත් කතාව වෙනස් වෙන්න තිබ්බ
.ඉදිරියට සිතීමට කරුණු කිහිපයක් කියන්නම් මචන්.
1. බුද්ධ චරිතය සම්බන්ධ ස්ථාන අතර දුර ගැන පොඩ්ඩක් හිතපන්. උදාහරනෙකට, මහමායා දේවිය ගැබ් ගත් පසු පිළිසිඳ ගැනීමට කෝසලයට ගියානෙ. බඩදරු අම්ම කෙනෙක් ඔය කියන කි.මී. දහස් ගනනක දුර යන ආකාරය, ගිලන්වූ බුදු හාමුදුරුවො පිරිනිවන සඳහා මල්ල රටට වැඩම වීම.
ඇරත් පළමු දරුවා බිහිවීමට මව ගාවට යන සිරිතක් තියෙන්නෙ ඉන්දියාවෙ නෙවේ, මෙහෙ.
2. බුද්ධත්වය සඳහා බවුන් වඩන අතරතුර මාර සේනාව ආවා කියනවනෙ ඊක නවත්වන්ඩ. ඒ වෙලාවෙ ලඟ හිටපු දෙවිවරු පළා යද්දි බෝසතුන් අසල ඉතුරු උනේ දැඩිමුණ්ඩ විතරයි. ඒක කෝල්මුර කවි වල තියනව හොඳට. නමුත් එතුමගෙ උපන් ගම උග්ගල් නුවර හෙවත් අලුත් නුවර, මාවනැල්ලට කිට්ටුව.
එතකොට, මෙහෙ ඉපදුනු දැඩිමුණ්ඩ, ප්‍රවාහනයාවත් දියුනු නැති ඒ කාලේ බුද්ධගයාවට ගියාද බෝසතුන් රකින්ඩ?
3. බුදුසිරිතේ සඳහන් වන නායකයින් රැසකගෙ නම් සඳහන් සෙල් ලිපි කිසිවක්, ඉන්දියාවෙන් හමු නොවන මුත් මෙහි හමු වීම.
4. බුදුවරු ඉපදුනා කියන මධ්‍ය මණ්ඩලයක් ගැන කියවෙනවනෙ. ඉතින් ඒ ප්‍රදේශය කොහෙ නමුත් මධ්‍ය ප්‍රදේශයක තිබිය යුතු නේද? රාජාවලියෙ දීර්ඝව විස්තර කරනව බුදුවරු ඉපදෙන තැන් සහ ඉපදෙන්නෙ නැති ප්‍රදේශ මොනවද කියන එක. ඒ ගැන පොඩ්ඩක් හොයපන්. ඒ වගේම ඔය කියන මධ්‍ය මණ්ඩලය සඳහන් වෙන්නෙ, මෙහෙ ඉපදිලා දේවත්වයෙන් අදහපු ප්‍රාදේශීය දෙවිවරු වෙනුවෙන් තනපු කෝල්මුර කවි සහ සැහැලි වල.
5.තපස්සු භල්ලුකත් කේශ ධාතු අරන් ඉන්දියාවෙ ඉඳන් ඇවිත් දාගැබ් හැදුවෙ මෙහෙලු. සර්වඥ ධාතු බහුතරයක් වැඩ වසන්නෙත් මෙහෙලු. බුදු සසුනෙ කෙලවර සියලු සර්වඥ ධාතූන් වහන්සේලා එක්ව පෙළහර පාන්නෙත් මෙහෙලු. දැනට රෝහිනී ගඟේ ජල ප්රශ්නය පැත්තකින් තිබ්බත් බුදු හාමුදුරුවො විසඳපු සිවිල් ගැටලු සියල්ල ඇතිවෙල තියෙන්නෙත් මෙහෙලු. බුදුන් පිරිනිවන් පාල වසර දෙතුන් සියයක් යද්දි ඉන්දියාවෙ සාශනය විනාශ වෙලා යද්දි ඉතුරු උනෙත් මෙහෙලු. ඉන්දියාවෙ ඉපදුනත් අතීත හැම බුදුවරයෙක්ම වැඩම කරල තියෙන්නෙත් , සාශනය පිහිටල තියෙන්නෙත් මෙහෙලු.
දැන් ඉන්න අපේ අය භාරත වන්දනාවෙ වසරකට වරක් ගියත්, බෞද්ධ සිද්ධස්තාන නරඹන්ඩ විදේශිකයො ආව කියලත් දේශාටන වාර්ථා තියෙන්නෙ ලන්කාව ගැන විතරලු. ඒ විතරක් නෙවේ, අපේ රජවරු සිරිපා කරුණා කරා කියල මිසක් ඉන්දියාවෙ වන්දනා ටුවර් ගියාද කියලත් හොයපන්.
6. බෝසතුන් සිහිය පිහිටුවාගෙන භාවනා කරපු මැයි මාසේ, බුද්ධගයාවෙ උශ්නත්වෙත් පොඩ්ඩක් හොයල බලපන්. ඒ වගේම සසර කලකිරිල රජවරු භාවන කරන්ඩ හිමාලය කන්දට ගිහින් කොහොම භාවනා කරන්ඩ ඇත්ද?
7.බුදු වීමට පිට දුන්න කියන ඉන්දියාවෙ තිබ්බ බෝ ගස ලොකු කාලයක් යන්ඩ කලින් විනාශ වුනේ කොහොමද?
8. පස්මහ බැලුම් වලදි බැලුවෙ දීපයයි. අර්ධද්වීපයක් හෝ මහද්වීපයක් නෙවෙයි. අනික බුදුවරයෙක් බලන්නෙ සිය දහම අවබෝධ කරගන්ට පුලුවන් පිරිසක් මිස මහා ලොකු ජනගහනයක් නෙවේ. එහෙම නම් උන්වහන්සේ ඉපදෙන්ඩ ඕනෙ ඉන්දියාවෙඩ? චිනයෙද?
කරුනු නම් එමටයි මචන්, උබලම හොයාගනිල්ල.

උඹ ඔය උත්තරෙ දුන්නෙ එක්කො, ඔය සමහරු හිතන් ඉන්නව වගේ, 2500 ට එහා ඉතිහාසය එලි උනොත් ඒක දෙමළ අයට වාසියි කියල හිතන හින්ද (එහෙම හිතන පිරිසක් ලන්කාවෙ ඉන්නව ) එහෙම නැත්තන්, නිකන්. ඒකට මන් දන්න තරමින් දෙන්න තියෙන උත්තරේ මේකයි. කිසි ලෙසකින් වත්, ශිව, ස්කන්ධ නමින් හඳුන්වන කතරගම මහාසේන, විශ්ණු, පත්තිනි වගේ අයගෙ උපත ලන්කාවෙ උනු පලියට, 2500 ට එහා ඉතිහාසයක් දෙමළ ජනයාට මෙහෙ නෑ. ඒක , මේ විස්තර භාගෙට දැනගනීම හින්ද නිගමනය කරන දෙයක් ( මේකෙන්, මන් කියන්නෙ නෑ, මන් මේ ගැන පොරක් කියල. මේ ගැන කතාකරපු, කරන උත්තමයො ඉදිරියෙ,දැනුම අතින් මන් කූඹියෙක් වගේ.අපේ ( සින්හලයගෙ ) ඉතිහාසය අවුරුදු 2500 කීම හරහා මේ රට බෙදන්ඩ බලන් ඉන්න ද්රවිඩයන්ටයි, මුසල්මානුවන්ටයි අපි කරල දෙන්නෙ ලොකු වාසියක්. සුද්ද උගන්නපු, සුද්ද ප්‍රචාරය කරපු 2500 ඉතිහාස ප්‍රෝඩාවෙ ඇත්ත අරමුණ ඒකයි. මහ ජාතිය සෙවනේ කිසි ගැටලුවකින් තොරව හිටපු වෙනත් ජනයා, සින්හලයගෙන් ඈත් කරන එක පටන් ගත්තෙ සුද්දො. ඒකට සමගාමීව මේ රටේ අයිතිය සින්හලයගෙන් ගලවන්ඩ ගොතපු බොරුවක් තමා ඔය 2500 කතාව. ( ඒකෙන් කියන්නෙ නෑ, අනිත් ජනයට මේ රට අයිති නෑ කියලවත්, ඔවුන් මරන්ඩ කොටන්ඩ ඕනෙ කියලවත්. දෙයියනේ, සිනහලයට යන්ඩ ලෝකෙ වෙන රටක් නෑ. ඒකයි අපි කියන්නෙ. ) දැන් ඔය 2500න් කොහොමද සින්හලට මෙහි තියෙන ඓතිහාසික උරුමය ගලවන්නෙ? ඕඉව මොන බොරු කතාද කියල සමහරු අහන්ඩ පුලුඅන්. ඇයි හත්වලාමෙ, පහුගිය කාලෙ හකීම් කියපු කතාව උඹලට මතක නැද්ද? අපි පරයො නම්, මෙහෙ වැද්දො මරල බලය අල්ලපු සින්හලයොත් පරයො කියල? අන්න ඒකයි බොලවු මන් මේ කියන්නේ, මේ ඉතිහාසය විශාල වශයෙන් නිවැරදි විය යුතුයි කියල. සමහරු කියනව ඔය මගුල් බදාගෙන ඉඳල වැඩක් නෑ කියල. ඒ හින්ද, ඉතිහාසෙ තියෙන අනිත් වැදගත් කම මන් අනිත් කමෙන්ට් වලින් දාන්නම්.
අඩේ, ඒව හිතලු හින්ද වෙන්ඩ ඇති නේද මචන්, ඉන්දියාවෙන් ඇවිත් රාවනා ගැන ඩොකියුමෙන්ට්‍රි කරන්නෙ ලන්කාවෙ.? එතකොට ලන්කාවතාර සූත්‍රයෙ, තෙල්මෙ නැටුම්, අන්ගම් සටන්, රාවනා ලියපු වෙදපොත් ඉන්දියන් ආයුර්වේදෙ පාවිච්චි වෙන්නෙ? හැබැයි ඉතින්, මිරැන්ඩො ඔබේසේකරල කියනව වගේ ඔලු දහයක් තිබ්බ,අඟහරු ලෝකෙ ඇල්ලුව, එතුමගෙ දේහය සිහි මූර්ජාවෙන් නැගිටල එනව වගේ ඒවන් නම් මන් පිලිගන්නෙත් නෑ. ඒක හරියට බුදුහාමුදුරුවො මාතෲ දිව්‍ය රාජයට බණ දේශනා කරන්ඩ දිව්‍ය ලෝකෙට වැඩම කරල එනකොට බහින්ඩ ඉනිමගක් පාවිච්චි කරා වගේ ගොතපු කතන්දරයක්.වෙන්ඩ පුලුවන් දේවල් මොනවද කියන එක බුද්දිමත්ව හිතන එක තමා අපිට කරන්ඩ තියෙන්නෙ.