මහා බැංකුව සුද්ද කරා කියන එක තේරුම් ගන්න ලේසි, දේශපාලන වේදිකා වලට ගැලපෙන හොඳ catchy phrase එකක්. එත් ඇත්ත (ඇත්ත මොකද්ද කියන එකත් ප්‍රශ්නයක්) ඊට වඩා ගොඩක් සංකීර්ණයි.
මම හිතන්නේ එතන උනේ රජයේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය නිසා ගන්න තිබුන ලාබයක් නැතුව ගිය එක. ගොඩක් වෙලාවට අපේ දැනට තියෙන නීති වලින් හරි මොකද්ද, වැරැද්ද මොකද්ද කියලා define කරන්න බැරුව ඇති. ටික කාලයක් ගියාම, වෙන වෙන විස්තර එකතු වෙලා, තියෙන විස්තර වල අර්ථ වෙනස් වෙලා, පරීක්ෂණය සංකීර්ණ වෙලා විසඳා ගන්න බැරි වෙනවා. දැනටත් ඒක තමා වෙලා තියෙන්නේ.
එත් "මහා බැංකු මංකොල්ල කාරයෝ අල්ලනවා" කියලා simple yet definite පොරොන්දු දීලා ආපු ආණ්ඩුවට වෙලා තියෙන්නේ, කුම්බලා මාළු කෑවානම් විඳවාපන් බළලෝ වගේ සීන් එකක්.
Ironic, isn't it....