අපි පොඩි කාලේ බලපු Charmed

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
අපි පොඩි කාලේ බලපු Charmed

අපි හැමෝම ආසයිනේ ටීවී බලන්න. ඔන්න අද මම කියන්න යන්නේ හොද ටීවී සිරිස් එකක් ගැන. ගැහැණු ළමයින්ට ටිකක් ඉන්ට්‍රස්ටින් එකක්. පිරිමි ළමයින්ට උනත් අවුලක් නැහැ මම හිතන්නේ. කඩු ෆයිට්, ටෙක්නිකන් ගැජට් එහෙම නැති මැජිකල් මායාකාරියන් 3 තුන් දෙනෙකුගේ කතාවක්. මේක 90 ගණන්වල විකාශනය උන චාර්ම්ඩ් (charmed) කියන කතා මාලාව. සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ ඉන්න එවකට නුතන පරපුරේ මායාකාරියන් 3 දෙනෙක් අහම්බෙන් තමන්ගේ සුපිරි බලයන් ලැබීමක් ගැන.

දැන් ඒ කතාව අලුතෙන් 2018දී නවක නළු නිලියන් යොදාගෙන CW ටෙලිවිෂන් සමාගම අලුතෙන් විකාශය කරනවා..



මේ තමයි මුල් වර්ෂන් එක. 1998 ඉදන් 2006 වෙනකන් මේක විකාශනය කෙරුණා.

MV5BNTIxNmUxMWQtNjc0Yy00NjM2LWFjMTMtNjA2MmEzOTFiMWRmXkEyXkFqcGdeQXVyNzA5NjUyNjM@._V1_.jpg



මේකේ මුල් චරිත නිරුපණය කලේ ශෑනන් ඩොර්ටි, හෝලි මරි කොම්බ්ස් සහ ඇලිස්සා මිලානෝ.. මේ අයට පිලිවෙලින් පෘ, පයිපර්, ෆිබි හැටියට තමා නම් දීලා තිබුනේ..

පෘට පුළුවනි මනසින් ෆිසිකල් ඔබ්ජෙක්ට් එහාට මෙහාට කරන්න.

පයිපර්ට පුළුවනි කාලය නවත්වන්න..

ෆිබිට පුළුවනි අනුන්ගේ සිත කියවන්න. ඒ වගේ අනාගතය දකින්න..

මම ආසම මේ තුන් දෙනාගෙන් ෆිබිට. චරිතයට වගේම ඒක රගපාපු නිළිය වෙන ඇලිස්සා මිලානෝටත් මම හරිම කැමතියි.

මිට අමතරව මේ කතාවේ මේ තුන්දෙනා බලාගන්න වයිට්ලයිටර් කියලා මැජිකල් දුතයෙක් ඉන්නවා.. බුක් ඔෆ් ශෑඩොව්ස් කියන පොතේ තමයි මේ කට්ටියේ මන්තර ඔක්කොම තියෙන්නේ. මෙයාලා ඉන්නේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ පුංචි ගෙදරක. මේ කතාව සීසන් 8කින් පලවුන..

කොන්ස්ටන්ස් එම්. බර්ජ් කියන දක්ෂ නිෂ්පාදකයා අතින් තමයි මේ නිර්මාණය බිහි උනේ. ඊට අමතරව ආරොන් ස්පෙලින්, බ්‍රෑඩ් කර්න්, ඩියුක් වින්සන්ට් කියන අයත් මේකට දායක වෙලා තියෙනවා. වෝර්නර් බ්‍රදර්ස් සමාගම තමයි මේකේ නිෂ්පාදන කටයුතු කලේ.. CBS රුපවාහිනී නාලිකාව මේක ඒ කාලේ විකාශනය කළා. හැමෝම හිතුව මේකේ සීසන් 9 ඒවි කියලා. එත් අදික මුදලක් මේකේ කොස්ටියුම්ස් වෙනුවෙන් වැය කරන්න වෙන නිසා මේක රිනිව් කලේ නැහැ ඒ කාලේ.

දැනට ටොරන්ට්ඩේ එකේ මේකේ ලයිව් ටොරන්ට් තියනවා කම්ප්ලිට් සීසන් 8 ම. අනිත් පබ්ලික් ටොරන්ට් වල සිඩර්ලා අඩු නිසා හරියටම බාගන්න තැනක් කියන්න බැහැ.. ඒ කොහොම උනත් මේ කතාවේ අලුත් වර්ෂන් එක 2018 දැන් විකාශනය වෙනවා.





Charmed 2018


MV5BOTQwMDgzNDEtN2EzNi00MjY0LWE5MGUtNGUyNTJhNWVmYjI2XkEyXkFqcGdeQXVyMjYwNDA2MDE@._V1_SY1000_SX800_AL_.jpg



මේකත් ඉස්සර ගිය කතා මාලාවම පාදක කරගෙන තමයි හදලා තියෙන්නේ.. මෙතුන් දෙනාගේ නම් වෙනස්, ඒ වගේම චරිත රගපාන නිලියනුත් වෙනස්. මොඩර්න් ටෙක්නොලොජි යුස් කරලා ටිකක් විතර මේ කාලෙට අනුගත වෙන විදියට (ස්මාර්ට්ෆෝන්) වගේ දේවල් යුස් කරලා මේක අන්තර්ගතය පොඩ්ඩක් මෝඩ කරලා තියෙනවා.






MV5BMTYyODY2Njg5MF5BMl5BanBnXkFtZTcwNzMzNDg1OQ@@._V1_UY317_CR7,0,214,317_AL_.jpg

මේලනි ඩයස් කියන නිළිය මේකේ ලොකු අක්කගේ චරිතය ඒ කියන්නේ මෙල් වේරා කියන චරිතය රගපානවා. මෙයාට පුළුවනි හිතින් හිතලා එක එක දේවල් එහෙට මෙහෙට කරන්න. මෙයා අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ හොලිවුඩ් මෝඩ වීමේ කලාව අනුව මේ චරිතය ලෙස්බියන් කෙනෙක් හැටියට තමා හදුන්වලා දීලා තියෙන්නේ. 1990 ගණන්වල එහෙම සිද්දියක් තිබ්බේ නැහැ.






MV5BNGUwNWQ2MWMtOGNjNC00ZDIyLWIwMjEtNGQxZjM4YzIxYTUyXkEyXkFqcGdeQXVyMzUzNDUzMjE@._V1_UX214_CR0,0,214,317_AL_.jpg

සාරා ජෙෆ්රි කියන නිළිය මේකේ දෙවෙනි අක්කගේ (මැගී වේරා) චරිතය රගපානවා . මෙයා කොලේජ් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට තමා ඉන්නේ.. මෙයාට පුළුවනි කාලය පාලනය කරන්න. එහෙමත් නැතිනම් නවත්වන්න.


MV5BOWNmOWI2MjItNjM5OS00NTRiLWExNWMtMTVhMTI2ZWM0NTc0XkEyXkFqcGdeQXVyMjg0MDQwODI@._V1_UY317_CR16,0,214,317_AL_.jpg

මෙඩලින් මන්ටෝක් කියන නිළිය මේකේ ඇඩෝප්ටඩ් සිස්ටගේ චරිතය ඒ කියන්නේ මේසි වෝග් ගේ චරිතය රගපානවා. මෙයා ලැබ් ඇසිස්ටන්ට් කෙනෙක් හැටියට තමා ඉන්නේ. මෙයාට පුළුවනි අනුන්ගේ හිත් කියවන්න. ඒ වගේම අනාගතේ දකින්න.





මේකේ දැනට කොටස් පහක් විකාශනය වෙලා තියනවා. පල්ලෙහා ටොරන්ට් ලින්ක් වලින් ඔයාලට මේවා ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවනි..



Charmed 2018 S01E01
magnet:?xt=urn:btih:48cbeea6601f2c3e92fcc65818d04243dbbba807&dn=Charmed.2018.S01E01.Pilot.720p.AMZN.WEB-DL.DDP5.1.H.264-KiNGS%5Beztv%5D.mkv%5Beztv%5D&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A80&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969


Charmed 2018 S01E02
magnet:?xt=urn:btih:5760fdabae899d0aede70227e0c518fe1ede3f58&dn=Charmed.2018.S01E02.720p.HDTV.x264-CRAVERS%5Beztv%5D.mkv%5Beztv%5D&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A80&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969

Charmed 2018 S01E03
magnet:?xt=urn:btih:215c93156f72ce9463fa1550e6a0c5bed093e530&dn=Charmed.2018.S01E03.720p.HDTV.x264-CRAVERS%5Beztv%5D.mkv%5Beztv%5D&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A80&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969


Charmed 2018 S01E04
magnet:?xt=urn:btih:14507ab6fc808847c21383d86d48f45d79ae544e&dn=Charmed.2018.S01E04.Dead.Man.Dating.720p.AMZN.WEB-DL.DDP5.1.H.264-KiNGS%5Beztv%5D.mkv%5Beztv%5D&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A80&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969


Charmed 2018 S01E05
magnet:?xt=urn:btih:55272452f0f5c84ec29a056e2e17ea62fb88172a&dn=Charmed.2018.S01E05.720p.AMZN.WEBRip.DDP5.1.x264-KiNGS%5Beztv%5D.mkv%5Beztv%5D&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A80&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969




 
Last edited:

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
පින්තුර ගත්තේ IMDB එකෙන්. විස්තරය මගෙන්.. අතන මෙතන තිබ්බ ඒවා නෙමෙයි. උස්සලා දැම්මෙත් නැහැ..