අපි ඇති තරම් රුධිරය සහ මරණ දු‍ටුවෙමු.......... Now Again?

lasa1106

Member
Apr 26, 2012
626
197
0
අපි ඇති තරම් රුධිරය සහ මරණ දු‍ටුවෙමු.......... Now Again?

අපි ඇති තරම් රුධිරය සහ මරණ දු‍ටුවෙමු. 1971, 1987/90, 1983-2009 අපට ජීවත් වන්නට සිදුවුණේම මරණය සහ ශෝකය සමගය. නැවත එවැනි විනාශයක් ඇතිවීම වළකාගමු.

ජාතීන් අතර, ආගමික කණ්ඩායම් අතර අසමගිය, සැකය ඇති කරවන අදහස් පැතිර වීමෙන් වළකිමු..!
Let us refrain from spreading ideas that create suspicion among people,

ගල්කන්දේ ධම්මානන්ද හිමි
කථිකාචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලය.........


watch the video and decide............



 
අපේ සමහරක් එවුන් බෞද්ධයාටයි බොදු බල සේනාවටයි මේ සිද්දියේ වරද පටවන එකට නම්මම තදින්ම විරුද්දයි. අනික අපේ සමහරක් ඔලමොට්ටල සිංහල එවුන් ධර්මපාල තුමා වීරයෙක්, එයාට මොකුත් කියන්න එපා එතුමා ශ්‍රේෂ්ටයි, එතුමා වැඩක් කළා කියා කියා දැන් බොදු බල සේනාවට ගරහනවා. අන්න ඒ වගේ පාදඩ එවුන්ට ඉතිහාසයත් මුල ඉදල කියල දෙන්න වෙනවා.


එත් දැන් යුද්දෙකට යන එක නම් හොද වැඩක් නෙමෙයි, සිද්දියක් උනා තමයි, එත් අපේ එවුන් දැන් මරාගන්න්න එක නවත්තල 100% මොලෙන් ගේම දෙන්න ඕනේ. ඉස්සෙල්ලම හම්බ කඩ 100% වර්ජනය කරන්න හැම සිංහලයම පොලබවන්න ඕනේ. ඒ වගේම හලාල් හැම බඩුවම ප්‍රතික්ෂේප කරන්න ඕනේ.

කස්ටියගේ අදහස් වගේම ගල් මුලුත් සාදරයෙන් පිලිගන්නවා.
 
Last edited:
බොදු බෙලයින්ටයි කියන්නේ,
තමුසෙලා ට නොතේරුණාට තමුසෙලා තමයි සිංහල මිනිස්සුන්ට වෙලා තියෙන ලොකුම අපරාධය. මුස්ලිම් මිනිස්සු අපේ පන්සල් අල්ලනවා නම් ඒවාට ක්‍රියාකරන නිවැරදි විදිහක් තියෙනවා...තමුසෙලා ගොන් හැත්ත වගේ හන්දි ගානේ කුණු හරුපෙන් කෑ ගහලා උන්ගේ කඩ කුඩු කරලා මිනී මරලා දැන් ලෝකේ ඉස්සරාහ තොපි රැළ තමයි වැරදි කරුවෝ......ඉස්ලාම් අන්තවාදීන්ට මේ තරම් නියම අවස්ථාවක් එන්නේ නැතිව ඇති.
 

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    පොලිසිය වැඩේ වෙච්චගමන් සැකකාරයො ඇරස්ට් කලානම් මෙච්චර දුරදිග යන්නෙ නැහැ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කෑප්ටන් Jack Sparrow;16788940 said:
    අපේ සමහරක් එවුන් බෞද්ධයාටයි බොදු බල සේනාවටයි මේ සිද්දියේ වරද පටවන එකට නම්මම තදින්ම විරුද්දයි. අනික අපේ සමහරක් ඔලමොට්ටල සිංහල එවුන් ධර්මපාල තුමා වීරයෙක්, එයාට මොකුත් කියන්න එපා එතුමා ශ්‍රේෂ්ටයි, එතුමා වැඩක් කළා කියා කියා දැන් බොදු බල සේනාවට ගරහනවා. අන්න ඒ වගේ පාදඩ එවුන්ට ඉතිහාසයත් මුල ඉදල කියල දෙන්න වෙනවා.


    එත් දැන් යුද්දෙකට යන එක නම් හොද වැඩක් නෙමෙයි, සිද්දියක් උනා තමයි, එත් අපේ එවුන් දැන් මරාගන්න්න එක නවත්තල 100% මොලෙන් ගේම දෙන්න ඕනේ. ඉස්සෙල්ලම හම්බ කඩ 100% වර්ජනය කරන්න හැම සිංහලයම පොලබවන්න ඕනේ. ඒ වගේම හලාල් හැම බඩුවම ප්‍රතික්ෂේප කරන්න ඕනේ.

    කස්ටියගේ අදහස් වගේම ගල් මුලුත් සාදරයෙන් පිලිගන්නවා.

    100% මොලෙන් ගේම දෙන්න ඕනේ :yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Any area where several nations [Sinhala , tamil, Muslims,], then there should be a forces camp[Army or Navy or Airforce]. Then any problems arises can be solved before getting spread. Only police is not enough.
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    True story and thanks for sharing mcn.. Like lord Buddha said "Hatred does not cease by hatred, but only by love". I think individual cases such as happened in previous week should be treated with a legal manner or by a discussion instead of the way it was treated by the bbs.

    Anybody from any religion should follow his/her religion with using brain instead of blind faith. If so most of the issues among religions will be minimized.
    :)
     
    Last edited:

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    එහෙම බනින්නෙ පපුව හොඳනැති කුහකහිත් තියෙන තිරිසන්නු. උන්හදන්නෙ එක යුද්ධයක් ඉවරවෙන කොට තවඑකක් කොහොම හරි පටන්ගන්න. ඒක තමයි උන්ගෙ පැවැත්ම. උන් ජීවත් වෙන්නෙ එහෙම. හාමුදුරුවො කියන දේට මමත් එකඟයි.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,358
    113
    lankawa apahu yanne parana VHS patiyamai mata hithenne.kolahala theyanwanam anduwatath hondai.ayuda tika wikuna ganna kari suddantath hondai.essara nayakayanta wada dan enna aun buddimathnam e wedeyata wada karai.
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    කෑප්ටන් Jack Sparrow;16788940 said:
    අපේ සමහරක් එවුන් බෞද්ධයාටයි බොදු බල සේනාවටයි මේ සිද්දියේ වරද පටවන එකට නම්මම තදින්ම විරුද්දයි. අනික අපේ සමහරක් ඔලමොට්ටල සිංහල එවුන් ධර්මපාල තුමා වීරයෙක්, එයාට මොකුත් කියන්න එපා එතුමා ශ්‍රේෂ්ටයි, එතුමා වැඩක් කළා කියා කියා දැන් බොදු බල සේනාවට ගරහනවා. අන්න ඒ වගේ පාදඩ එවුන්ට ඉතිහාසයත් මුල ඉදල කියල දෙන්න වෙනවා.


    එත් දැන් යුද්දෙකට යන එක නම් හොද වැඩක් නෙමෙයි, සිද්දියක් උනා තමයි, එත් අපේ එවුන් දැන් මරාගන්න්න එක නවත්තල 100% මොලෙන් ගේම දෙන්න ඕනේ. ඉස්සෙල්ලම හම්බ කඩ 100% වර්ජනය කරන්න හැම සිංහලයම පොලබවන්න ඕනේ. ඒ වගේම හලාල් හැම බඩුවම ප්‍රතික්ෂේප කරන්න ඕනේ.

    කස්ටියගේ අදහස් වගේම ගල් මුලුත් සාදරයෙන් පිලිගන්නවා.

    1000% අපේ උන්ට තේරෙන්නේ නැත්තේ ඕක..:(:(:(:(:(:(:(
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    සතුටුයි මේ වගේ කීපදෙනක් හරි එළකිරියේ ඉන්න එක.

    83 දෙමල සිංහල ගැටුමට ඉක්මන් හේතුව ත්‍රස්තවාදීන් හමුදාවේ 13 ඝාතනය කිරීම. නමුත් දෙමල කඩ ගිනි තැබීම විසදුමක් උනාද? .නැහැ. හමුදාව අමාරුවෙන් 2009 ඒ ප්‍රශ්නය විසදුව. යම් ප්‍රස්නයක් තියෙනවනම් එකට විසදිය යුතු ක්‍රමවේදයක් තියෙනවා. දෙමල්ලුන්ට අපහසකරලා, හින්දු ආගමේ දෙවියන්ට අපහස කරලා, කඩ ගිනි තියල ප්‍රශ්න විසදන්න පුළුවන් කියල විස්වාසකරන පිරිසක් ඉන්නවා. අපිට දෑන්නේනේ පිළිකුලක්. නිසි විසදුම 2009 පල දරපු නිසා තමයි සිංහල දෙමල සාමාන්‍ය වැසියන අද සන්තෝසයෙන් ඉන්නේ (නොවිසිදුනු ප්‍රශ්න ඇති, එක වෙන කතාවක්). අපේ විරවරු වන්නේ 83 කඩ ගිනිතියපු ඊනියා පොරවල් නෙවි, මඩේ බැහැල ජීවිත පුජකරලා සටන් කරපු හමුදාවේ සාමාජිකයන්.

    සිංහල-මුස්ලිම් අන්තවාදී කෝලාහල වලට හේතුව වෙනස් වෙන්න පුළුවන්. එත් 83 සිංහල-දෙමල අන්තවාදයෙන් පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. සතුටයි හැම දේශපාලන පක්ෂයක්ම මේක හෙලා දැකපු එක.


    ///////////////////////////////////////////////////////////////////////////////////////
    copyright maathalan.blogspot.ca

    අළුත්ගම ගිනි ගත්තේය. ඇත්තටම ගිනි ගත්තේද? නැත..., ගිනි තිබ්බේය. රටම භීතියෙන් ඇලලි ගොසිනි. මහජනතාවට සාමයෙන් ඉන්න කියයි. මේ රටේ මහ ජනතාවගෙන් බහුතරය, කොහොමත් අහිංසකයෝය. 83 දී ඒ දේ අප දැසින් දැක ඇත්තෙමු. බහුතර ජනතාව, තම සහෝදර ජනතාවට වූ විපත ගැන සෝ සුසුම් හෙලූහ. කඳුලු සැලූහ. ඔවුනට, ඔහු තම අසල් වැසියා මිස, සතුරකු වූයේ නැත. ඇත්ත.... ඔහු පර දෙමළෙකි. එහෙත් ඔහු මිතුරෙක්ම විය.

    83 මේ රට ගිනි තැබුවේ, රටේ මහජනතාව නොවේ. බෞද්ධ භික්ෂුවකගේ මූලීකත්වයෙන් ආරම්බ කළ ප්‍රහාරයට, ඉන් පසු අනුබල ලැබුනේ කාළකන්නි දේශපාළකයන්ගෙන් හා උන්ගේ කටු කන බල්ලන්ගෙනි. ග්‍රාම සේවක ලැයිස්තුව අතැතිව පැමිණ, නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන පෙන්වා දුන්නේ, ආන්ඩුවේ බත් බැලයින් මිස වෙන කිසිවකු නොවේ. සමහර නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන, දෙමලුන්ගේ බව අසල් වැසියන් දැනගත්තේ එදාය.

    පොලීසිය, පොලීසියෙන් එලියට බැස්සේ නැත. හෙට්ටි වීදියට පමණක්, නාවික හමුදාවේ රැකවරණය සපයන ලදි. ඒ මුදල් වල බලය නිසාවෙනි. බහුතරය, මේ මිනීමැරුම් හා කොල්ලකෑම් හෙලා දැක්කද, එයින් ප්‍රීතී ප්‍රමෝදයට පත් වූවෝද අඩු වූයේ නැත. තම මිතුරා සතු සියල්ල කොල්ලකා ගත්තෝද, අනන්තවත් වූවෝය. ඉහළට නැගෙනා දුමාරය දෙස බලමින් ප්‍රීතී ප්‍රමෝදයට පත් වූවෝද අඩු නොවීය. පර දෙමලා අවසාන යැයි උදම් ඇනුවෝද බොහෝ විය. එහෙත් සිඳු වූයේ කුමක්ද?

    වසර තිහක් තිස්සේ, මේ රට එකම ගිනි ගොඩක් බවට පත් වීම පමණය. ථේරවාදි බුදු දහමෙන් නිවී සැනසුන, සාමයට ලැදි, බහුතර ජනතාවක් විසූ සුන්දර දිවයිනක්, එක රැයෙන්, "මිනී කන්නන්ගේ දේශයක්.." බවට පත් කරණා ලදි. ඒ දේ කලේ රටේ මහජනතාවද? නැත. කාළකන්ණි දේශපාළකයන්මය. 2009 දී, අධි බලැති ජල ප්‍රහාරයකින් නිවා දමන ලද්දේ, වසර තිහක් පුරා ඇවිලුනු ඒ කාළකන්නි ගින්නයි. එයින් රත්වූ මහ පොළොව තවමත් නිවී සැනසී නැත. නිවා සනසා ලන්නට වුවමනාවක්ද නොමැත.

    ඕනෑම සමාජයක් තුල ගැටුම් පැවතීම සමාන්‍ය සංසිද්ධියකි. බොහෝ විට තරුණයන් අතර ගැටුම් ඇතිවීම, සුලබ සිද්දියකි. එම ගැටුම් පවුල තුල සිඳුවිය හැක. සමහර විට නිවෙස් දෙකක් අතර විය හැක. සමහර විට එය කුළ ප්‍රශ්ණයක් විය හැක. එම සිඳුවීම් දුර දිග යන අවස්ථාද නැත්තේ නොවේ. එහෙත් අසල්වැසියන් හෝ ආගමික නායකයින් හෝ සමාජයේ දැණුවත් පිරිස කරනුයේ, එම ගැටුම නිරාකරණය කිරීමකි. එසේ නොමැති වූ කළ පොලීසීයේ පිහිට පැතිය හැක.

    දර්ගා ටවුමේද, පිටකොටුවේද, ගාල්ලේද, බේරුවලද, ඉඳ හිට මුස්ලිම් පිරිස හා සිංහළ පිරිස් අතර සුළු සුළු ගැටුම් ඇතිවීම සාමාන්‍ය දෙයකි. එහෙත් එම ගැටුම්, එම ප්‍රදේශයටම් පමණක් සීමා වන අතර, එම ප්‍රදේශය තුලම, ගැටුම නිරාකරණය කර ගනි. අත්‍යාවශ්‍යම වූ මොහොතක පමණක්, පොලීසිය හෝ හමුදාව කැඳවීම සිඳුවේ. එහෙත් අද රටේ සිඳු වන්නේ කුමක්ද? එවන් ගැටුමක් ඇති වූ විට, එම ප්‍රශ්ණය පොලීසිය විසින් විසඳන්නේ නැත. එක්කෝ මුදල් වලට යට වීම හේතුවෙනි. එසේ නොමැති නම් දේශපාළණ අත පෙවීම් හේතුවෙනි.

    ප්‍රධානම හේතුව, නීතිය වල් වැදී තිබීමයි. නීතීය හා අධිකරණය ගැන කිසිඳු විශ්වාසයක් ජනතාවට මෙන්ම, රාජ්‍ය ආයතන තුලද නැත. අවි පෙන්වීමට ගොස්, සැකකරු මියයන්නේ ඒ හේතුවෙනි. පොලීසිය හා අධිකරණය කුණු ගොඩකි. එවා කුණු වී ඇත්තේ නිකම් නොවේ. දේශපාළණ අත පෙවීම් හේතුවෙනි. එම තත්වයන් එසේ තිබුනද, සාමාන්‍ය ජනයාට, මහණුන්ට හෝ උලමාවරුන්ට, රටේ නීතිය හා පාළණය ලබා දුනහොත් සිඳුවන්නේ, සුඩානයට වූ දෙයම් විය හැකිය.

    වසර 30 ක් පුරා අඳුනු යුධමය වාතාවරනයේදීවත්, එය ජනවාරිගික ගැටළුවක් ලෙස ඉස්මතු වූයේ නැත. 83 සිඳුවීම හැර, ඉන් පසු කිසිඳු අවස්ථාවක, ජනතාව නීතිය අතට ගැනීමට ගියේ නැත. මීට වඩා ලේ කෝප කරන්නාවූ, ජය සිරිමා බෝධි ප්‍රහාරය, දළදා මාළිගා ප්‍රහාරය, අරන්තලා ප්‍රහාරය මෙන්ම කාන්තන්කුඩි ප්‍රහාරයේදීවත් ජනතා නැගිටීම් වලට ඉඩක් නොවීය. එසේ කිසිඳු සිඳුවීමක් ඉස්මතු වීමට ඉඩ නොදුන් ජනතාවට මෙන්ම, පාළකයන්ටද අපගේ ගෞරවය හිමි විය යුතුමය. නැතිනම් සිඳුවන්නේ මේ රට ලේ ගංගාවන් හා මිනී කඳු පිරුණු දේශයක් වීම පමණි.

    එහෙත් අද , සුළු සිද්දියක් පිළිබඳව යුක්තිය පසිඳලීමට නීතිය තම අතට ගත් අනගාරික ධර්මපාල පරපුරේ (කතා කරන්නට නොදන්නා බෞද්ධයෙකී) බූරූවන් පිරිසක් එම ප්‍රදේශයට පිවස, ප්‍රදේශයේ ගිනි අවුලවා, දැන් සාමය ඇති කිරීමට පොර ටෝක් දෙයි. ගිනි තියපු එකාම ගිනි නිවීමටත් එයි, අත් අඩංගුවේ පසුවිය යුතු උන්, ප්‍රභූන් (නමට) හා එක්ව, සාමය උදා කරනා සාඛඡ්චාවන්ට සහභාගී වෙයි. සහභාගීවන්නන්ද, සහභාගී කර ගන්නන්නෝද මොළේ අමාරු උන් වන්නටම ඕනාය. සාමය උදා කරන්න එන බහුතරය නොම්මර එකේ මදාවියන්ය.

    අපට ජාත්‍යන්තරයේ හිතවත් පිරිස බොහෝ අල්පය. බටහිර රාජ්‍යයන් අප විසින් සළකනුයේ, අපගේ පරම හතුරන් ලෙසිනි. මිතුරන් ලෙසින් සිටිනුයේ, චීනය හා මුස්ලිම් රටවල් පමණි. අද මේ කාළකන්නි පිරිස් උත්සාහ කරනුයේ, එම පිරිසද නැති කර ගැනීමටද? අද මෙරට ජීවත් වන මුස්ලිම් ප්‍රජාවද, අප කුඩා කාළයේ උන් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කළ, සාමයට ලැදි මුස්ලිම් පිරිසක් නොවේ. පිරිමින් අඳිනුයේ, කලිසමවත් මඩකළපු සරමවත් නොවේ, ඔවුන් ලෝගුවල බැස ඇත, කාන්තාවන්ද සාරිය විසි කර, බුර්කා පැළඳගෙන යයි. ඒ තුල සිටින්නේ, කාන්තාවක්ද, අල්කායිඩා කාරයකුද යන්න දන්නේ, අල්ලා දෙවියන්ම පමණි.

    ඔවුන් ලෝගු වල බැස ගත්තාට, රැවුල් වවාගෙන තලෙයිබාන් කාරයෝ මෙන් සිටියාට, අපට අමාරුවක් නැත. එහෙත් තලෙයිබාන් දර්ශණය මේ රට තුල ස්ථාපනය කරන්නට යාම නම්, අපට විශාල ප්‍රශ්නයක්මය. බුර්කාවේ අනතුර ආරක්ෂක අංශයන්ට නොපෙනෙන්නේ, අප රටේ කරුමයටම මිස, වෙන කිසිවක් නිසා නොවේ. මේ අළුත් තෙල්යිබාන් ව්‍යාපාර මඟින් කරණුයේ, මෙතක් යම් නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඉහලින්ම වින්දාවූ ජාතියක්, මරි මෝඩයන් කොට තලෙයිබාන් දර්ශණය ඔළු තුල රුවා ලීම පමණි. කනගාටුවකට මෙන් ඉතා දුප්පත් මුස්ලිම් ප්‍රජාව ජීවත් වන ප්‍රදේශ මෙම ග්‍රහණයට නතුවී බොහෝ කල්ය. යුද්ධය පැවති සමයේ බුර්කා පැළඳීමේ නිදහසක් තිබුනේ නම් සිඳුවිය හැකි විපත, කූඹී පුකක මොළයක් ඇති ඕනෑම අයකුට තේරුම් යනු ඇත.

    අද අපේ බෞද්ධයාද, පෙර උන් බෞද්ධයා නොවේ. අප දන්නා බෞද්ධයා. පන්සිල් ගැනීමෙන් පසු මිනීමැරීමටවත්, කළකෝළහාල වලටවත්, මංකොල්ලකෑම වලටවත් ගියේ නැත. ඔවුන් විපතකදි, කම්මුලේ අත තබා. "හනේ හපොයි..." කියා විස්සෝප වූ ජාතියක්ය. අනුන්ගේ දුකේදී, විපතේදී, එය තමන්ගේ මෙන්, වින්ඳාවූ ජාතියක්ය. එවන් නිවුනු සිංහළ පිරිසක් මිනීමරුවන් කරණුයේද චීවර දරාගත් කාළකන්නින් පිරිසක් වීම ජාතියේ අවාසනාවකි. එය ආගමක් ලෙස අඳහන්නවුන්ට කරනා නිගාවකි.

    මේ කාළකන්නින් ගැන, මහා නායක තෙරුන් හා අනෙකුත් නායක හිමිවරුන් කටක් නොසෙල්වීමෙන් පෙනෙනුයේ, ඔවුන්ද මේ දේවල අනුමත කරනවා කියා නොවේද? අවම වශයෙන්, ජිනීවා වල ගුද වාතයටත්, ඒකාබද්ද නිවේදන නිකුත් කරනා මහා නායක හිමිවරුන්ගේ, අධෝ මුඛයවත් විවෘත නොවන්නේ, තම ගෝලබාලයින්ගේ ක්‍රියා දැකීමෙන්, ඒ උතුම් වූ, අමා මහා නිවන් අවභෝධ වී ඇති නිසා වත්ද? මාදුළුවාවේ සෝභීත හිමි ජනාධිපති කම් ඉල්ලන්නේ, මෙවන් ක්‍රියා නීතීගත කිරීම සඳහාද? දඹර අමිල හිමි, මමත් සුදුසුයි කියන්නේ මෙවන් චොකා බයිලා නැටීමටද?

    මේ රට පාළණය කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාද? නැතිනම් සංඝරත්නයද? අවම වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාරම්බකයාට සිඳුවූ දෙයවත්, මේ නායකයින්ට මතක නැතිද? බහුතර මුස්ලිම් පිරිසක් වෙසෙන පෙදෙසක, මධුමාදවලාට හා සිවුරු පොරවා ගත් චන්ඩින්ට රැස්වීම පවත් වන්න අවසර දෙන්නේ කව්ද? එම රැස්වීම වලදි, මිනිසුන්ගේ ලේ කෝප කරනා කතන්දර කීමට ඉද දෙන්නේ කෙසේද? ඉන් කෝප වන ජනයා, මිනිස් ඝාතන සිඳු කිරීමෙන් පසු, සමාව ගැනීමට පෙර, මෙවන් දැ සිඳු නොවිමට වගබලා නොගන්නේ ඇයි? හමුදාව හා පොලීසිය බලා සිටියදි ප්‍රහාර එල්ල කරන්නේ නම්, ඔව්නට කාගේ පිලිසරණද? ඔවුන් ත්‍රස්තවාදීන් වුවහොත් අප පුදුම විය යුතුද?

    ජාත්‍යන්තරය හමුවේ පරීක්ෂණ වලට යොමුවී සිටින රටක්, රාජ්‍යය පාළණය කළ යුත්තේ මේ ආකාරයටද? මිනිසුන් උසි ගැන්වූ පිරිස්, සාම සාකඡ්චාවලට යොදා ගන්නේ, ආන්ඩුව ඒ තරමටම ඔවුනට බියද? අපේ රට විනාශ කිරීමට හදන්නේ, භාහිර බලවේගයන්ද? එසේ නොමැතිනම් කාළකන්නි අභ්‍යන්තර බලවේගයන්ද? (බෞද්ධ හා මුස්ලිම්) භාහිර ඇඟිලි ගැසීම කුමකටද? දැන් අපේ උන්ම ඇඟිලි ගසා, බහු සුරතාත්නතයට පත් කර අවසානය. තව එකෙක් හෝ ඇඟිලි ගැසුවහොත මරණය පවා සිඳු විය හැකිය
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    As Sinhalese Buddhist , I do not approve any fight. But world must know, These fights were started by Muslims, [1] Muslims assaulted To a driver and Buddhist Priest [ 2] Muslims shot Bodu balasena walk without any disturbances to muslims, But Muslims attacked [shot] Bodubalasena walk. BEFORE THESE INCIDENTS , THERE IS THE PEACE BETWEEN SINHALA AND MUSLIM WELL.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    As Sinhalese Buddhist , I do not approve any fight. But world must know, These fights were started by Muslims, [1] Muslims assaulted To a driver and Buddhist Priest [ 2] Muslims shot Bodu balasena walk without any disturbances to muslims, But Muslims attacked [shot] Bodubalasena walk. BEFORE THESE INCIDENTS , THERE IS THE PEACE BETWEEN SINHALA AND MUSLIM WELL.

    මේ වගේ දේවල් වලට එකම විසදුම රටේ නිතිය හරියට ක්‍රියාත්මක කිරීම.
     

    mage diviya

    Member
    Dec 27, 2013
    174
    38
    0
    අපේ මිනිස්සු ගැන ඇතිවෙන්නේ ලොකූ කලකිරීමක්...වෙලාවකට හිතෙනවා මුන්ට ඕනා තවත් යුද්දයක්ද කියලා...යුද්දයක් නැති රටක නින්ද යන්නේ නැති ගතියක් මේ පොරව ගත්ත අයට තියනවාද කියලා...අපි ලැජ්ජ වෙන්න ඕනා...අපේ රටේ මිනිස්සුන්ව මේ ලෝකේම පැතිරෙන්නේ සාමයෙන් සමාදානයෙන් ඉන්න බැරි කාලකන්නි ගෝත්‍රික ජාතියක් විදියටයි...