අපි නොදන්න “බෙන්ස්“ අදාල ම නැහැ...

chin sara

Member
Aug 3, 2013
142
37
0
අපි නොදන්න “බෙන්ස්“ අදාල ම නැහැ...

අපි නොදන්න “බෙන්ස්“ අදාල ම නැහැ...



එක දවසක් සුරේෂ් එයාගේ Wife ට පොඩි යෝජනාවක් කළා. “ අපි අද Dinner ගන්න එලියට යමු“ Wife ඒකට කැමති වුණේ එක පයින්. දෙන්න බැඳලා මාස ගාණක් ගත වෙලා තවමත් එයාලට බැරි වුණා අඩු තරමේ කෑමකටවත් එලියට යන්න. එදා සුරේෂ් වැඩ ඇරිලා කලිං ම ගෙදර ආවා. එයාගේ Wife ගෙදර කරන්න තියෙන වැඩ ඔක්කෝම කලිං ම කරලා ඉවර කළා. වාහනේට නැග ගත්ත දෙන්නා ම restaurant එකට යන්න පිටත් වුණේ හරිම සතුටෙන්. සුරේෂ් Drive කරන ගමන් එයාගේ office එකේ විස්තර ගැන කියව කියව ගියා. Wife අහළ , පහළ අයගේ විස්තරයි පවුලේ අයගේ විස්තරයි ගැන සුරේෂ් ට කිව්වා.

“දන්නවද වැඩක් , අර 4th Lane එකේ සුරනි ලා ආයෙත් අලුත් car එකක් අරං... දැං ඔය කී වෙනි එකද ? .. නේද ? “ ඒ ඕපදූපේ wife ගෙන්.

“ සුරනිලා ට ඉතිං ඇති වෙන්න සල්ලි තියෙනවානේ... මොකක්ද අරං තියෙන car එක ? “ එහෙම ඇහුවේ සුරේෂ් .

“මේ සැරේ අරං තියෙන්නේ බෙන්ස් එකක්... අනේ මන්දා කොහෙන්ද ඔය මිනිස්සුන්ට ඔය තරම් සල්ලි කියලා“ wife උත්තර දුන්නා.

“ ඇයි අනේ ඒ මිනිස්සුන්ට කලිං තිබුණෙත් බෙන්ස් එකක් නේ.. ඒකත් හොඳ ගාණකට දෙන්න ඇති “ සුරේෂ් ගේ ඒ කතාවෙන් පස්සේ දෙන්නා අතර ඇති වුණේ මෙන්න මෙහෙම දෙබසක්

Wife :- එයාලට කොහෙද අනේ කලින් බෙන්ස් කාර් තිබුණේ. එයාලට තිබුණේ නිකං ම නිකං ටොයෝටා කාර් එකක්...

සුරේෂ් :- මොන පිස්සුද , එයාලට කලිනුත් තිබුණේ බෙන්ස් කාර් එකක් තමයි. මතක නැද්ද අර කළු පාට එක ?

Wife :- ඔව් අනේ , මමත් කියන්නේ ඒ කළු පාට එක ගැන තමයි. ඒත් ඒක නිකං ම නිකං ටොයෝටා එකක්.

සුරේෂ් :- ඔයා ඉතිං විකාර දොඩවනවානේ. ඒ කළු පාට එක බෙන්ස් එකක්.

Wife :- විකාර දොඩවන්නේ මම නෙවෙයි , ඔයා... මටනම් හොඳටම sure ඒක ටොයෝටා එකක් කියලා.

සුරේෂ් :- ඔයා මොනවද වාහන ගැන දන්නේ ? ඔයා try කරන්නේ මටත් වඩා ඔයා වාහන ගැන දන්නවා කියලා පෙන්නන්න නේ. ඔයා අඩු ගාණේ අපේ වාහනේ මොකක්ද කියලා වත් දන්නවද?

සුරේෂ් ගේ ඒ කතාවට නම් wife ට තරහා ගියා.

Wife :- ඔව් , ඔව් , ඔයා තමයි ඔක්කොම දන්නේ, මම මොකුත් දන්නේ නැහැ. ඔයා හිතාගෙන ඉන්නේ මම මොකුත් නොදන්න බබෙක් කියලනේ. ඔයා හැමදාම කරන්නේ මාව පහත් කරලා සලකන එකයි.

සුරේෂ් :- ඔයානේ දන්නේ නැති පණ්ඩිත කතා කියල ඔයාගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්නේ. වාහන ගැන දන්න කෙහෙල්මලකුත් නෑ. ඒ වුණාට පණ්ඩිත කමේ අඩුවකුත් නෑ.

Wife :- ඔව් , ඔව් , මගේ පණ්ඩිතකම නිසා තමයි ඔයත් අද ඔතන ඉන්නේ. මෙච්චර කාළයක් මම හොඳට හිතලා වැඩ නොකලා නම් ඔයාට අද ඔතන ඉන්නත් බැරි බව හොඳට මතක තියා ගන්න.

සුරේෂ් :- මොකද්ද ඒ කතාවේ තේරුම . තමුසේ හිතන්නේ මම මේ තැන ඉන්නේ තමුසේ නිසා කියලද? එහෙනම් තමුසෙට වැරදිලා...

මේ දෙන්නා අතර මීට පස්සේ වෙච්ච කතා බහ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒත් අන්තිමට සිද්ධ වුණේ කිසිම අදාලත්වයක් නැති කාර් එකක් ගැන කතා කරන්න ගිහින් dinner ගන්න යන එකත් නවත්තලා දෙන්නත් එක්ක ආපහු හැරිලා ගෙදර ආපු එකයි.

අපේ ජීවිත වලත් මේ වගේ කිසිම අදාලත්වයක් නැති දේවල් නිසා මොන තරම් අනවශ්‍ය ගැටුම් ඇති වෙනවද කියලා හිතන්න මේ කතාවත් අපට උදව් වේවි. එහෙම නේද ?
 
Last edited:

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Patrick De Mare;

    • ඔබගේ විවාහ ජීවිතය සාර්ථක අන්දමින් පවත්වාගෙන යාම සදහා දැන සිටිය යුතු රහස් දෙකක් තිබේ.

    1. ඔබ වැරදියයි හැගුන සෑම විටම වරද පිළිගන්න.
    2. ඔබ හරියැයි හැගුන සෑම විටම නිහඩව සිටින්න.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Patrick De Mare;

    • ඔබගේ විවාහ ජීවිතය සාර්ථක අන්දමින් පවත්වාගෙන යාම සදහා දැන සිටිය යුතු රහස් දෙකක් තිබේ.

    1. ඔබ වැරදියයි හැගුන සෑම විටම වරද පිළිගන්න.
    2. ඔබ හරියැයි හැගුන සෑම විටම නිහඩව සිටින්න.

    සිරාම කතාව.:yes:
     
    Jun 3, 2013
    659
    59
    0
    Patrick De Mare;

    • ඔබගේ විවාහ ජීවිතය සාර්ථක අන්දමින් පවත්වාගෙන යාම සදහා දැන සිටිය යුතු රහස් දෙකක් තිබේ.

    1. ඔබ වැරදියයි හැගුන සෑම විටම වරද පිළිගන්න.
    2. ඔබ හරියැයි හැගුන සෑම විටම නිහඩව සිටින්න.

    ඔබ හරි වුනත් වැරදි වුනත් නිහඬව සිටින්න...:shocked:
    ඔබ කොච්චර නිවැරදි වුනත් අනෙකා වැරුද්ද පිළිනොගන්නවා නම් ඔබ වැරැද්ද කලා නොකලා හෝ නිෂ්ශබ්ද වන්න..එම නිෂ්ශබ්ද වීම ඔබ වැරැද්ද පිළිගත්තා යැයි අනෙකා සිතුවත් එය ගණන් නොගන්න.. මන්දා යත් එයින්ම ගැටුම නිමාවන හෙයිනි... :lol:
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    Patrick De Mare;

    • ඔබගේ විවාහ ජීවිතය සාර්ථක අන්දමින් පවත්වාගෙන යාම සදහා දැන සිටිය යුතු රහස් දෙකක් තිබේ.

    1. ඔබ වැරදියයි හැගුන සෑම විටම වරද පිළිගන්න.
    2. ඔබ හරියැයි හැගුන සෑම විටම නිහඩව සිටින්න.



    1000000000000000$ dunnat madi me kiyamanata nan :yes::yes::yes::yes::yes::yes:

    wiwahedi newi

    kohedi unat taman hari bawa danenawanm,,katawahn inna ona wena prashna daganne nathuwa
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Patrick De Mare;

    • ඔබගේ විවාහ ජීවිතය සාර්ථක අන්දමින් පවත්වාගෙන යාම සදහා දැන සිටිය යුතු රහස් දෙකක් තිබේ.

    1. ඔබ වැරදියයි හැගුන සෑම විටම වරද පිළිගන්න.
    2. ඔබ හරියැයි හැගුන සෑම විටම නිහඩව සිටින්න.
    ඕකට මේකත් එකතු කරන්න :
    3. ඔබ හරි උනත් වැරදි උනත් බිරිඳ ගෙන් සමාව ගන්න.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගැනු එක්ක කතා කරනකොට ඔනාවට වඩා ලීලෙත් හොද නැ, සමහර දේවල "ඔයාගේ හොදටනේ" කියලා අපි කිව්වට කැරකෙන්නෙ අපිටමයි.. :sorry::confused:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපේ එක්කෙනා නම් ගත් කටටම කියයි ඒ මගුල් කාර් එක මොකක් උනත් අපිට මොකටද අනේ කියලා :P
     
    Last edited: