අපි කොච්චර කාල කන්නි රටකද ඉන්නේ 😭

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    .....
    ඝාතනයට ලක්වූ මේ අම්මාගේ දරු තිදෙනා අතර වූ එකම පුතා සිය මවගේ මරණය පිළිබඳව ඔහු සිය Face Book සටහන් දෙකක්


    මේ සුනෙත්ගේ පළමු සටහන යි.

    දිනය 2023 දෙසැම්බර් 16. වේලාව අලුයම 12:30

    “මගේ අම්මා සොහොනේ තනිකර දමා පැමිණියෙමි. මට මහා මූසල ගතියක් දැනේ. අම්මා පස් යට දමා ගෙදරට පැමිණ විනාඩි කීපයකින් යලි කහවත්ත පොලීසියට යාමට සිදුවිය. මගේ අද කට උත්තරය පැය දෙකකට වඩා කාලයක් ගතවූ එකකි.

    සිද්ධිය යලි යලිත් කියද්දී මට අතීතය චිත්‍රපටයක් සේ පෙනින. එහි තිබූ ඔබ කිසිවෙකු කිසිදා නොදැකිය යුතු මගේ හිතේ මහා බරකින් සටහන් වූ රූප රාමු දෙකක් මම සටහන් කරමි.

    අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිය පරීක්ෂණය කිරීමට පෙර කම්කරුවකු ලවා මෝචරියේ ශීතකරණය විවෘත කර අම්මාගේ මිනිය හඳුනාගන්නා ලෙස ඉල්ලා සිටියේය. සම්පූර්ණයෙන්ම බෙල්ල උගුරු දණ්ඩෙන් මාලු කටක් සේ කැපී ගිය ලේ පෙරුණු බෙල්ලක් සහිතව ඉතාම බයකට ලක් වූ ලෙසකින් අම්මා වකුටුවී දරදඩුවී ශීතකරණයේ වකුටුවී සිටී. කකුලද කපා ලේ ගලා ඇති සෙයකි.

    මගේ රත්තරන් අම්ම..... කොයි තරම් බයවෙන්න ඇද්ද? ඒ බියකරු ‘මොහොතේ පුතා මේ බව දැනගෙන ලෝකය පෙරලා හෝ මිනීමරුවා සොයා ගනීවි..උඹට වැරදිලා. මගේ පුතා උඹට නීතියෙන් කරන්න පුළුවන් හැම දදඬුවමක්ම දෙයි... බලා හිටපන්කෝ’ වැනි යම් අධිෂ්ඨානයක් ද මුහුණේ තිබිණි.

    දෙවැන්නද ඔබට කිසිදා නොවේවා.

    පළමු දසුනෙන් මිනීමරුවා සොයා ගැනීමේ සිතුවිල්ලෙන් වෙඩි කෑ ඌරෙකු බවට පත් වූ මම දෙවැනි දසුනෙන් ලෝකයේ ශක්තිමත්ම අමරණීය වෙඩි කෑ ඌරා බවට පත් විය. අධිකරණ වෛද්‍ය නිලධාරී සිරුර කපා කොටා පරීක්ෂා කිරීමට මළ සිරුරක් නිරුවත් කොට දේහයේ විවිධ පද්ධති දෙපළු කර පරීක්ෂා කරයි. පරීක්ෂණ නිමවා දේහය සෝදා පිරිසිදු කර දමන්නේ මෝචරි කාර්ය මණ්ඩලය විසිනි. ඉන් අනතුරුව මෝචරියට රෝහලෙන් ලැබෙන බලපත්‍රය යටතේ කෑලි ගොඩක් බවට පත්වූ මළ සිරුර මල් ශාලාවට මෝචරියෙන් ලැබෙන්නේ ඉටි කවරක ඔතාය. එදා අම්මාගේ කීතු කීතු කොට පරීක්ෂා කළ, සියළු අවයව කපා විවෘත කරන ලද නිරුවත් දේහය පිගන් ගඩොල් ඇල්ලූ වේදිකාව මත තබා තිබිණි. සාමාන්‍යයෙන් කෙරෙන්නේ ඉටි කවරයේ ඔතා කපා කොටා හාරන ලද කොටස් පිටතට නොපෙනෙන සේ ආවරණය කිරීමෙනි. නමුත් ඒ වන විට මගේ අත එවන ලද බලපත්‍රය අනුව මිනිය ලබාදීමට කතා කළත් වාහනයෙන් බැස පැමිණි අවමංගල්‍ය රියේ රියදුරු පැවසුවේ මිනිය තබා ඔසවා ගෙන යන තහඩුව සූදානම් වුවද එහි එක් පැත්තක් අල්ලා ගැනීමට ගෝලයෙකු නොමැති බවය.

    මල් ශාලාවෙන් සකසන ලද මගේ අම්මාගේ දේහය කඩිනමින් ලබා ගැනීමට බලාපොරොත්තු සහිතව සිටි මට එම වදන් කණේ යවුල් වැනි විය. ‘මං උදව් කරන්නම්’ මම කීවෙමි. අපි දෙදෙනාම මිනී කපන කාමරයට ගියෙමි. සම්පූර්ණ විවෘත කළ, අවයව පද්ධති හාර හාරා දමා ඇති අම්මාගේ නිරුවත් සිරුර එහි විය. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාව ලබා දෙන්නට පෙර වුව ඉතා කඩිනමින් මට දැනගත යුතු දෙයක් විය. ඒ මගේ අම්මා මියයාමට පෙර ඝාතකයා අතින් දූෂණය වී තිබුණේද යන්නයි.

    අධිකරණ වෛද්‍ය නිලධාරී හා සසදන කළ මා සතු අල්ප දැනුමෙන් බාහිරව පරීක්ෂා කළෙමි. මා බිහිකර ඇත්තේ සාමාන්‍ය ප්‍රසූතියක් මගිනි. මා කුඩා ප්‍රාණියෙකු ලෙස මෙලොවට පැමිණි ද්වාරය අද මම මෝචරියක දී පරීක්ෂා කරන්නේ ස්ත්‍රී දූෂණයක් සිදුව තිබේද කියා දැනගැනීමට යි. දෛවය කොතරම් කුරිරු ද? මගේ ළදරු කාලයේ නිරුවතින් සිටි මාව අම්මා වඩා ගත් ආකාරය සිහිවිය. එය මතක් කරමින් පෙරකී තහඩුව මතට ඩොග් ගා දැමූ අම්මාගේ නිරුවත් සිරුර මම තදින් අල්ලා ගතිමි. හාරා තිබූ ශරීර කොටස් පිටතට නොවැටෙන සේ ලං කළෙමි. වාහනය පදවාගෙන පැමිණි පුද්ගලයාද සමඟ සිරුර ඉටිරෙදි වලින් ඔතා ගත්තෙමු. පිටතට ගෙනැවිත් රියට දැමුවෙමු. කොණ්ඩයේ සිට ඇග පුරා ජලය බේරෙමින් තිබිණි. ‘වැඩේ හොඳට කළා හොඳට සුද්ද කළා මල්ලී’ මිනී කපන සහායක කීවේය.

    තවත් අවුරුදු දහයක් පහලොවක් පමණ නීරෝගීව ජීවත් වීමට හැකියාවක් ලැබෙන ආකාරයේ නිරෝගී, ශක්තිමත් කයක් හා සමබර මනසක් තිබූ මගේ අම්මා මස් ගොඩක් වී තිබේ. (පරීක්ෂණ වෙනුවෙන් එය කළ යුතුමය. මම කියා සිටින්නේ අම්මාගේ බෙල්ල නොකපන්නට අදත් මගේ අම්මාට නිවසේ අපූරුවට සතුටින් සිටීමට ඇයට අවකාශ තිබූ බවයි) මගේ කෙස් ගහකටවත් හානි වෙනවාට කුඩා කාලයේත් අදත් අම්මා අකමැතිය. එහෙව් අම්මා මස් ගොඩක් වන තුරු මට, මේ රටේ අපට කිසිවක් කළ නොහැකිවිය. ‘අනේ අම්මේ සමාවෙන්න...’ මම සිතින් හැඬුවෙමි”.
    ..........

    දෙවෙනි සටහන දිනය 2024.01.02. වේලාව දහවල් 12.33

    “ජනවාරි පළමුවැනිදා උසාවියේ දී වැඩ ඇල්ලුවෙමි. මගේ අම්මා මරාදැමීමට අදාළ වැදගත් සාක්ෂි රැසක් සමඟ සැකකරු (දොලේ බාස්) ඊයේ පැල්මඩුල්ල ගරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එහි කටයුතු සමීපව නිරීක්ෂණය කිරීමට මෙන්ම නඩු භාණ්ඩ නොවන අම්මා ඒ මොහොතේ පැළඳ සිටි ආභරණ කීපයක් ඇතුළු භාණ්ඩ උසාවි නියෝග පරිදි භාර ගැනීමට මම ගරු අධිකරණය තුළ සිටියෙමි.

    අම්මාගේ නංගීත් (පුංචි) සහ මගේ අම්මාගේ කුසින් උපන් සේ අපේ ලේ සහෝදර තිසර මල්ලීත් (ලොකු අම්මාගේ පුතා) මා සමඟ පැමිණියහ.

    අම්මා මැරූ බවට සැක කරන දොලේ බාස් දැක දැක පෑ ගණනාවක් එම වහල යට සිටීම දුෂ්කර වුවද ඒ පෑ හතර උපේක්ෂාව පෙරදැරිව ඉවසුවෙමි.

    නිරපරාදේ පොඩි නංගී අපහසුතාවට පත්වූ කාලයේ ඇයවත්, නඩුවේ කතාවත්, අපේ පවුලේ අයත් සිය මාධ්‍යයට වාර්තා කිරීමට උසාවි ගේට්ටුව අසල කැමරා, මෛක්‍රපෝන සහ පෑන් මානාගෙන මගේ මිත්‍ර මාධ්‍යවේදීන් ඔවුන්ගේ ප්‍රධාන කාර් යාලවල සිටින උසස් නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් (එහිද අති බහුතරයක් මගේ සමීප මිතුරන්‍ ය) පොරකමින් වෙනදා සිටියද ඊයේ එක් අයෙකුවත් එහි නොවීය.

    සාක්ෂි සමඟ සැකකරු වන ‘දොලේ බාස්’ ඉදිරිපත් කිරීම හෝ මෙතෙක් කල් මගේ මිතුරන් අතිශයෝක්තියෙන් වාර්තා කළ මිනීමැරුමේ යුක්තිය පසිඳලන ක්‍රියාවලිය ඔවුන්ට වැදගත් නොවූනේ මන්දැයි සිතාගත නොහැක.

    (පසුව පොලීසිය අමතා හෝ තොරතුරු ලබාගත් අයටත් මේ ගැන සබුද්ධික ව සිටිමින් මා අමතා කතා කරමින් සත්‍යය ඉටුවනු බලා සිටින අතලොස්සක් වූ සැබෑ මාධ්‍යවේදී මිතුරු මිතුරියන්ට ප්‍රණාමය)

    මගේ පොඩි නංගී අම්මාගේ බෙල්ල කැපුවා කියා කිසිඳු පදනමක් නොමැතිව දිගින් දිගටම වාර්තා කළ එක් ප්‍රධාන මාධ්‍යයක ප්‍රබලයෙකු වන මගේ මිතුරෙකුට මම අද උදේ කතා කලෙමි. ඒ දිනවල ග්‍රැෆික් රූප සමඟ නංගී අම්මාගේ බෙල්ල කැපුවා කියා තීන්දුව දුන් ඔවුන් නංගීව සියල්ලෙන් නිදහස් කළ පසු එය වාර්තා කලේ තත්පර ගණනක් බව මම නැවත මතක් කලෙමි.

    ‘මචං මං මේක නිවුස් ඩිරෙක්ටර්ට කිව්වා. එයා කිව්වා ඊළග නඩු දිනේදී ඒකෙ විස්තර එක්ක සාධාරණයක් කරනව කියල’

    ඔවුන් විසින් අගතියට පත් කරන ලද මමත්, නංගීත්, පවුලේ අයත් ඔවුන් ගෙන්ම සාධාරණයක් පතා කන්නලව් නොකළ යුතු නමුත් ඒ ආයතනයේ සිටින්නේ මගේ සමීප මිතුරු, මිතුරියන් බැවින් මම තවත් ඉවසුවෙමි.

    ඒත් මදකින් මෙසේ කීවෙමි ‘මචං ඊයේ නඩුව තිබුණා.. ඒත් ඒ ගැනවත් අර කරනවයි කිව්ව සාධාරණ වාර්තාකරණයවත් තත්පරයක නඩු වාර්තාවක්වත් ගියේ නෑනෙ ඊයෙත්’

    මගේ මිතුරා මෙසේ කීය ‘අප්පට සිරි....වන අහවලා .....(ප්‍රවත්ති අධ්‍යක්ෂ ) දන්නේ නැතිව ඇති මචං..’
    එතැන් සිට මේ දක්වා එහි ප්‍රවත්ති අධ්‍යක්ෂ හා මාධ්‍ය ජාලයේ අනෙක් විධායක ශ්‍රේණියේ මගේ මිතුරු මිතුරියන් ඇමතුවෙමි. වෙනදා මගේ ඇමතුමකට එසැනින් ‘ඔවු මචං, හෙලෝ සුනෙත්’ කියන උන් සියල්ල අද ප්‍රතිචාර නොදක්වති.

    මට පෙනෙන්නේ ඔවුන්ගේ සදාචාරය එය බවය. කොතරම් සමීප මිතුරන් වුව දැන් සුහද කතා කර ඔවුන් නිසා අපට සිදුවූ අගතියට සාධාරණයක් ඉටු කර ගත නොහැකි බවය.

    අහෝ මගේ මාධ්‍ය මිතුරු, මිතුරියනි ඔබ මට මෙසේ කළා නම් මේ රටේ අහිංසකයින්ගේ ජීවිත සමඟ කෙසේ නම් සෙල්ලම් කරනවා ඇද්ද? කියා නැවතීමට මට සිත් නොදෙයි. එසේම මේ ජඩ මාධ්‍ය ක්‍රමය වෙනස් කළ යුතු යැයි අවංකව හඬ නගන සබුද්ධික මහ ජනතාව හා ක්‍රියාකාරීන් එසේ අත් හකුලාගෙන සිටින්නට මට නොකියන්නේ මෙය අපේ පෞද්ගලික ගැටලුවක් නොව ඔවුන්ගේද ජීවිතවල දැවෙන ප්‍රශ්නයක් වන බැවිනි”.
    a5news
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    එකට බලපන් Australia වේ ධනුෂ්කගේ සීන් එක
    අද වෙනකල් දන්නේ නෑ විත්තිකාර ගෑනි කව්ද කියල
    අන්න මාද්‍ය සදාචාරය, එකට අපේ ලංකාවේ
    මිනිස්සුන්ගේ කදුළු කතා විකුණන් කනවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,576
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ABC එකේ කට්ටිය ගැන නේද කියන්නෙ? සිද්ධිය උනේ මෙල්බර්න් වල නේද?

    මෙහෙමයි ඕසි, කැනඩා, යූකේ වල කලු හමට ඔහොම තමය් සලකන්නෙ. අනික දෙවෙනි පුරවැසියෙකුත් වෙලා.

    ලංකාවට ගිහින් පළවෙනි පුරවැසියෙක් වෙලා හිටිය නං රජෙක් වගේ ඉන්නවනේ. 🙁 මේ බලපන් @dxx 😕
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,854
    31,088
    113
    නඩු දාන්න තියෙන්නෙ බං පොලිසියටයි හිරු දෙරණ ඇතුලු ඔක්කොම ජඩ මීඩියා සෙට් එකටයි විරුද්ධව කෝටි ගානක වන්දියක් ඉල්ලලා. ඒකරලා වන්දි සල්ලි වලින් පවුල පිටින්ම හොද රටකට ගියානං හරි මේ වේස ලකේ පංකාවෙ ඉන්නෙ නැතුව
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ජනමාධ්‍ය වලට විරුද්ධව නඩු දාන්න ඕන.

    නඩු දාන්න තියෙන්නෙ බං පොලිසියටයි හිරු දෙරණ ඇතුලු ඔක්කොම ජඩ මීඩියා සෙට් එකටයි විරුද්ධව කෝටි ගානක වන්දියක් ඉල්ලලා
    ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් කතා කරන්න ඉතිං සංවර්ධන නිළධාරීන්ට සල්ලි කොහෙන්ද
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,854
    31,088
    113
    ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් කතා කරන්න ඉතිං සංවර්ධන නිළධාරීන්ට සල්ලි කොහෙන්ද
    ඉඩකඩමක් විකුණලා හරි නඩු කියන්න තියෙන්නෙ බං
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,576
    86,865
    113
    ආශ්චර්යමත් රටක
    නඩු දාන්න තියෙන්නෙ බං පොලිසියටයි හිරු දෙරණ ඇතුලු ඔක්කොම ජඩ මීඩියා සෙට් එකටයි විරුද්ධව කෝටි ගානක වන්දියක් ඉල්ලලා. ඒකරලා වන්දි සල්ලි වලින් පවුල පිටින්ම හොද රටකට ගියානං හරි මේ වේස ලකේ පංකාවෙ ඉන්නෙ නැතුව

    වන්දිය හම්බවෙන්නත් එපැයි ඉතුරු ටික කරන්න.
    නීතියක් නැති ලකේ පංකාවෙ මොනව වෙන්නද බන්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් කතා කරන්න ඉතිං සංවර්ධන නිළධාරීන්ට සල්ලි කොහෙන්ද

    සංවර්ධන නිලධාරීන් නම් සේරම ඉබේ පහලවෙනකම් තමයි බලං ඉන්නේ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඉඩකඩමක් විකුණලා හරි නඩු කියන්න තියෙන්නෙ බං
    ගොන් වැඩක් බන්. ඕකුන්ට පර්සනලි ගේමහ්ක් දෙන එක තමයි කරන්න තියෙන්නේ .

    ඔය නඩු අදිනවා බන් අවුරුදු 10-12ක්. අනෙක පොලිස්කරයෝ නිකං ඉන්නෙත් නෑ ප්‍රමෝශන් එහෙම නැති උනාම නඩු දාපූ එකා මරලා හරි වැඩේ කරගන්න බලන්නෙ. මල විකාර නඩු කියන එක සාමන්‍ය මිනිහෙක් වෙලා. දැක්කනේ මුසම්මිල්ට වේස බන්දුයි අලස් පොන්සුයි කරන්න ගිය දේ. ඌ යකෝ රනිල්ගෙ ළගම ෆිට් එකක් වෙලත් ඔහොමයි.

    සංවර්ධන නිලධාරීන් නම් සේරම ඉබේ පහලවෙනකම් තමයි බලං ඉන්නේ
    ඔව් ඒ කාලකන්නි ගැන නම් වෙනම කතා කරන්න ඕනේ. 😂😂
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    අකමැත්තෙන් උවත් මේ රටේ ජීවත් වෙන්න වෙනවා.දරුවන්ව හරි මේ රටෙන් පිට කරන එක තමා මගේ අරමුණ .තව කල්පයක් ගියත් මේ රට මීට වැඩිය ජරා ජීර්න වෙනවා මිසක් ජීවත් වීමට සුදුසු රටක් වෙන්නේ නෑ...
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    දැක්කනේ මුසම්මිල්ට වේස බන්දුයි අලස් පොන්සුයි කරන්න ගිය දේ. ඌ යකෝ රනිල්ගෙ ළගම ෆිට් එකක් වෙලත් ඔහොමයි.
    mokakda mchn me seen eka?
     
    • Like
    Reactions: NRTG