අපි හදවතින්ම ඔවුන් පිනවමු
අප හදවතින්ම බටහිර හා ඉන්දියාව සතුටු කරමු
http://sinhala.adaderana.lk/news/49943/%E0%B6%A2%E0%B7%99%E0%B6%BA%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%A7-%E0%B6%87%E0%B6%B4%E0%B6%AF%E0%B7%93%E0%B6%B8-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%85%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BAhttp://www.lankadeepa.lk/index.php/articles/302487දෙරට අතර විසි අට වසරකට පසු ද්වි පාර්ශ්වික ගිවිසුම් හතරක් අත්සන් කිරීම ඓතිහාසික සිද්ධියක් බවත්, ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය අනුව බලය බෙදා ඉන් ඔබ්බට ද යනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මෝදි කීවේය.
http://sinhala.adaderana.lk/news/49931/%E0%B6%B8%E0%B7%9D%E0%B6%A9%E0%B7%92-%E0%B6%BD%E0%B7%80%E0%B7%8F-%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A![]()
මෝඩි ලවා බලපෑමක් කරන්න සුදානම්
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි ස්ථාපිත කිරීමට කාලය එළඹ ඇති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද මෝඩි මහතාගේ මෙරට සංචාරයේදී ව්‍යවස්ථා සංශෝධනය යළි ස්ථාපිත කිරිම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉල්ලීමක් සිදුකිරීමට බලාපොරොත්තුවන බව සී.වී.විග්නේෂ්වරන් මහතා සඳහන් කළේය.
‘‘ද හින්දු‘‘ පුවත්පත යොමු කළ පැනයකට විද්‍යුත් ලිපියක් හරහා පිළිතුරු ලබාදෙමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා මෙම අදහස් පළකර තිබේ.
එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා පිළිගැනීමට උතුරු පළාතේ ජනතාව සතුටින් බලා සිටින බවද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.
ජෙයකුමාරිට ඇපදීම ගැන අමෙරිකාවේ ප්‍රසාදය
මානව හිමිකම් ක්‍රියාකාරිණියක වන බාලේන්ද්‍රන් ජෙයකුමාරි ඇප මත නිදහස් කිරීම පිළිබඳ අමෙරිකාව සිය ප්‍රසාදය පළ කරයි.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දෛනික මාධ්‍ය හමුවේ දී ප්‍රකාශිකා ජේන් සාකී මේ බව සඳහන් කර ඇත.
සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගත යුතු බව ඇය එහිදී සඳහන් කර තිබේ.
මානව හිමිකම් ක්‍රියාකාරිණියක වන බාලේන්ද්‍රන් ජෙයකුමාරි ඇතුළු අට දෙනෙකු නිදහස් කිරීම ඒ සඳහා ගනු ලැබූ ධනාත්මක පියවරක් ලෙස සැලකිය හැකි බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා ජේන් සාකී පවසයි.
තවදුරටත් මෙවැනි පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය නිරන්තරයෙන් දිරිමත් කරන බව ද ඇය දෛනික මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබුණි.
එල්.ටී.ටී.ඊ.ය ප්‍රතිසංවිධානය කිරීම සඳහා කටයුතු කළ ගෝපී නමැති සැකකරුට නවාතැන් ලබාදුන් බවට සැකපිට බාලේන්ද්‍රන් ජයකුමාරි පසුගිය වසරේ මාර්තු මාසයේ අත්අඩංගුවට ගත් අතර ඇය පසුගිය 10 වැනිදා ඇප මත මුදාහැරුණි.

