අපි දෙන්නා තනියම රාත්‍රියක.............
මම කවදාවත් හිතුවේ නෑ මට මෙච්චර ලස්සන කෙල්ලෙක් ලැබෙයි කියලා. ඊටත් වඩා එයත් එක්ක මුහුදු වෙරළ අයිනේ රෑක තනියම එයයි මමයි විතරක්.. හරිම පුදුමයි මට හිතා ගන්නවත් බෑ අපි දෙන්නා කවදාවත්ම හිතුවේ නෑ මේ වගේ දවසක් මෙච්චර ඉක්මනට උදාවෙයි කියලා. කොහොම වෙතත් අද ඒ දවස උදා වෙලා......අපි දෙන්නා විතරයි වෙරළේ. ළඟින් තුරුල් වෙලා ඈත මුහුද දිහා බලාගෙන වචනයක්වත් කතා නොකර අපි ගොඩාක් වෙලා හිටියා.
මම හැරිලා එයාගේ මූණ දිහා බැලුවා. පුංචි කෙස් රොදක් මූණට වැටිලා. මම හිමීට කෙස් රොද එයාගේ කන අයිනෙන් පිටිපස්සට කළා. එයා හැරිලා මගේ දිහා ආදරෙන් බලන් හිටියා. ඒ ලස්සන ඇස් දෙක.... හඳ එළිය වැටිලා දිළිසෙනවා දියමන්තියක් වගේ. ටික මා දිහා බලන් ඉඳලා මගේ පපුවට තුරුල් උනා. අපි තුරුල් වෙලා පැයක් විතර හිටියා. එයා ආයෙත් හැරිලා මා දිහා බැලුවා මගේ මූණට හිමීට හිමීට ළං වුණා.
"පුතා! පුතා! මේකා කාලා කාලා දැන් දවල්ටත් නිදියන්න පුරුදු වෙලා... නැඟිටිනවා වතුර බාල්දියක් හලන්න කලින්"
අම්මගේ කෑගැහිල්ලට මම උඩ ගිහින් ඇහැරුනා.....
කෙල්ලෙක්වත් නැති මටත් පේන දවල් හීන මටම හිනා ගියා.
සාලෙට ගිහින් සිංදුවක් දාගෙන ඇහුවා...