Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි කව්ඩගල ආවෝ ♥️♥️♥️♥️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“යම් දෙයක් ජීවමාන වූ ලෝක නායක බුදුරජාණන් වහන්සේ පුදන්නේ නම්, එසේම පිරිනිවන් වැඩි බුදුරජාණන් වහන්සේගේ අබ ඇටක් පමණ වූ ධාතුන් වහන්සේ නමකදු පුදන්නේ නම්, චිත්තප්රසාදය සම වූ කල්හි පිනද සමානය. මහත් බවට ගියේද වෙයි. එහෙයින් සෑයක් කොට සර්වඥ ධාතූන් වහන්සේ පුදනු මැනව” මෙලෙස වදාළේ සසරේ ධාතුන් වහන්සේ නමට පස් වසරක් උපස්ථාන කොට ඒ පිනෙන් අරහත්වයට පත් වූ “පච්වුපට්ඨාන සඤ්ඤක” රහත් මුනිඳුන් විසිනි. එනිසා ජීවමාන බුදුරජාණන් වහන්සේ යැයි සලකා ධාතුන් වහන්සේ වන්දනාමාන සත්කාර යමෙක් කරන්නේ නම්, ඔහුට අපමණ පින්ඵල රැස්වේ

මනුස්ස ආත්මයක් ලැබුවේ මන්ද?

මේ විස්තරය සටහන් තබන්නේ බොහෝ දෙනෙක් ධාතු වන්දනාවේ යෙදුනාට ඒ ගැන මහත් පී්රති ප්රමෝදයෙන් යෙදෙන බවක් දකින්නට නො ලැබේ. සමහර අයට පින ගැන කිසිදු නිනව්වක් නොමැත. සිදුවන්නේ කාබී මේ ජීවිත්වීම පමණි. මිනිසත්බව නො දැනීම නිස්කාරණයේ ගෙවී යයි. මෙතැනින් චුත වූ කළ ඉපදෙන්නේ කොහිද? ඒ ලෝකයේ පින ගැන කුසල් ගැන නිවන ගැන අසා දැනගන්න ලැබේද? මේ හැම දේම අද ඔබට අසන්න ලැබේ. වුවමනාව සහ නුවණ තිබේනම් මේ මනුස්ස ජීවිතේ සඵල කර ගන්න පුළුවනි. එයට විශාල ලෙස පැති විවෘතව ඇත.

අප මේ කතා කරන්නේ තුන් ලෝකයේ අසහාය මහා නිකෙලෙස් මුනිවරයාට වන්දනා කිරීමෙන් රැස්වෙන පින ගැනය. පින කියන දේ දෑසට නොපෙනේ. එනිසා මිනිසුන් පිනට ආසා කරන්නේද නැත. පව කියන එකත් නොපෙනේ. නමුත් පවු සිදු කරති. සසරේ භයංකාර බව දන්නා බුද්ධිමතා සැප විපාක දෙන පින කරති. දුක් විපාක දෙන පාපය බැහැර කරති.

පින මෙයයි

පින කියන්නේ පුදුම සුන්දර දෙයකි. අද්භූත දෙයකි. සිතා ගත නොහැකි දෙයකි. ධම්මපදයේ “ජෝතික” සිටාණන්ගේ කතාව එයට උදාහරණයකි. සාමාන්යය මනුස්සයකුට සිතා ගන්නටවත් නොහැකි තරමට පින බලවත් වේ. පින කියන්නේ සැපයට කියන නමකි. “සුකස්සේතං භික්ඛවේ අධිවචනං යදිදං පුඤ්ඤං” ඒ පිනේ සැප විපාක අරුමය.

බුදුරජාණන් වහන්සේ ස්තූප තනවන්න වදාළේ කිම?

පිරිනිවන් මඤ්චකයේ වැඩ සිටින භාග්යවතුන් වහන්සේ වදාළේ “ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගතයන් වහන්සේ ස්තූප තනවා පිදීමට සුදුසු වේද? මේ ඒ භාග්යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ස්තූපය” යැයි ඔවුහු එහි සිත පහදවා ගනිති. මේ චිත්ත ප්රසාදයෙන් කය බිඳී මරණින් මත්තේ සුගති සංඛ්යාත දෙව්ලොව උපදී. මේ කරුණෙන් තථාගතයන් වහන්සේගේ ස්තූප තනවා පිදීමට සුදුසු වෙත්.

මෙහිදී තථාගතයන් වහන්සේ වදාළේ සිත පහදවා ගැනීමම සුගතියට හේතුවන බවකි. යමෙක් මලින්, පහනින්, සුවඳින් පුදා වන්දනා මාන කරනවිට කොතරම් නම් පිනක් රැස්වේවිද? ඒ නිසා භාග්යවතුන් වහන්සේ වදාළා මේ ස්තූප කරවීම බොහෝ දෙනාට බොහෝ කල් හිතසුව පිණිස පවතින බව. ඒ වගේම ධම්මපදයේ සඳහන් වෙන්නේ කෙලෙස් බැහැර කළ නිකෙකෙලස් උතුමනට වන්දනා කිරීමෙන් රැස්වන පින මෙපමණයි කියා මැන සංඛ්යාවකට ගත නොහැකි බවය. ඒ වගේම චේතිය පූජාවෙන් රැස්වන පින පුණ්ය නිධානයකි. ඒ පිනෙන් විශ්්මිත සැප උපදී. මේ පිළිබඳව අපූරු විස්තරයක් අපදානයේ සඳහන්.

අරුම පුදුම වැලි සෑය

හිමාලයේ යමක කියන පර්වතය අසල “අමෙරිකා” නමින් නදියක් තිබුණි. ඒ නදිය අසල අසපුවක ශිෂ්යයන් තුන් දහසකට ගුරුහරුකම් දෙන “නාරද” නම් තාපසයා ජීවත් විය. හැම දෙනාම ඔහුට වන්දනා කරති. මේ තාපසයා දිනක් කල්පනා කරන්නේ සියලු දෙනා වන්දනා කරන්නේ මටය. මම කාටද වන්දනා කළ යුත්තේ කියා. ඔහු සම්බුදුවරු ගැන අසා තිබුණි. ගඟ අසලට ගොස් වැලිවලින් සෑයක් තනවා මේ වැඩ සිටින්නේ අසමසම ඇති බුදුරජාණන් වහන්සේ යැයි සිතා උදේ සවස වන්දනා කරති. මේ තාපසයාට අකුසල විතර්ක ආ විට “මම බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනවා නෙව. මෙහෙම සිතිවිලි මට යහපත පිණිස නොවේ” හිතා ඒ අකුසල් බැහැර කරති. කාලයකට පසු මොහු මියගොස් සෑය පිදූ පිනෙන් වැඩූ ගුණයෙන් බඹලොව ඉපදුණි. බොහෝ ජීවිතවල සක් දෙවිඳු විය. සක්විති රාජ පදවි ලැබුණි. බොහෝ සැප සම්පත් ලැබුණි.

ස්තූප පිරිසුදු කිරීමේ විපාක

කැලෑවේ ඇවිදිමින් යන මිනිසෙකු පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධාතු ස්තූපයක් දුටු අතර, එය ගරා වැටී තණ, ගස් ආදිය වැවී තිබෙන අයුරු දුටුවේය. ජරාවාස වී කටුඅකුල් වැවී ඒ ගරා වැටී තිබුණු සෑය දුටු මොහුට බුද්ධ ගෞරවය ඇතිවුණි. අර කටු කොහොල සුද්ධ පවිත්ර කොට, සෑය පවිත්ර කෙරිණ. සෑයට අටවතාවක් වන්දනාමාන කොට පිටු නොපා ගෞරවයෙන් එතැනින් පිටත් විය. ඔහු මියගොස් තව්තිසාවේ තිස් යොදුන් විමානයක ඉපදුණි. තනි රත්තරං මාළිගාවකි. බොහෝ වාරවල සක් පදවියත්, සක්විති රාජ්යයත් හිමි විය. ඉපදෙන ඉපදෙන ජීවිතවල මහාභෝග ලැබුණි. ඒවා අඩු වූයේ නැත. මෙය ස්තූප පිරිසුදු කිරීමේ විපාකයි. කිසිදින කැලයක අතරමං වූයේ නැත. යන යන තැන පිහිටට යමක් ලැබුණි. කිසිදිනක කුෂ්ඨ, ගඩු, දද, කැසිලි, අපස්මාර ආදී ලෙඩ නොවූ බව සඳහන්. මේ සියල්ල චෛත්යය පිරිසුදු කිරීමේ විපාකය. ඔහු අපගේ බුදු සසුනේ ඉපදුණි. ධර්මය ගැන පැහැදුනි. භාවනා කිරීම පිණිස සිත යොමු කෙරිණි. එක අසුනේම අරහත්වයට පත්වුණි. මේ ස්තූප පිළිසකර කිරීම, පිරිසුදු කිරීමේ විපාකය. “පභංකර” කියන රහතන් වහන්සේයි මේ විස්තරය වදාළේ.

ධාතු ස්තූපවලට ආලෝක පූජා කිරීමේ විපාක

දිවැස් ලැබූ භික්ෂූන් අතර, අග්ර වූ “අනුරුද්ධ” මහරහතන් වහන්සේත්, භික්ෂුණින් අතර අග්ර “සකුලා” නම් රහත් භික්ෂුණියත් ඒ හැකියාව උපදවා ගත්තේ අතීතයේ පහනක් අතට ගෙන රැය පහන්වනතුරු ධාතු ස්තූපයක් ප්රදක්ෂිණා කිරීමේ විපාක නිසයි. අනික පහන් පූජාවෙන් තියුණු ඇස් තිබේ. ප්රඥාවටත් උපනිශ්රය කාරණා සකස් වේ. පුදුම සහගත විපාක පහන් පූජාවෙන් රැස්වෙන විස්තර රහතන් වහන්සේගේ ජීවිත කතාවල සඳහන්.

ස්තූප පූජාවට ගරහන්නා පේ්රත ලෝකයේ

ධාතු විවණ්නක පේ්රත වස්තුවේ විස්තර වන්නේ ධාතු වන්දනාවට ගැරහු බොහෝ පිරිසක් පේ්රත ලෝකයේ ඉපදුන කතාවකි. ශරීරය ඉතා ගඳය. කුණු ගඳ හමති. කටේ පණුවෝ පිරී ඇත. කට ආයුධ වලින් කප කපා ලුණු ඉසිති. කස පහර ගසති. එක පේ්රතයෙක් කියන්නේ එසේ වූයේ ඔහු මනුස්ස ලෝකයේදී ඔහුගේ බිරිඳ සහ ලේලිය මල් අරගෙන ස්තූපයක් වන්දනා කිරීමට යද්දී යන්න නොදී බැණ නවතා දැමූ නිසා බවයි. ඒ විපාක ඒ ආකාරයටම විඳවති. ඒ වගේම ධාතු ස්තූප පිළිම වහන්සේ කඩා දමන අයට වෙනම නිරයක් තිබෙන බව පැරැණි පොත්වල සඳහන්. අප්රමාණ දුක් විඳින්න වේ. හිත පහදවාගෙන කරන පුංචි දෙයින් විශාල පිනක් රැස් වේ. ඒ වගේම නපුරු සිතින් ධාතුන් වහන්සේට නිග්රහ කළොත් ස්තූප වලට අගෞරව කළොත්, දීර්ඝ කාලයක් කටුක දුක් විඳිති. ඒ වගේම විමාන වස්තුවේ සඳහන් වන්නේ සුජාත කියන කුමාරයාට කර්මානුරූපීව නිරයේ උපතක් සකස් වී තිබුණි. කච්චායන මහරහතන් වහන්සේ ඒ කුමාරයාට ධාතුන් වහන්සේ නමක් වන්දනා කරන්න දී මාස තුනෙන් ඒ කුමාරයා මියගොස් දෙව්ලොව ඉපදී ඇත.

ධාතු පූජාවේ අග්රතම ප්රාර්ථනාව

ධාතු පූජාවේ අතීත විස්තරයි අප සාකච්ඡා කළේ. ප්රාර්ථනා කළත්, නැතත් පිනේ සැප විපාක උපදී. අපට ඉපද ඉපිදී මැරි මැරී යන හිස් සංසාරයක් අවශ්යද? නැතිනම් ආපු සසර කෙළවරක් අවශ්යද? වින්ඳ සැපත්, දුකත් අනිත්යමට අයිතිය අතීතයේ දැරූ සැප දැන් නැතිවා මෙන්ම අනාගතයේ යම් සැපක්, දුකක් විඳිනවානම් එයටත් එසේමය. ඒ නිසා මේ රැස්කරන පින් බලයෙන් ප්රඥාව පහළව චතුරාර්ය සත්යය ධර්මය අවබෝධ වේවා කියා සිතන්න. අග්ර දෙයක් පිදීමේදී අග්ර විපාක සැලසීම ඒකාන්තය.

[QUOTE="neo7x, post: 29588854, member: 231437"] “යම් දෙයක් ජීවමාන වූ ලෝක නායක බුදුරජාණන් වහන්සේ පුදන්නේ නම්, එසේම පිරිනිවන් වැඩි බුදුරජාණන් වහන්සේගේ අබ ඇටක් පමණ වූ ධාතුන් වහන්සේ නමකදු පුදන්නේ නම්, චිත්තප්රසාදය සම වූ කල්හි පිනද සමානය. මහත් බවට ගියේද වෙයි. එහෙයින් සෑයක් කොට සර්වඥ ධාතූන් වහන්සේ පුදනු මැනව” මෙලෙස වදාළේ සසරේ ධාතුන් වහන්සේ නමට පස් වසරක් උපස්ථාන කොට ඒ පිනෙන් අරහත්වයට පත් වූ “පච්වුපට්ඨාන සඤ්ඤක” රහත් මුනිඳුන් විසිනි. එනිසා ජීවමාන බුදුරජාණන් වහන්සේ යැයි සලකා ධාතුන් වහන්සේ වන්දනාමාන සත්කාර යමෙක් කරන්නේ නම්, ඔහුට අපමණ පින්ඵල රැස්වේ [HEADING=3]මනුස්ස ආත්මයක් ලැබුවේ මන්ද?[/HEADING] මේ විස්තරය සටහන් තබන්නේ බොහෝ දෙනෙක් ධාතු වන්දනාවේ යෙදුනාට ඒ ගැන මහත් පී්රති ප්රමෝදයෙන් යෙදෙන බවක් දකින්නට නො ලැබේ. සමහර අයට පින ගැන කිසිදු නිනව්වක් නොමැත. සිදුවන්නේ කාබී මේ ජීවිත්වීම පමණි. මිනිසත්බව නො දැනීම නිස්කාරණයේ ගෙවී යයි. මෙතැනින් චුත වූ කළ ඉපදෙන්නේ කොහිද? ඒ ලෝකයේ පින ගැන කුසල් ගැන නිවන ගැන අසා දැනගන්න ලැබේද? මේ හැම දේම අද ඔබට අසන්න ලැබේ. වුවමනාව සහ නුවණ තිබේනම් මේ මනුස්ස ජීවිතේ සඵල කර ගන්න පුළුවනි. එයට විශාල ලෙස පැති විවෘතව ඇත. අප මේ කතා කරන්නේ තුන් ලෝකයේ අසහාය මහා නිකෙලෙස් මුනිවරයාට වන්දනා කිරීමෙන් රැස්වෙන පින ගැනය. පින කියන දේ දෑසට නොපෙනේ. එනිසා මිනිසුන් පිනට ආසා කරන්නේද නැත. පව කියන එකත් නොපෙනේ. නමුත් පවු සිදු කරති. සසරේ භයංකාර බව දන්නා බුද්ධිමතා සැප විපාක දෙන පින කරති. දුක් විපාක දෙන පාපය බැහැර කරති. [HEADING=3]පින මෙයයි [/HEADING] පින කියන්නේ පුදුම සුන්දර දෙයකි. අද්භූත දෙයකි. සිතා ගත නොහැකි දෙයකි. ධම්මපදයේ “ජෝතික” සිටාණන්ගේ කතාව එයට උදාහරණයකි. සාමාන්යය මනුස්සයකුට සිතා ගන්නටවත් නොහැකි තරමට පින බලවත් වේ. පින කියන්නේ සැපයට කියන නමකි. “සුකස්සේතං භික්ඛවේ අධිවචනං යදිදං පුඤ්ඤං” ඒ පිනේ සැප විපාක අරුමය. [HEADING=3]බුදුරජාණන් වහන්සේ ස්තූප තනවන්න වදාළේ කිම?[/HEADING] පිරිනිවන් මඤ්චකයේ වැඩ සිටින භාග්යවතුන් වහන්සේ වදාළේ “ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගතයන් වහන්සේ ස්තූප තනවා පිදීමට සුදුසු වේද? මේ ඒ භාග්යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ස්තූපය” යැයි ඔවුහු එහි සිත පහදවා ගනිති. මේ චිත්ත ප්රසාදයෙන් කය බිඳී මරණින් මත්තේ සුගති සංඛ්යාත දෙව්ලොව උපදී. මේ කරුණෙන් තථාගතයන් වහන්සේගේ ස්තූප තනවා පිදීමට සුදුසු වෙත්. මෙහිදී තථාගතයන් වහන්සේ වදාළේ සිත පහදවා ගැනීමම සුගතියට හේතුවන බවකි. යමෙක් මලින්, පහනින්, සුවඳින් පුදා වන්දනා මාන කරනවිට කොතරම් නම් පිනක් රැස්වේවිද? ඒ නිසා භාග්යවතුන් වහන්සේ වදාළා මේ ස්තූප කරවීම බොහෝ දෙනාට බොහෝ කල් හිතසුව පිණිස පවතින බව. ඒ වගේම ධම්මපදයේ සඳහන් වෙන්නේ කෙලෙස් බැහැර කළ නිකෙකෙලස් උතුමනට වන්දනා කිරීමෙන් රැස්වන පින මෙපමණයි කියා මැන සංඛ්යාවකට ගත නොහැකි බවය. ඒ වගේම චේතිය පූජාවෙන් රැස්වන පින පුණ්ය නිධානයකි. ඒ පිනෙන් විශ්්මිත සැප උපදී. මේ පිළිබඳව අපූරු විස්තරයක් අපදානයේ සඳහන්. [HEADING=3]අරුම පුදුම වැලි සෑය [/HEADING] හිමාලයේ යමක කියන පර්වතය අසල “අමෙරිකා” නමින් නදියක් තිබුණි. ඒ නදිය අසල අසපුවක ශිෂ්යයන් තුන් දහසකට ගුරුහරුකම් දෙන “නාරද” නම් තාපසයා ජීවත් විය. හැම දෙනාම ඔහුට වන්දනා කරති. මේ තාපසයා දිනක් කල්පනා කරන්නේ සියලු දෙනා වන්දනා කරන්නේ මටය. මම කාටද වන්දනා කළ යුත්තේ කියා. ඔහු සම්බුදුවරු ගැන අසා තිබුණි. ගඟ අසලට ගොස් වැලිවලින් සෑයක් තනවා මේ වැඩ සිටින්නේ අසමසම ඇති බුදුරජාණන් වහන්සේ යැයි සිතා උදේ සවස වන්දනා කරති. මේ තාපසයාට අකුසල විතර්ක ආ විට “මම බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනවා නෙව. මෙහෙම සිතිවිලි මට යහපත පිණිස නොවේ” හිතා ඒ අකුසල් බැහැර කරති. කාලයකට පසු මොහු මියගොස් සෑය පිදූ පිනෙන් වැඩූ ගුණයෙන් බඹලොව ඉපදුණි. බොහෝ ජීවිතවල සක් දෙවිඳු විය. සක්විති රාජ පදවි ලැබුණි. බොහෝ සැප සම්පත් ලැබුණි. [HEADING=3]ස්තූප පිරිසුදු කිරීමේ විපාක[/HEADING] කැලෑවේ ඇවිදිමින් යන මිනිසෙකු පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධාතු ස්තූපයක් දුටු අතර, එය ගරා වැටී තණ, ගස් ආදිය වැවී තිබෙන අයුරු දුටුවේය. ජරාවාස වී කටුඅකුල් වැවී ඒ ගරා වැටී තිබුණු සෑය දුටු මොහුට බුද්ධ ගෞරවය ඇතිවුණි. අර කටු කොහොල සුද්ධ පවිත්ර කොට, සෑය පවිත්ර කෙරිණ. සෑයට අටවතාවක් වන්දනාමාන කොට පිටු නොපා ගෞරවයෙන් එතැනින් පිටත් විය. ඔහු මියගොස් තව්තිසාවේ තිස් යොදුන් විමානයක ඉපදුණි. තනි රත්තරං මාළිගාවකි. බොහෝ වාරවල සක් පදවියත්, සක්විති රාජ්යයත් හිමි විය. ඉපදෙන ඉපදෙන ජීවිතවල මහාභෝග ලැබුණි. ඒවා අඩු වූයේ නැත. මෙය ස්තූප පිරිසුදු කිරීමේ විපාකයි. කිසිදින කැලයක අතරමං වූයේ නැත. යන යන තැන පිහිටට යමක් ලැබුණි. කිසිදිනක කුෂ්ඨ, ගඩු, දද, කැසිලි, අපස්මාර ආදී ලෙඩ නොවූ බව සඳහන්. මේ සියල්ල චෛත්යය පිරිසුදු කිරීමේ විපාකය. ඔහු අපගේ බුදු සසුනේ ඉපදුණි. ධර්මය ගැන පැහැදුනි. භාවනා කිරීම පිණිස සිත යොමු කෙරිණි. එක අසුනේම අරහත්වයට පත්වුණි. මේ ස්තූප පිළිසකර කිරීම, පිරිසුදු කිරීමේ විපාකය. “පභංකර” කියන රහතන් වහන්සේයි මේ විස්තරය වදාළේ. [HEADING=3]ධාතු ස්තූපවලට ආලෝක පූජා කිරීමේ විපාක [/HEADING] දිවැස් ලැබූ භික්ෂූන් අතර, අග්ර වූ “අනුරුද්ධ” මහරහතන් වහන්සේත්, භික්ෂුණින් අතර අග්ර “සකුලා” නම් රහත් භික්ෂුණියත් ඒ හැකියාව උපදවා ගත්තේ අතීතයේ පහනක් අතට ගෙන රැය පහන්වනතුරු ධාතු ස්තූපයක් ප්රදක්ෂිණා කිරීමේ විපාක නිසයි. අනික පහන් පූජාවෙන් තියුණු ඇස් තිබේ. ප්රඥාවටත් උපනිශ්රය කාරණා සකස් වේ. පුදුම සහගත විපාක පහන් පූජාවෙන් රැස්වෙන විස්තර රහතන් වහන්සේගේ ජීවිත කතාවල සඳහන්. [HEADING=3]ස්තූප පූජාවට ගරහන්නා පේ්රත ලෝකයේ [/HEADING] ධාතු විවණ්නක පේ්රත වස්තුවේ විස්තර වන්නේ ධාතු වන්දනාවට ගැරහු බොහෝ පිරිසක් පේ්රත ලෝකයේ ඉපදුන කතාවකි. ශරීරය ඉතා ගඳය. කුණු ගඳ හමති. කටේ පණුවෝ පිරී ඇත. කට ආයුධ වලින් කප කපා ලුණු ඉසිති. කස පහර ගසති. එක පේ්රතයෙක් කියන්නේ එසේ වූයේ ඔහු මනුස්ස ලෝකයේදී ඔහුගේ බිරිඳ සහ ලේලිය මල් අරගෙන ස්තූපයක් වන්දනා කිරීමට යද්දී යන්න නොදී බැණ නවතා දැමූ නිසා බවයි. ඒ විපාක ඒ ආකාරයටම විඳවති. ඒ වගේම ධාතු ස්තූප පිළිම වහන්සේ කඩා දමන අයට වෙනම නිරයක් තිබෙන බව පැරැණි පොත්වල සඳහන්. අප්රමාණ දුක් විඳින්න වේ. හිත පහදවාගෙන කරන පුංචි දෙයින් විශාල පිනක් රැස් වේ. ඒ වගේම නපුරු සිතින් ධාතුන් වහන්සේට නිග්රහ කළොත් ස්තූප වලට අගෞරව කළොත්, දීර්ඝ කාලයක් කටුක දුක් විඳිති. ඒ වගේම විමාන වස්තුවේ සඳහන් වන්නේ සුජාත කියන කුමාරයාට කර්මානුරූපීව නිරයේ උපතක් සකස් වී තිබුණි. කච්චායන මහරහතන් වහන්සේ ඒ කුමාරයාට ධාතුන් වහන්සේ නමක් වන්දනා කරන්න දී මාස තුනෙන් ඒ කුමාරයා මියගොස් දෙව්ලොව ඉපදී ඇත. [HEADING=3]ධාතු පූජාවේ අග්රතම ප්රාර්ථනාව [/HEADING] ධාතු පූජාවේ අතීත විස්තරයි අප සාකච්ඡා කළේ. ප්රාර්ථනා කළත්, නැතත් පිනේ සැප විපාක උපදී. අපට ඉපද ඉපිදී මැරි මැරී යන හිස් සංසාරයක් අවශ්යද? නැතිනම් ආපු සසර කෙළවරක් අවශ්යද? වින්ඳ සැපත්, දුකත් අනිත්යමට අයිතිය අතීතයේ දැරූ සැප දැන් නැතිවා මෙන්ම අනාගතයේ යම් සැපක්, දුකක් විඳිනවානම් එයටත් එසේමය. ඒ නිසා මේ රැස්කරන පින් බලයෙන් ප්රඥාව පහළව චතුරාර්ය සත්යය ධර්මය අවබෝධ වේවා කියා සිතන්න. අග්ර දෙයක් පිදීමේදී අග්ර විපාක සැලසීම ඒකාන්තය. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom