අපූරු විස්මිත මල් පොකුරු !

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    අපූරු විස්මිත මල් පොකුරු !

    අපූරු විස්මිත මල් පොකුරු !




    ලස්සන මල් නේද? ටිකක් ළංවෙලා බලන්න! මේ සිත්කළු මල් පොකුරු නිකම්ම නිකම් මල් පොකුරු නෙමෙයි. ඇත්තම කියනවා නම් මේවා බිමට වැටෙන තීන්ත බින්දු!

    මේ කතාව ගත්තේ ‘ඩේලිමේල්’ අන්තර්ජාල පුවත්පතින්.

    බැලූ බැල්මටම මේ අපූරු විස්මිත පින්තූර මල් පොකුරුවලින් ගත්තු ඒවා කියලමයි, හිතෙන්නෙ.

    1.jpg
    https://www.blogger.com/null
    2.jpg

    ඒත් මේක එහෙම එකක් නෙවෙයි, සාම්ප‍්‍රදායෙන් මිදිලා අමුතු ඡායාරූප ගන්න හිත ගිය කැමරාශිල්පියකුගේ විශිෂ්ට වැඩක්! මේ පින්තූර හැම එකක් ම අරන් තියෙන්නේ තීන්ත බින්දුවලට ඉහළ සිට පහළට වැටෙන්න සලස්වලා ඒවා බිමට වැටෙන වේගයට වඩා අති දැවැන්ත වේගයකින් කැමරාවේ ෂටරය කි‍්‍රයාත්මක කරලා. ඒවා වායුගෝලය හරහා වේගයෙන් බිමට වටෙද්දී මවා පෑ පින්තූර තමයි ඔහු මේ විදියට කැමරාවට හසුකර ගෙන තියෙන්නෙ.

    ඔහුගේ නම ජැක් ලෝන්ග් (Jack Long). ඇමරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින්වල ජීවත්වන ඔහුගේ වයස අවුරුදු 53යි. ඔහු මේ කාර්යය සඳහා හුඟක් වෙහෙස මහන්සිවෙලා සැලසුම් කළා. අත්හදා බැලීම් කළා. අන්තිමේ දී පින්තූර ගන්න අධිවේගී කැමරාව අතට ගත්තේ සියලූ ම දේ නිසි විදියට සැලසුම් කරල ඉවර වෙලයි.

    3.jpg

    4.jpg

    කොහොමවුනත් මේක කළ විදිය හරියටම මෙන්න මෙහෙමයි, කියලයි, සම්පූර්ණයෙන් ම හෙළිදරවු කරන්න ජැක් කැමති නෑ. තමන්ගෙ තාක්ෂණය තමන්ම රහසක් වශයෙන් තියා ගන්න ඔහු කැමතිලූ.

    ඔහු ඝන තීන්ත, වර්ණක හා ඩයි ආදිය ජලය සමඟ මිශ‍්‍ර කළා. මේ ජලය මුසු තීන්ත ගුළිය තත්පරයකින් අංශුවක කාලයක් අහසේ රැඳෙන්න සලස්වලා ඔහු ඉලොක්ට්‍රොනික ෆ්ලෑෂරයක් පාවිච්චි කළා හරියට ම නියම අවස්ථාව මතුකර ගන්න.



    6.jpg

    ඔහුගේ මේ රූපවලට මල්, කොළ, පෙති විතරක් නෙවෙයි, ඇතැම් විට මල් බඳුනත් ඇතුළත් වෙනවා. ඒ ඔක්කොම එකම මොහොතකදි එකම රූපරාමුව ඇතුළෙ ක්ෂණික මැවුණු ඒවා.
    ජැක් මේ ඔහුගේ පින්තූර එකතුව හඳුන්වන්නේ ‘මල් බඳුන් හා මල්’ කියලයි. දියර වර්ගවලින් මැවෙන රූප කැමරාවට නඟන්න ඔහු හරිම කැමතියි. ‘එවිට එකිනෙකට වෙනස් වෙනස් පින්තූර ගන්න ඉඩ ලැබෙනවා.’ ඔහු කියනවා.

    "අධිවේගී කැමරාකරණයේ දී දියර වර්ග එක්ක වැඩ කරන විට අදහන්න බැරිතරම් විස්මිත පින්තූර ගන්න අවස්ථාව පෑදෙනවා. මේ වගේ දෙයක් සැලසුම් කරන්න කාලයක් යනවා. ඒත් අවසානයේ දී ඔබ ගන්නා ඡායාරූප සියල්ල මුළුමණින්ම වෙනස් ඒවායි."

    " මං කැමතියි, හුඟක් පාටවලට. වෙනස් වෙනස් වර්ණ මුසු කිරීම්වලට, රතු, නිල් හා කහ ඒ වගේම කොළ පාට වගේ ඒවා මුසු කරලා එන පින්තූර ගන්න. මේකට නම් හුඟක් කාලයක් ගත කරන්න වුණා, සැලැසුම් කරන්න. සෙට් එකක් ගැහුවා. අත්හදා බැලීම් කළා."

    "මේ ඡායාරූප මාලාව මාස ගණනක් තිස්සේ සැලසුම් කර අත්හදා බැලූ දැඩි ව්‍යායාමයක ප‍්‍රතිඵලයි. අත්හදා බැලීමේ දී පින්තූර සිය ගණනක් ගත්තා. තවත් හුඟක් පින්තූර ගත්තා අවසාන අවස්ථාවේ දී. ඒත් අවසානයේ මගේ සිත්ගත් විශිෂ්ට පින්තූර කීපයයි, ඉතිරි වුණේ."

    11.jpg

    12.jpg

    ”මගේ මේ හැම පින්තූරයක් ම එක වරම කැමරාවට හසු කර ගත්තු ඒවායි. රූප කීපයක් කීපවරකට අරන් එකතු කරපු ඒවා කිසිවක් මෙහි නැහැ. මේ සියලූ ම මල්, තීන්ත වැටෙන මොහොතේ හැඳුණු ආකාරටයි, මේ තියෙන්නෙ. හරි වෙලාවට ගත්ත ඒවා. පොඞ්ඩක් එහා මෙහා වුණා නම් වෙනස් පින්තූරයක්. ෆොටෝෂොප් පාචිච්චි කළේ පින්තූර පිරිසිදු කරන්න විතරයි. මගේ මේ නිර්මාණ වෙනත් දියර යොදා ගෙන ගන්නා ඡායාරූපවලට වඩා වෙනස්. මගේ ක‍්‍රමයට ම ආවේණික වුණු ඒවා. මගේ මූලික ඉලක්කය වුණේ අලූත්ම අලූත් දෙයක් කරන්නයි.” ජැක් එයාගේ නව නිර්මාණය ගැන අවසාන වශයෙන් කියනවා.


    7.jpg

    9.jpg

    10.jpg


    source : malkakulu web