Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි කොච්චර කාල කන්නි රටකද ඉන්නේ 😭
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඝාතනයට ලක්වූ මේ අම්මාගේ දරු තිදෙනා අතර වූ එකම පුතා සිය මවගේ මරණය පිළිබඳව ඔහු සිය Face Book සටහන් දෙකක්

මේ සුනෙත්ගේ පළමු සටහන යි.

දිනය 2023 දෙසැම්බර් 16. වේලාව අලුයම 12:30

“මගේ අම්මා සොහොනේ තනිකර දමා පැමිණියෙමි. මට මහා මූසල ගතියක් දැනේ. අම්මා පස් යට දමා ගෙදරට පැමිණ විනාඩි කීපයකින් යලි කහවත්ත පොලීසියට යාමට සිදුවිය. මගේ අද කට උත්තරය පැය දෙකකට වඩා කාලයක් ගතවූ එකකි.

සිද්ධිය යලි යලිත් කියද්දී මට අතීතය චිත්‍රපටයක් සේ පෙනින. එහි තිබූ ඔබ කිසිවෙකු කිසිදා නොදැකිය යුතු මගේ හිතේ මහා බරකින් සටහන් වූ රූප රාමු දෙකක් මම සටහන් කරමි.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිය පරීක්ෂණය කිරීමට පෙර කම්කරුවකු ලවා මෝචරියේ ශීතකරණය විවෘත කර අම්මාගේ මිනිය හඳුනාගන්නා ලෙස ඉල්ලා සිටියේය. සම්පූර්ණයෙන්ම බෙල්ල උගුරු දණ්ඩෙන් මාලු කටක් සේ කැපී ගිය ලේ පෙරුණු බෙල්ලක් සහිතව ඉතාම බයකට ලක් වූ ලෙසකින් අම්මා වකුටුවී දරදඩුවී ශීතකරණයේ වකුටුවී සිටී. කකුලද කපා ලේ ගලා ඇති සෙයකි.

මගේ රත්තරන් අම්ම..... කොයි තරම් බයවෙන්න ඇද්ද? ඒ බියකරු ‘මොහොතේ පුතා මේ බව දැනගෙන ලෝකය පෙරලා හෝ මිනීමරුවා සොයා ගනීවි..උඹට වැරදිලා. මගේ පුතා උඹට නීතියෙන් කරන්න පුළුවන් හැම දදඬුවමක්ම දෙයි... බලා හිටපන්කෝ’ වැනි යම් අධිෂ්ඨානයක් ද මුහුණේ තිබිණි.

දෙවැන්නද ඔබට කිසිදා නොවේවා.

පළමු දසුනෙන් මිනීමරුවා සොයා ගැනීමේ සිතුවිල්ලෙන් වෙඩි කෑ ඌරෙකු බවට පත් වූ මම දෙවැනි දසුනෙන් ලෝකයේ ශක්තිමත්ම අමරණීය වෙඩි කෑ ඌරා බවට පත් විය. අධිකරණ වෛද්‍ය නිලධාරී සිරුර කපා කොටා පරීක්ෂා කිරීමට මළ සිරුරක් නිරුවත් කොට දේහයේ විවිධ පද්ධති දෙපළු කර පරීක්ෂා කරයි. පරීක්ෂණ නිමවා දේහය සෝදා පිරිසිදු කර දමන්නේ මෝචරි කාර්ය මණ්ඩලය විසිනි. ඉන් අනතුරුව මෝචරියට රෝහලෙන් ලැබෙන බලපත්‍රය යටතේ කෑලි ගොඩක් බවට පත්වූ මළ සිරුර මල් ශාලාවට මෝචරියෙන් ලැබෙන්නේ ඉටි කවරක ඔතාය. එදා අම්මාගේ කීතු කීතු කොට පරීක්ෂා කළ, සියළු අවයව කපා විවෘත කරන ලද නිරුවත් දේහය පිගන් ගඩොල් ඇල්ලූ වේදිකාව මත තබා තිබිණි. සාමාන්‍යයෙන් කෙරෙන්නේ ඉටි කවරයේ ඔතා කපා කොටා හාරන ලද කොටස් පිටතට නොපෙනෙන සේ ආවරණය කිරීමෙනි. නමුත් ඒ වන විට මගේ අත එවන ලද බලපත්‍රය අනුව මිනිය ලබාදීමට කතා කළත් වාහනයෙන් බැස පැමිණි අවමංගල්‍ය රියේ රියදුරු පැවසුවේ මිනිය තබා ඔසවා ගෙන යන තහඩුව සූදානම් වුවද එහි එක් පැත්තක් අල්ලා ගැනීමට ගෝලයෙකු නොමැති බවය.

මල් ශාලාවෙන් සකසන ලද මගේ අම්මාගේ දේහය කඩිනමින් ලබා ගැනීමට බලාපොරොත්තු සහිතව සිටි මට එම වදන් කණේ යවුල් වැනි විය. ‘මං උදව් කරන්නම්’ මම කීවෙමි. අපි දෙදෙනාම මිනී කපන කාමරයට ගියෙමි. සම්පූර්ණ විවෘත කළ, අවයව පද්ධති හාර හාරා දමා ඇති අම්මාගේ නිරුවත් සිරුර එහි විය. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාව ලබා දෙන්නට පෙර වුව ඉතා කඩිනමින් මට දැනගත යුතු දෙයක් විය. ඒ මගේ අම්මා මියයාමට පෙර ඝාතකයා අතින් දූෂණය වී තිබුණේද යන්නයි.

අධිකරණ වෛද්‍ය නිලධාරී හා සසදන කළ මා සතු අල්ප දැනුමෙන් බාහිරව පරීක්ෂා කළෙමි. මා බිහිකර ඇත්තේ සාමාන්‍ය ප්‍රසූතියක් මගිනි. මා කුඩා ප්රාණියෙකු ලෙස මෙලොවට පැමිණි ද්වාරය අද මම මෝචරියක දී පරීක්ෂා කරන්නේ ස්ත්‍රී දූෂණයක් සිදුව තිබේද කියා දැනගැනීමට යි. දෛවය කොතරම් කුරිරු ද? මගේ ළදරු කාලයේ නිරුවතින් සිටි මාව අම්මා වඩා ගත් ආකාරය සිහිවිය. එය මතක් කරමින් පෙරකී තහඩුව මතට ඩොග් ගා දැමූ අම්මාගේ නිරුවත් සිරුර මම තදින් අල්ලා ගතිමි. හාරා තිබූ ශරීර කොටස් පිටතට නොවැටෙන සේ ලං කළෙමි. වාහනය පදවාගෙන පැමිණි පුද්ගලයාද සමඟ සිරුර ඉටිරෙදි වලින් ඔතා ගත්තෙමු. පිටතට ගෙනැවිත් රියට දැමුවෙමු. කොණ්ඩයේ සිට ඇග පුරා ජලය බේරෙමින් තිබිණි. ‘වැඩේ හොඳට කළා හොඳට සුද්ද කළා මල්ලී’ මිනී කපන සහායක කීවේය.

තවත් අවුරුදු දහයක් පහලොවක් පමණ නීරෝගීව ජීවත් වීමට හැකියාවක් ලැබෙන ආකාරයේ නිරෝගී, ශක්තිමත් කයක් හා සමබර මනසක් තිබූ මගේ අම්මා මස් ගොඩක් වී තිබේ. (පරීක්ෂණ වෙනුවෙන් එය කළ යුතුමය. මම කියා සිටින්නේ අම්මාගේ බෙල්ල නොකපන්නට අදත් මගේ අම්මාට නිවසේ අපූරුවට සතුටින් සිටීමට ඇයට අවකාශ තිබූ බවයි) මගේ කෙස් ගහකටවත් හානි වෙනවාට කුඩා කාලයේත් අදත් අම්මා අකමැතිය. එහෙව් අම්මා මස් ගොඩක් වන තුරු මට, මේ රටේ අපට කිසිවක් කළ නොහැකිවිය. ‘අනේ අම්මේ සමාවෙන්න...’ මම සිතින් හැඬුවෙමි”.

දෙවෙනි සටහන දිනය 2024.01.02. වේලාව දහවල් 12.33

“ජනවාරි පළමුවැනිදා උසාවියේ දී වැඩ ඇල්ලුවෙමි. මගේ අම්මා මරාදැමීමට අදාළ වැදගත් සාක්ෂි රැසක් සමඟ සැකකරු (දොලේ බාස්) ඊයේ පැල්මඩුල්ල ගරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එහි කටයුතු සමීපව නිරීක්ෂණය කිරීමට මෙන්ම නඩු භාණ්ඩ නොවන අම්මා ඒ මොහොතේ පැළඳ සිටි ආභරණ කීපයක් ඇතුළු භාණ්ඩ උසාවි නියෝග පරිදි භාර ගැනීමට මම ගරු අධිකරණය තුළ සිටියෙමි.

අම්මාගේ නංගීත් (පුංචි) සහ මගේ අම්මාගේ කුසින් උපන් සේ අපේ ලේ සහෝදර තිසර මල්ලීත් (ලොකු අම්මාගේ පුතා) මා සමඟ පැමිණියහ.

අම්මා මැරූ බවට සැක කරන දොලේ බාස් දැක දැක පෑ ගණනාවක් එම වහල යට සිටීම දුෂ්කර වුවද ඒ පෑ හතර උපේක්ෂාව පෙරදැරිව ඉවසුවෙමි.

නිරපරාදේ පොඩි නංගී අපහසුතාවට පත්වූ කාලයේ ඇයවත්, නඩුවේ කතාවත්, අපේ පවුලේ අයත් සිය මාධ්‍යයට වාර්තා කිරීමට උසාවි ගේට්ටුව අසල කැමරා, මෛක්‍රපෝන සහ පෑන් මානාගෙන මගේ මිත්‍ර මාධ්‍යවේදීන් ඔවුන්ගේ ප්‍රධාන කාර් යාලවල සිටින උසස් නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් (එහිද අති බහුතරයක් මගේ සමීප මිතුරන් ය) පොරකමින් වෙනදා සිටියද ඊයේ එක් අයෙකුවත් එහි නොවීය.

සාක්ෂි සමඟ සැකකරු වන ‘දොලේ බාස්’ ඉදිරිපත් කිරීම හෝ මෙතෙක් කල් මගේ මිතුරන් අතිශයෝක්තියෙන් වාර්තා කළ මිනීමැරුමේ යුක්තිය පසිඳලන ක්‍රියාවලිය ඔවුන්ට වැදගත් නොවූනේ මන්දැයි සිතාගත නොහැක.

(පසුව පොලීසිය අමතා හෝ තොරතුරු ලබාගත් අයටත් මේ ගැන සබුද්ධික ව සිටිමින් මා අමතා කතා කරමින් සත්‍යය ඉටුවනු බලා සිටින අතලොස්සක් වූ සැබෑ මාධ්‍යවේදී මිතුරු මිතුරියන්ට ප්‍රණාමය)

මගේ පොඩි නංගී අම්මාගේ බෙල්ල කැපුවා කියා කිසිඳු පදනමක් නොමැතිව දිගින් දිගටම වාර්තා කළ එක් ප්‍රධාන මාධ්‍යයක ප්රබලයෙකු වන මගේ මිතුරෙකුට මම අද උදේ කතා කලෙමි. ඒ දිනවල ග්‍රැෆික් රූප සමඟ නංගී අම්මාගේ බෙල්ල කැපුවා කියා තීන්දුව දුන් ඔවුන් නංගීව සියල්ලෙන් නිදහස් කළ පසු එය වාර්තා කලේ තත්පර ගණනක් බව මම නැවත මතක් කලෙමි.

‘මචං මං මේක නිවුස් ඩිරෙක්ටර්ට කිව්වා. එයා කිව්වා ඊළග නඩු දිනේදී ඒකෙ විස්තර එක්ක සාධාරණයක් කරනව කියල’

ඔවුන් විසින් අගතියට පත් කරන ලද මමත්, නංගීත්, පවුලේ අයත් ඔවුන් ගෙන්ම සාධාරණයක් පතා කන්නලව් නොකළ යුතු නමුත් ඒ ආයතනයේ සිටින්නේ මගේ සමීප මිතුරු, මිතුරියන් බැවින් මම තවත් ඉවසුවෙමි.

ඒත් මදකින් මෙසේ කීවෙමි ‘මචං ඊයේ නඩුව තිබුණා.. ඒත් ඒ ගැනවත් අර කරනවයි කිව්ව සාධාරණ වාර්තාකරණයවත් තත්පරයක නඩු වාර්තාවක්වත් ගියේ නෑනෙ ඊයෙත්’

මගේ මිතුරා මෙසේ කීය ‘අප්පට සිරි....වන අහවලා .....(ප්‍රවත්ති අධ්යක්ෂ ) දන්නේ නැතිව ඇති මචං..’

එතැන් සිට මේ දක්වා එහි ප්‍රවත්ති අධ්යක්ෂ හා මාධ්‍ය ජාලයේ අනෙක් විධායක ශ්‍රේණියේ මගේ මිතුරු මිතුරියන් ඇමතුවෙමි. වෙනදා මගේ ඇමතුමකට එසැනින් ‘ඔවු මචං, හෙලෝ සුනෙත්’ කියන උන් සියල්ල අද ප්‍රතිචාර නොදක්වති.

මට පෙනෙන්නේ ඔවුන්ගේ සදාචාරය එය බවය. කොතරම් සමීප මිතුරන් වුව දැන් සුහද කතා කර ඔවුන් නිසා අපට සිදුවූ අගතියට සාධාරණයක් ඉටු කර ගත නොහැකි බවය.

අහෝ මගේ මාධ්‍ය මිතුරු, මිතුරියනි ඔබ මට මෙසේ කළා නම් මේ රටේ අහිංසකයින්ගේ ජීවිත සමඟ කෙසේ නම් සෙල්ලම් කරනවා ඇද්ද? කියා නැවතීමට මට සිත් නොදෙයි. එසේම මේ ජඩ මාධ්‍ය ක්‍රමය වෙනස් කළ යුතු යැයි අවංකව හඬ නගන සබුද්ධික මහ ජනතාව හා ක්‍රියාකාරීන් එසේ අත් හකුලාගෙන සිටින්නට මට නොකියන්නේ මෙය අපේ පෞද්ගලික ගැටලුවක් නොව ඔවුන්ගේද ජීවිතවල දැවෙන ප්‍රශ්නයක් වන බැවිනි”.

a5news

[QUOTE="Sri_Sampath, post: 29485554, member: 264139"] ..... ඝාතනයට ලක්වූ මේ අම්මාගේ දරු තිදෙනා අතර වූ එකම පුතා සිය මවගේ මරණය පිළිබඳව ඔහු සිය Face Book සටහන් දෙකක් මේ සුනෙත්ගේ පළමු සටහන යි. දිනය 2023 දෙසැම්බර් 16. වේලාව අලුයම 12:30 “මගේ අම්මා සොහොනේ තනිකර දමා පැමිණියෙමි. මට මහා මූසල ගතියක් දැනේ. අම්මා පස් යට දමා ගෙදරට පැමිණ විනාඩි කීපයකින් යලි කහවත්ත පොලීසියට යාමට සිදුවිය. මගේ අද කට උත්තරය පැය දෙකකට වඩා කාලයක් ගතවූ එකකි. සිද්ධිය යලි යලිත් කියද්දී මට අතීතය චිත්‍රපටයක් සේ පෙනින. එහි තිබූ ඔබ කිසිවෙකු කිසිදා නොදැකිය යුතු මගේ හිතේ මහා බරකින් සටහන් වූ රූප රාමු දෙකක් මම සටහන් කරමි. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිය පරීක්ෂණය කිරීමට පෙර කම්කරුවකු ලවා මෝචරියේ ශීතකරණය විවෘත කර අම්මාගේ මිනිය හඳුනාගන්නා ලෙස ඉල්ලා සිටියේය. සම්පූර්ණයෙන්ම බෙල්ල උගුරු දණ්ඩෙන් මාලු කටක් සේ කැපී ගිය ලේ පෙරුණු බෙල්ලක් සහිතව ඉතාම බයකට ලක් වූ ලෙසකින් අම්මා වකුටුවී දරදඩුවී ශීතකරණයේ වකුටුවී සිටී. කකුලද කපා ලේ ගලා ඇති සෙයකි. මගේ රත්තරන් අම්ම..... කොයි තරම් බයවෙන්න ඇද්ද? ඒ බියකරු ‘මොහොතේ පුතා මේ බව දැනගෙන ලෝකය පෙරලා හෝ මිනීමරුවා සොයා ගනීවි..උඹට වැරදිලා. මගේ පුතා උඹට නීතියෙන් කරන්න පුළුවන් හැම දදඬුවමක්ම දෙයි... බලා හිටපන්කෝ’ වැනි යම් අධිෂ්ඨානයක් ද මුහුණේ තිබිණි. දෙවැන්නද ඔබට කිසිදා නොවේවා. පළමු දසුනෙන් මිනීමරුවා සොයා ගැනීමේ සිතුවිල්ලෙන් වෙඩි කෑ ඌරෙකු බවට පත් වූ මම දෙවැනි දසුනෙන් ලෝකයේ ශක්තිමත්ම අමරණීය වෙඩි කෑ ඌරා බවට පත් විය. අධිකරණ වෛද්‍ය නිලධාරී සිරුර කපා කොටා පරීක්ෂා කිරීමට මළ සිරුරක් නිරුවත් කොට දේහයේ විවිධ පද්ධති දෙපළු කර පරීක්ෂා කරයි. පරීක්ෂණ නිමවා දේහය සෝදා පිරිසිදු කර දමන්නේ මෝචරි කාර්ය මණ්ඩලය විසිනි. ඉන් අනතුරුව මෝචරියට රෝහලෙන් ලැබෙන බලපත්‍රය යටතේ කෑලි ගොඩක් බවට පත්වූ මළ සිරුර මල් ශාලාවට මෝචරියෙන් ලැබෙන්නේ ඉටි කවරක ඔතාය. එදා අම්මාගේ කීතු කීතු කොට පරීක්ෂා කළ, සියළු අවයව කපා විවෘත කරන ලද නිරුවත් දේහය පිගන් ගඩොල් ඇල්ලූ වේදිකාව මත තබා තිබිණි. සාමාන්‍යයෙන් කෙරෙන්නේ ඉටි කවරයේ ඔතා කපා කොටා හාරන ලද කොටස් පිටතට නොපෙනෙන සේ ආවරණය කිරීමෙනි. නමුත් ඒ වන විට මගේ අත එවන ලද බලපත්‍රය අනුව මිනිය ලබාදීමට කතා කළත් වාහනයෙන් බැස පැමිණි අවමංගල්‍ය රියේ රියදුරු පැවසුවේ මිනිය තබා ඔසවා ගෙන යන තහඩුව සූදානම් වුවද එහි එක් පැත්තක් අල්ලා ගැනීමට ගෝලයෙකු නොමැති බවය. මල් ශාලාවෙන් සකසන ලද මගේ අම්මාගේ දේහය කඩිනමින් ලබා ගැනීමට බලාපොරොත්තු සහිතව සිටි මට එම වදන් කණේ යවුල් වැනි විය. ‘මං උදව් කරන්නම්’ මම කීවෙමි. අපි දෙදෙනාම මිනී කපන කාමරයට ගියෙමි. සම්පූර්ණ විවෘත කළ, අවයව පද්ධති හාර හාරා දමා ඇති අම්මාගේ නිරුවත් සිරුර එහි විය. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාව ලබා දෙන්නට පෙර වුව ඉතා කඩිනමින් මට දැනගත යුතු දෙයක් විය. ඒ මගේ අම්මා මියයාමට පෙර ඝාතකයා අතින් දූෂණය වී තිබුණේද යන්නයි. අධිකරණ වෛද්‍ය නිලධාරී හා සසදන කළ මා සතු අල්ප දැනුමෙන් බාහිරව පරීක්ෂා කළෙමි. මා බිහිකර ඇත්තේ සාමාන්‍ය ප්‍රසූතියක් මගිනි. මා කුඩා ප්රාණියෙකු ලෙස මෙලොවට පැමිණි ද්වාරය අද මම මෝචරියක දී පරීක්ෂා කරන්නේ ස්ත්‍රී දූෂණයක් සිදුව තිබේද කියා දැනගැනීමට යි. දෛවය කොතරම් කුරිරු ද? මගේ ළදරු කාලයේ නිරුවතින් සිටි මාව අම්මා වඩා ගත් ආකාරය සිහිවිය. එය මතක් කරමින් පෙරකී තහඩුව මතට ඩොග් ගා දැමූ අම්මාගේ නිරුවත් සිරුර මම තදින් අල්ලා ගතිමි. හාරා තිබූ ශරීර කොටස් පිටතට නොවැටෙන සේ ලං කළෙමි. වාහනය පදවාගෙන පැමිණි පුද්ගලයාද සමඟ සිරුර ඉටිරෙදි වලින් ඔතා ගත්තෙමු. පිටතට ගෙනැවිත් රියට දැමුවෙමු. කොණ්ඩයේ සිට ඇග පුරා ජලය බේරෙමින් තිබිණි. ‘වැඩේ හොඳට කළා හොඳට සුද්ද කළා මල්ලී’ මිනී කපන සහායක කීවේය. තවත් අවුරුදු දහයක් පහලොවක් පමණ නීරෝගීව ජීවත් වීමට හැකියාවක් ලැබෙන ආකාරයේ නිරෝගී, ශක්තිමත් කයක් හා සමබර මනසක් තිබූ මගේ අම්මා මස් ගොඩක් වී තිබේ. (පරීක්ෂණ වෙනුවෙන් එය කළ යුතුමය. මම කියා සිටින්නේ අම්මාගේ බෙල්ල නොකපන්නට අදත් මගේ අම්මාට නිවසේ අපූරුවට සතුටින් සිටීමට ඇයට අවකාශ තිබූ බවයි) මගේ කෙස් ගහකටවත් හානි වෙනවාට කුඩා කාලයේත් අදත් අම්මා අකමැතිය. එහෙව් අම්මා මස් ගොඩක් වන තුරු මට, මේ රටේ අපට කිසිවක් කළ නොහැකිවිය. ‘අනේ අම්මේ සමාවෙන්න...’ මම සිතින් හැඬුවෙමි”. .......... දෙවෙනි සටහන දිනය 2024.01.02. වේලාව දහවල් 12.33 “ජනවාරි පළමුවැනිදා උසාවියේ දී වැඩ ඇල්ලුවෙමි. මගේ අම්මා මරාදැමීමට අදාළ වැදගත් සාක්ෂි රැසක් සමඟ සැකකරු (දොලේ බාස්) ඊයේ පැල්මඩුල්ල ගරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එහි කටයුතු සමීපව නිරීක්ෂණය කිරීමට මෙන්ම නඩු භාණ්ඩ නොවන අම්මා ඒ මොහොතේ පැළඳ සිටි ආභරණ කීපයක් ඇතුළු භාණ්ඩ උසාවි නියෝග පරිදි භාර ගැනීමට මම ගරු අධිකරණය තුළ සිටියෙමි. අම්මාගේ නංගීත් (පුංචි) සහ මගේ අම්මාගේ කුසින් උපන් සේ අපේ ලේ සහෝදර තිසර මල්ලීත් (ලොකු අම්මාගේ පුතා) මා සමඟ පැමිණියහ. අම්මා මැරූ බවට සැක කරන දොලේ බාස් දැක දැක පෑ ගණනාවක් එම වහල යට සිටීම දුෂ්කර වුවද ඒ පෑ හතර උපේක්ෂාව පෙරදැරිව ඉවසුවෙමි. නිරපරාදේ පොඩි නංගී අපහසුතාවට පත්වූ කාලයේ ඇයවත්, නඩුවේ කතාවත්, අපේ පවුලේ අයත් සිය මාධ්‍යයට වාර්තා කිරීමට උසාවි ගේට්ටුව අසල කැමරා, මෛක්‍රපෝන සහ පෑන් මානාගෙන මගේ මිත්‍ර මාධ්‍යවේදීන් ඔවුන්ගේ ප්‍රධාන කාර් යාලවල සිටින උසස් නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් (එහිද අති බහුතරයක් මගේ සමීප මිතුරන් ය) පොරකමින් වෙනදා සිටියද ඊයේ එක් අයෙකුවත් එහි නොවීය. සාක්ෂි සමඟ සැකකරු වන ‘දොලේ බාස්’ ඉදිරිපත් කිරීම හෝ මෙතෙක් කල් මගේ මිතුරන් අතිශයෝක්තියෙන් වාර්තා කළ මිනීමැරුමේ යුක්තිය පසිඳලන ක්‍රියාවලිය ඔවුන්ට වැදගත් නොවූනේ මන්දැයි සිතාගත නොහැක. (පසුව පොලීසිය අමතා හෝ තොරතුරු ලබාගත් අයටත් මේ ගැන සබුද්ධික ව සිටිමින් මා අමතා කතා කරමින් සත්‍යය ඉටුවනු බලා සිටින අතලොස්සක් වූ සැබෑ මාධ්‍යවේදී මිතුරු මිතුරියන්ට ප්‍රණාමය) මගේ පොඩි නංගී අම්මාගේ බෙල්ල කැපුවා කියා කිසිඳු පදනමක් නොමැතිව දිගින් දිගටම වාර්තා කළ එක් ප්‍රධාන මාධ්‍යයක ප්රබලයෙකු වන මගේ මිතුරෙකුට මම අද උදේ කතා කලෙමි. ඒ දිනවල ග්‍රැෆික් රූප සමඟ නංගී අම්මාගේ බෙල්ල කැපුවා කියා තීන්දුව දුන් ඔවුන් නංගීව සියල්ලෙන් නිදහස් කළ පසු එය වාර්තා කලේ තත්පර ගණනක් බව මම නැවත මතක් කලෙමි. ‘මචං මං මේක නිවුස් ඩිරෙක්ටර්ට කිව්වා. එයා කිව්වා ඊළග නඩු දිනේදී ඒකෙ විස්තර එක්ක සාධාරණයක් කරනව කියල’ ඔවුන් විසින් අගතියට පත් කරන ලද මමත්, නංගීත්, පවුලේ අයත් ඔවුන් ගෙන්ම සාධාරණයක් පතා කන්නලව් නොකළ යුතු නමුත් ඒ ආයතනයේ සිටින්නේ මගේ සමීප මිතුරු, මිතුරියන් බැවින් මම තවත් ඉවසුවෙමි. ඒත් මදකින් මෙසේ කීවෙමි ‘මචං ඊයේ නඩුව තිබුණා.. ඒත් ඒ ගැනවත් අර කරනවයි කිව්ව සාධාරණ වාර්තාකරණයවත් තත්පරයක නඩු වාර්තාවක්වත් ගියේ නෑනෙ ඊයෙත්’ මගේ මිතුරා මෙසේ කීය ‘අප්පට සිරි....වන අහවලා .....(ප්‍රවත්ති අධ්යක්ෂ ) දන්නේ නැතිව ඇති මචං..’ එතැන් සිට මේ දක්වා එහි ප්‍රවත්ති අධ්යක්ෂ හා මාධ්‍ය ජාලයේ අනෙක් විධායක ශ්‍රේණියේ මගේ මිතුරු මිතුරියන් ඇමතුවෙමි. වෙනදා මගේ ඇමතුමකට එසැනින් ‘ඔවු මචං, හෙලෝ සුනෙත්’ කියන උන් සියල්ල අද ප්‍රතිචාර නොදක්වති. මට පෙනෙන්නේ ඔවුන්ගේ සදාචාරය එය බවය. කොතරම් සමීප මිතුරන් වුව දැන් සුහද කතා කර ඔවුන් නිසා අපට සිදුවූ අගතියට සාධාරණයක් ඉටු කර ගත නොහැකි බවය. අහෝ මගේ මාධ්‍ය මිතුරු, මිතුරියනි ඔබ මට මෙසේ කළා නම් මේ රටේ අහිංසකයින්ගේ ජීවිත සමඟ කෙසේ නම් සෙල්ලම් කරනවා ඇද්ද? කියා නැවතීමට මට සිත් නොදෙයි. එසේම මේ ජඩ මාධ්‍ය ක්‍රමය වෙනස් කළ යුතු යැයි අවංකව හඬ නගන සබුද්ධික මහ ජනතාව හා ක්‍රියාකාරීන් එසේ අත් හකුලාගෙන සිටින්නට මට නොකියන්නේ මෙය අපේ පෞද්ගලික ගැටලුවක් නොව ඔවුන්ගේද ජීවිතවල දැවෙන ප්‍රශ්නයක් වන බැවිනි”. a5news [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom