අපූරු පාස්කු කොමිසම් වාර්ථාව

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    Ehema kivva, habei Saharanla saha ISIS athara kisima connection ekak hoya ganna bari vuna kiyala commission report ekey thiyenavalu. Ae kiyanne attacks okkoma apey ayage vadak.

    මචං එහෙම කියල තියෙන තැනක සෝස් එකක් තියෙනවද?
    කනෙක්ශන් එකක් නැත්තං උං වගකීම බාර ගත්තෙ ඇයි?
    අන්තවාදී කල්ලියකට ස්වාධීනව තීරන ගන්න බැරිද?
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මචං එහෙම කියල තියෙන තැනක සෝස් එකක් තියෙනවද?
    කනෙක්ශන් එකක් නැත්තං උං වගකීම බාර ගත්තෙ ඇයි?
    අන්තවාදී කල්ලියකට ස්වාධීනව තීරන ගන්න බැරිද?
    Source eka mata mathaka na, habei Sinhala website ekaka thibuney. Aeke ehema sandahanak vitharai thibuney, vadipura thibbe na a sambandava. Mama aeka hoyanna balannam.
    කනෙක්ශන් එකක් නැත්තං උං වගකීම බාර ගත්තෙ ඇයි? Aeka thamai matath thibuna prashne. Commission report ekey thibba kivve, ISIS vagakeema baragaththalu, habei ISIS saha saharan athare connection ekak establish karaganna commission ekata bari vuna kiyala.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    Source eka mata mathaka na, habei Sinhala website ekaka thibuney. Aeke ehema sandahanak vitharai thibuney, vadipura thibbe na a sambandava. Mama aeka hoyanna balannam.
    කනෙක්ශන් එකක් නැත්තං උං වගකීම බාර ගත්තෙ ඇයි? Aeka thamai matath thibuna prashne. Commission report ekey thibba kivve, ISIS vagakeema baragaththalu, habei ISIS saha saharan athare connection ekak establish karaganna commission ekata bari vuna kiyala.

    සම්පූර්ණ වාර්තාව එලියට එනකං ඉමු...
    දේශපාලන වාසි ගන්න බොරුවට ඇඟිල්ල දික් කරල තේරුමක් නෑ එතකං...
    අන්තවාදී සංවිධාන වලට උං විශ්වාස කරන දේවල් කරන්න බාහිර බලපෑමක් අනිවාර්ය නෑ....
    එහෙම බලපෑමක් තිබුනද කියල අනිවා හොයන්න ඕනෙ
     
    • Like
    Reactions: pavanruka

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙහෙයවපු එකා කුඩු උනානෙ, උගෙ නායකය බලු කුඩුවෙ තව ඉන්නව බදුර්දීන ඌට විරුද්දව ශාක්කි නැ ඒකෙන් බේරෙනව පරය බලාගන්නම් ඔහොම යන්..


    ubawa walalala , puchchala hariyanne ne ban ohoma boru kelinawata. මෙහෙයවපු එකා thami dan oya mini tika wikunala commission path karala thiyenne kiyala uba danne nethida
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,846
    113
    Kandy
    kekilla-rajathuma-1.jpg.webp
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    වෙස බය්යෝ කියන විදියට රනිල් කාරය ඉඳල ඉඳල චන්දේ ළඟ තියෙද්දී බෝම්බයක් ගහගෙන පැරදිලා ගියා
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සහරාන්ගැන මොනවත් හොයල නෑ මට පේන විදිහට
    සහරාන් කියන්නෙ හිතේ ගැස්මට එහෙම කෙනෙක් නෑ.
    එහෙම ත්‍රස්තයෙක් ලගින් තියා ගෙන පඩි නඩි බෝනස් දීල තියෙන්නෙ ඌගෙන් කිරි දෙව්වටද...
    සහරාන්ට පඩි ගෙව්ව එකාගැන එලිකරන්න බැරි නිසා සහරාන් කියල එකෙකුත් ඉදලම නෑ... කැකිල්ලෙ රජ්ජුරුවො උන්නනම් xල්ල හපාගෙන හිනාකාල මැරෙනව මට වඩා ජෝකර්ල ඉන්නව කියල.
    මොනා ජෝක් දැම්මත් අර අහින්සක කතෝලික මිනිස්සුන්ගෙ ජීවිත එක්ක දාන සෙල්ලම් මහ පාපයක් හොර හොරකොමිසන් කාරයන්ටයි ඒ මිනිස්සු ගොනාට අන්දන එවුන්ටයි
     
    • Haha
    Reactions: topkollek

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    සම්පූර්ණ වාර්තාව එලියට එනකං ඉමු...
    දේශපාලන වාසි ගන්න බොරුවට ඇඟිල්ල දික් කරල තේරුමක් නෑ එතකං...
    අන්තවාදී සංවිධාන වලට උං විශ්වාස කරන දේවල් කරන්න බාහිර බලපෑමක් අනිවාර්ය නෑ....
    එහෙම බලපෑමක් තිබුනද කියල අනිවා හොයන්න ඕනෙ

    "Sri Lanka Easter Blasts Probe Reveals No ISIS Link In Terror Attack"​


    Meka Ravi Seneviratne 2019 kiyapu deyak.

    https://www.ndtv.com/world-news/sri...reveals-no-isis-link-in-terror-attack-2074901
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    යුද්දෙන් පස්සෙවත් රටේ දුක් වින්ද මිනිස්සුන්ගෙ නාමෙන් මේ රට කරවපු කරවන අමනුස්සන්ට රට හදන්න තිබ්බ.

    මේ කතාවෙන් පේනව අපේ රටට ෆිට් එකට හිටපු කොල්ලො ජීවිතදීල අද ඇත්තටම පරාද වෙලා ඉන්නෙ උන් සහ උන්ගෙ පවුල්. උන්ගෙ කැපවීමෙන් බේරපු රට තව තවත් දේසපස්ලුවො කකා රනවිරු නම විකුනන් ආතල් ගන්නවා උන්ගෙ මල මිනිඋඩින්. ඉතින් රට ස්වභවික යුක්තියක් තෙයේනම් හොදක් වේද

    නච්චිකුඩා 02​





    අද මට අමුතු කතාවක් කියන්න හිතුනා. ඒක කොයි විදියට ඔවාලා ගලපා ගනියිද කියලානම් මන් දන්නෑ. ඒත් එකක් කිව යුතුයි. මෙි තමා සත්‍යය. ඔබෙිත් මගේත් රටෙහි ඒකීය භාවය සහ සාමය සමෘද්ධිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තබමින් සටන් වැදුනු ඒ යෝධ බල යෝධ ශක්තිය ඇති විරුවන්, රට වෙනුවෙන් රුහිරු ගංගාවන් හෙලා, ඒ යුධ භූමියේදීම තමන්ගේ හුස්ම අතාරින්නට තතනන කාලකණ්නි මූසල හෝරාවක හිතේ තියෙන අන්තිම හයිය බිංදුවත් හයියෙන් අල්ලාගන්න උත්සාහ කරද්දි තමන්ගේ සගයින් සහ සහෝදරයින් වෙනුවෙන් බඩෙි බත් ඇටයක් නැතුව සටන් බිමට පා ඔසවපු වීරයින්ගේ කතාව. ඒක මහා දුක හිතෙන කතාවක් සහෝදරයා. මෙිවා ඔයාලා සුතමය ඥානෙන් දන්නවා ඇති. ඒ කියන්නෙ කාගෙන් හරි අහල, පත්තරේකින් ප්‍රවෘත්තියකින් අහල බලල ඇති. ඒත් අවබෝධ ඥානයෙන් ඔයාලා ඒ කිසිවක් දන්නෑ. ඒකෙ තියෙන දුක දන්නෙ එකෙකුට වෙඩි වැදිල හුස්ම ටික වාතලයට එකතු කරන්න ඔන්න මෙන්න තියෙද්දි ලඟ හිටපු සහෝදර සෙබළෙක් විතරයි.

    හමුදාවට රජයෙන් කෑම දෙනවා වුනත් සතුරා පහර දෙන්නේ රජයෙන් කෑම දෙන වෙලාවට නෙමෙිනෙ. ඌ බලන්නේ තමන්ගේ ප්‍රථිවදියා කොයි තැන, කොයි වෙලාවටද දුර්වල කියලා. ඒ දුර්වල තැනට තමා උන් පහර දෙන්නේ. මෙික සංග්‍රාමයේ උපක්‍රමයක්. මහ යුද්දෙ යද්දිත් ඉහලින් " ශවෙින්ද්‍ර, මට අද කිලෝ මීටර් පහක් ඔිනේ" කියනවා වගේ මෙිවා ලේසි නෑ. සෙබළා යන්ත්‍රයක්වත් මැෂිමක්වත් නෙවෙයි. ඔහුත් ඔබ හා මා වගේ අපේ සමකාලීන පරම්පරාවෙි අපේම සහෘදයන්. ඔහු, තමාට ඉහලින් එන අණ සහ පීඩනය මත තමන්ගේ ක්‍රියාකාරීත්වයේ සහ නිපුනත්වයේ ඇති හැකියාවන් මත සත්‍ය යුධ භූමියේ ක්‍රියාකාරීවන අපේම සොයුරෙක්. ඒ වගේ එකෙකුගේ අවසානය ඉහලට "තවත් එකෙක්" උනත්, ඔහුව හදවතින් තුරුළු කරගෙන, බැන අඬ ගහගෙන, පුංචි දේටත් රණ්ඩුවෙන සහ හිනාවෙන, එකෙක් කාල එනකං පිඟාන ඉල්ල ගන්න මෙස් එක ලඟ හොරගල් අහුලන, සිගරට් එකක් බොන්න රුපියල් දහයක් විස්සක් ණයට ඉල්ලන, ඒත් විපතේදීත් සතුටෙිදීත් එක වගේම හැඟීම් බරවෙන , යාලුවෙක් මිත්‍රයෙක් ඔබට ඉන්නවාද?.ඇති මිත්‍රයා. ඒත් සෙබළා වගේ අවංක නෑ. මොකද සෙබළා මරණය කියන එක විශ්වාස කරනවා වගේම, මැරිලත් ආත්ම ගෞරවයට හානි වෙනවාට කවදාවත් කැමති නෑ.
    ඒ තමා සොල්දාදුවා. මං කියන්නෙ අපේ කාලෙ ගැන මිසක් MODERN ARMY එක ගැන නෙමෙි.

    වීරතුංග කියන්නේ මං තේරුම් ගත්තු විදියට අවංක වගේම හරිම අහිංසක පුද්ගලයෙක්. එයා මට හම්බවෙන්නෙ නච්චිකුඩාවලදි එයාලගෙ ඒකකයේ රාජකාරි කරමින් සිටියදි. ඒකකය 11 ගැමුණු හේවා බළ ඇණියෙ. අපේ ඒකකයේ නොවුනත් එකම හමුදාවෙි සෙබළෙක්. කෙල්ලෙක්වත් යාළුවෙලා නැති හැමදාම උදේට දැලි රැවුල හූර හූර ජ්‍යේශ්ඨයාටත් කණිෂ්ඨයාටත් එකම හිතවත්කමක් පාපු ⁣අවිහිංසක කොල්ලෙක්. මං ඒ ඒකකයේ ඉද්දි මට එයාව සෙට් වෙන්නෙ අපිට කෑම අරං එද්දි. අපේ ලයින් එකට කෑම අදින පාටියෙ එදා වීරා හිටියෙ. කෑම හැත්තැපහක් අසූවක් දැල් දැල් පොලිසැක් උරේක දාගෙන කරේ තියාගෙන පොයින්ට් එකෙන් පොයින්ට් එකට කෑම දිදී එද්දි මං හිටපු තැනටත් ආවෙ අපිට කෑම දෙන්න. ඒ කෑම අපේ ඒකකයේ වගේ නෙවෙයි. ඒ දවස්වල රහක් ගුණක් බලන්නැති වුනත් උගුරෙන් පල්ලෙහාට වතුර වගේනම් බහින්නෑ. මෙි ඒකකයේ අණදෙන නිළධාරිතුමා කන බත් කට රහට දෙන එක ආගමක් කරගෙන තිබුනෙ. අපරාදෙ කියන්න බෑ, ලයින් එකේ කොල්ලො වෙනුවෙන් සිගරට් පැකට් එකකුත් ඒ සර්ගෙ සාක්කුවෙ තිබුනා. මාත් එතුමාගෙන් වචනයෙන් නොයිල්ලා අංග උපාංග භාෂාවෙන් ඉල්ලගෙන තියෙනව. ඒ කියන්නෙ "මොනාද කොල්ලො අඩුපාඩු එහෙම, කෑම ටික හොඳයිද?" කියල අහපුවම අපි කරන්නෙ "කන එකනං කෑව සර්" කියල චූටි හිනාවක් දාගෙන ඔලුව කහන එක. එතකොට එතුමා දන්නවා මූ මොනාද මෙි ඉල්ලන්නෙ කියලා. එතකොට සාක්කුවෙන් එකක් අරන් වැලි කොට්ටයක් උඩින් තියල යන්න යනව. මෙි වීරතුංගත් කවදාවත් සිගරට් බීපු එකෙක් නෙමෙයි. ඒත් ඌ ගාව නිවාඩු ගිහින් ඇවිත් සතියක් විතර යනකම් සිගරට් තිබුනා.

    එක දවසක් වීරා මගේ පොයින්ට් එකට වැටුනා. අපි රාජකාරි කලේ අපේ දෙන්නයි, එයාලාගෙ එක්කෙනයි විදියට.
    එදා තමා මගෙත් එක්ක වීරා කතාවට වැටුනෙ. මං එයාගෙන් විස්තර ඇහුවා. තාත්තා නෑ. එක නංගියයි,කොල්ලො තුන් දෙනයි. තාත්තා වකුගඩු කේස් එකකින් මැරිලා. ගම පදවි ශ්‍රිපුර. අක්කා අපේ ගම්පැත්තෙ ගාමන්ට් එකක වැඩ. කොල්ලො තුන් දෙනාම ෆෝසස්. වීරතුංග බාලයා. අයියා 2 කමාන්ඩෝ. එයත් මෙි ලයින් එකේමයි. ඊලඟ අයියාත් මෙි සටනෙම 59 සේනාංකය යටතේ ලයින් එකේමයි ඒ වෙද්දි රාජකාරි හිටියෙ. එයා ගජබා. වීරතුංග ඉස්කෝලෙ සාපෙල සමත් වුනත් උසස් අධ්‍යාපනයට තිත තියලා හමුදාවට බැඳිලා තියෙන්නෙ තමන්ටම කියලා ඉන්න ගෙයක් දොරක් හදාගන්න සියල්ල ප්ලෑන් කරලා. ගජබා අයියත් එහෙමයි. වැඩිමලා කමාන්ඩෝ. එයා මහගෙදර හදනවලු. "කෙල්ලෙක් ඉන්නවද බං" කියල අහපුවම මහා අහිංසක විදියට හිනාවෙලා "තාම නෑ කෝපල්" කිව්වා. මාත් ඇහුවා "ඉඳකින් යකෝ, තොට කෑල්ලක්වත් නැත්තං මොකටද බං නිවාඩු යන්නෙ" කියලා. එතකොටත් කලේ හිනාවෙන එක.

    ඇත්තටම මට වීරා ගැන පව් කියලා හිතුනා. අපි ගොඩක් දේවල් කතාකලා. එදා ඉඳන් දවස් පහ හයක් යනකං අපි එකට රාජකාරි කලේ. පිට ඒකකයක උනත් අපි අතර හිතවත් කමක් ගොඩ නැගුනා. දවස් ගානකුත් ගියා.

    ඒ අතරේ දවසක තමා අපි කොටින්ගෙ ලයින් එකට ප්‍රහාරයක් එල්ල කරන්නෙ. හැබැයි ඒ වෙද්දි වීරා මගෙත් එක්ක නෙමෙයි හිටියෙ. පොයින්ට් කීපයකට එහායින් ඌ ඩියුටි හිටියෙ. ඒත් වීරා නිවාඩු පාඩු වෙලාවට මාව හොයාගෙන ඇවිත් පැයක් දෙකක් කයිය ගහලා යන තත්වෙට ඌට මාව හිතට අල්ලලා ගිහින් තිබුනා. මාව දවසක් නොදැක්කොත් කොහෙන් හරි ඉන්න තැනකින් මාව හොයාගෙන ඇවිත් හිනාවීගෙන "කෝපල් දැක්කෙ නැත්තං වෙිලක් කෑවෙ නෑ වගේ කෝපල්, ඒකයි ඇවිත් යන්න ආවෙ" කියනව. ඒකට තව හේතුවක් තිබුනා. මම නිකන් ඉන්න ගමන් කතාකලේ යුද්දෙ ගැන, රට ගැන,ලෝකය ගැන,ජීවිතේ ගැන. මිනිස්සු ගැන, හිටිවන කවි, කුනුහරප සිංදු සහ කවි ආදිය ඔන්න ඔව්වා. එහෙමත් කාලෙ ගෙවිල ගිහින් තමා ඉහත කිව්ව දිනේ උදාවෙන්නෙ.

    එදා අපි ලයින් එක කැඩුවෙ නැතිවුනත් මහ දරුණුවට සටන ගියා. පැය ගානක් තිස්සෙ කරපු සටනකින් පස්සෙ ප්‍රහාරය හෝල්ට් කරන්න ඉහලින් නියෝග ලැබුනා. ඒ වෙද්දි අපිටත් පණිවිඩෙි ලැබිල අපිත් පසු බහින්න සූදානමින් හිටියෙ. ඒත් එක්වරම අපිට නියෝගයක් ආවා පසු නොබැස දිගටම ප්‍රහාර එල්ල කරන්න කියලා. අපිත් ඒ අණට අනුව නැවත වැලි කොට්ටෙට මුවා වෙවී ටික ටික ඉස්සරහට ඇදුනේ " මොන රෙද්දද්ද යකෝ මෙි" කිය කිය. වැලි කොට්ටෙ කියන්නෙ සටනක් යද්දි අපේ ආවරණයට වැලි දාල සකසාගත්තු කිලෝ විසිපහක් තිහක් බර වැලි උරයක්. බඩ ගාගෙන ඉස්සරහට යනකොට වැලි කොට්ටෙ ටිකක් ඉස්සරහට තල්ලු කරනවා, ආයෙ ඒකට කවර් වෙනවා, වෙඩි තියනවා. ඔහොම. අපි ආයෙත් ආපහු හැරිල ඉස්සරහට ගියා. ඒ සටනෙ දරුණුකම කියන්නෙ සමහර තැන් වලින් කොටි උන්ගෙ ලයින් එකට ගොඩ වෙලා තමා අපිට වෙඩි තිබ්බෙ. හානි ගොඩයි. ආයෙත් පැයක් විතර යද්දි අපි පසුපසට ආවා. ඇවිත් හැති ඇර ඇර ඉන්නකොට තමා අල්ලපු පොයින්ට් එකේ කොල්ලා ඇවිත් කිව්වෙ
    "සිග්නල් කෝපල්, වීරා කැෂුවල්ටි" කියලා. මං එසැනින් එයාලගෙ මූලස්ථානය පැත්තට යද්දි වීරා ඇතුලු දහයක් විතර වාහනේකට පටෝනවා. මං කඩා බිඳගෙන ගිහින් උගේ් දිහා බලං හිටියා. ලේ නාලා. වෙඩි වැදිච්චි තැනක්වත් හොයාගන්න බෑ. ඒ තරමට ලේ. ඒත් කටින් "හ්ම්" සද්දයක් නෑ. මාත් බලාගෙන ඉඳලා එන්න ආවෙ එතනින් එහාට අපිට කරන්න කිසිම දෙයක් නැති සහ බැරි නිසා. අපරාදෙ කියන්න බෑ එදාම රෑ හතට විතර පණිවිඩෙි ආවා "වීරා නැතුවුනා" කියලා. පපුව දණහිස් තෙක් කඩා පාත් වුනා. හිත මොහොතකට නතරවුනා. හයියෙන් හයියෙන් හුස්ම වැටුනා. ඒත් ඒකත් හදවතේ නම් ලයිස්තුවට ඇතුලත් කරලා දිගු හුස්මක් අරන් පහත දැම්මෙි හිත කොහොම හරි හදාගන්න. එදා අපි පසු බසිද්දි නැවත හැරිලා ඉස්සරහට යන්න වුනේ වීරලා ඇතුලු ටීම් එකක් දරුණු ප්‍රහාරයකට මැදිවෙලා නිසා, ඒ අය පස්සට ගන්නකම්ලු. පස්සට ගත්තෙ ඔය. අහිංසක ජීවිත අප්පා ඒ.

    වීරා නැතිවෙලා කියල පණිවිඩෙි ලැබුනෙ රෑ හතට විතර. ඒ ගැනමයි අපි කතා කර කර හිටියෙ. ඔහොම ඉන්න අතරේ තමා පහුවදා උදේ ඒ ඒකකයේ විධායක අධිකාරි තුමා හා සී කණ්ඩායමෙි ඔිසී විසිට් එක ආවෙ. මං වීරා ගැන සර්ල දෙන්නගෙන්ම ඇහුවා. දෙන්නම කිව්වෙ මොනා කරන්නද කෝපල්, ඒක ඊයෙ වීරාට, අද මට, හෙට ඔයාට වෙන්න පුලුවන්" කියලා. මාත් කිව්වා "ඒකනං දන්නවා සර්, ඒ වුනාට පවු අහිංසකයා නේද?" කියලා. එතකොට විධායක අධිකාරි තුමා තවත් එක් මූසලම මූසල ප්‍රවෘත්තියක් කිව්වෙ හයියෙන් හුස්මක් අරන් හයියෙන්ම පිටකරලා.
    *කෝපල් දන්නවද වීරතුංගගෙ ගජබා හිටපු අයියත් ඊයෙ රෑම ලයින් එකේදි නැතිවුනා කියලා?
    ඒ කතාවටනං හිටගෙන හිටපු මාව ඉන්දවුනා සහෝදරයා. ඒත් අපි පිළිගත යුතු ඇත්ත ඒක. හවස වීරා නැතිවුනා කියලා 59 සේනාංකයට මෙසේජ් එක මෙි ඒකකයෙන් යවල අයියව නිවාඩු යවන්න. රෑ එකොලහට විතර 59 සේනාංකෙන් රිප්ලයි එක ඇවිත් තියෙන්නෙ ගජබා ලා/කෝපල් වීරතුංගත් නැතිවුනා කියලා. දෙයියනේ ඒ අම්මගෙ පපුව කොහොම තියෙන්න ඇත්ද?

    ප්‍රශ්ණයක් අහන්නද?
    ඇත්තටම මෙි සටනේ පරාජිතයා කව්ද?

    සම්මතයට අනුවනම් පරාජිතයා වෙන්නෙ මිය ගිය තැනැත්තා. එයා සටනින් පරාද හිංද තමා මිය ගියෙ. ඒත් මෙි පුංචි රටෙි එහෙම නෑ. ඔවුන් තමයි මෙි සටනේ නියම ජයග්‍රාහකයො. තමන්ගේ කෙනෙක් විදියට ඉඳලා යාලුවෙකුට මිතුරෙකුට හිතවතෙකුට මතකයන් රාශියක් ඉතුරු කරලා මිය ඇදෙන්න හැමෝටම බෑ. අද මෙි කතාව ඔබ ඇහුවෙත් ඒ ඉතුරු කරල ගිය මතකයක් නිසා....

    ඉවර නෑ.


    රුවින් පමුදිත යද්දෙහිආරච්චි
    2021.02.27


    යුද්දෙදි ජීවිතදුන් එවුනුත්
    පාස්කු ඝාතනනෙන් මැරුව උනුත් මේ දේසපාලුවන්ට උන්ගෙ ෆන් එක ගන්න චන්ද කොටාගන්න ටූල් එකක් විතරමයි.
     
    Last edited: