Robot කියන්නෙ සංකීර්ණ වැඩ කිහිපයක්
"ස්වයංක්‍රීයව" සිදුකරන යන්ත්‍රයක්!
"ස්වයංක්‍රීයව" සිදුකරන යන්ත්‍රයක්!
දුරස්ථ පාලක (රිමෝට්) ආකාරයෙන් වැඩ කරන රෝද හයි කරපු මේසෙකට විවිධ උපකරණ හයි කරලා ඒකට ඇයි මේ රොබෝ කෙනෙක් හැදුවා කියලා කියන්නෙ? රුපියල් 1000ට විකුණන සෙල්ලං බඩු වලත් ඔය තාක්ෂණය තියෙනවනෙ. සමහර මීඩියා සෑහෙන ලොකු ගේමක් දෙනවා මිනිස්සු වෙනස් වෙලා රට දැන් බලා ඉද්දි දියුණූ වෙනවා කියලා පෙන්නන්න.
අනික සමහරු නව නිර්මාණ කියලා කරන ඒවා සත පහක ප්‍රයෝජනයක් නෑ. ඉඳලා හිටලා එකෙක් එහෙම හැදුවත් ඒක මාකට් කරගන්න දන්නෑ. උන් හිතන්නෙ මොනාහරි අදහසක් ආවම ඒක ටීවි එකේ පෙන්නුවම මිනිස්සු ඒකට උදවු කරයි කියලා. සැනිටයිසර් බෝතලේට සෙන්සර් 10ක් විතර හයි කලාම ඒක ප්‍රායෝගිකව මිනිස්සුන්ට විකුණන්න පුලුවන්ද?
මිනිස්සු අලුත් නිර්මාණ කරලා විතරක් ගොඩ ගියෙ නෑ. ඒ නිර්මාණ ප්‍රයෝජනවත් වෙන්න ඕන. ඒවගෙ ලාභදායී ප්‍රායෝගික ප්‍රයෝජන තියෙන්න ඕන. ඒ වගේම නිර්මාණය මාකට් කරගන්න පුලුවන් වෙන්න ඕන.
ඔබේ අදහස?
