අපි දියුණුව සම්බන්ධයෙන් මූලික ගැටලුව හඳුනා නොගත් ජාතියක්‍….

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    “වසර 75ක් විවිධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළත් අපි දියුණුව සම්බන්ධයෙන් මූලික ගැටලුව හඳුනා නොගත් ජාතියක්‍ “ යයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මෙරට ගොඩබිම් ප්‍රවාහනයේ භෞතික සැලැස්ම පිළිබඳ පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමිනි.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සම්බන්ධයෙන් විධිමත් ජාතික වැඩපිළිවෙලක් පැවතී නැහැ. ඒ පිළිබඳ බොහෝ සාකච්ඡා, සම්මන්ත්‍රණ, වැඩසටහන් පැවතුණත් ඒ කිසිඳු තැනකින් විධිමත් ප්‍රතිඵලයක් ලබාගෙන නැහැ. හෝ කලක් පැවතුණේ මහාමාර්ග එක් අමාත්‍යංශයක්, ප්‍රවාහනය තවත් අමාත්‍යාංශයක් වශයෙන්. ඒ අමාත්‍යාංශ අතර පවා අන්තර් සම්බන්ධතාවයක් පැවතී නැහැ.

    නිවැරදි ආකාරයට ක්‍රියාත්මකවන්නට නම් ගොඩබිම් ප්‍රවාහනයත්, ගුවන් ප්‍රවාහනයත්, ජල මාර්ග ප්‍රවාහනයත් එක් අමාත්‍යාංශයක යටතේ පැවතීම වැදගත්.

    ඒ වෙනුවෙන් ජාතික ප්‍රවාහන සැලැස්මක් සකස් කරන්නට අවශ්‍යයි. එහෙත්එහෙත් ලෝකයේ දියුණු රටවල පවා මේ විෂය කේෂ්ත්‍රයේ පවතින සංකීර්ණ බව හේතුවෙන්ම ඒ සඳහා වෙන වෙනම අමාත්‍යාංශයක් පිහිටුවා තිබෙනවා.

    රටක් ලෙස අපට ප්‍රමාණවත් තරමේ ඉතුරුම් නොමැතිව ඊට වඩා විශාල ලෙස ආයෝජනය පවත්වාගෙන යාමත්, දැරිය නොහැකි වියදම් දැරීම සඳහාත් දේශිය හා විදේශීය වශයෙන් විශාල ලෙස ණය ලබාගෙන තිබෙනවා.ඒ ණය හා වාරික ගෙවාගන්නට බැරිවන විට ඒ ණය ගෙවීම සඳහා තවත් ණය අරගෙන තියෙනවා. සියලුම තීන්දු තීරණ අරගෙන තිබෙන්නේ දේශපාලනඥයින් විසින් කියන චෝදනාවට මම එකඟ නැහැ.

    කවර මුදල් ප්‍රමාණයක් ඉල්ලුමට සරිලන ලෙස සැපයිය යුතු ද යන්න පිළිබඳව සම්පූර්ණ රහස්‍ය බලය පවතින්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට විනිමය අනුපාතය පාකරනවා ද ස්ථාවර කරනවා ද තීරණය කරන්නේ දේශපාලඥයෝ නොවෙයි. ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුව තියෙනවා.

    රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නමින්, ණය ගන්න ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙනම ආයතනයක් පවතිනවා. රටේ ප්‍රතිපත්ති සම්ප්‍රාදකයින්, නිලධාරින් එක් එක් අවස්ථාවන්වල දී විවිධ අයගේ න්‍යාය පත්‍ර වලට කටයුතු කිරීම නිසා අවසානයේ රට බංකොලොත්භාවයට පත් වී තිබෙනවා.

    කෙසේ නමුත් අතීතයේ සිදුවීම් හාරා අවුස්සමින් එකිනෙකාට චෝදනා කරනවා වෙනුවට මේ අපහසු අවස්ථාව ජය ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා සටන් පාඨ වලින් ලෝකය නොදැක මේ අභියෝග ජයගන්නට අලුතින් සිතිය යුතුයි.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත්, ලසන්ත අලගියවන්න යන මහත්වරු, අමාත්‍ය ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා ,ඇතුළු ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ

    me balu muna reddak edan kohomada ban mewa kiyanne???
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තමා හරකෙක් යැයි හඳුනා නොගත් හරකෙක් මාධ්‍යයට මෙසේ අදහස් දැක්වීය